මාරයා එන්න හෝරාවකට කලින් රේණුකාට ගෙදර මත&#3482

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මාරයා එන්න හෝරාවකට කලින් රේණුකාට ගෙදර මත&#3482

    පාරෙන් පිට පැන්න වෑන්රියට කැනඩාවේ 10ක් බිලි



    කැනඩාවේ ටොරොන්ටෝ නුවර මගීන් ගමන් ගන්නා පදික වේදිකාවක වෑන්රථයක් අධික වේගයෙන් ධාවනය කිරීමෙන් 10දෙනෙකු මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇතයි විදෙස් වාර්තා සඳහන් කරයි.

    මෙම වාහනය අනතුර කර පැනගොස් සිටි සැකකරු සහ වාහනය අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්විය. මෙම වෑන් රථය කුලී රථ සේවාවකින් සැකකරු කුලියට ගත් එකක් බව මේ වන විට තහවුරු වී ඇත.

    සිද්ධිය දුටු අයකු පවසා ඇත්තේ වෑන් රථය මිනිසුන් ඇවිදිමින් යන දෙසට කඩාවැදී එහි ගමන්ගත් පිරිස යටකරමින් ධාවනය කළබවයි. එසේම මිනිසුන් බොහෝදෙනකු මියගොස් වැටී සිටින අයුරු දුටු බවද සිද්ධිය ඇසින් දුටුවන් පැවසු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


    image_0652c12c49.jpg



    කැනඩාවේ රිය අනතුරෙන් ලාංකික කතක් මරුට




    ( තිළිණි ද සිල්වා )

    කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පදික වේදිකාවක් මතට වෑන් රථයක් කඩා වැදීමෙන් සිදුවු අනතුරකින් මියගිය පුද්ගලයින් 10 දෙනා අතර ශ්‍රී ලාංකික කාන්තාවක්ද සිටින බව තානාපති ආරංචි මාර්ග කියා සිටී.

    මෙලෙස මිය ගොස් ඇත්තේ රේණුකා අමරසිංහ නැමැත්තියකි. ඇය වයස අවුරුදු 48 ක් පමණ වන එක් දරු මවක් වේ. ඇය හොරණ ප්‍රදේශයේ පදිංචිව සිට ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

    කැනඩාවේ ටොරොන්ටෝ නගරයේදී පසුගිය සදුදා (23) පදිකයින් පිරිසක් වෙතට වෑන් රථයක් ධාවනය කිරීමෙන් සිදුවූ අනතුරින් මියගිය අතර පුද්ගලයින් දස දෙනෙකුගේ ජීවිත අහිමි වු අතර තවත් පුද්ගලයෝ 15 දෙනෙක් තුවාල ලැබුහ.

    කෙසේ වෙතත් අදාළ අනතුර ත්‍රස්තවාදී ක්‍රියාවක් ද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

    ලංකාවට පැමිණ සිය මව හා සහෝදරයන් ද හමුවී නැවතත් කැනඩාවට පැමිණ සතියක් වැනි ඉතා කෙටි කාලයකින් එම ලාංකික කාන්තාව මෙම අනතුරට මුහුණ දී තිබේ. වසර කිහිපයක සිට කැනඩාවේ පදිංචිව සිටින ඇය මියයන විට එරට පුරවැසිභාවය ලබා ගෙන සිට ඇතැයිද වාර්තා වේ.



    මාරයා එන්න හෝරාවකට කලින් රේණුකාට ගෙදර මතක් වෙයි

    ( කේ බුද්ධික කුමාරසිරි )
    ‘‘ඔය අනතුර වෙන්න පැයකට විතර කලියෙන් පුංචි මට කෝල් කරා.එතකොට රෑ 11 විතර ඇති. පුංචි ඇහුවා අම්මා ඉන්නවාද කියලා මම කිව්වා අම්මලා නිදි කියලා. පස්සේ ගෙදර කට්ටිය සනීපෙන්ද අහලා පස්සේ කථා කරන්නම් කියලා දුරකථනය විසන්ධි කළා.රේණුකා පුංචි ටොරොන්ටෝ වල පාසලක දරුවන්ට නොමිලයේ සිංහල උගන්වන්න ගිහිල්ලා නැවත එන ගමනේදී තමා ඔය අනතුර වෙලා තියෙන්නේ ’’
    කැනඩාවේ ටොරොන්ටෝ නගරයේදී පදිකයින් අතරට වෑන් රථයක් ධාවනය කිරීමෙන් මිය ගිය දස දෙනා අතර සිටි ලාංකික කාන්තාවකගේ ඥාති පුතෙකු වන සෙව්මල් ලක්ෂාන් ජයතිලක මහතා පැවසීය.
    මෙසේ මිය ගොස් තිබුණේ හොරණ කිදෙල්පිටිය කරව්හේන ප‍්‍රදේශයේ පදිංචිව සිටි කැනඩාවේ පුරවැසිභාවය හිමි කාන්තාවක වන බි‍්‍රයටි‍්‍රස් රේණුකා අමරසිංහ නමැති 46 හැවිරිදි එක්දරු මවකි. සහෝදර සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලක බාල සහෝදරිය ලෙස ලෙස ඇය උපත ලබා තිබුණාය.
    වැඩි දුරටත් ඒ පිළිබඳව අදහස් දැක් වූ සෙව්මල් ලක්ෂාන් ජයතිලක මහතා
    ‘‘ පුංචි මේ පාර ලංකාවට ඇවිත් ගියාට පස්සේ දෙවෙනි පාරට තමා ඔය කෝල් එක ගත්තේ මට කිව්වා එයා ඒ රටේ ළමයින්ට නොමිලේ සිංහල උගන්වන්න ගිය පලවෙනි දවස අදයි කියලා. ඒ ළමයින්ට උගන්වලා එන ගමනේදී තමා මේ අනතුර වෙලා තියෙන්නේ ’’
    සිය නැගනියගේ හදිසි මරණය පිලිබදව අදහස් දැක් වූ බි‍්‍රයටි‍්‍රස් රේණුකා අමරසිංහගේ සහෝදරයා වන හොරණ කිදෙල්පිටිය පදිංචි හේමන්ත අමරසිංහ මහතා මෙසේ පැවසීය
    ‘‘ මිය ගිය නංගී මුලින්ම මාත් එක්ක කුවේට් රෙටි රැකියාවට ගියේ වර්ෂ 1994 දී විතර එතැන අවුරුදු කිහිපයක් කරලා නංගී 2001 දී අපි වැඩ කරපු තැන හිමිකරුගේ පුතා පදිංචිව හිටපු කැනඩාවේ ගෙදර රැකියාවට ගියා එහිදී නංගී කළුතර ප‍්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක් සමඟ විවාහ වෙලා තිබුණා. එම විවාහයෙන් නංගීට ලැබුණු පුතා දැන් ස්කෝලේ යනවා නංගී මුලින් හිටියේ ෆැන්ක්පර්ට් වල පස්සේ තමා ටොරොන්ටෝ වලට ගියේ පෙරේදා (24) සවස මට නංගීගෙ යාළුවෙක් කතා කරලා කිව්වා ටොරොන්ටෝවල ඇක්සිඩන්ට් එකකින් නංගී මිය ගිහින් කියලා. පස්සේ මම ටොරොන්ටෝවල ඉන්න නංගීගේ යාළුවන්ටත් අපේ බොස්ටත් කතා කලා එයාලා කිව්වේ නංගීගේ අවසන් කටයුතු ඒ රටේදීම කරමු කියලයි’
    මිය ගිය කාන්තාවගේ සහෝදරියක වන හොරණ කුඹුක පන්සල පාරේ පදිංචි පුෂ්පකාන්ති අමරසිංහ මහත්මිය සිය නැගණියගේ හදිසි වියෝව පිලිබදව මෙලෙස අප හා අදහස් දැක් වීය - ‘‘
    ‘ නංගී දැන් අවුරුදු 17 ක් ට වැඩි කාළයක් කැනඩාවේ පදිංචි වෙලා ඉන්නේ. අවුරුදු තුනකට විතර පස්සේ පසු ගිය අපි‍්‍රයෙල් 02 දා එයා දරුවත් එක්ක ලංකාවට ආවා. ඇවිත් අම්මාවත් බලලා එයාගේ කකුලේ තිබුණ පුංචි අසනීපයකටත් බෙහෙත් අර ගත්තා ඒයා හිටපු සති තුනක විතර කාළය හුගක් සතුටින් අපිත් එක්ක හිටියා. නංගී විවාහ වෙලා හිටපු කෙනා පුතාව ඉපදිලා කෙටි කාළයකින්ම නංගීගෙන් වෙන් වුනා ඒ නිසා එයාගේ පුතාව හුගක් ඉක්මනටම ආරක්ෂාකාරී තැනකට යොමු කරන්න කටයුතු කරනවා කියලයි හිටියේ. නංගී අපි‍්‍රයෙල් 17 වෙනිදා ලංකාවෙන් ගියා එහෙ ගිහින් එක දවසක් මට කතා කළා.’’
    ‘‘ නංගීට ලංකාවේ පුරවැසිභාවය නැහැ දැනට අවුරුදු 12 ක විතර ඉදලා එයා කැනේටියානු පුරවැසිභාවය ලබා ගෙන තියෙන්නේ ලබන අවුරුද්දේ ද්විත්ව පුරවැසිභාවයට ඉල්ලූම්කරනවා කියලා මේ පාර ආපු වෙලාවේ කිව්වා. කොහොම උනත් එයාගේ අවසන් කටයුතු කැනඩාවේදීම කරන්න එයාගේ යාළුවෝ සුදානම් වෙනවා කියලා අපිට දැනුම් දීලා තියෙනවා’‘ යැයි ද පැවසුවායමිය ගිය කාන්තාව පදිංචිව සිටි කැනඩාවේ ටොරොන්ටෝ හි බෞද්ධ විහාරස්තානයේ විහාරාධීපති අහංගම රතනසිරි හිමියන් මේ පිලිබදව අදහස් දක්වමින් මෙසේ පැවසූහ.
    මිය ගොස් ඇති රේනුකා අමරසිංහ වසර 15 ක පමණ කාළයක සිට අප විහාරස්ථානයේ දායිකාවක් ඇය අප විහාරස්ථානයට නිතර පැමිණෙනවා ඇය ඉතා ධෛර්යවන්ත කාන්තාවක් දරුවා කුඩා සමයේදීම ස්වාමි පුරුෂයා අතහැර ගොස් තිබුණත් ධෛර්යන් යුතුව දරුවාත් බලා ගෙන රැකියාවක නිරත වුණා. ඒ වගේම ඇය කැනේඩියානු පුරුවැසියෙක් ඒ නිසා අවසන් කටයුතු මෙරට දීම සිදු කිරීමට දායකසභාව සමග සාකච්ඡා සිදු කරනවා.
    අපට පුළුවන් හැටියකින් ඇගේ අවසන් කටයුතු සිදු කිරීමටයි අපගේ බලා පොරොත්තුව නමතුත් එම අනතුරින් මිය ගිය අයගේ දේහයන් තවමත් බාර දී නැහැ ’’

    ඇයගේ සහෝදරයා සමඟ
    image_2c63eb21a3.jpg

    image_31935d84e2.jpg
    image_9e288d9586.jpg