මානව ඉතිහාසයේ විශාලතම අවි
යුද්ධය යනු ලෝකයට අලුත්ම තාක්ෂණයන් සහ අවි හඳුන්වා දෙන්නට හේතුවූවකි.මින් පළමු සහ දෙවන ලෝක යුද්ධයන් ප්‍රමුඛස්ථානයක් ගනියි.දෙවන ලෝක යුද්ධයේදී නව සොයාගැනීම් සහ පුදුම එලවන සුලු නිර්මාණ රැසක් ලෝකයට දායාද කරන්නට ජර්මානුවන්ට හැකිවිය.මේ ලිපියෙන් ගෙන එන්නේ මානව ඉතිහාසය තුල නිර්මාණය කල තෝරා ගත් විශාලතම කාලතුවක්කු අවි කිහිපයක් සම්බන්ධවයි.
ලිපියේ මාතෘකාව හා සම්බන්ධයක් නැතත් ආරම්භය ලබා ගැනීමට නූතන අවිවලට පදනම දැමූ චීනය ගැන සඳහන් කරමි.චීනුන් සතුව විශාල කාලතුවක්කු නොතිබුණද අවි නිෂ්පාදනයේ මුල්කාලීන් ඔවුන් විය.නමුත් බොහෝ හේතු නිසා ඔවුන් එම අවිය භාවිතයෙන් ඉවත් කරන ලදි.ඒවායේ කුඩා අත්වැරැද්දක් පවා පිපිරී යාමට හේතුවීම එක් කාරණයකි.
ක්‍රි.ව.1380 කාලයේ යුරෝපයේ භාවිතා කල කාලතුවක්කු
යුරෝපීන් මෙම තුනී ලෝහ සිලින්ඩරය සහ වෙඩි බෙහෙත් යොදාගෙන ඔවුන්ගේ සතුරන් භීතියට පත් කරන අයුරු දැනගති.මුල්ම කාලතුවක්කු කොට ඒවා විය.සීනුවක හැඩයද සහිත විය(සීනු සාදන්නන් පළමු කාලතුවක්කු නිපදවන්න විය)
Dardanelles Gun නමින්ද Great Turkish Bombard නමින්ද හැඳින්වූ මෙම විශාල කාලතුවක්කුව 1453 වසරේ හංගේරියාවේ නිපදවා ඔටෝමන් අධිරාජ්‍යය විසින් භාවිතා කල අවියකි.මෙය භාවිතා කරන ලද්දේ යැයි සඳහන් වන්නේ කොන්ස්තනිනෝපල් සටනේදී සහ1807 වසරේ බ්‍රිතාන්‍ය-තුර්කි යුද්ධයේදීය.මෙය කි.ග්‍රෑ.16,000ක් පමණ බරකින් යුක්ත මීටර් 5ක් පමණ දිග බැරලයක් සහිත අවියකි.
මෙය රුසියානුවන්ගේ තවත් එක පුරසාරම් දෙඩවිල්ලකි.1585 වසරේ නිපදවූවා යැයි සැලකෙන නම් දැවැන්ත කාලතුවක්කු අවියේ මුඛය අඟල් 35ක් පළලය.ලෝකඩ වලින් නිමැවූ මෙය කිසිදිනෙක යුද්ධයක් සඳහා හෝ යොදාගෙන නැත.මෙය නිර්මාණය කර තිබෙන්නේ විශාල කාලතුවක්කු උණ්ඩයක් මුදා හැරීමට නොව කුඩා ලෝහ බෝල කිහිපයක් සහිත වෙඩිල්ලක් නිකුත් කිරීමටය.
ක්‍රි.ව.1449 වසරේදී නිපදවූ මෙය ස්කොට්ලන්තයේ දෙවන ජෙම්ස් රජුට ලැබුණු ත්‍යාගයකි.16 වන සියවසේ මැද භාගය වන තෙක් මෙහි සේවය ලබාගත් අතර දැනට එය ස්කොට්ලන්තයේ එඩින්බර්ග් මාලිගාවේ පිහිටුවා තිබේ.ටොන් 6 පමණ බර මෙම දැවැන්තයා සෙ.මී.406ක් දිගය.
ජර්මනියේ Krupp(පවුලකි) නම් අවි නිෂ්පාදන සමාගම විසින් පළමු ලෝක යුද්ධය වෙනුවෙන් නිපදවු දැවැන්ත කාලතුවක්කුවක් වන්නේ Big Berthaය.Big Bertha අවි 20ක් නිපදවූබව කියවේ.බරින් ටොන් 47ක් වුද දිගින් මීටර් 5ක්වුද මෙම අවිය පළමු නුතන සංග්‍රාමය වූ පළමු ලෝක යුද්ධයේදී ජර්මනියේ සතුරන්ව මවිත කල නිමැවුමකි.වෙඩි පරාසය කි.මී. 12.5ක් වූ මෙම අවි දෙකක් ලෝක යුද්ධය අවසානයේදී එක්සත් ජනපද හමුදා අතට පත්විය.
Langer Max හෙවත් අවිය පළමු ලෝක යුද සමයේ ජර්මානුවන් භාවිතා කල රේල්ලු අවියකි.නමුත් මෙය සැබැවින්ම නාවික හමුදා වෙනුවෙන් තැනූ අවියකි.එය ගොඩබිම තුල දිගු දුර ප්‍රහාර සඳහා යෝග්‍ය බව කල්පනා කල ජර්මානුවන් අවිය ගොඩබිම ගෙනයා හැකිසේ නවීකරණය කරන ලදි.අවියේ නිෂ්පාදනය 1914-1918 කාලය තුල සිදුවූ අතර නිපදවූ මුලු අවි ගණන 8කි.මෙහි බර ටොන් 267 වු අතර දිග මීටර් 31ක් විය.උපරිම වෙඩි පරාසය කි.මී.47.5ක් විය.
ජර්මානුවන්ගේ තවත් එක් දැවැන්ත කාලතුවක්කුවකි.මෙය දිගු දුර ප්‍රහාර සඳහා යොද ගත් අතර පළමු ලෝක යුද සමයේ ප්‍රංශයේ පැරිස් නගරය ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට යොදාගන්නා ලදි.මෙයද ජර්මනියේ පැරණිතම අවි නිෂ්පාදන පරම්පරාවක් වු Krupp හි නිමැවුමකි.අවිය ටොන් 256ක් බරින්ද මීටර් 34ක් දිගින්ද යුක්තය.පළමු ලෝක යුද සමයේ නිපදවූ විශාලතම කාලතුවක්කු අවිය ලෙස මෙය හඳුන්වන අතර මින් වෙඩි තැබිය හැකි උපරිම දුර කි.මී.130කි.1918 වසරේදී මෙම අවිය යොදාගෙන ජර්මානුවන් කි.මි. 120ක් දුරින් වූ ප්‍රංශයේ පැරිස් නගරයට පහරදුන්හ.මෙම අවියද ප්‍රවාහනය සිදු කෙරුණේ රේල් පාරක් ඔස්සේය.
Schwerer Gustav යනු ජර්මනියේ Krupp පවුලේ තවත් අනර්ඝ නිමැවුමකි.දෙවන ලෝක යුද සමයේ නාසි හමුදා පාවිච්චි කල මෙම දැවැන්තයාද ප්‍රවාහනය රේල් පාරක් ඔස්සේ සිදු කෙරිණි.මෙහි Gustav සහ Dora ලෙස අවි දෙකක් නිපදවූ අතර අවි දෙකම පසු කාලයේ මිත්‍ර පාර්ශ්වික හමුදා අතට පත්විය.Paris Gun මෙන් නොව මෙහි උපරිම වෙඩි පරාසය කි.මී.47කට සීමා විය.අවියේ බර ටොන් 1,350ක් වූ අතර දිග මීටර් 47කි.
මෙයත් ජර්මන් Krupp පවුලේ නිෂ්පාදනයකි. railway gun ගනයට වැටෙන මෙම අවිය දෙවන ලෝක යුද සමයේ නාසි හමුදා විසින් පාවිච්චි කරන ලදි.මෙම වර්ගයේ අවි 25ක් නිපදවා තිබෙන අතර එකක බර ටොන් 218කි.එය දිගින් මීටර් 32කි.වෙඩි තැබිය හැකි උපරිම දුර වූයේ කි.මී.64කි.අවි දෙකක් දැනට එක්සත් ජනපදයේ සහ ප්‍රංශයේ කෞතුකාගාර 2ක තැන්පත් කර තිබේ.
Karl-Gerät යනු නාසි හමුදා සතුව තිබූ තවත් දැවැන්ත අවියකි.1941-1945 කාලය තුල මෙය භාවිතා කර තිබේ.එම කාලයේ අවි 7ක් නිපදවා තිබේ.බර ටොන් 124ක් වන මෙම අවියක් මීටර් 11ක දිගකින් යුක්තය.අවිය වෙනුවෙන් 21 දෙනෙකුගෙන් සමන්විත කාර්‍ය මණ්ඩලයක් යොදවා තිබූ බව කියවේ.මෙම අවියෙන් කි.මී. 42ක් දුරට වෙඩි තැබිය හැකිය. Brest-Litovsk සහ Sevastopol ආදී සෝවියට් බලකොටුවලට පහර දෙන්නට මෙන්ම Battle of the Bulge,වෝර්සෝහි සටන්වලදී මෙය භාවිතා කර තිබේ.
මෙය පුදුම එළවන සුලු අවියක් බව බැලූබැල්මට ඕනෑම අයෙකුට පෙනේවි.අධික වේගයකින් වැඩිම දුරකට උණ්ඩයක් යැවීමට හැකි වන සේ මෙම අවිය නිපදවා තිබේ.මෙය තැනින් තැනට ගෙන යා හැකි අවියක් ලෙස නොව ස්ථිරවම එක් ස්ථානයක් රඳවා තබා පහර දෙන ලෙස සැලසුම් කර තිබිණි.ජර්මානුවන් මෙය හඳුන්වන ලද්දේ High Pressure Pump නමින් වන අතර එය සතුරන් නොමඟ යවා එය නිපදවීමේ සැබෑ හේතුව වසන් කිරීමට යොදාගත් නමක් යැයි කියවේ.මෙම අවිය සැලසුම් කිරීමේ ඔවුන්ගේ සැබෑ උවමනාව වූයේ ප්‍රංශයේ උතුරුදිග පිහිටි Pas-de-Calais ප්‍රදේශයේ තිබූ විශාල බංකර 2ක සිට බ්‍රිතාන්‍යයට ප්‍රහාර එල්ල කිරීමයි.අවියේ නිපදවීම් අවසන් වන්නට පෙර මිත්‍ර පාර්ශ්වික හමුදා අදාල ප්‍රදේශයට බෝම්බ දැමීම නිසා සැලසුම් ව්‍යර්ථ වී ගියේය. නමුත් මීට සමාන කාලතුවක්කු යොදාගෙන නාසීන් 1944 දෙසැම්බර් -1945 පෙබරවාරි යන කාල සමයේ ලක්සම්බර්ග් රාජ්‍යයට ප්‍රහාර එල්ල කරන ලදි.මෙම අවියද ජර්මනියේ සුප්‍රසිද්ධ Krupp පවුලේ නිර්මාණයකි.අවිය මීටර් 130ක් දිගින් යුක්ත වූ අතර උපරිම වෙඩි පරාසය කි.මී.165කි.
ඉහළ උසකට වෙඩි තැබිය හැකි අවියක් නිපදවීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය.මෙය රොකට් තාක්ෂණය යොදානොගෙන දියුණු කිරීමට උත්සාහ කල අවි ව්‍යාපෘතියකි.1961 වසරේ ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය එ.ජනපද ආරක්ෂ දෙපාර්තුමේන්තුවේ සහ කැනඩා ජාතික ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ එකතුවෙන් දියත් කෙරිණි.ව්‍යාපෘතියට ප්‍රබල දායකත්වයක් ලබා දුන්නේ කැනඩා ජාතික ඉංජිනේරුවරයෙක් වූ Gerald Bullය.Project HARP(High Altitude Research Project) යටතේ නිපදවූ අවියකින් ලොව මෙතෙක් වැඩිම උසකට එනම් කි.මී. 180ක් දුරට ප්‍රහාර එල්ල කර තිබේ.එය මෙවැනි කාලතුවක්කු අවියකින් වැඩිම දුරක් තැබූ වෙඩිල්ල ලෙස තවමත් වාර්තා අතර පවතියි.ඇ.ඩො.මිලියන 10 වඩා වැය කල ව්‍යාපෘතිය පසුව නවතා දමන ලදි.Bullගේ අරමුණ වූයේ අතිවිශාල කාලතුවක්කු අවියක් යොදාගෙන අඩු වියදමින් චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කිරීමයි.පසුකාලීනව ඔහු ඉරාකයේ සදාම් හුසේන් සමග එක්ව දිගුදුර ප්‍රහාරක කාලතුක්කු අවියක් නිපදවීමට උත්සාහ කලද ඔහුගේ සාර්ථකත්වය තම රටට අනාගතයේදී ඉරාකයෙන් ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමට හේතු වේ යැයි විශ්වාස කල ඉරානය හෝ බොහෝවිට ඊශ්‍රායලය, මොසාඩ් නියෝජිතයන් ලවා Gerald Bull ඝාතනය කරන ලදි(1990 වසරේ බ්‍රසල්ස් නුවරදී)
කැනේඩියානු ඉංජිනේරු Gerald Bull විසින් සැලසුම් කල GC 45 කාලතුවක්කු අවිය ලොව පුරා අවදානය දිනා ගැනීමත් සමග ඔහු එම අවිය දකුණු අප්‍රිකාවට සහ ඉරාකයට අලෙවි කරන ලදි.ඔහු එම අවිය ද.අප්‍රිකාවට විකිණීම නිසා එ.ජනපදයේදී අත් අඩංගුවට පත්ව සිරගත කල අතර ඉන් නිදහස ලැබීමෙන් පසුව බෙල්ජියමේ පදිංචියට ගියේය.ඉන් පසු ඔහු ඉරාකය සමග එක්ව චන්ද්‍රිකා දියත් කල හැකි කාලතුවක්කුවක් නිපදවන්නට කටයුතු කරමින් සිටියේය.එම ව්‍යාපෘතිය Project Babylon නම් විය.මේ සඳහා මූල්‍ය දායකත්වය ලබා දෙන්නට සදාම් හුසේන් ඉදිරිපත් වූයේ කොන්දේසියක් සහිතවයි.ඒ ස්කඩ් මිසයිලවල දුර පරාසය වැඩි දියුණු කිරීමට ඔහු උදව් කරන්නේ නම් පමණක් විය.Bull ,සදාම්ගේ කොන්දේසියට එකඟ විය.මේ නිසා ඔහු කෙරෙහි ඉරාන සහ ඊශ්‍රායලය වෛර බැඳගත්හ.ව්‍යාපෘතිය 1988 වසරේදී ආරම්භ විය.Baby Babylonයනු අවියේ මූලාකෘතියකි.අවිය කි.මී.750 දුරට ප්‍රහාර එල්ල කල හැකි අයුරින් සැලසුම් කර තිබිණි.දෙවන අවිය Big Babylon නම් විය.එය මීටර් 156 ක් දිගට සහ අපරිවර්තී ගෝලයේ වස්තුවකට පහර දිය හැකිසේ සැලසුම් කර තිබිණි.මින් Big Babylon අවිය සාර්ථකව අත්හදා බැලූ අතර ගේ ඝාතනයත් සමග ව්‍යාපෘතිය ඇණ හිටි අතර අවියේ කොටස් බ්‍රිතාන්‍යයන් අතට පත්විය.1990 මාර්තු මාසයේදී ඔහුව වෙඩි තබා ඝාතනය කරන්නේ බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේදීය.Gerald Bull ඝාතනය සම්බන්ධව ඉරානයට සහ ඊශ්‍රායලට චෝදනා එල්ල විය.1991 වසරේ ගල්ෆ් යුද්ධය Project Babylon ව්‍යාපෘතියට නැවතීමේ තිත තබන ලදි.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ආචාර්ය Kapitzaගේ අදහසක් වූ මෙම අවිය චුම්භක බලයෙන් බලගැන්වෙන ලෙස සැලසුම් කර තිබිණි.මෙම අවියෙන් උණ්ඩය කිසිදු ශබ්දයක් නොමැති සතුරු ඉලක්ක වෙත යොමු කල හැකි බවයි ඔහුගේ අදහස වූයේ.නමුත් එය කිසිදිනෙක නිපදවූයේ නැත.
Source:Darkroastedblend.com
-HarshaLulzSec-

චීනයේ අත් කාලතුවක්කුව - Chinese Hand Cannons
යුවාන් රාජසමයට(ක්‍රි.ව.1271-1368) අයත් චීන අත් කාලතුවක්කුවක්-ලෝකඩින් නිමවා තිබේ
ලිපියේ මාතෘකාව හා සම්බන්ධයක් නැතත් ආරම්භය ලබා ගැනීමට නූතන අවිවලට පදනම දැමූ චීනය ගැන සඳහන් කරමි.චීනුන් සතුව විශාල කාලතුවක්කු නොතිබුණද අවි නිෂ්පාදනයේ මුල්කාලීන් ඔවුන් විය.නමුත් බොහෝ හේතු නිසා ඔවුන් එම අවිය භාවිතයෙන් ඉවත් කරන ලදි.ඒවායේ කුඩා අත්වැරැද්දක් පවා පිපිරී යාමට හේතුවීම එක් කාරණයකි.
ක්‍රි.ව.1380 කාලයේ යුරෝපයේ භාවිතා කල කාලතුවක්කු
යුරෝපීන් මෙම තුනී ලෝහ සිලින්ඩරය සහ වෙඩි බෙහෙත් යොදාගෙන ඔවුන්ගේ සතුරන් භීතියට පත් කරන අයුරු දැනගති.මුල්ම කාලතුවක්කු කොට ඒවා විය.සීනුවක හැඩයද සහිත විය(සීනු සාදන්නන් පළමු කාලතුවක්කු නිපදවන්න විය)
පළමු සුපිරි කාලතුවක්කුව - Dardanelles Gun or Great Turkish Bombard
Dardanelles Gun නමින්ද Great Turkish Bombard නමින්ද හැඳින්වූ මෙම විශාල කාලතුවක්කුව 1453 වසරේ හංගේරියාවේ නිපදවා ඔටෝමන් අධිරාජ්‍යය විසින් භාවිතා කල අවියකි.මෙය භාවිතා කරන ලද්දේ යැයි සඳහන් වන්නේ කොන්ස්තනිනෝපල් සටනේදී සහ1807 වසරේ බ්‍රිතාන්‍ය-තුර්කි යුද්ධයේදීය.මෙය කි.ග්‍රෑ.16,000ක් පමණ බරකින් යුක්ත මීටර් 5ක් පමණ දිග බැරලයක් සහිත අවියකි.
රුසියානු දැවැන්තයා - Tsar Cannon
මෙය රුසියානුවන්ගේ තවත් එක පුරසාරම් දෙඩවිල්ලකි.1585 වසරේ නිපදවූවා යැයි සැලකෙන නම් දැවැන්ත කාලතුවක්කු අවියේ මුඛය අඟල් 35ක් පළලය.ලෝකඩ වලින් නිමැවූ මෙය කිසිදිනෙක යුද්ධයක් සඳහා හෝ යොදාගෙන නැත.මෙය නිර්මාණය කර තිබෙන්නේ විශාල කාලතුවක්කු උණ්ඩයක් මුදා හැරීමට නොව කුඩා ලෝහ බෝල කිහිපයක් සහිත වෙඩිල්ලක් නිකුත් කිරීමටය.
ස්කොට් දැවැන්තයා - Mons Meg
ක්‍රි.ව.1449 වසරේදී නිපදවූ මෙය ස්කොට්ලන්තයේ දෙවන ජෙම්ස් රජුට ලැබුණු ත්‍යාගයකි.16 වන සියවසේ මැද භාගය වන තෙක් මෙහි සේවය ලබාගත් අතර දැනට එය ස්කොට්ලන්තයේ එඩින්බර්ග් මාලිගාවේ පිහිටුවා තිබේ.ටොන් 6 පමණ බර මෙම දැවැන්තයා සෙ.මී.406ක් දිගය.
බිග් බර්තා - Big Bertha
ජර්මනියේ Krupp(පවුලකි) නම් අවි නිෂ්පාදන සමාගම විසින් පළමු ලෝක යුද්ධය වෙනුවෙන් නිපදවු දැවැන්ත කාලතුවක්කුවක් වන්නේ Big Berthaය.Big Bertha අවි 20ක් නිපදවූබව කියවේ.බරින් ටොන් 47ක් වුද දිගින් මීටර් 5ක්වුද මෙම අවිය පළමු නුතන සංග්‍රාමය වූ පළමු ලෝක යුද්ධයේදී ජර්මනියේ සතුරන්ව මවිත කල නිමැවුමකි.වෙඩි පරාසය කි.මී. 12.5ක් වූ මෙම අවි දෙකක් ලෝක යුද්ධය අවසානයේදී එක්සත් ජනපද හමුදා අතට පත්විය.
ලෝන්ගර් මැක්ස් - 38 cm SK L/45 "Max"/ Langer Max
Langer Max හෙවත් අවිය පළමු ලෝක යුද සමයේ ජර්මානුවන් භාවිතා කල රේල්ලු අවියකි.නමුත් මෙය සැබැවින්ම නාවික හමුදා වෙනුවෙන් තැනූ අවියකි.එය ගොඩබිම තුල දිගු දුර ප්‍රහාර සඳහා යෝග්‍ය බව කල්පනා කල ජර්මානුවන් අවිය ගොඩබිම ගෙනයා හැකිසේ නවීකරණය කරන ලදි.අවියේ නිෂ්පාදනය 1914-1918 කාලය තුල සිදුවූ අතර නිපදවූ මුලු අවි ගණන 8කි.මෙහි බර ටොන් 267 වු අතර දිග මීටර් 31ක් විය.උපරිම වෙඩි පරාසය කි.මී.47.5ක් විය.
පැරිස් ගන් - Paris Gun
ජර්මානුවන්ගේ තවත් එක් දැවැන්ත කාලතුවක්කුවකි.මෙය දිගු දුර ප්‍රහාර සඳහා යොද ගත් අතර පළමු ලෝක යුද සමයේ ප්‍රංශයේ පැරිස් නගරය ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට යොදාගන්නා ලදි.මෙයද ජර්මනියේ පැරණිතම අවි නිෂ්පාදන පරම්පරාවක් වු Krupp හි නිමැවුමකි.අවිය ටොන් 256ක් බරින්ද මීටර් 34ක් දිගින්ද යුක්තය.පළමු ලෝක යුද සමයේ නිපදවූ විශාලතම කාලතුවක්කු අවිය ලෙස මෙය හඳුන්වන අතර මින් වෙඩි තැබිය හැකි උපරිම දුර කි.මී.130කි.1918 වසරේදී මෙම අවිය යොදාගෙන ජර්මානුවන් කි.මි. 120ක් දුරින් වූ ප්‍රංශයේ පැරිස් නගරයට පහරදුන්හ.මෙම අවියද ප්‍රවාහනය සිදු කෙරුණේ රේල් පාරක් ඔස්සේය.
ලොව මෙතෙක් නිපදවූ විශාලතම අවිය - Schwerer Gustav
Schwerer Gustav යනු ජර්මනියේ Krupp පවුලේ තවත් අනර්ඝ නිමැවුමකි.දෙවන ලෝක යුද සමයේ නාසි හමුදා පාවිච්චි කල මෙම දැවැන්තයාද ප්‍රවාහනය රේල් පාරක් ඔස්සේ සිදු කෙරිණි.මෙහි Gustav සහ Dora ලෙස අවි දෙකක් නිපදවූ අතර අවි දෙකම පසු කාලයේ මිත්‍ර පාර්ශ්වික හමුදා අතට පත්විය.Paris Gun මෙන් නොව මෙහි උපරිම වෙඩි පරාසය කි.මී.47කට සීමා විය.අවියේ බර ටොන් 1,350ක් වූ අතර දිග මීටර් 47කි.
තවත් ජර්මන් දැවැන්තයෙක් - Krupp 28-cm-Kanone 5/Krupp K5
මෙයත් ජර්මන් Krupp පවුලේ නිෂ්පාදනයකි. railway gun ගනයට වැටෙන මෙම අවිය දෙවන ලෝක යුද සමයේ නාසි හමුදා විසින් පාවිච්චි කරන ලදි.මෙම වර්ගයේ අවි 25ක් නිපදවා තිබෙන අතර එකක බර ටොන් 218කි.එය දිගින් මීටර් 32කි.වෙඩි තැබිය හැකි උපරිම දුර වූයේ කි.මී.64කි.අවි දෙකක් දැනට එක්සත් ජනපදයේ සහ ප්‍රංශයේ කෞතුකාගාර 2ක තැන්පත් කර තිබේ.
Karl-Gerät
Karl-Gerät යනු නාසි හමුදා සතුව තිබූ තවත් දැවැන්ත අවියකි.1941-1945 කාලය තුල මෙය භාවිතා කර තිබේ.එම කාලයේ අවි 7ක් නිපදවා තිබේ.බර ටොන් 124ක් වන මෙම අවියක් මීටර් 11ක දිගකින් යුක්තය.අවිය වෙනුවෙන් 21 දෙනෙකුගෙන් සමන්විත කාර්‍ය මණ්ඩලයක් යොදවා තිබූ බව කියවේ.මෙම අවියෙන් කි.මී. 42ක් දුරට වෙඩි තැබිය හැකිය. Brest-Litovsk සහ Sevastopol ආදී සෝවියට් බලකොටුවලට පහර දෙන්නට මෙන්ම Battle of the Bulge,වෝර්සෝහි සටන්වලදී මෙය භාවිතා කර තිබේ.
නාසින්ගේ සුපිරි අවිය - V-3 cannon
මෙය පුදුම එළවන සුලු අවියක් බව බැලූබැල්මට ඕනෑම අයෙකුට පෙනේවි.අධික වේගයකින් වැඩිම දුරකට උණ්ඩයක් යැවීමට හැකි වන සේ මෙම අවිය නිපදවා තිබේ.මෙය තැනින් තැනට ගෙන යා හැකි අවියක් ලෙස නොව ස්ථිරවම එක් ස්ථානයක් රඳවා තබා පහර දෙන ලෙස සැලසුම් කර තිබිණි.ජර්මානුවන් මෙය හඳුන්වන ලද්දේ High Pressure Pump නමින් වන අතර එය සතුරන් නොමඟ යවා එය නිපදවීමේ සැබෑ හේතුව වසන් කිරීමට යොදාගත් නමක් යැයි කියවේ.මෙම අවිය සැලසුම් කිරීමේ ඔවුන්ගේ සැබෑ උවමනාව වූයේ ප්‍රංශයේ උතුරුදිග පිහිටි Pas-de-Calais ප්‍රදේශයේ තිබූ විශාල බංකර 2ක සිට බ්‍රිතාන්‍යයට ප්‍රහාර එල්ල කිරීමයි.අවියේ නිපදවීම් අවසන් වන්නට පෙර මිත්‍ර පාර්ශ්වික හමුදා අදාල ප්‍රදේශයට බෝම්බ දැමීම නිසා සැලසුම් ව්‍යර්ථ වී ගියේය. නමුත් මීට සමාන කාලතුවක්කු යොදාගෙන නාසීන් 1944 දෙසැම්බර් -1945 පෙබරවාරි යන කාල සමයේ ලක්සම්බර්ග් රාජ්‍යයට ප්‍රහාර එල්ල කරන ලදි.මෙම අවියද ජර්මනියේ සුප්‍රසිද්ධ Krupp පවුලේ නිර්මාණයකි.අවිය මීටර් 130ක් දිගින් යුක්ත වූ අතර උපරිම වෙඩි පරාසය කි.මී.165කි.
Project HARP - HARP gun
ඉහළ උසකට වෙඩි තැබිය හැකි අවියක් නිපදවීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය.මෙය රොකට් තාක්ෂණය යොදානොගෙන දියුණු කිරීමට උත්සාහ කල අවි ව්‍යාපෘතියකි.1961 වසරේ ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය එ.ජනපද ආරක්ෂ දෙපාර්තුමේන්තුවේ සහ කැනඩා ජාතික ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ එකතුවෙන් දියත් කෙරිණි.ව්‍යාපෘතියට ප්‍රබල දායකත්වයක් ලබා දුන්නේ කැනඩා ජාතික ඉංජිනේරුවරයෙක් වූ Gerald Bullය.Project HARP(High Altitude Research Project) යටතේ නිපදවූ අවියකින් ලොව මෙතෙක් වැඩිම උසකට එනම් කි.මී. 180ක් දුරට ප්‍රහාර එල්ල කර තිබේ.එය මෙවැනි කාලතුවක්කු අවියකින් වැඩිම දුරක් තැබූ වෙඩිල්ල ලෙස තවමත් වාර්තා අතර පවතියි.ඇ.ඩො.මිලියන 10 වඩා වැය කල ව්‍යාපෘතිය පසුව නවතා දමන ලදි.Bullගේ අරමුණ වූයේ අතිවිශාල කාලතුවක්කු අවියක් යොදාගෙන අඩු වියදමින් චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කිරීමයි.පසුකාලීනව ඔහු ඉරාකයේ සදාම් හුසේන් සමග එක්ව දිගුදුර ප්‍රහාරක කාලතුක්කු අවියක් නිපදවීමට උත්සාහ කලද ඔහුගේ සාර්ථකත්වය තම රටට අනාගතයේදී ඉරාකයෙන් ප්‍රබල තර්ජනයක් එල්ල කිරීමට හේතු වේ යැයි විශ්වාස කල ඉරානය හෝ බොහෝවිට ඊශ්‍රායලය, මොසාඩ් නියෝජිතයන් ලවා Gerald Bull ඝාතනය කරන ලදි(1990 වසරේ බ්‍රසල්ස් නුවරදී)
Project Babylon
කැනේඩියානු ඉංජිනේරු Gerald Bull විසින් සැලසුම් කල GC 45 කාලතුවක්කු අවිය ලොව පුරා අවදානය දිනා ගැනීමත් සමග ඔහු එම අවිය දකුණු අප්‍රිකාවට සහ ඉරාකයට අලෙවි කරන ලදි.ඔහු එම අවිය ද.අප්‍රිකාවට විකිණීම නිසා එ.ජනපදයේදී අත් අඩංගුවට පත්ව සිරගත කල අතර ඉන් නිදහස ලැබීමෙන් පසුව බෙල්ජියමේ පදිංචියට ගියේය.ඉන් පසු ඔහු ඉරාකය සමග එක්ව චන්ද්‍රිකා දියත් කල හැකි කාලතුවක්කුවක් නිපදවන්නට කටයුතු කරමින් සිටියේය.එම ව්‍යාපෘතිය Project Babylon නම් විය.මේ සඳහා මූල්‍ය දායකත්වය ලබා දෙන්නට සදාම් හුසේන් ඉදිරිපත් වූයේ කොන්දේසියක් සහිතවයි.ඒ ස්කඩ් මිසයිලවල දුර පරාසය වැඩි දියුණු කිරීමට ඔහු උදව් කරන්නේ නම් පමණක් විය.Bull ,සදාම්ගේ කොන්දේසියට එකඟ විය.මේ නිසා ඔහු කෙරෙහි ඉරාන සහ ඊශ්‍රායලය වෛර බැඳගත්හ.ව්‍යාපෘතිය 1988 වසරේදී ආරම්භ විය.Baby Babylonයනු අවියේ මූලාකෘතියකි.අවිය කි.මී.750 දුරට ප්‍රහාර එල්ල කල හැකි අයුරින් සැලසුම් කර තිබිණි.දෙවන අවිය Big Babylon නම් විය.එය මීටර් 156 ක් දිගට සහ අපරිවර්තී ගෝලයේ වස්තුවකට පහර දිය හැකිසේ සැලසුම් කර තිබිණි.මින් Big Babylon අවිය සාර්ථකව අත්හදා බැලූ අතර ගේ ඝාතනයත් සමග ව්‍යාපෘතිය ඇණ හිටි අතර අවියේ කොටස් බ්‍රිතාන්‍යයන් අතට පත්විය.1990 මාර්තු මාසයේදී ඔහුව වෙඩි තබා ඝාතනය කරන්නේ බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේදීය.Gerald Bull ඝාතනය සම්බන්ධව ඉරානයට සහ ඊශ්‍රායලට චෝදනා එල්ල විය.1991 වසරේ ගල්ෆ් යුද්ධය Project Babylon ව්‍යාපෘතියට නැවතීමේ තිත තබන ලදි.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Electric Cannon
ආචාර්ය Kapitzaගේ අදහසක් වූ මෙම අවිය චුම්භක බලයෙන් බලගැන්වෙන ලෙස සැලසුම් කර තිබිණි.මෙම අවියෙන් උණ්ඩය කිසිදු ශබ්දයක් නොමැති සතුරු ඉලක්ක වෙත යොමු කල හැකි බවයි ඔහුගේ අදහස වූයේ.නමුත් එය කිසිදිනෙක නිපදවූයේ නැත.
Source:Darkroastedblend.com
-HarshaLulzSec-

me kelal kawuda mchn
ඒවගේම මහන්සිය..