මටත් අභිධර්මය ගැන ඉදිරියට කතාකරන්න අපහසුයි දන්නෙ නැතිව. ධර්මය විග්රහ කරන්න සූත්‍ර ක්‍රමයයි අභිධර්ම ක්‍රමයයි කියලා දෙකක් තිබෙනවා. මනසිකාර "චෛතසික" කතාවක් ගන්න එපා. මනසිකාරය ගන්න. මම පැහැදිලි කරන්නෙ මනසිකාර "චෛතසිකය" නෙමෙයි මනසිකාරය. (උඩ කියපු ක්‍රම දෙකෙන් දෙවෙනියට කියපු ක්‍රමය) මම ප්‍රිය කරන්නෙ, පුරුදු වෙලා තියෙන්නෙ. මට කතාකරන්න පුලුවන් ඒ ඔස්සේ...මගේ සමහරක් ගුරුවරු "අභිධර්ම මාස්ටර්ලා". රේරුකාණේ හාමුදුරුවන්ගෙ සඟ පරපුර. නමුත් මට අද වෙනකං එකදු අභිධර්ම වචනයකින් කමටහන් දීලා නෑ.
යොනිසොමනසිකාර සම්පදා එකධම්ම සූත්‍රය
“මහණෙනි, යම් ධර්මයක් හේතුකොටගෙන නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදීද, උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණේද, යම් ඒ උපාය මානසිකාර සම්පත්තියක් වේද, එබඳුවූ අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොදකිමි.
දැන් ඉහත සූත්‍රයේ බුදුන් කියනවා නිවැරදි (යොනිසෝ) මනසිකාරය තුලින් ආර්ය වූ අෂ්ටාංගික මාර්ගය උපදිනවා, වර්ධනය වෙනවා සහ සම්පූර්ණ වෙනවා කියලා. ඔබතුමා කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා කියන්නෙ ප්‍රඥාව ඉන්ද්රිය, බල, බොජ්ජංග යනාදී ලෙස වර්ධනය වෙනවා කියලා. ඉදින් එතකොට යෝනිසෝ මනසිකාරයනෙ මූලිකව ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ ?
මනසිකාරය තමා පුරුදු කරන දේ. ඒ තුලින් ඉන්ද්රිය සකස්වෙලා, ඒවා බල වෙලා බොජ්ජංග බවට සකස්වෙලා අවසාන කෘත්‍ය කරයි. නූපන්නාවූ ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදදවන්නෙ යෝනිසෝ මනසිකාරයෙන්, වඩවන්නෙත් යෝනිසෝ මනසිකාරයෙන්, පරිපූර්ණ බවට පමුණුවන්නෙත් මනසිකාරයෙන් කියලා බුදුන් කියනවා නම් අපි තව මොනවා කියන්නද.
යෝනිසෝ මනසිකාරය කලක් පුරුදු කරනකොට අනිච්ච සංඥාවත් ක්‍රම ක්‍රමයෙන් වඩ වඩාත් පිරිසිදුව/වෙනස් වෙනස් ආකාර දකිමින් දියුණු වෙනවා. ඔව් රූපය දිහා බලපු ගමන් අනිච්ච සංඥාව නියමම ආකාරයෙන් වැඩෙයි කියලා නම් කියන්න බෑ. නමුත් උත්සහ කරන්නෙ අනිච්ච සංඥාව වඩන්න තමා. වඩනවා කියන්නෙ ටික ටික දියුණු වෙනවා කියන එක මිසක්ක එකපාරට බල්බ් එකක් පත්තු උනාවගේ එකක් නෙමෙයි නෙ. ඒකතමයි ඊවිජේසේකර ප්‍රකාශ කලේ මම හිතන්නෙ. නැති කෙනෙකුට බෑ කීවොත් කවදාවත් බෑ තමා. ඒකතමා පර්ෆෙක්ශන් එක ගැන වද වෙන්න එපා කීවෙ.
"වඩනවා, වැඩෙනවා, පරිපූර්ණත්වයට පැමිණෙනවා" කියන වචන ටිකේ පටලැවිල්ලක් ඔය තිබෙන්නෙ මට තේරෙන විදිහට. ටෙක්නිකලි සෝවාන් වෙලා ඉවරයි කියන එක අධර්මයක් මම හිතන්නෙ. පරිපූර්ණ වෙච්ච සතර සතිපට්ඨානයමයි මගඵල දෙන්නෙ. ඒක ධර්මනුකූල නැහැ.
ඔයා ඔය කියන කතාව වෙන අර්ථයකින් ධර්මයේ එකතැනක සඳහන් වෙනවා චූල-සෝතාපන්නයා කියලා. මේක මාර්ගඵලයක් නෙමෙයි. ඒ සඳහා ගමන සිද්ද වෙනවායි කියන එකක්. ටෙක්නිකලි සෝතාපන්නත් නෙමෙයි, ඊට පහල තැනක්. ඒක තමා විසුද්ධි මාර්ගයෙ සඳහන් වෙන්නෙ. මට මතක විදිහට කංකාවිතරණ විශුද්ධිය ලැබූ පුද්ගලයා චූල-සෝතාපන්න ලෙස සඳහන් වෙනවා. උදය-වය කියන, ඇතිවීම නැතිවීම (අනිත්‍ය) "සරල මට්ටමකින්" දැකීම කරපු කෙනෙක්. එයාට තව පසු කරන්න ඥාන බොහොමයක් තිබෙනවා. ඒ නිසා සෝතාපන්නයෙක් නොවෙයි. එයත් හැබැයි අනිත්‍ය යම් මට්ටමකට දැකලා තියනවා නමුත් ප්‍රඥාව සම්පූර්ණ වෙලා නැහැ. ඒ අනිත්‍ය යම් මට්ටමකට දැකපු නිසයි චූල-සෝතාපන්න වෙන්නෙ. ඔයාට මෙතනින් වත් යම් පැහැදිලි වීමක් වෙයිද දන්නෑ.
දැන් ඔය "ප්‍රඥාව" පර්ෆෙක්ට් කරගෙන අනිත්‍ය දකින කතාවට මේ සූත්‍රය දාලා බලන්නකො.
සික්ඛාත්තය සූත්‍රය
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ශීලය සම්පූර්ණ කරන්නේ වේද, සමාධිය එක්තරා ප්‍රමාණයකින් කරන්නේ වේද, ප්‍රඥාව එක්තරා ප්‍රමාණයකින් කරන්නේ වේද, හෙතෙම යම් කුඩා, අනුකුඩා ශික්ෂාපද වෙයිද, ඒ ශික්ෂාපදයන්ගේ වරදට පැමිණෙන්නේද වෙයි. වරදින් නැගී සිටින්නේද වෙයි. ඊට හේතු කවරේද?
“මහණෙනි, මෙහි මාර්ග ඵලයන්ට නුසුදුසු බව නොකියන ලදී. මහණෙනි, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට සුදුසුවූ, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වූ, යම් ඒ ශික්ෂාපද කෙනෙක් වෙත්ද, එහි නිත්‍ය සිල් ඇත්තේ වෙයිද, පිහිටි සිල් ඇත්තේ වෙයිද, ශික්ෂා පදයන්හි සමාදන්ව හික්මෙයිද, හෙතෙම සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් අපායෙහි නොවැටෙන ස්වභාවය ඇත්තාවූ, මාර්ග නියාමයෙන් නියතවූ, මතු මාර්ගත්රය පිහිටකොට ඇත්තාවූ, සෝවාන්වූවෙක් වෙයි.
එතකොට සෝතාපන්නයා මේ ශාසනයේ සමාධිය සහ ප්‍රඥාව පර්ෆෙක්ශන් එකට අරගත්ත කෙනෙක් නෙමෙයි. සෝතාපන්න කෙනාගෙත් ප්‍රඥාව පර්ෆෙක්ට් නැහැ කියනවනං ඊට කලිං තැන ගැන කුමන කතාද...ආන්න ඒකමයි මේ ආයෙ ආයෙ කියන්නෙ. ප්‍රඥාව පර්ෆෙක්ශන් කරන්න ඉන්න එපා. ඒක වැඩෙයි මාර්ගය වඩනකොට. "සෝතාපන්න නොවී අනිච්චානුපස්සනාව වඩන්න බැහැ" කියන මතයට බහින්න එපා කියන එකයි මේ කියන්නෙ. අනිච්චානුපස්සනාව පිරිසිදු වෙවී ඉදිරියට යාවි.
සතුටුයි හුවමාරුවට. වැරදි පෙන්වනවට වඩා මට ඕනෙ "ප්‍රායෝගිකව" භාවනාව ජීවිතයට එකතු කරගන්න පොලොඹවන්න. රහත්වෙන තෙක් අපි හැමෝටම තියෙන්නෙ විවිධ මත. අපි කවුරුත් සංසාරය දුකයි දුකයි කීවට ඒක ප්රත්යක්ෂව නොදැනයි දුකයි දුකයි කියන්නෙ. ඒ බුදුන් කියූ චතුරාර්ය සත්‍ය (දුක) පැහැදිලිව දන්නේ රහතන් වහන්සේයී. ඒ තත්වයට පත්වීමට නම් සතර සතිපට්ඨානය වැඩිය යුතුයි. ආන්න ඒකයි පෙලඹෙනවා නම් ඒ ඇති.![]()
මේකෙ ගොඩක් එවට මම එකගයි. මට ප්රශ්නය තියෙන්නෙ සීල සමදිය නතිව කෙනෙක් මනසිකරය කල පමනින් අනිච්ච දකින්නෙ කොහොමද කියල නිකන් රුපයක් දිහා බලාගෙන හරි වෙන ක්‍රමයකින් හරි.
මම කිසිදෙයක් දන්නෙ නතිනම් ප්‍රායොගිකව කොහොමද මේක කරන්නෙ කියල කියන්න පුලුවන්ද ස්ටෙප් බයි ස්ටෙප්?
සතුටුයි
ප්‍රායෝගිකව කරන්න තියෙන්නෙ සතිපට්ඨාන භාවනාව ප්‍රගුණ කරන එක තමා. මේ සඳහා ක්‍රම (ගුරුකුල) කීපයක් තිබෙනවා.
මහාසී ක්‍රමය. (කඳුබොඩ, නිස්සරණ ආරණ්‍යය)
පාඌ ක්‍රමය. (ගල්දූව)
ගොයින්කා ක්‍රමය. (කොස්ගම ධම්මසෝභා)
සුන්ලුන් ක්‍රමය.
මට ඔතනින් අත්දැකීම් තිබෙන්නෙ මහාසී ක්‍රමයත් එක්ක. ඒ ක්‍රමය කොහොමද ප්‍රගුණ කරන්නෙ කියන එක රේරුකාණේ චන්දවිමල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සතිපට්ඨාන භාවනා ක්‍රමය කෘතියේ සඳහන් වෙනවා. මුලින් මේක කියවලා බලන්න. ඊට පස්සෙ යම් ගැටලුවක් තිබෙනවනම් අහන්න.
කරන්න පුලුවන්නම් හොඳම දේ කඳුබොඩ හරි නිස්සරණෙ හරි දවස් 7 - 14ක රිට්රීට් එකකට සහභාගී වෙන එක. එතනදි "සතිය" කියන්නෙ මොකද්ද "මනසිකාරය" පවත්වන්නෙ කොහොමද කියන එක ගැන හොඳ පුහුණුවක් ගන්න පුලුවන්.



Imhoමේ එක එක ක්‍රමය අතර තියෙන වෙනස මොකක්ද?
කියවල බලන්නම්. ත්‍රිපිටකයෙ මොකක් හරි රෙෆෙරෙන්ස් එකක් තියෙනවද ප්‍රායොගිකව වඩන්නෙ කොහොමද කියල?
මම ලන්කාවෙ නෙවේ ඉන්නෙ. මම ඉන්න ස්ටෙට් එකෙ හැතැක්ම 400ක් අතුලෙ වත් පන්සලක් නෑ![]()
Imho
කල්‍යාණ මිත්‍රත්වය virtual වෙන්න පුලුවන් .එක්තරා දුරකට. හොයන කොට හම්බෙන ගතියක් තියෙනවා .
මේ එක එක ක්‍රමය අතර තියෙන වෙනස මොකක්ද?
කියවල බලන්නම්. ත්‍රිපිටකයෙ මොකක් හරි රෙෆෙරෙන්ස් එකක් තියෙනවද ප්‍රායොගිකව වඩන්නෙ කොහොමද කියල?
මම ලන්කාවෙ නෙවේ ඉන්නෙ. මම ඉන්න ස්ටෙට් එකෙ හැතැක්ම 400ක් අතුලෙ වත් පන්සලක් නෑ![]()
ඒවා විවිධ ගුරුකුල. සියල්ලම පාහේ සතිපට්ඨාන සූත්‍රය (මූලික බුද්ධ දේශනාව, විශුද්ධිමාර්ගය සහ අටුවාව) මුල් කරගෙන තමා සකස්වෙලා තියෙන්නෙ. සුලු සුලු තාක්ෂණික කාරනාවලදි තමා වෙනස් වෙන්නෙ. සේරම වගේ ප්රසිද්ධවුනේ බුරුම විපස්සනා මූව්මන්ට් එකෙන් පස්සෙ. දන්න පමණින් එකක් හැර අනික්වා ශුෂ්ක විපස්සනාව, ඒ කියන්නෙ ධ්‍යාන තත්වයනට නොගිහින් ධර්මවාබෝධය කරන ක්‍රම.
මහාසී ක්‍රමය ප්‍රසිද්ධ "මෙන්ටල් නෝටිං" වලට සහ බඩේ පිංබීම හැකිලීම තුලින් වායෝ පොට්ඨබ්බ ධාතුව ගැන සැලකිලිමත් වීමට. බුරුම ජාතික නාරද ස්වාමීන්වහන්සේ විසින් වනවාසී භික්ෂුවකගෙන් ඉගෙනගත් ක්‍රමයක් යැයි විශ්වාසයක් තියෙනවා. මේ ක්‍රමය උන්වහන්සේගේ ගෝලයෙක් වුන මහාසී ස්වාමීන්වහන්සේ විසින් ලෝකය පුරා ප්‍රචාරය කලා. ඒකයි මහාසී ක්‍රමය කියන්නෙ. නව බුරුම ක්‍රමය කියලාත් කියනවා. රේරුකාණේ හාමුදුරුවො කියා දෙන්නෙ මේ ක්‍රමය. මේ ක්‍රමය ලංකාවට ආපු මුල් කාලෙ යම් විරෝධයකුත් ගොඩ නැගුනා. ඒ ගැන ලොකු වාදයකුත් ගියා. රේරුකානෙ හාමුදුරුවො "සතිපට්ඨාන භාවනා විවේචනය" පොත ලීවෙත් ඒ අලලා තමා. බොහෝදුරට පැයක් පර්යංක භාවනාව කර පැයක් සක්මන් භාවනාව කෙරෙන ආකාරයට තමා පුරුදු කරන්නෙ.
ගොයින්කා ක්‍රමය ප්‍රසිද්ධ ශරිරයේ ඇතිවෙන සියුම් සහ ගොරෝසු වේදනා නිරීක්ෂණය කරන ක්‍රමයක් විදිහට. බොඩි ස්කෑන් ක්‍රමය කියලත් කියනවා. මට මතක විදිහට මේ ක්‍රමය ඉගැන්නුවෙ ලේදි සයාඩෝ. ප්‍රචලිත කලේ S N ගොයින්කා. මේකත් හොඳයි විරිය තියෙන අයෙක්ට. මුල ඉඳන්ම එකදිගට පැය තුන හතර භාවනා කරන්න තියෙනවා. බුද්ධ වන්දනාවන් ඇත්තේම නෑ, සෙකියුලර් වැඩියි කියලා පොඩි චෝදනාවකුත් තිබෙනවා කියනවා මේ ක්‍රමයට.
සුන්ලුන් ක්‍රමය ටිකක් විතර එක්සෙන්ට්‍රික් වගේ. මම නිකමටවත් කරලා නැහැ. ඒක බුරුමෙන් පිටට පැතිරිලත් නැහැ මම හිතන්නෙ. මම ඒ ගැන එක පොතක් පමණයි කියවලා තියෙන්නෙ. වැඩි විස්තරයක් දන්නෑ.
පාඌක් ක්‍රමය ඉහත ඒවට ටිකක් වෙනස්. මේක "විපස්සනා මූව්මන්ට්" එකෙන් පටන් අරන් වෙනම අතකට ගිය එකක් වගේ. මොකද මේකෙදි ධ්‍යාන ලබාගෙන (ගැඹුරු සමාධියකින් පසුව) විපස්සනාවට බහිනවා කියලා තමා කියන්නෙ. ලංකාවෙ නාඋයන ආරණ්‍යයේ පුරුදු කරන්නෙ මේ ක්‍රමය. මේක ගැනත් මම ලොකු දෙයක් දන්නෙ නැහැ. නාසිකාග්‍රය අරමුණු කරගෙන තමා වායෝ පොට්ඨබ්බ ධාතුව අරමුණු කරන්නේ. එක භාවනා සෙශන් එකකදි, අවම පැය තුනක් වත් එකදිගට වාඩිවෙලා ඉන්න කියනව කියලා අහලා තියනවා.
මීට අමතරව තව මොගොක් සයාඩෝ, වේබු සයාඩෝ ආදී මහාතෙරවරු කියලා දුන්න ක්‍රම තියෙනවා. ඒ වගෙම අපිට අහන්න නොලැබුනු ක්‍රමත් ඇති තව. සියලුම ක්‍රම සුලු සුලු වශයෙන් වෙනස්, එහෙම නැතිනම් බොහෝදුරට සමානයි කියලා තමා කියන්න තියෙන්නෙ.
සතිපට්ඨාන සූත්‍රය තමා ඩිරෙක්ට්ම රෙෆරන්ස් එක. ඒ සූත්‍රයේ තිබෙන දේවල් තමා මුලින් සඳහන් ගුරුකුල සියල්ලම පාහෙ ක්‍රියාවට යොදවන්නෙ. රේරුකාණේ හාමුදුරවන්ගෙ පොතේ ඇති තවත් රෙෆරන්ස්. විපස්සනා මූව්මන්ට් එක ගැන විකි එකේ මෙන්න මේ කොටස කියවලා බලන්න.
The vipassanā movement emphasizes the use of vipassanā to gain insight into the three marks of existence as the main means to attain wisdom and the beginning of awakening and become a stream-enterer, or even attain full liberation. The practices are based on the Satipatthana sutta, the Visuddhimagga, and other texts, emphasizing satipatthana and bare insight.
The various movements espouse forms of samatha and vipassanā meditation. The various vipassana teachers also make use of the scheme of the insight knowledges, stages of insight which every practitioner passes through in their progress of meditation. The foundation for this progress is the meditation on the arising and passing away of all contemplated phenomena (anicca), which leads to an understanding of their unsatisfactory (dukkha) nature and insight into not-self (anatta).
නිස්සරණ ආරන්යයේ ඔන්ලයින් රිට්රීට්ස් තියෙනවා මං හිතන්නෙ. මූලික ක්‍රමය ඉගෙනගත්තම වෙලාවක් ලැබෙන හැටියට කරන්න පුලුවන්. ගුරුවරයෙක් සිටීම ටිකක් විතර වැදගත් මොකද නිවැරදිව කරන විදිහ තේරුම් ගන්න. හොඳ එක්ස්පීරියන්ස්ඩ් ගුරුවරයෙකුට යෝගියෙක් සක්මන් භාවනාව කරන විදිහ නිරීක්ෂණය කරලා උනත් තීරණය කරන්න පුලුවන් කියනවා යෝගියා නිවැරදිව භාවනා කරනවද නැද්ද කියලා. නිස්සරණෙට බොහෝ දෙනෙක් ඊමේල් සහ සූම් හරහා සම්බන්ධ වෙලා තමන්ගෙ ප්‍රායෝගික භාවනා ගැටළු විසඳගන්නවා.
මේක ගැන මම දැනගෙන හිටියෙ නැහැ. බොහොම පින්.Valuable info. Thanks alot!
@greenthunder
mee sutraye kelinma kiyala tiyenawa sowan wenna satipattanaya wadanna kiyala. sowan wenna bana aseemen pamanak kiyana ayata meka honda piliturak wei mama hithanne..
------ Post added on Jun 17, 2022 at 8:52 AM
මේක ගැන මම දැනගෙන හිටියෙ නැහැ. බොහොම පින්.
