මානව හිමිකම් පිළිබඳ

kaputalk

Member
Dec 28, 2011
89
17
0
australia
මානව හිමිකම් පිළිබඳ

මානව හිමිකම් පිළිබඳ ඇතැම් සංවිධානවල පක්ෂග්‍රාහී ස්වරූපය කනස්සල්ලට කරුණක් බැව් අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් බොට්ස්වානාහිදී පවසයි.



මානව හිමිකම් කොමිසම යම් රටක බලපවත්වනා කරුණු සම්භන්ධයෙන් කටයුතු කිරීමේදී කාලය, අවස්ථාව සහ ක්‍රමවේදය පිළිබඳ ඉතා සැලකිළිමත් විය යුතු අතර, දැනට එම ආයතනය ශ්‍රී ලංකාව පිළිබඳ අනුගමනය කරනු ලබන පිළිවෙත ඉතා පක්ෂග්‍රාහී ස්වරූපයකින් වීම කනස්සල්ලට කරුණක් බැව් ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා, අප්‍රිකාවේ බොට්ස්වානා ජනරජයේ අගනුවර වන, ගැබරෝන් හිදී පසුගිය සිකුරාදා පැවසීය.

පීරිස් මහතා මේ බැව් ප්‍රකාශ කළේ, බොට්ස්වානාහි විදේශ කටයුතු හා අන්තර්ජාතික සහයෝගීතා අමාත්‍ය, පන්ඩු ස්කෙල්මානි මහතා හමුවූ අවස්ථාවේදීය.




තවදුරටත් අදහස් දැක්වූ පීරිස් මහතා, ශ්‍රී ලාංකික ජනතාවට සාමයේ හා ස්ථාවරභාවයේ ප්‍රතිලාභ ලබාදීමේ ප්‍රතිපත්තිය, සංවර්ධනය, ප්‍රතිසන්ධානය සහ වගවීම යන කරුණු මත පදනම් වී ඇති අතර, මෙම කරුණු තුන අතර වෙන්කළ නොහැකි අන්දමේ බැඳීමක් ඇති බවද සඳහන් කළේය.

ඉහත සඳහන් අංශයන් පිළිබඳව ශ්‍රී ලංකාව විසින් ගනු ලැබ ඇති ක්‍රියාවලියේ ස්වරූපය හා ප්‍රතිඵල සම්බන්ධයෙන් ස්කෙල්මානි මහතාට කරුණු පැහැදිළි කළ පීරිස් මහතා, විශේෂයෙන් උතුරු පළතේ බිම් බෝම්ම ඉවත් කිරීම පිළිබඳව, පුද්ගලයින් නැවත පදිංචි කිරීම, නිවාස ඉදිකිරීම, රැකියා බිහිකිරීම තුලින් ජීවන තත්වය උසස් කිරීම, ඉඩම් ආරවුල් නිරවුල් කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීම, රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ සහයෝගයෙන් ජනතාවගේ ආදායම් මාර්ග ඉහළ නැංවීම සහ දේශපාලන මැතිවරණ ක්‍රමය ස්ථාපිත කිරීම වැනි විධිමත් වැඩසටහනකින් සමන්විත වූ රජයේ සමස්ත වැඩපිළිවෙල වසර දෙකක් වැනි සුළු කාලයකදී ලබාගත් ප්‍රායෝගික දියුණුව පිලිබඳවද ඒ මහතාට කරුණු කියා සිටියේය.


gl.jpg

රජයේ මෙකී වැඩපීලීවෙල සහ එහි සාර්ථකත්වය, නොයෙකුත් රටවල නියෝජිතයින් විසින් ප්‍රශංසාවට ලක් කරන ලද බැව්ද පීරිස් මහතා කියා සිටියේය. පසුගිය සමයේදී, එක්සත් ජනපදය ඇතුලු විවිධ රටවල් නියෝජනය කළ දූත පිරිස් විසින් උතුරු ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා රජය විසින් එම ප්‍රදේශ සඳහා ලබාදී ඇති ව්‍යාපෘති වල සාර්ථකත්වය ඉහල මට්ටමින් අගය කිරීමක් කොට ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

පසුගිය දෙමස තුළදී උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ යෝජනා ක්‍රමානුකූලව ක්‍රීයාත්මක කිරීමට රජය ගෙන ඇති පියවරයන් පැහැදිළි කළ ඇමතිවරයා, එම යෝජනා ක්‍රීයාත්මක කිරීම ප්‍රමාද කරන බවට නොයෙනුත් අංශ මගින් කරනු ලබන චෝදනා පදනම් විරහිත බවත්, අවාසනාවන්ත ලෙස එකී චෝදනා වැරදි අවබෝධයන් මත පදනම් වී ඇති බවද කියා සිටියේය.

වගවීම සම්භන්ධයෙන් අදහස් දැක්වූ ඇමතිවරයා, උගත් පාඩම් කොමිසම යම් කරුණු මඟහරිනු වෙනුවට, එය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරමින් වගවීම සම්බන්ධවූ මූලිකාංග මුදුන්පත් කරවීමේලා දේශීය ස්ථාපිත වැඩපිළිවෙලක් යෝජනා කොට ඇති බැව් පැවසීය. කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන බලධාරියා වශයෙන් නීතිපතිවරයා මීට අනුගතව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මේ දිනවල ජිනීවාහිදී නොයෙකුත් පිරිස් දැනුවත් කරමින් සිටින බැව්ද පීරිස් මහතා පැවසීය.

ප්‍රතිසන්ධානය පිළිබඳව රජයේ ආකල්පයේ ප්‍රධාන සාධකය, අන්තර්ගතය බැව් පැවසූ ඇමතිවරයා, පසුගිය වසර හත තුළ පැවති විවිධ මැතිවරණ වලදී විශාල ජනවරමක් ලැබූ රජයක් වශයෙන්, විවිධ භාෂාවන්, ආගම් හා සංස්කෘතික පසුබිම් පිළිගනිමින්, දශක දෙකහමාරක කාලයක් තිස්සේ ත්‍රස්තවාදය නිසා අතපසු වූ සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට ලබාදීම ප්‍රමුඛ කරුණක් ලෙස, රජය පැහැදිළිව තේරුම් ගෙන ඇතැයිද පැවසීය. මේ සම්බන්දව යම් යම් විදේශ බලපෑම් ඇත්නම් එය අනවශ්‍ය මෙන්ම ශ්‍රී ලංකා ජනතාවගේ ආත්ම ගරුත්වයට හානියක් බැව්ද පීරිස් මහතා පැවසීය.


දැනට ශ්‍රී ලංකාවට එරෙහිව ඉතිරිපත් වී ඇති යෝජනා හා එහි ඇති ස්වරූපය අධ්‍යයනය කිරීමේදී, ශ්‍රී ලංකාව දැනට ක්‍රියාත්මක කරමින් පවතින වැඩපිළිවෙලට එය හානිදායක බැව්, උද්ගතව ඇති නොයෙකුත් තත්වයන් හා සන්සන්දනය කිරීමෙන් එය පැහැදිළි කරගත හැකි යැයිද හෙතෙම වැඩිදුරත් පැවසීය.

අප රටට උපකාරයක් අවශ්‍ය විටෙක එය ඉතා සුහදව පිළිගන්නා බවද පැවසූ පීරිස් මහතා, කිසියම් රටකට බලහත්කාරයෙන් පටවනු ලබන වැඩපීලිවෙලක්, උපකාරයක් වශයෙන් සැලකීම වැරදි සහගත බැවිද කියා සිටියේය.

මෙය, ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයෙකු බොට්ස්වානා'හි සංචාරය කළ ප්‍රථම අවස්තාව වන අතර, පීරිස් මහතා එහි නීතිපති, ආචාර්ය අතලියා මොලොකොම්මේ මහතා සහ එරට මහබැංකුවේ අධිපති, ලිනා මොහොලෝ මහත්මියද හමුවීය.
උපුටා ගත්තේ
http://www.aluthnews.com/
 
Last edited: