මානසික_ආතතියෙන්_මිදෙන්න

r runner

Member
May 12, 2015
2,396
781
0
මානසික_ආතතියෙන්_මිදෙන්න

මානසික ආතතියෙන් අත්මිදීමට ප්‍රතිකර්ම!


කාර්යබහුලත්වය, විවේකය මඳ කම වැනි දේ නිසා අද වන විට මානසික ආතතිය බොහෝ දෙනෙක්ට වද දෙන කරුණක්. මේ සුළු ක්‍රම කිහිපය අත්හදා බලන්න. ඔබට සුවයක් දැනේවි.



01. ප්‍රශ්ණ වලම එල්ලිලා ඉන්න එපා



ප්‍රශ්ණයක් ඇති වූ විටෙක ඒ ගැනම නොසිතා ඒ සඳහා කළයුතු දේ පිළිබඳ සිතන්න. ධනාත්මකව සිතන්න. සිත එකඟ කර ගැනීමට නොහැකි වන අවස්ථාවන් වල ප්‍රීතිමත් දෙයක් ගැන සිතන්න.

Beautiful-Girl-solving-problems.jpg




02. යෝගා අභ්‍යාස වල යෙදෙන්න



සිතේ ඒකාග්‍රතාවය රැක ගැනීමට යෝගා ව්‍යායාම බෙහෙවින් දායක වේ.

Stress12.jpg




03. ඇවිදින්න යන්න



මනසට විවේකයක් ලබා දීමට park එකක ඇවිදින්න යන්න. නැතිනම් පිහිනීමද මනසට විවේකය ගෙන දේ.

couple-walking-by-pond.jpg




04. head massage එකක් කරගන්න



ඔබට තවකෙකු ලවා හෝ තනිවම හෝ head massage එකක් කරගත හැක. හිස්කබල සෙමින් පිරිමදිමින් මසාජ් කරන ගමන් සාමාන්‍ය භාවනාවක යෙදීමද සුදුසු වේ. ආශ්වාස ප්‍රාශ්වාසය කෙරෙහි සිත යොමමින් මෙලෙස භාවනා කරන්න.

indian-head-massage.jpg




05. ක්‍රීඩාවක යෙදෙන්න



මනස එකඟ කරගනිමින් ආතතිය අවම කරගැනීමට ක්‍රීඩාව තරම් ඔසුවක් නොමැති තරම්ය.

Girls-Playing-Badminton.jpg




06. සංගීතයට සවන් දෙන්න



මෙය වෙත් වැඩක යෙදෙන අතරවාරයේ වුවද කළ හැකිය. දිනකට යම් වේලාවක් ඔබ කැමති සංගීතය රසවිඳීමට වෙන්කර ගන්න.

Stress8.jpg.jpg




07. ඉන්න ස්ථානය වෙනස් කරන්න



කාර්යාලයේ හෝ පාඩම් වැඩ කරන හෝ ඔබ සිටිනා ස්ථානය වෙනස් කරන්න. හොඳින් වාතය ඇති පහසු ස්ථානයකට යන්න.

Stress11.jpg




08. මත්ද්‍රව්‍ය වලින් ඉවත් වන්න



ප්‍රශ්ණ වලට විසඳුම් සෙවීමට මත්දුව්‍ය වෙත යොමු වෙන්න එපාග ඉන් ඉවත් වන්න. ඒ ලෙසම බෙහෙත් වලින්ද ඉවත් වන්න. හොඳ ලොකු වතුර වීදුරුවක් බී වැඩ පටන් ගන්න.

Stress10.jpg.jpg




09. හොඳට සිනාසෙන්න



හැකි හැම විටම සිනාසෙන්න. ටමය ඔබගේ ආතතිය පහකර හරීවි. මිතුරන් සමඟ විහිළු තහළු කරගැනීමට කාලය වෙන් කර ගන්න.

3-Friends-laughing-together.jpg




10. හොඳට නිදා ගන්න



රාත්‍රියට පැය 7-8 පමණ හොඳ නින්දක් ලබා ගන්න. මේ මඟින් ඔබට ඊළඟ දිනයේ ජවයකින් යුතුව වැඩ කිරීමට අවස්ථාව ලැබෙනවා.



sleeping-baby.jpg