මාමාගේ මිනිය බැංකුවට ගෙනත් දුව ණයක් ගන්න හදලා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,048
    35,983
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බ්‍රසීලයේ රියෝ ඞී ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආසන්න) ණය මුදලක් ගැනීමට උත්සාහ කළ කාන්තාවක අත්අඩංගුවට ගැනීමට බ්‍රසීල පොලිසිය සමත් විය.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි එරිකා ඩී සෝසා නම් කාන්තාවකි.



    ඇය බැංකුවට රැගෙන විත් ඇත්තේ 68 හැවිරිදි පවුලෝ රොබෙර්ටෝ නම් පුද්ගලයකු බවත් දෙදෙනා ඥාතීන් බවත් මූලික විමර්ශනවලදී හෙළි වූ බවත් බ්‍රසීල පොලිසිය ප්‍රකාශ කළේය.එරිකා පවුලෝ රෝද පුටුවක තබා ගනිමින් රියෝ ඩී ජෙනෙයිරෝ බැංකුවට පැමිණ ඇති බවත් එම අවස්ථාවේදී පවුලෝගේ බෙල්ල පහළට කඩා වැටී ඇස් වැසී තිබීම හේතුවෙන් බැංකුවේ කාර්ය මණ්ඩලයට සැකයක් මතුව ඇති බවත් බ්‍රසීල පොලිසිය පැවැසුවේය.

    ණය අයැදුම් කිරීමේ කවුන්ටරය වෙත පැමිණ “මාමේ, ණය ගන්න අත්සන් කරන්න. මට ඔයා වෙනුවෙන් අත්සන් කරන්න බෑ. ණය ගන්න ඕනෑ නම් අත්සන් කරන්න" යනුවෙන්

    එරිකා මළසිරුරට ප්‍රකාශ කර ඇතැයි බ්‍රසීල පොලිසිය සඳහන් කළේය.එම අවස්ථාවේදී බැංකුවේ කාර්ය මණ්ඩලයට සැක සිතී හදිසි ඇමතුම් අංකයට දුරකතන ඇමතුමක් ලබා දී ඇතැයිද ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම කළ බව ද බ්‍රසීල පොලිසිය පැවැසුවේය.

    විමුක්ති එස්. රුද්‍රිගු

    brazil eun penna ba mata
    hena game denne mathakane ape biz porak maruwa