Pick me, Uber සහ Sri Lanka Tourism.

Positive1

Active member
  • Mar 24, 2026
    144
    237
    43
    යාලුවනේ මට වැදගත් දෙයක් කියන්න තියෙනවා.
    දැන් PickMe, Uber drivers ලා foreign hires කරන එක ප්‍රශ්නයක් නෙවෙයි. Tourist කෙනෙක් car එකක් ඉල්ලනවා, driver ගිහින් pick කරලා drop කරනවා — ඒක සාමාන්‍ය දෙයක්.

    හැබැයි දැන් සමහර drivers ලා, middlemen ලා, පොඩි groups හදාගෙන chauffeur services සහ tours අඩුම ගණන් වලට දෙන්න පටන් අරන්. සමහර වෙලාවට සාමාන්‍ය price එකෙන් බාගෙකටත් වඩා අඩුවෙන් යනවා. සමහර වෙලාවලට සම්පූර්ණ ගානෙන් කාලකටත් අඩුවෙන් කරනවා. හරියට භාෂාවවත්, tourism කියන්නේ මොකක්ද කියලාවත් මෙලෝ අදහසක් නැති අය මේ ක්ෂේත්‍රය විනාස කරනවා. Guest ලට වැරදි තොරතුරු, බොරු දේවල් කියනවා. මේක මෙහෙම ගියොත් අනාගතයේදී ලංකාවේ tourism කියලා දෙයක් ඉතුරු නොවෙයි.

    මේක හොඳ දෙයක් නෙවෙයි. හොඳ service එකක් දෙන professional chauffeur guides සහ national guides ලාට තමන්ගේ සේවයට වටිනාකමක් එක්ක fair price එකක් ගන්න බැරි වෙනවා. Chauffeur guide කෙනෙක් හෝ national guide කෙනෙක් වෙන එක ලේසි දෙයක් නෙවෙයි. ඔවුන් භාෂා, ලංකාවේ ඉතිහාසය, ආගම්, සංස්කෘතිය, කලාව, වනාන්තර, මාර්ග — මේ වගේ විශාල පුළුල් විෂයන් දිගු කාලයක් කැපවීමෙන් ඉගෙනගෙන තමයි මේ ක්ෂේත්‍රය රැකගෙන ආවේ. ලංකාවේ නම්බුවත් රැකගෙන tourism ඉදිරියට ගෙනාවෙත් ඔවුන්.

    මොකද ලංකාවේ tourism මෙච්චර දුරට ආවේ ලංකාවේ ස්වාභාවික සෞන්දර්යය සහ පිහිටීම විතරක් නිසා නෙවෙයි. Hotel School, SLITHM වගේ ආයතනවල හරියට ඉගෙනගෙන, license අරගෙන, භාෂා ප්‍රවීණ කරගෙන, දක්ෂකම් හදාගත්තු වැඩ්ඩෝ මේ field එක ඉදිරියට ගෙනාවා. ඔවුන් ඉදිරියට ගෙනාපු දේ ඉක්මනින් විනාස වෙනවා දකිද්දී ඇත්තටම දුකයි.

    දැන් හැමෝම compete කරන්නේ quality එකෙන් නෙවෙයි, අඩුම price එකෙන්. එහෙම උනාම ලාබෙට, කුණුකොල්ලෙට tours කරන්න හැමෝම බලනවා. ඉගෙනගෙන, කැපවීමක් කරපු දක්ෂ මිනිස්සුන්ට තමන්ට ගැලපෙන price එකක් ගන්න බැරි වෙනවා. මොකද ඩොලර් 100ක් වටිනා වැඩකට ඩොලර් 20කට එකඟ වෙන අය ඉන්නවා.

    ඒකෙන් වෙන්නේ guest ලාට රට ගැන ඇත්ත experience එකක් නොලැබීම. ඔවුන් ලංකාව ගැන හරියට දැනගන්නෙ නැතුව තමන්ගේ රටවල් වලට ආපහු යනවා. අනිත් පැත්තෙන් අවුරුදු ගාණක් මහන්සි වෙලා skill හදාගත්තු වැඩ්ඩෝ ගෙවල් වල ඉන්නවා, experience නැති අය දවසින් දවස මේ ක්ෂේත්‍රය විනාස කරනවා.

    ඒ වගේම බාගෙට දුවන අයත් තමන්ගේ වාහනයයි, තමන්ගේ රටයි බාලෙට විකුණන්න එපා. ආත්මගරුත්වයක් තියාගෙන, තමන් කරන කැපවීමට සරිලන මුදලක් අය කරන්න. වියදම් කරන්න එන tourists ලට හිඟනකම ප්‍රදර්ශනය කරන්න එපා.

    Sri Lanka tourism ගැන ඇත්තටම හිතනවා නම්, මේ field එක cheap කරලා විනාස කරන්න එපා.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,827
    13,045
    113
    තව ටික කාලෙකින් කටුනායකින්ම මෙට්‍රෝ එකට නගින්න පුලුවන් උනාම ඔය ටුවරිසම් ටුවරිසම් කිය කිය සුද්දෝ හයර් එක්ක යන බිබික්කන් ටිකත් ඉවරයි 🥴
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,370
    1
    32,043
    113
    - උඩරට -
    පික් මී , ඌබර් එවුන් අඩුවට හයර් දුවනවා කියලා උන්ට වටකරලා ගහලා...
    උන් හයර් යනකොට හයර් එකේ ඉන්න එකාව එළියට ඇදලා දාලා උන්ට තර්ජනය කරලා...

    සාධාරණය හොයන්න එපා බන්..
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,857
    1
    15,569
    113
    භාග හයර් දුවන ගෘප්ස්..
    ඉල්ලුමට සැපයුම වැඩියි!

    අනිත් එක ඔය ලයිසන් තියෙ තියෙ කියලා පම්පොරි ගහන උන්, ස්පයිස් ගාර්ඩ්න් අස්සෙයි, මැනික්/ තේකොල කඩ අස්සෙයි යන්න තමයි ටාගට් එක.. :lol: