මාමයිට්වලට කැමති අකමැති හැමෝටම 🙂 කියවන්න ...

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,658
    7,003
    113
    United States
    253394951_422988962706186_1183009457809680798_n.jpg

    1.අත් වැරදීමකින් 1902 දී Justin Liebig නම් ජර්මානු ජාතික විද්‍යාඥයෙකු විසින් අහම්බෙන් සොයාගත් ආහාරයක් ලෙස මාමයිට් ලෝකයෙහි උපත ලැබුවා. එදා මේ විද්‍යාඥයා සිතන්නටවත් නැතිව ඇති මෙය මේ තරම් ලෝකයේ ජනප්‍රිය වේවි කියා.

    xi1An32vFeR57fll_Justus-von-Liebig-alchetron.jpeg

    ජස්ටස් වොන් ලිබිග් - Justus von Liebig​

    2.ඔය රසකර කර බොන බියර් වල අතුරුඅතුරුපලයක් විදිහට තමයි මාමයිට් හැදිලා තියෙන්නේ. මේ අතුරුපලයට ඊස්ට් සහ ලුණු එකතුකර පදන් කිරීමෙන් තමයි මාමයිට් රසගන්වලා තියෙන්නේ. පුදුමයට කරුණ එක නෙවෙයි.. තවමත් ලෝකයේ මාමයිට් වට්ටෝරුව වසර 118ක් පුරාවට රහසක් බව ඔබ නොදන්නවා ඇති. මේක ව්‍යාපාරික රහසක් ලෙසටයි පවතින්නේ.

    3. මාමයිට් කියන එකේ තේරුම තමා “කැසරෝල් භාජනය” කියන එක. (Casserole Disk ) කියන එක.මාමයිට් බෝතලයේ ලේබලය මැද සටහන් කර තිබෙන්නේ එම භාජනයයි.

    4. මාමයිට් විටමින් E වලින් සහ ෆෝලික් අම්ලයෙන් ඉතාම පොහොසත්. මේ ගැබිණි මවුවරුන්ට වගේම අපේ පොඩි දරුවන්ටත් යෝග්‍යයි. මේ නිසා මාමයිට් ඖෂධයක් ලෙසත් භාවිත කර තිබුණා.

    5.මේ මාමයිට් සම්බන්ධ තවත් රස කතාවක්. පළමු සහ දෙවන ලෝක යුද්ධ වලදී සොල්දාදුවන්ගේ අහාර අතර අනිවාර්ය දෙයක් වුනේ මාමයිට් බෝතලයයි. 1999දී කොසොවෝ හි සටන් වැදුණු බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ගේ ගෙදරින් බැහැරව සිටින විට දැනෙන දුක හෙවත් Home Sick නැති කිරීමට ඔවුන් වෙත වැඩිපුර මාමයිට් යවා තිබුනා.

    6. 1934 දී ශ්‍රී ලංකාව පුරා මැලේරියාව පැතිර ගියේ ඉතා වේගයෙන්. මේ රෝගයට ලක්වුවන් සඳහා පෝෂණ අතිරේකයක් විදිහට මාමයිට් ලබා දුන්නා.එය මොනතරම් සාර්ථක වුනාද කියනවානම්, එම අවස්ථාවේ රටට ලැබී ඇති මාමයිට් අරපිරිමස්සෙන් භාවිත කරන ලෙසට පුළුල් ප්‍රචාරණ වැඩපිළිවෙලක් පවා ක්‍රියාත්මක වුනා. 1930 දී බොම්බායේ කර්මාන්ත ශාලාවක රක්ත හීනතාවයෙන් පෙළුණු සේවකයන් කරගැනීමටත් මාමයිට් උපකාරී වූ බවයි සඳහන් වන්නේ.

    7.අතීතයේ ලංකාවේ සුඛෝප බෝගී ආහාරයක් විදිහට මාමයිට් ජනප්‍රිය වුනා. පාන් කෑල්ලක මාමයිට් ටිකක් ගාලා කන්න දුන්නේ, මාමයිට් වීදුරුවක් බොන්න දුන්නේ යමක් කමක් තියෙන මිනිස්සු විතරයි. එත් ඉතින් දැන් තත්වය වෙනස්. උණු මාමයිට් පානය ජනප්‍රිය රටවල් අතර ශ්‍රී ලංකාව ඉහලින්ම සිටින රටක්.

    8. මාමයිට් කියන්නේ ඇත්තටම මහා පුදුම ආහාරයක්. සමහරු මාමයිට් වලට පිස්සුවෙන් වගේ ආස කරද්දී, සමහරුන්ට පෙන්න බැහැ. එයාලට ඉතිං මාමයිට් සුවඳ ආවත් මල පනින සීන් එකේ ඉන්නේ. මේ නිසාම මාමයිට් වෙළඳ දැන්වීම් වල “Love it or Hate it ” කියලා සඳහන් වෙන්නේ. ඉතින්! ඔයා මාමයිට් Lover කෙනෙක්ද නැද්ද කියන එක තීරණය කරලද තියෙන්නේ?

    9. ලෝකයේ ප්‍රසිද්ධම මාමයිට් වර්ග දෙකක් තියෙන බව දන්නවාද? ඒ කහ ඇසුරුමේ බ්‍රිතාන්‍ය මාමයිට් සහ රතු ඇසුරුමේ එන නවසීලන්ත මාමයිට්. අපි ඉතින් කන්නේ බ්‍රිතාන්‍ය මාමයිට් විතරනේ. පුදුමය ඒක නෙවෙයි. මාමයිට් එක්ක තරග කරන්න ලෝකයේ තවමත් ආදේශකයක් නැති එක තමා පුදුමය. වර්ෂ 2000 දී ලෝකයේ දැවැන්ත සමාගමක් වූ යුනිලීවර් සමාගම බ්‍රිතාන්‍ය මාමයිට් වෙළඳ නාමය තමා සතු කරගත්තා.

    10. වර්ෂ 2011 දී භුමි කම්පාවක් නිසා නවසීලන්තයේ මාමයිට් නිෂ්පාදනාගාරය හානියට පත්වුනා. නිෂ්පාදන ක්‍රියාවලිය වසරකට වඩා නැවතුනා. තමා සතු මාමයිට් තොග අවසන් බවත්, තවත් බොහෝ කලකට මාමයිට් නිපදවිය නොහැකි බවත් සමාගම පැවසීමත් සමග මිනිසුන් වෙළඳපොලෙන් මාමයිට් තොග පිටින් මිලදී ගත්තා.මාමයිට් කියන්නේ ඇත්තෙන්ම දුර්ලභ භාණ්ඩයක් නිසාම Black Gold කියන අන්වර්ථ නාමය ඊට පටබැඳුණා. ඉතිරි වූ මාමයිට් බෝතල් වෙන්දේසි වූ අතර, එක මාමයිට් බෝතලයක් ඩොලර් 200ට දක්වා ඉහල ගියා. පසුව මාමයිට් අර්බුදය විසඳීමට නවසීලන්ත රජය මැදිහත් වුනා.

    11. තවත් සුවිශේෂ කරුණක් තමයි මාමයිට් අනුබව කරන කෙනෙකුගේ දහදිය සමග මාමයිට් සුවඳ මුසුව තිබෙනවා. එය සාමාන්‍ය මිනිසුන්ට නොදැනුනාට, මදුරුවන්ට දැනෙන බවයි පර්යේෂකයන් පවසන්නේ. මදුරුවන් මේ සුවඳට ලං වන්න අකමැති නිසාම මාමයිට් කන කට්ටියට මදුරුවන්ගෙන් කරදර අඩු බවයි පැවසෙන්නේ.

    12. මේ තරම් රසවත්, ගුණවත් මාමයිට් වල නරක පැත්ත ගැනත් ඔයාට කියන්නම වෙනවා. මාමයිට් වල ලුණු ප්‍රතිශතය ඉතා ඉහල නිසා එය වැඩිපුර අනුභවය නිසා අක්මාවට සහ වකුගඩු සඳහා ඒ තරම්ම හොඳ නැහැ. අනුමත දෛනික ප්‍රමාණය වන්නේ , වැඩිහිටියෙකුටනම් 4g . ලමයින්ටනම් 2g.

    උපුටා ගැනීමකි
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    13. මාමයිට් අප්පිරියයි නම් ගෑනි පිට යා හැක.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ලගදි කන්න බැරි වුනා හෙට ගෙන්න ඕන.

    marmite ගැන මගේ අත්දැකීමක් කියන්නම් අපේ බල්ලෙක් හිටිය අසනීප වෙලා බෙහෙත් දීලා මොකුත් හරිගියේ නැහැ. කන්නෙත් නැහැ. බෙහෙත් දුන්නත් වැඩක් නැහැ හොදටම අමාරුවෙන් හිටියේ. පන අදිනවා වගේ ලෙවල් එකටම ආවා.
    පස්සේ බැරිම තැන marmite බෝතලයක් තිබිලා මම එක විතරක් දුන්නා දවසට වේල් 3ක් විතර. එක විතරමයි කන්න දෙන්න පුළුවන් වුනෙත් අනිත් මොනවත් කන්නේ නෑ. දවස් දෙකක් වගේ යද්දී හොද වුනා.