"මාමට අන්තිමයි, අවසන් කටයුතු අනිද්දා." බෝත

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    "මාමට අන්තිමයි, අවසන් කටයුතු අනිද්දා." බෝත

    "මාමට අන්තිමයි, අවසන් කටයුතු අනිද්දා." බෝතල් පණිවුඩය මුහුදෙන් හමුවේ ...




    770.jpg




    "මාමට අන්තිමයි, ඉක්මනට එන්න.අවසන් කටයුතු අනිද්දා." මේ දුක්බර හදිසි පණිවුඩයක් දුක අඩු කරලා ටෙලිග‍්‍රෑම් එකකින් යවපු විදිහ. හැබැයි දැන්නම් අපිට ඒක රසවත් කථාවක් වෙලා. මීට දශක දෙකකට විතර කලින් ලංකාවේ ටෙලිග‍්‍රෑම් එක තරම් දෙයක් පණිවුඩ යවන්න තිබුණෙ නෑ. හැබැයි ටෙලිෆෝන් ආක‍්‍රමණයත් එක්ක ටෙලිග‍්‍රෑම් වලට යන එන මං නැති වුණා. ඒ නිසා පාඩු පිට පාඩු විදපු තැපැල් දෙපාර්තමේන්තුව බැරිම තැන අවුරුදු 150ක් පරණ ටෙලිග‍්‍රෑම් නවත්තලා ටෙලිමේල් සේවාව ලංකාවට හදුන්වලා දුන්නා. ඒ ගිය අවුරුද්දෙ ඔක්තෝම්බර් 01 වෙනිදා. හැබැයි ඉතිං ඒකෙනුත් මහා ලොකු ලාභයක් ලැබෙයි කියලා හිතන්න අමාරුයි. කොහොම වුණත් රාජකාරී ලියුම් ඇරෙන්න ඉදලා හිටලා හරි ලියුම් Post Card යවන ටික දෙනෙක් ඉන්න හින්දා තාම ඒ දෙක නං රැකිලා තියෙනවා. ඒ කියන්නෙ ඉතිං ෆෝන් පාවිච්චි නොකරන ටික දෙනෙක් තාම ලංකාවෙ ඉන්නවා කියන එකයි.

    ලියුම්, Post Card තැපෑලෙන් එන්න සාමාන්‍යයෙන් දවස් දෙක තුනක් යනවනේ. හැබැයි අවුරුද 100කට කලින් එවපු Post Card එකක් හමබ වුනේ අදයි. ඒකත් ආවේ තැපෑලෙන් නෙවෙයි. මුහුදෙ තිබිලා හම්බ වුන බෝතලේකින්. මේ තමයි බෝතලයක තබිලා හම්බ වුණ ලෝකයේ පරණම පණිවුඩය.


    100-yr-masg.jpg



    "අද පාන්දර කැප්ටන් කොන්රඞ් එයාගේ බෝට්ටුවෙන් ගෝලයොත් එක්ක මුහුදු ගියා. බෝල්ටික් මුහුදේ ටික දුරක් ගිහින් එලපු දැලේ පැටලූනු වයින් බෝතලයක් කැප්ටන් කොන්රඞ්ට හම්බවුණා. බැලූ බැල්මට හිස් වගේ පෙනුනට මූඩිය ඇරලා බලද්දි ඒක ඇතුලේ Post Card එකක් තියෙනවා කොන්රඞ් දැක්කා. Post Card එක එළියට අරගෙන බලද්දි ඒකේ ලියලා තිබුණු දේ දැක්කම කොන්රඞ් හොදටම බය වුණා. මොකද ඒ Post Card එක 1913 මැයි මාසේ 17 ලියපු එකක්. අත්සන් කරලා තිබුණේ රිචඞ් ප්ලාටස් කියලා කෙනෙක්. ඔහු ඩෙන්මාර්කයේ ඉදලා ජර්මනියේ තමන්ගේ නිවසට එවපු පණිවුඩයක් තමයි මේ Post Card එකේ තිබුනේ. " හැබැයි තැපැල් පෙට්ටියට දාන්න ඕන Post Card එක බෝතලේකට දැම්ම හේතුව නම් හොයා ගන්න බැරි වුණා. ඒත් පළවෙනි ලෝක යුද්ධ කාලේ ගොඩක් අය මේ විදිහටම ලියුම්, Post Card බෝතල් වලට දාලා මුහුදේ පාකරලා තියෙනවා. ඒවා අවුරුදු ගාණකට පස්සේ හම්බ වුණ අවස්ථා මීට කලින් අපිට ඇහිලා තියෙනවනෙ.

    ගිනස් වාර්ථා පොතේ තියෙන විදිහට මෙහෙම බෝතලයක තිබිලා හම්බ වුණ පරණම පණිවුඩය වෙන්නේ 2012 අවුරුද්දේ හම්බ වුන අවුරුද 97ක් පරණ Post Card එකක්. හැබැයි මේ කියන විදිහට ඒ වාර්ථාව වෙනස් කරන්න ගිනස් පොතේ අයට සිද්ධ වෙන පාටයි. මේ කතාව ඇහුවම වහින වෙලාවට කඩදාසි බෝට්ටුවක්වත් හදලා යැවුවෙ නැතත් Post Card එකක් බෝතලේකට දාලා මුහුදේ පා කරන්න ඔබටත් හිතුනා නේද ?

    Source - HIRU GOSSIP
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පට්ටා :)
    මාත් එක පාරක් ගාල්ලෙ කොටුවෙ ඉදලා ඔය වගෙ එකක් ලියලා බෝතලෙක දාලා මුහුදට විසිකලා විනාඩි 10ක් විතර ගියාම ඒක ආයෙ වැල්ල පැත්තට පාවෙලා ආවා:dull:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    පට්ටා :)
    මාත් එක පාරක් ගාල්ලෙ කොටුවෙ ඉදලා ඔය වගෙ එකක් ලියලා බෝතලෙක දාලා මුහුදට විසිකලා විනාඩි 10ක් විතර ගියාම ඒක ආයෙ වැල්ල පැත්තට පාවෙලා ආවා:dull:


    :lol::lol::lol::lol::lol::lol:

    ප්‍රගියාගේ මැසේජ් එක..

    පුකක් විකිනීමට..50/=
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :lol::lol::lol::lol::lol::lol:

    ප්‍රගියාගේ මැසේජ් එක..

    පුකක් විකිනීමට..50/=

    අඩෙ එක පාරක් මාතර මුහුදුවෙරලෙන් එහෙම එකක් හම්බ වෙලා ඒ උබ දාපු එකක්ද:nerd:
    නැ බන් මේක හොයාගන්න එකා *&%^&*%$&$%&#$^#$*&%$*#$^#$ කියලා දැම්මෙ කරුමෙ ඔන් ද ස්පොට් කියන්නෙ ආයෙ මමයි ඒක ගත්තෙ:( අන්තිමට උනෙ ලිව්ව එක ඉරලා ඉරලා මුහුදට දාපු එක:rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පට්ටා :)
    මාත් එක පාරක් ගාල්ලෙ කොටුවෙ ඉදලා ඔය වගෙ එකක් ලියලා බෝතලෙක දාලා මුහුදට විසිකලා විනාඩි 10ක් විතර ගියාම ඒක ආයෙ වැල්ල පැත්තට පාවෙලා ආවා:dull:
    මූදට පැනපන්...:lol: