මාර්ග තදබදයට විසඳුමක්!

shammi lakshan

Active member
  • Mar 23, 2008
    141
    173
    43
    මාර්ග තදබදයට විසඳුමක්!

    අහසින් යන වෙලෝකොප්ටර ටැක්සි සිංගප්පූරුවෙන්, මාර්ග තදබදයට විසඳුමක්!





    රියැදුරෙකු නොමැතිව පැයට කිලෝමීටර් 100ක වේගයෙන් යා හැකි ගුවන් ටැක්සි සේවාවක් අරඹන්නට සිංගප්පූරුව සැලසුම් කර තියෙනවා. වෙලෝකොප්ටරය යනුවෙන් හඳුන්වා දී ඇති මෙම ටැක්සි සේවාවේ පියසැරි අත්හදා බැලීම් ලබන වසරේදී ආරම්භ කිරීමට එරට අපේක්ෂා කරනවා.

    කුඩා හෙලිකොප්ටරයකට සමාන මෙම යානයට බලය සැපයෙන්නේ බමන 18කින්ං ඒ නිසා මෙහි පියසැරි හඬ ඉතාමත් අඩුයි. විදුලියෙන් කි‍්‍රයා කරන මෙම යානය සැලසුම් කර ඇත්තේ ශබ්ද දූෂණයක් සිදු නොවන ආකාරයටයි. එසේ ම මෙය සැලසුම් කර ඇත්තේ නගරයක් තුළ කි‍්‍රයාත්මක කළ හැකි අයුරිනුයි. මෙය පියාසර කරන්නේ මීටර් 300ක් පමණ ඉහළ අහසේයි. මෙම යානයට ධාවන පථයක් අවශ්‍ය වන්නේ නැහැං කෙළින් ම ඉහළ නඟින්නටත් බසින්නටත් පුලූවන්.

    5.jpg

    ජර්මනියේ ආරම්භ කළ වොලෝකොප්ටර සමාගම ලබන වසරේ මැද භාගයේ දී සිංගප්පූරු රජයේ සහයෝගය ඇතිව මෙම වොලෝකොප්ටර ගුවන් ටැක්සි සේවාවේ අත්හදා බැලීම් සිංගප්පූරු අහසේ පවත්වන බව පසුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියා.

    ඩ්‍රෝන තාක්ෂණය පදනම් කර ගෙන තනා ඇති මෙම වොලෝකොප්ටරයක පදවන නියමුවකු නැති නිසා මගීන් දෙදෙනෙකුට එකවර යා හැකියිං එක් වරක දී කිලෝමීටර් 30ක (සැතැපුම් 19ක) දුරක් මිනිත්තු 27ක් තුළ යා හැකි බව ඒ නිවේදනයේ සඳහන් වුණා.

    1.jpg
    නිව්යෝක් නගරයට ඉහළින් පියාසර කරන වෙලෝකොප්ටරයක මේ දසුන ග‍්‍රැ‍්‍රෆික් ශිල්පියකුගේ නිර්මාණයක්.

    මෙම යානය තුළ සන්නිවේදන පද්ධතියක් හා හදිසියක දී භාවිත කළ හැකි පැරචූට දෙකක් තියෙනවා. මෙහි උස මීටර් දෙකක් පමණ වන අතර පියසැරි බමන සවිකර ඇත්තේ මීටර් 7ක පමණ කවයක් තුළයිං මෙහි ප‍්‍රදර්ශන පියසැරියක් පසුගිය වසරේ ඩුබායිහිදී පවත්වනු ලැබුවා.

    මෙම යානා මගින් පැයක දී මගීන් 10000 ක් එහා මෙහා ගෙන යාමට හැකි යැයි ඒ ජර්මන් සමාගම කියනවා. ඔවුන් මේ සඳහා විශේෂ හෙලිකොප්ටර පෑඞ් උස් ගොඩනැගිලි මත තැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. එසේ ම මේ පහළ සිට නියමුවකු මගින් මෙහෙයවන්නත් පුලූවන්.

    2.jpg

    3.jpg

    4.jpg
     

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    සංචාර කර්මාන්තයට නියමයි ඕක කොතරම් දුරට සාර්ථක වෙයිද නම් සැකයි