සංකල්පවල සාපේක්ෂ බව ගැන කතා කලාට මොකද, සාපේක්ෂ නොවන ඒකීය, ඒකත්ව,කේවල පාරිශුද්ධ සංකල්පයක් හොයන්න හදනවා වත්ද? ඔබතුමා බලන "බැක්ග්‍රවුන්ඩ්" එක ඔස්සේ කතාකෙරෙන මානය හතරක් බුදුහමෙ නැහැ. (ඇට් ලීස්ට් මට මතකයට ගන්න පුලුවන් සූත්‍රවල). එහෙම සංකල්පයක් එකල ඉන්දීය ජනසමාජෙ නොතිබෙන්න ඇති. ඒ නිසා සමහර ප්‍රශ්නවලට දෙන්න වෙන්නෙ ප්‍රශ්නකරුවා බලාපොරොත්තු නොවන ජාතියෙ පිලිතුරු. සමහර වෙලාවට ප්රශ්නය පවා වෙනස් කරන්න වෙනවා.
මෙතනදි ඔයා පැහැදිලි කරන්න හදන "Construct" කියන එක මම දහමෙ හඳුනාගන්නෙ "ප්‍රපංච" කියන එකත් එක්ක. ඔන්න ඔයාගෙ අත්දැකීමයි බැක්ග්‍රවුන්ඩ් එකයි බුද්ධ දර්මයේ අත්දැකීමයි බැක්ග්‍රවුන්ඩ් එකයි බ්‍රිජ් වෙන්නෙ මගේ මෙන්න මේ අර්ථ දැක්වීමත් එක්ක. ඒ කියන්නෙ ඔයා කන්ස්ට්‍රක්ට් කියන එකයි, ධර්මයේ ප්‍රපංච කියලා කියන එකයි සමානාර්ථ කියලා ගැනීම.
විශේෂයෙන් කියන්න ඕනෙ මේක මෙහෙම ගත්තෙ පහත ඡේදයේ කියලා තියන විදිහට ඔබතුමා ඉන්ද්රිය සංජානනය ගැන කතා කරපු නිසා. නැතිනම් සංස්කාර පැත්තෙනුත් ඕක ගැන කතාකරන්න පුලුවන් කියලා හැඟෙනවා. ඒ කියන්නෙ කන්ස්ට්‍රක්ශන් යනු සංස්කාර කිරීම් කියලා අරන් කතාකරන එක. නමුත් ඉන්පුට් එකෙයි පර්සෙප්ශන් එකෙයි වෙනසක් තියෙන්නෙ ඇයි කියලා අහන නිසා මම පපංච අරගත්තා.
ඉහත කීවා වගේ, නිපුන්ඩී මේ ඡේදය පුරා උත්සහ කරලා තියෙන්නෙ ඉන්ද්රිය සංජානනය පැහැදිලි කරන්න වගේ කියලා තමා මට වැටහෙන්නෙ. ඒ කිව්වෙ අපේ "අත්දැකීම්" ක්‍රියාවලිය සකස්වෙන්නෙ සහ ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද කියන එක එයාගේම වචනයෙන් කියන්න.
නිපුන්ඩී ඔහොම කීවට මේ ත්‍රෙඩ් එකේ හැමෝටම එකඟවෙන්න පුලුවන් කියලා හිතන බුද්ධ වචනය එනම්, බුදුන් වහන්සේ අපගේ ඉන්ද්‍රීය සංජානනය සිදුවෙන ආකාරය දේශනා කරපු විදිහ දැක්වෙන
මධුපිණ්ඩික සූත්‍රය ඉස්සරහට ගන්න වෙනවා. එහිදී බුදුන් ඉන්ද්‍රීය සංජානනය ගැන කියන්නෙ මෙහෙමයි.
“ඇවැත්නි, ඇසනිසාද, රූපය නිසාද, චක්ඛුවිඤ්ඤාණය උපදී. ඒ තුන එක්වීමෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශය හේතුකොට ගෙන වේදනාව වෙයි. යම් අරමුණක් වේදනාවෙන් විඳී ද එම අරමුණම සංඥාවෙන් අඳුනයි.
යම් අරමුණක් අඳුනාද එම අරමුණම විතර්කයෙන් කල්පනා කරයි. යම් අරමුණක් විතර්කයෙන් කල්පනා කරයිද එම අරමුණම තණ්හා දිට්ඨි වශයෙන් සත්ත්වයා ප්‍රමාදකරයි.
ඒ චක්ඛුරූපාදිය මුල්කාරණය කොට තෘෂ්ණාදෘෂ්ටි
ප්‍රපඤ්ච ධර්මයෝ අතීත අනාගත වර්තමානවූ ඇසින් බලා දතයුතුවූ රූපයන් කෙරෙහි පුරුෂයා යටත් කරත්.
ඔන්න ඔහොමයි කන්ස්ට්‍රක්ට්ස් එහෙමත් නැතිනම් ප්‍රපංචයාගේ හටගැනීමත්, විහිදායාමත් දැක්වෙන්නෙ. මේ සූත්‍රය අනුසාරයෙන් බැලුවම ලෝකයම ඇතුලත්ව ඔය කියන මාන හතරත් හුදු ප්‍රපංච හතරක් කියන එක බැලූ බැල්මටම අපිට පැහැදිලි වෙනවා කියලා හිතනවා. ඔන්න දැන් එතනට එනකම් විසඳුනා, ඒ කිව්වෙ කන්ස්ට්‍රක්ෂන් යනු පපංච වීමයි කියලා තේරුනා කියලා හිතනවා...
මේකට නං මට ටිකක් හිනා ගියා

. මොකද උඩ විවරණයට අනුව බැලුවහොත්, මේ අහන්නෙ ප්‍රපංචවලින් නිදහස් වු අවස්ථාවක් ගැන. ඒ කියන්නෙ ග්‍රීන්තන්ඩර් මගඵල ලබපු වෙලාවෙ අත්දැකීම හෝ ග්‍රීන්තන්ඩර්ගෙ රහත් හිතේ ස්වාභාවය තමයි මේ අහන්නෙ (පහත ටික බලද්දි තේරෙයි ඒ අවස්ථාව මගඵල ලබන හෝ රහත් හිත වෙන්නෙ ඇයි කියලා)
මට නං එහෙම අත්දැකීමක් තවම නැහැ. ඒ නිසා අන්ෆෝචුනේට්ලි නිපුන්ඩී, මගෙ අත්දැකීම විස්තර කරන්න මට හැකියාවක් නැහැ.
නමුත් ත්‍රිපිටකයේ එහෙම අවස්ථා වල "අත්දැකීම්" (ඇත්තටම ඒ අවස්ථාවට අත්දැකීමක් කියලා කියන්න පුලුවන්ද කියන ගැටළුවත් තිබෙනවා, කතාකිරීමේ පහසුවට එහෙමම ගමු) සඳහන් වෙනවා. ඒ වගේම අදාල නැතත් සඳහන් කරන්න ඕනෙ ප්රපංචයෙන් මිදීම, ඒ කියන්නෙ නිපංචයට පැහැදිලි ප්‍රතිපදාවක් බුදුන් දේශනා කරලා තියනවා. ඒකයි දහමෙ වටිනාකම. හුදු වචන ගොඩක් නෙමෙයි මේක. පැහැදිලි මාර්ගයක් තිබෙනවා.
හරි නැවතත් නිපුන්ඩීගෙ ප්‍රශ්නයට. ඒකට ගැළපෙනම සූත්‍රය
කේවඩ්ඩ සූත්‍රයයි. එතනදි බුදුන් මහා පුදුම අමුතුම පිලිතුරක් දෙන්නෙ, නිකං වෙන්න බැරි දෙයක් වගේයි පේන්නෙ. මේක මෑතකාලයේ විවිද මතවාද බිහිකරපු සූත්‍රයක්.
"ඇවැත්නි, පඨවිධාතු අපොධාතු තෙජොධාතු වායොධාතු යන මේ සතර කවර තැනක කුමකට පැමිණ කුමකට පැමිණි තැනැත්තාහට ඉතිරි නොවී නැවත නොපවතින පරිද්දෙන් විනාශ වන්නාහුදැයි, කියාය."
හැබැයි මේ ප්රශ්නය අහන්නෙ නොරහත් භික්ෂුවක්. බුදූන් කියනවා මහණ ඔය ප්රශ්නය වැරදියි. විනාශය නෙමෙයි නොපිහිටීම ගැන අහන්න කියනවා. ඒ කියන්නෙ ඔය ප්රශ්නය අහන්න ඕනෙ මෙහෙමයි කියලා ඒ ප්රශ්නය නිවැරදි කරනවා පහත දැක්වෙන විදිහට.
"කුමකට පැමිණ කුමක් හේතුකොටගෙන පස්, දිය, වතුර වායු යන සතර මහාභූතයෝ නොපිහිටත්ද හෙවන් පිහිටීම නොලබත්ද.
කවර තැනෙක්හි දීර්ඝවූ හෝ කොටවූ හෝ සියුම්වූ හෝ මහත්වූ හෝ ප්‍රියවූ හෝ අප්‍රියවූ හෝ (උපාදාය රූප රැස) මහාභූතයන් නිසා පවත්නා කුඩා රූපධාතු සමූහය නොපිහිටාද
හෙවත් පිහිටීම නොලබාද කවර තැනක කුමකට පැමිණ නාමයත් රූපයත් (සිතත් කයත්) ඉතිරි නොවී නිරුද්ධවේද."
කන්ස්ට්‍රක්ට්, එහෙමත් නැතිනම් ප්රංපචයාගෙන් තොර අත්දැකීමක්, නොරඳනා අත්දැකීමක් තියද ඒ කොහොමද කියන එකයි මේ අහන්නෙ.
නිපුන්ඩී විශේශයෙන් සඳහන් කරපු දිග සහ පලල කියන "මාන දෙක" මේ සූත්‍ර කොටසේ ඒ විදිහටම සඳහන් වෙනවා. ඒකට ලැබෙන පිළිතුර තමා,
"නුවණින් දැනගත යුතුවූ ඇසින් නොදැක්ක හැකිවූ ඉපදීම්, නැතිවීම කොන් නැති හැම පැත්තෙන්ම පැමිණිය හැකි තොටවල් ඇති මේ නිර්වාණ ධාතුවට පැමිණ පස්, දිය, ගිනි, වායු යන සතර මහාභූතයෝ පිහිටීම නොලබත්."
මෙහි දීර්ඝවූ හෝ කොටවූ හෝ කුඩාවූ හෝ මහත්වූ හෝ ප්‍රියවූ හෝ අප්‍රියවූ හෝ මහාභූතයන් නිසා පවත්නා කුඩා රූපයෝ නොපිහිටත්.
මෙහි නාම රූප දෙක ඉතිරි නොවී නිරුද්ධ වෙයි. විඤ්ඤාණ (සිත) නිරෝධයෙන් මේ නාමරූප රාශිය මේ නිර්වාණයට පැමිණ ඉතිරි නොවී නැවත නූපදින පරිදි නිරුද්ධ වෙයි."
ඉතින් ඔහොම තමා නිපුන්ඩී නානාවිද ප්රපංචයාගෙන් මිදුනු අවස්ථාව. තවදුරටත් ප්‍රපංච නොවීම, තවදුරටත් නාමරූපයාට බැස නොගැනීම සඳහන් වෙන්නෙ. ඉහත මුලින්ම ගත් සූත්‍රයේ ඉන්ද්රිය සංජානනය සම්බන්ධ වුන විඤ්ඤානයේ නිරෝධයෙන්, දීර්ඝ කොට මහත් කුඩා ප්‍රිය අප්‍රිය සියල්ලම නොපිහිටන මට්ටමකට පත්වෙනවා. මේ නිරෝධයත් සමගම ඉහත මධුපිණ්ඩික සූත්‍ර කොටසෙහි අවසානයේ සඳහන් ප්රපංචය පුරුෂයා යටත්කරගැනීම තවදුරටත් සිදුවන්නේ නැහැ. ඒ කියන්නෙ ප්රංපංචයට (සකස්වීමට) ඒ හිතේ ඉඩක් නැහැ. කන්ස්ට්‍රක්ට්ස් හුදු කන්ස්ට්‍රක්ට්ස් පමණයි. එම නිසාම කන්ස්ට්ර්ක්ට්ස් වල පැලපදියම් වීමක් නැහැ. තවදුරටත් ඒ හිත කන්ස්ට්‍රක්ට්ස් මත පිහිටා පැලපදියම් වී ක්‍රියාත්මක වීමක් නැහැ.
Edited
Grammar, Added further clarification and removed irrelevant sentences.