මාරක කුටියේදී

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ඈ ආපිට හැරැනු අතර, තම අත්ලවල් දොරට තද කර ගත්තාය. ඈ ස්පාඥ්ඥ භාශාවෙන් කථා කිරීමට පටන්ගත් නමුත්, නැවතී නැවත එකම දේ ඉංග්‍රීසියෙන් කීවාය, "මිස්ටර් ෆ්ලෙචර්. මට කරදරයක් කරන්න එපා. මම විතරයි දැන් ඉන්නේ ඔබව මෙතනින් පිටකරන්න පුළුවන් කෙනෙකුට. මම දිවුරනවා."

    ඔවුන්ට පිටුසින්, හෙයින්ස් දණ ගසාගෙන සිටියේ කුඩා දරැවෙකු මෙනි. දැන් ෆ්ලෙචර් ගැහැනිය වෙත ලං වෙමින් සිටියේය. "අපි මෙතෙන්ට ආවේ හු**කා ඉන්ඩ නෙවෙයි." කලින් ඈ ඔහුට කියා තිබුනු අතර, ෆ්ලෙචර් මෙසේ සිතුවේය, "මාත් ආවෙ ඒකට නෙවෙයි."

    ඈ තම මරණය ඔහුගේ දෑස් තුලින් දැකගත්තාය. තමා ලග ඔහුගේ නම සහිත ලිපි ලේඛන තිබෙන අතර, තමා ඔහුට ඒවා ලබා දෙන්නීය -- අෑ දැන් කියා සිටියි. එමෙන්ම රත්‍රන් කන්දරාවක් සහ ඕනෑ තරම් මුදල් සහිත ස්විස් බැංකු එකවුන්ටුවක්. ඒවා සියල්ලද ඈ ඔහුට දීමට සූදානම් බව ඈ කියයි. දේශමාමකයින්, හොර තක්කඩීන්ගෙන් වෙන් කර හදුනා ගන්නා සැටි දැන් ‍ෆ්ලෙචර් හට පෙනී යයි. දේශමාමකයින් මරණය ඉදිරියේ නිර්භය කථාවක් පවත්වන අතර, හොරැන්, තම බැංකු ගිනුම කැප කර බේරීමට තතනයි.

    "කට වහපිය" ඔහු කියුවේය. මෙම කාමරය ඉතා හොදින් සීල් කර නොතිබුනා නම්, ඉහල සිටින සොල්දාදුවන් දැනටමත් මෙහි විත් තිබෙනු ඇත. ඔහුට ඔවුන් ගෙන් බේරීමට නොහැකි වුවද, මෙම පරට්ටිය අතැර දැමීමේ අදහසක් ඔහු තුල තිබුනේ නැත.

    ඈ කට වසා ගත්තාය. ඈට වයස කීයක් පමන ඇති දැයි ෆ්ලෙචර් කල්පනා කරන්නට විය. හැට පහක්? මෙම බැල්ලිය මිනිසුන් කී දෙනෙක් මෙවැනි කාමර තුල මරා දමා තිබෙනු ඇතිද? කී දෙනෙකු මරා දැමීමට අණ දී ඇතිද?
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    "මේ අහපං" ෆ්ලෙචර් කීවේය. "උඹ අහගෙනද ඉන්නේ?"

    ඈ නොවැරදීම අසාගෙන ඉන්නේ පැමිනෙන අධාරකරැවන්ගේ හඩට බව ඔහු දත්තේය. හීනෙන් තමා--ෆ්ලෙචර් සිතුවේය.

    "මන් දන්න හැටියට එල් කොන්ඩෝර් කියන්නේ කොම්‍යුනිස්ට් රෑකඩයක්. 1994 දී කායා ගංගාව අල්ලගෙන හිටපු මිනිස්සුන්ගේ නායකයා ඔහු නෙවෙයි. එතකොට නූනේස් හිටියේ නිව් යෝර්ක් වල. ඒ හින්දා, ලා කායා වලදී මරා දාපු කන්‍යා සහෝදරියන්ගේ සිද්දියට ඔහු සම්බන්ධයක් නෑ. උන් කන්‍යා සහෝදරියෝ තුන් දෙනෙක්ගේ ඔළු ගං ඉවුරේ රිටි වල ගැහුවා. මැද හිටපු කන්‍යා සහොදරිය මගේ නංගී."

    ෆ්ලෙචර් ඈට දෙවරක් වෙඩි තැබූ අතර, ඒ එහි තිබූ අවසාන වෙඩි දෙක විය. එහෙත් දෙකක් සෑහුනි. ගැහැනිය දොර දිගේ පහලට ලිස්සා ගිය අතර, ඇගේ දලිසෙන ඇස් ෆ්ලෙචර්ගෙන් ඉවත් වූයේ නැත. 'මැරෙන්ඩ හිටියේ උඹයි' ඒ ඇස් කීවේය. 'මට මේක තේරෙන් නෑ. මැරෙන්ඩ හිටියේ උඹයි'. ඈ තම උගුර තම අතින් දෙවරක් පහුරැ ගෑ අතර, ඉන්පසු නිසල වූවාය.

    ෆ්ලෙචර් ආපසු හැරී හෙයින්ස් වෙත ඇවිද යන්නට විය. හෙයින්ස් දිවීමට මෙන් හැරැණු නමුත්, ෆ්ලෙචර් තුවක්කුව ඔහු වෙත උලුක් කලේය. එය උණ්ඩ වලින් තොර බව හෙයින්ස් නොදන්නා බව පෙනුනි. ඔහු දිවයන අදහස අත් හැර දැමූ අතර, මෙම මාරක කුටිය තුල දිව යාමට තැනක් නොමැති බව ඔහුට වැටහෙන්නට ඇත. ඔහු තුවක්කුව සහ ඒ පිටුපසින් පැමිනෙන මිනිසා දෙස බලා සිටින්නට පටන් ගත් අතර, ඔහු අඩන්නට පටන් ගති. "අඩියක් පස්සට තියපිය" ෆ්ලෙචර් කීවේය. අඩමින්ම හෙයින්ස් අඩියක් ආපස්සට තැබීය.

    ෆ්ලෙචර් හෙයින්ස් ගේ යන්ත්‍රය ඉදිරිපිට නැවතුනේය. කුමක්ද ඔහු පාවිච්චි කල වචනය? 'අතීත ස්වභාවයට හැරවීම'?

    ට්‍රොලිය මත තිබූ යන්ත්‍රය හෙයින්ස් වැනි බුද්ධිමත් මිනිසෙකුට නොගැලපෙන්නාක් මෙන්ය පෙනුනේ--හුදෙක් ඩයලයන් තුනක් සහ ON OFF බටනයක්. සියළු ඩයලයන්ගේ කටු, බින්දුව අගය මත දැන් වැතිර තිබිනි.

    ෆ්ලෙචර් පෑනක් වැනි එහි උල ගෙන, එය හෙයින්ස් වෙත දිගු කල අතර, ඔහු බියමුසු ශබ්ධයක් පිටකර, හිස සලා, තවත් අඩියක් පස්සට තැබීය.
     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    "මේක ගනිං. නැත්තං තෝව මරනවා" ෆ්ලේචර් කීවේය. ඔහුට මෙය කරමින් සිටීමට කාලයක් නොතිබුනද, ඔහුට තමාව පාලනය කරගත නොහැකි විය. ඔහුට නැවත නැවතත් පෙනුනේ නූනේස්ගේ මිය ගිය මුහුනෙහි ඡායාරෑපයයි.

    ඉකිගසමින්, හෙයින්ස් පෑන බදු උල අරගත්තේය. ඔහු එය ඇල්වූයේ එහි රබර් ආවරණය ඇති කොටසින්, පරෙස්සෙමිනි.

    "දාපිය ඕක තොගෙ කටේ." ෆ්ලේචර් කීයේය. "දාලා, තොගෙ ගෑනිගේ තනේ උරනවා වගේ ඕක උරපිය"

    "එපා!" හෙයින්ස් අඩමින් කෑගෑවේය.

    එහෙත් ෆ්ලෙචර් එය සිදු කිරීමට යන බව හෙයින්ස් දැන සිටියේය.

    "කටේ දාපිය! නැත්තං තොගෙ ඔළුව කුඩු වෙන්ඩ වෙඩි තියනවා." ෆ්ලෙචර් කීවේ, හිස් රිවෝල්වරය හෙයින්ස් ගේ ඔළුවට තද කරමිනි. හෙයින්ස් තැපුල්ලූ අතර, ෆ්ලෙචර්ට තම හඩ ගැඹුරැ වනුද, වඩාත් සත්‍ය සහගත වනුද, වඩාත් ධෛර්යමත් වනුද දැනී ගියේය. එය ඔහුට සිහිකලේ එස්කොබාර්ගේ කටහඩයි. "ඉක්මන් කරපිය. ඉක්මන් කලොත් මම මැෂින් එක දාන්නෙ නෑ. ඉතිං උරපිය."

    ෆ්ලෙචර් කිරීමට කියනා දෙයෙහි අර්ථයක් නැති බව හෙයින්ස් දත්තේය. එහෙත් දැන් ඔහුගේ ජීවිතය තිබෙන්නේ ෆ්ලෙචර්ගේ අතෙහිය. එහෙයින් ඔහු එය කල යුතුය.

    ෆ්ලෙචර් සිනාසුනේය, "ඕක උඹේ රිසර්ච් එකටත් වැදගත් වෙයි."


     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    තවමත් රිවෝල්වරය හෙයින්ස් ගේ හිසට අල්ලාගෙන, ෆ්ලෙචර් උපකරනයේ ON ස්විචය දැමූ අතර, විද්‍යුත් ධාරාව අඩු වැඩි කරන රෝදය උපරිමයටම කැරකූවේය.

    හෙයින්ස්ට පෑන තම කටින් විසිකර දැමීමට වේලාවක් තිබෙන්නට ඇති නමුත්,
    ඒ වෙනුවට, පැමිනි විදුලි සැර හේතුවෙන් ඔහුගේ දත් ඇදි පෑන මත තද වී ගියේය. මෙවර ඇසුනු ශබ්ධය පෙරට වඩා වැඩි විය. කුඩා අත්තක් කැඩෙන ශබ්ධය වෙනුවට මෙවර පැමිනියේ මහත කෝටුවක් කැඩෙන හඩය. ඔහුගේ නාසයෙන් හොටු පිනූ අතර, එබදුම ආකාරයකින් ඔහුගේ ඇසක්ද පිටතට පැන්නේය. ඔහුගේ නාසයෙන් දුම් පිටවෙද්දී, ඔහුගේ අනෙක් ඇසද ගැලවී ගොස් ඔහුගේ අළු පැහැයට හැරී තිබූ කම්මුල මත එල්ලෙන්නට වූයේය. හෙයින්ස් ගේ මුළු සිරැරම ගැහෙද්දී, ඔහුගේ කම්මුල පැලී ගොස් එයින් ද දුම් පිටවන්නට විය. දැවෙන මස් ගද නැගී ආවේය. තැඹිලි සහ නිල් පැහැ ගිනි දළු දිස්වන්නට විය--ඔහුගේ කටට ගිනි ගෙන තිබූ අතර, ඔහුගේ දිව, කාපට් රෙද්දක් මෙන් ගිනි ගෙන ඇවිලෙමින් තිබිනි.

    "මේ අත්දැකීම ගැන උඹේ අදහස් කොහොමද?" ෆ්ලෙචර් මල මිනියෙන් අසා සිටියේය. "මොකෑ? කියන්ඩ දෙයක් ඇත්තෙම නැද්ද?"

    ෆ්ලෙචර් ආපිට හැරී කාමරය හරහා ඉක්මනින් ඇවිද යන්නට විය.
     
    Last edited:

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    දොර අගුළු දමා ඇති බව ෆ්ලෙචර්ට සිහිවුනි. රමාන් එය අගුළු දැමූ අතර, යතුර ඔහුගේ බෙල්ටයෙහි තිබෙනවා විය යුතුය. ෆ්ලෙචර් ආපසු රමාන් වෙත ගොස්, යතුර බෙල්ටයෙන් ඉරා ගත්තේය. එසේ කරද්දී රමාන් අන්ධව අතපත ගාමින් නැවතත් ෆ්ලෙචර් ගේ කකුල අල්ලාගත් අතර, ෆ්ලෙචර් තුවක්කු මිටෙන් ඔහුගේ හිසට ගැසුවේය. රමාන්ගේ අත් ඔහුගේ කකුල එක් වරක් වඩාත් වැරයෙන් මිරිකා, ඉන්පසු එය අතැර දැමුවේය.

    ෆ්ලෙචර් නැගිටින විට ඔහුට උණ්ඩ ගැන සිහිවුනි. ඔහුට තවත් උණ්ඩ ඕනෑ වනු ඇත. ‍එහෙත් මෙම කාමරයෙන් පිටතදී වෙඩි තැබුව හොත්, සෙබලුන් කූඹීන් මෙන් විත් ඔහු වටකර ගනු ඇත්තේය.

    කෙසේ වුවත්, ෆ්ලෙචර් රමාන්ගේ බෙල්ටයෙහි එල්ලෙමින් තිබූ පොකටයන් අතපත ගාමින්, අවසානයේ ස්පීඩ්-ලෝඩරයක් සොයාගත්තේය. ඔහු එයින් රිවොල්වරය උණ්ඩ වලින් පුරවා ගති. තෝමස් ගේ වැනි දරැවන් සහ ගැහැනුන් සිටින සාමාන්‍ය සෙබළුන්ට වෙඩි තැබීමට තමාට සිත සාදා ගැනීමට හැකි වේ දැයි ෆ්ලෙචර් කල්පනා කලේය. එහෙත් ඔහුට නිලධාරීන්ට වෙඩි තැබිය හැකිය. අවසානයේදී තමා පිනිසද එක් බුලටයක් හෝ ඉතිරි කර ගැනීමට හැකි වනු ඇත. මෙම ගොඩනැගිල්ලෙන් පිටවීම යනු, පැරදීමට එක් ලකුණක් පමනක් ඉතිරිව ඇති ක්‍රීඩාවකින් ජය ගැනීම වැනි කල නොහැකි අපහසු කාර්ය්‍යක් වනු ඇති නමුත්, ඔවුන්ට තමාව මෙම මාරක කාමරයට ආපසු ගෙන ඒමට නම් නොහැකි වනු ඇත.

    ඔහු මිය ගිය නාකිච්චියට පයින් ගසා දොර අසලින් තල්ලු කර දැමුවේය. ඇගේ නොවැසුනු මල ඇස් සීවිලිම දෙසට යොමුවී තිබුනි. තමා බේරී ඇති බවද--ටික මොහොතකට හෝ--අනෙකුන් මිය ග‍ොස් ඇති බවටද වන සිතුවිල්ල ෆ්ලෙචර්ගේ මොලය තුලට වඩ වඩාත් කාන්දු වන්නට පටන් ගෙන තබුනි. ඔවුන්ගේ සිරැරැ සීතල වෙමින් ඇත. ඔවුන්ගේ සම මත ඇති බැක්ටීරියා ගොනු මිය යමින් ඇත.

    තුන් වැනි යතුරින් දොර විවරව ගියේය. ෆ්ලෙචර්, සින්ඩර්-ගඩොල් බිත්ති වලින් සෑදූ කොරිඩෝරය තුලට හිස දැමීය. බිත්ති වල අඩිය කොල පැහැයට හැරී තිබුනු අතර, උඩ කොටස් කුණු බැදුනු සුදු පැහැයක් ගති. කොරිඩෝරයේ අඩි තිහක් පමන පහලට වන්නට වම් පැත්තේ බිත්තියට පිටදී කුඩා දුඹුරැ පැහැති බල්ලෙකු නිදා සිටියේය. උගේ පාදයන් ගැස්සෙමින් තිබිනි. ඌ සිහිනෙන් දකින්නේ කිසිවක් පසු එලවාගෙන යනු ද නැතිනම් කිසිවක් ඌ පසුපස එලවාගෙන එනු දැයි ෆ්ලෙචර් නොදත් නමුත්, වෙඩි පහර වල ශබ්ධය උට ඇසුනේ නම්, ඌ මෙසේ නිදා නොසිටිනු ඇත. තමාට නැවත ගෙදර යාමට හැකි වුවහොත්, අධිරාජ්‍යවාදයේ මහා ජයග්‍රණය වන්නේ ශබ්ධය පිට නොවන සේ ගොඩනැගිලි සෑදීමේ කලාවෙහි සොයා ගැනීම වන බව තමා පුවත් පතට ලියන බව ඔහු සිතුවේය. මා ලොවටම කියමි. එහෙත් ඇත්තෙන්ම මට ආපිට යාමට හැකි නොවනු ඇත. මදක් දුරින් අර දකුණතට දිවෙන පඩි පේලිය, 43වැනි මාර්ගයට යාමට මට හැකි වන උපරිම දුර වනු ඇත. එහෙත්--


     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    ෆ්ලෙචර් කොරිඩෝරයට පය තබා, මාරක කුටියේ දොර වසා දැමුවේය. කුඩා බල්ලා තම හිස ඔසවා බැලූ අතර, තම තොල් පුම්බමින් කුඩා බිරැමක් බුරා, හිස තැවත පහතට නවා නිදාගති.

    ෆ්ලෙචර් තරප්පු පෙල වෙත ඇවිද යන්නට පටන්ගත්තේය. කොරිඩෝරයේ සිට මාර්ගය දක්වා, ඒ හරහා නගරය දක්වා, එතැනින් 4 වැනි මහා මාර්ගය දක්වා, මුර සංචාරක සෙබලුන් සහ මාර්ග-අවහිරයන් පසුකරමින්, දේශසීමාව පසු කරමින්, මුර කපොලු පසු කරමින්, අවසානයේ මුහුදට. චීනුන් කියන්නා සේ, මයිල දහසක් ආරම්භ වන්නේ තනි අඩියකිනි. කොච්චර දුර යන්න පුළුවන් දැයි බලන්නම්, තරප්පු පෙලෙහි මුල් පඩියට නගිමින් ෆ්ලෙචර් සිතුවේය. සමහර විට මම පුදුමයට පත්වෙන දෙයක් සිදුවන්නට පුළුවනි. එහෙත් ඔහු දැනටමත් පුදුමයට පත් වීය සිටියේ--හුදෙක් මේ තාක් ජීවත් වී සිටීම ගැන. රමාන්ගේ තුවක්කුව ඉදිරියට මානාගෙන, ඔහු පඩිපෙල නැග්ගේ මද සිනාවකින් යුතුවය.

    මින් මසකට පසුව, 43වැනි මාර්ගයේ ඇති කාර්ලෝ අකුසී ගේ පත්තර හල වෙත මිනිසෙකු ඇවිද ගියේය. කාර්ලෝ නියතයෙන්ම සිතුවේ මෙම මිනිසා තම මුහුනට තුවක්කුවක් අල්ලා තමාව කොල්ල කනු ඇතැයි කියාය. වේලාව තවමත් රාත්‍රී අට වූ අතර, ආලෝකයන් දැල්වෙමින්ද, අවට බොහෝ මිනිසුන් ගැවසෙමින්ද සිටියෝය. එහෙත් පිස්සෙකු නැවතීමට මේ කවරකටවත් හැකිවේද? මෙම මිනිසා නියතයෙන්ම පිස්සෙකු සේය පෙනුනේ. ඉතා සිහින් වූ ඔහුගේ සිරැර වටා, ඔහුගේ සුදු කමිසය සහ අළුවන් කලිසම පාවෙන්නාක් මෙන් දිස්වුනි. ඔහු දිස් වූයේ මේ දැන් දේශපාලන හිරගාරයකින් නිදහස් කෙරෑවෙකු මෙන් හෝ, පිස්සන් කොටුවකින් පැන ආවෙකු මෙනි. ඔහුගේ අත ඔහුගේ කලිසම් සාක්කුවට ගිය විට, කාලෝස් අකුසී මෙසේ සිතුවේය: ඔන්න තුවක්කුව ගන්නවා.


     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    එහෙත් තුවක්කුවක් වෙනුවට පැමිනියේ හම ගැසුනු පැරණි ලෝඩ් බක්ස්ටන් වොලට්ටුවක් වූ අතර, වොලට්ටුව තුලින් ඩොලර් දහයේ නෝට්ටුවක් පැමිනියේය. ඉන්පසු, සම්පූර්ණ සිහිබුද්ධිය යුතු කටහඩකින්, සුදු කමිසයකින් සහ අළු කලිසමකින් යුතු වූ මෙම මිනිසා, මෙල්බරෝ සිගරට් පැකට්ටුවක් ඉල්ලා සිටියේය. කාර්ලෝ පැකට්ටුවක් රැගෙන, ඒ මත ගිනි පෙට්ටියක් තබා, ඒවා කවුන්ටරය හරහා තල්ලු කලේය. මිනිසා සිගරට් පැකට්ටුව විවෘත කරන අතර, කාර්ලෝ ඩොලර් දහයේ ඉතුරැ ගනින්නට වූයේය.

    "ඕනෙ නෑ" මිනිසා ඉතුරැ මුදල් දුටු විය කියා සිටියේය. ඔහු සිගරැට්ටුවක් තම කටෙහි දමාගෙනය සිටියේ.

    "ඕනෙ නෑ? මොකද්ද ඕනෙ නෑ කියන්න‍ෙ?"

    "මං කීවෙ, ඉතුරැ ඕනෙ නෑ." මිනිසා කීවේය. ඔහු කාර්ලෝ වෙත සිගරට් පැකට්ටුව දිගු කලේය. "මිස්ටර් සිගරට් බොනවද? ඔන නම් එකක් ගන්න."

    කාර්ලෝ මිනිසා දෙස සැක සහගතව බැලීය. "මං සිගරට් බොන් නෑ. ඕක නරක පුරැද්දක්."

    "බොහොම නරක පුරැද්දක්" මිනිසා එකග වෙමින් කියා සිටි අතර, ඉන්පසු ඔහු තම සිගරැට්ටුව පත්තු කර, සන්තෝශයෙන් යුතුව දුම් පහරක් ඇද්දේය. ඔහු දුම් බොමින් සහ මාර්ගයේ අනෙක් පස ගමන් කරමින් සිටි මිනිසුන් දෙස බලමින් එලෙස එතැන සිටගෙන ඉන්නට විය. පාරෙන් අනෙක් පස කෙල්ලන් සිටියෝය. පිරිමි, කොට ගවොම් ඇද සිටි ඔවුන්
    --එය ගිම්හානය විය--දෙස බැලුම් හෙළූහ. එය මනුශ්‍ය ස්වභාවය විය. තම පාරිභෝගිකයා ඩොලර් දහයේ කොලය කවුන්ටරය මත තිබෙන්නට හැරියද, ඔහු පිස්සෙක් බව කාර්ලෝ තව දුරටත් විශ්වාස කලේ නැත.
     

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    මිනිසා සිගරටය එහි ෆිල්ටරය දක්වාම උරා බීවේය. ඉන්පසු ඔහු කාර්ලෝ දෙසට හැරැනි. ඔහු හැරැනේ, ඔහු සිගරට් බීමට පුරැදු නැති හෙයින් එයින් ඔහුට ක්ලාන්ත ගතියක් දැනුනාක් මෙන් මදක් වැනෙමිනි.

    "ලස්සන රෑ පානක්" හේ කීයේය.

    කාර්ලෝ හිස සැලුවේය. එය එසේ විය. එය ලස්සන රැයක් විය. "ජීවත් වෙන්න ලැබීම වාසනාවක්" කාර්ලෝ කීවේය.

    මිනිසා හිස සැලීය. "අපි හැමෝටම. හැම වෙලාවෙදිම."

    ඔහු පේමන්ට් එක අසල කානුව අසලට ඇවිද ගියේය. එතැන කසල බදුනක් විය. ඔහු එක් සිගරටයක් හැර, සිගරට් පැකට්ටුව කසල බදුනට දැමුවේය. "අපි හැමෝටම" හේ කීය. ඉන්පසු ඔහු ඇවිද යන්නට විය. කාර්ලෝ ඔහු යනු බලා සිටින අතර, ඔහු සැබැවින්ම පිස්සකු වන්නටද ඉඩ ඇති බව කල්පනා කලේය. ඇතැම් විට එසේ නොවන්නට ඉඩ ඇත. උමතු බව යනු නිර්වචනය කිරීමට අපහසු මනෝභාවයකි.

    ----------------- නිමි ------------------