මේක ගැන මම දැනගෙන හිටියෙ නැහැ. බොහොම පින්.
“ආනන්දය, යම්සේ කවුඩෙකුට කර නොනමා පානය කළ හැකිසේ දෙඉවුර සමව දිය පිරුණු ගංගාවක්වේද, ඉක්බිති මම මේ ගංගාවේ දිය පහර අතින් සිඳගෙන පහසුවෙන් සරස එතර යන්නෙමි’යි බලවත් මිනිසෙක් එන්නේය. ඔහු ගංගාවේ දිය පහර අතින් සිඳගෙන පහසුවෙන් එතර යන්ට හැකි වන්නේය. ආනන්දය, එමෙන් යම්කිසි වෙකුට සක්කාය දෘෂ්ටිය නැති කිරීමට ධර්මය දේශනා කරන කල්හි සිත එහි බැසගනියිද, පහදීද, සිටීද, (කෙළෙසුන්ගෙන්) මිදේද, ඒ බලවත් මිනිසා යම්සේද, ඔහුද එසේද දත යුත්තාහ.
ඕක ගැන එච්චරම වොරි වෙන්න එපා.මට තේරෙන විද්හට මෙතන කියන්නෙ, ගොඩක් අසු මහ ශ්‍රාවකයන්ට උනා වගේ බන අසන වෙලාවේම විපස්සනා අවස්තවක්.
සිත එහි බැසගනි කියන්නෙ යොනිසෝ මනසිකරය, පහදි කියනෙ එක විතක්ක, සති, ප්‍රජ්නා සම්බන්ද වෙන්න ඕනි. සිටී කියන්නෙ, ඒකාග්ර, විරිය.
මේ කියන්නෙ අරි අට මග තමයි තව විදිකට, කෙනෙකුට බැලු බල්මට බන අසීමෙන් පමනක් සොවන් වෙනව වගේ පෙනුනට.
මට තේරෙන විද්හට මෙතන කියන්නෙ, ගොඩක් අසු මහ ශ්‍රාවකයන්ට උනා වගේ බන අසන වෙලාවේම විපස්සනා අවස්තවක්.
සිත එහි බැසගනි කියන්නෙ යොනිසෝ මනසිකරය, පහදි කියනෙ එක විතක්ක, සති, ප්‍රජ්නා සම්බන්ද වෙන්න ඕනි. සිටී කියන්නෙ, ඒකාග්ර, විරිය.
මේ කියන්නෙ අරි අට මග තමයි තව විදිකට, කෙනෙකුට බැලු බල්මට බන අසීමෙන් පමනක් සොවන් වෙනව වගේ පෙනුනට.
ඔබතුමා නිවැරදියි.
සෝතාපත්ති අංග පිලිවෙලින් සතරයි.
1) සත්පුරුෂ ඇසුර
2) සද්ධම්ම ශ්‍රවණය
3) යෝනිසෝ මනසිකාරය
4) ධම්මානුධම්ම ප්‍රතිපත්තිය
මෙතන සද්ධම්ම ශ්‍රවණයෙන් පමනක් මේ දේ සිදුවෙනවා නම් ඇයි මේ සතරම පිලිවෙලින් බුදුරදුන් සඳහන් කලේ...
යෝනිසෝමනසිකාරය තිබුනාත් මදි. මොකද යෝනිසෝමනසිකාරය යොදවනවිට අත්දකින යථාභූතයට ද්වේශ නොකරන්න පුරුදු වෙන්නත් ඕනෙ ගොඩක් භාවනා යෝගින් යෝනිසෝමනසිකාරය තුලින් යථාභූතය ප්‍රකට වෙනකොට කියන්නෙ "කම්මැලියි, තරහයි, එපාවෙනවා, ප්‍රථිපල නැහැ" ආදී කතා. ආන්න ඒ නිසා මේ හතරම අවශ්‍යයි සෝතාපන්න වීමට.
(දවස් තුනක් තිස්සෙ තෙල් පෝලිමේ ඉන්න ගමන් දාපු කෙටි රිප්ලයි එකක් මේකපැහැදිලි මදිනම් තව එක්ස්පෑන්ඩ් කරන්න පුලුවන් )