මාර්ග අනතුරු සහ මාර්ග ආරක්ෂාව
මාර්ග අනතුරු කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකේ ඕනෑම තැනක නිතර අහන්න දකින්න ලැබෙන දෙයක්. කොච්චර සුලබ දෙයක්ද කියනවා නම් අද රටේ මිනිස්සු මාර්ග අනතුරක් උනා කිව්වම ඒ තරම් ගණන් ගන්නේ නැති තත්වෙකට පත්වෙලා. රජයත් මේ ගැන ඒ තරම් සැලකිල්ලට ගන්නේ නැහැ. උදාහරණයක් කිව්වොත්, 2016 වර්ෂයේ මාර්ග අනතුරු නිසා හානි උන ජිවිත සංඛ්‍යාව 3003 යි(1). ඩෙංගු වයිරසය අසාදනය වීම නිසා මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 78 යි(2)
. නමුත් සාපේක්ෂව බැලුවොත් රජය ඩෙංගු වසංගතය තුරන් කරන්න ගන්න පියවරයන් සහ ඒ ගැන දක්වන සැලකිල්ල එක්ක බැලුවම ඊට 40 ගුණයකින් වැඩි ජිවිත සංඛ්‍යාවක් බිලිගත් මාර්ග අනතුරු අවම කරන්න මොනවද අරගෙන තියන ක්‍රියාමාර්ග? සමාජයේ ඇයි මේ මාර්ග අනතුරු ගැන කතා නොවෙන්නේ? 

මුලින්ම බලමු ඇයි සමාජය තුල මේ ගැන ඒ තරම් කතාබහට ලක් නොවෙන්නේ කියල. එකට මම හිතන විදියට ප්‍රධානම දේ තමයි මාර්ග අනතුරු මිනිසින්ගේ ජීවිතයේම කොටසක් වෙලා. අද කෙනෙක් ගමනක් යන්න පාරට බහිනකොට කුමන හෝ අනතුරකට මුහුණ දෙන්න බලාගෙන තමයි පාරට බහින්නේ. පදිකයෙක් හෝ වේවා, වහනයක් පදවන කෙනෙක් හෝ වේවා මාර්ගය භාවිතා කරන හැමෝම පාරට බහින්නේ අනතුරු බලාපොරොත්තුවෙන්. ඒ නිසා අනතුරක් උනා කිව්වම ඒක සාමාන්‍ය දෙයක් වෙලා. මාධ්‍යත් මේ නිසා මාර්ග අනතුරකින් ජිවිතයක් නැති උනත් ඒ ගැන වාර්තා කරන්නේ අඩුවෙන්.
මාර්ග අනතුරු අවම කරගැනීමට කරනා 3 වැදගත් වෙනවා. ඉංගිරිසියෙන් කියනවා නම් 3e’s of road safety
දෙවන පාර්ශවය තමයි සේවා සපයන ආයතනය. ලංකාවේ නම් ප්‍රධාන වශයෙන් රජය (සහ ඒ යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත්සභා, පොලීසිය සහ එවන් ආයතන)
මුලින්ම අපි කතා කරමු දෙවන පාර්ශවයෙන් මේ මාර්ග අනතුරු වලක්වා ගන්න ගනු ලබන ක්‍රියාමාර්ග මොනවද කියල.
මේ ඕනෑම ආයතනයක් පාරක් හදනකොට යම්කිසි ප්‍රමිතියකට අනුව තමයි පාරවල් නිර්මාණය කරන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් A ගනයේ ප්‍රධාන මාර්ගයක් නිර්මාණය කරද්දී විශේෂයෙන්ම මේ මාර්ග අනතුරු අවම කරගන්න විධිවිධාන යොදනවා. මාර්ග සලකුණු, මාර්ග සංඥා වගේම ආරක්ෂක පැති බැමි අදාළ ස්ථාන වලට යොදා ගන්නවා. තනි ඉරි , කඩ ඉරි ද්විත්ව ඉරි වගේ මාර්ග සලකුණු යොදා ගෙන රියදුරන්ට අනතුරු අඟවන්න සහ ආරක්ෂිතව ගමන් කරන්න නියමිත ස්ථාන වල මේවා සලකුණු කරනවා. ලංකාවේ අද තියන ප්‍රධාන පාරවල් බහුතරයක්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලව නියමිත ආකාරයෙන් මේ දේවල් සලකුණු කරන්න අදාළ ආයතන වගබලාගෙන තියනවා. නමුත් සමහර ස්ථානවල තියන බාහිර ගැටළු නිසා නියමිත ප්‍රමිතීන්ට මේ පාරවල් නිර්මාණය කරන්න බැරි වෙනවා. හොඳම උදාහරණය තමයි මේ ලඟකදී පන්නිපිටියේ බෝ ගසක් සම්බන්දව ඇති උන ගැටලුව. නියමිත නිර්මාණ ප්‍රමිතීන්ට අනුකුලව වංගුව නිර්මාණය කරන්න නම් අදාල බෝ ගස අයින් කරන්න වෙනවා. නමුත් එහි ඇති පූජනීය වටිනාකම සැලකිල්ලට අරගෙන නිර්මාණයේ යම් යම් වෙනස්කම් සිදු කරන්න අදාල ආයතන වලට සිද්ධ වෙනවා.
මුලින් කියපු කරනා 3 න ඉංජිනේරු තාක්ෂනය (Engineering) කියන එක මේ පාර නිර්මාණය කරද්දී සම්පුර්ණ වෙනවා.
අපි පලවෙනි පාර්ශවය ගැන කතා කරනවා නම් ඒ කියන්නේ මාර්ග භාවිතා කරන්නන් ගැන කතා කරනවා නම් මුලින්ම ඇඟිල්ල දික් වෙන්නේ ත්‍රීරෝද රථ රියදුරන්ට. ගොඩක්ම මාර්ග නීති කඩ කරන්නේ මේ අය කියල තමයි සමාජයේ තියන මතය. ඇත්තටම එහෙමද කියල තීරණය කරන්න ඔබට බාරයි. නමුත් අද මාරක රිය අනතුරු වලින් වැඩිම ප්‍රතිශතයක් පෙන්වන්නේ යතුරුපැදි කරුවන්. අනාරක්ෂිත රිය පැදවීම්, අධික වේගය, මාර්ග නීති අනුගමනය නොකිරීම වගේ දේවල් නිසා යතුරුපැදිය කියන්නේ ලංකාවේ අනාරක්ෂිතම ප්‍රවාහන ක්‍රමය වෙලා ඉවරයි. වාහනේ පොඩි නිසා මාර්ග නීති තමන්ට බලපාන්නේ නෑ කියල හිතන යතුරුපැදි කරුවන් අපහු දෙපාරක් හිතුවොත් හොඳයි. හැප්පුනොත් බයික් එක ජපන් ද ඉන්දියන්ද කියල නැහැ.
ලංකාවේ වාහන අනතුරු ඇති වෙන්න ප්‍රධානම කරුණක් තමයි අධ්‍යාපනය(education) කියන එක. රියදුරු බලපත්‍රයක් ගන්නවා කියන එක අද නිකම් කජු කනවා වගේ වැඩක්. දවසක් දෙකක් ලර්නර්ස් ගිය, පාස් පේපර් දෙකක් බැලුව, (සමහර විභාග පේපර් එකේ හරි උත්තර ලකුණු කරලම තියනවා) විනාඩි දෙකෙන් ට්‍රයල් පෙන්නුවා ලයිසන් එක එවලේම ලැබුන. අද රියදුරන් ඩබල් ඉරි කැපුවොත් පොලිසියෙන් ලියනවා කියල දන්නවා විනා ඇයි එහෙම ඉරක් අන්දලා තියන්නේ කියල කියන්න බහුතරයක් දන්නේ නෑ. ඒ නිසා පොලිසිය නැත්නම් ඩබල් ඉරෙත් ඉස්සර කරනවා.
තුන්වෙනි කරණය තමයි නිතිය (Enforcement). අද රටේ ඕනෑවටත් වඩා තියන්නේ මේ කරණය තමයි. පොලිසිය දැක්කම පුසෝ වගේ යන රියදුරන් පොලිසිය නැති තැනදී මාරයෝ වගේ.
මෙන්න මේ කියපු කරුණු තුන සමබරව පවත්වා නොගැනීම නිසා තමයි අද රටේ මේ තරම් මාර්ග අනතුරු බහුල වෙලා තියන්නේ. රුපියල් 20000 දඩයක් ගැහුවට වැඩක් වෙන්නේ නැහැ නියමිත අධ්‍යාපනය රියදුරන්ට ලැබෙන්නේ නැත්නම්. කොච්චර හොඳට පාරවල් නිර්මාණය කලත් වැඩක් නැහැ අධ්‍යාපනය සහ නිතිය හරියට නැත්නම්.
ඉඩ කඩ තියන විදියට මම බලාපොරොත්තු වෙනවා මාර්ගයක් නිර්මාණය කිරීමේදී ඉංජිනේරුමය පැත්තෙන් වෙන දේවල් ගැන විස්තර කරන්න. යම් කෙනකේ ඒ දේවල් තේරුම් අරගෙන ස්වයං විනයකින් පාරේ ගමන් කරනවා නම් ඒක ලොකු දෙයක්

.

Engineering - ඉංජිනේරු තාක්ෂනය
Education - අධ්‍යාපනය
Enforcement - නීතිය
මාර්ග අනතුරුවලට වගකියන්න ඕන දෙපාර්ශවයක් ඉන්නවා. පළමු කොටස තමයි මාර්ග භාවිතා කරන්නන්. රියදුරන්, පදිකයන්, යතුරුපැදි කරුවන්, පාපැදි කරුවන් වගේ මේ කාණ්ඩයට අයත් වෙනවා. Education - අධ්‍යාපනය

Last edited: