..:: මාර්ග ඵල හා නිර්වාණය ::..

Glonass16

Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    ..:: මාර්ග ඵල හා නිර්වාණය ::..

    ඉතා වටිනා ධර්ම කරුණු ඇතුලත් මෙම ලිපිය හැමෝම අනිවාර්යෙන් කියවන්න. ශෙයා කරන්න , Bump කරන්න. හැමෝටම බුදු සරණයි! හැමටම ධර්මය අවබෝද වේවා!! දුක් සහිත සසරින් මිදීමට හැකිවේවා!!

    Untitled.jpg
    උපුටා ගැනීමකි
    Source - divaina.com


    ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලද බුද්ධ වර්ෂ 2550 ක්‌ වූ වෙසක්‌ මස නිකුත් කරන ලද "නිවන් මග" (බුදුරජාණන් වහන්සේගේ දේශනා හා අටුවා) තිස්‌හත්වැනි කලාපයෙන් උපුටා ගන්නා ලදී.

    බෞද්ධ ශ්‍රාවකයාගේ අවසාන බලාපොරොත්තුව නිර්වාණාවබෝධය ලැබීමයි. ඒ සඳහා ඔහු පූර්ණ ගුණ දහම් පරිපාකයට යැමේදී මාර්ග ඵල ලැබෙන බව විශ්වාස කරයි. එම විශ්වාසය පරිපූර්ණ ඥානයක්‌ බවට පත්කර ගැනීම, බෞද්ධ සදාචාර ධර්මයේ අග්‍රඵලය ලෙස සිතීමේ වරදක්‌ තිබිය නොහැක. එහෙත් මඟඵල පිළිබඳ විවිධ මතිමතාන්තරයන්ට සීමා වූ නිගමනයන්ගෙන් ඔබ්බට ගිය ප්‍රත්‍යක්‍ෂ පදනම් කරගත් ධර්ම විවරණ සූත්‍ර සාහිත්‍යය පුරා විසිරී තිබීම සත්‍ය ගවේශකයාට වාසි සහගතය. ශාස්‌තෘ අවවාදය හා විවරණය වුවද සිතා විමසා බැලීමට ඇති නිදහස භාවිත කොට මාර්ගඵල පිළිබඳ ස්‌ථවිරවාදී ආකල්පය විමසාබැලීම වඩාත් යෝග්‍ය වේ.

    මාර්ග සිත් යනු කවරේද?

    ආර්ය පුද්ගලයන් ඇත්තේ බුදු සසුනෙහි බවත්, ඉන් පිටස්‌තර සමයන්හි ආර්ය පුද්ගලයන් විය නොහැකි බවත් මහා පරිනිර්වාණ සූත්‍රයේ දක්‌වා තිබේ. "ඉධේව සුභද්ද සමණො ඉධ දුතියෝ සමණෝ, ඉධ තතියෝ සමණෝ, ඉධ චතුත්ථෝ සමණෝ, සූඤ්ඤා පරප්පවාදා සමණේහි අඤ්ඤේ" යනුවෙන් පළමු, දෙවන, තෙවන හා සිව්වන ශ්‍රමණයා මේ සසුනෙහිම ප්‍රකට වන බව නිශ්චිතවම ප්‍රකාශ කොට ඇත. සුභද්ද පිරිවැජියා අමතා වැඩිදුරටත් බුදුරදහු ප්‍රකාශ කොට ඇත්තේ මේ සිව්වැදෑරුම් ශ්‍රමණයන්ගෙන් තොරවූ පරප්‍රවාද සත්‍යයෙන් ශූන්‍ය බවයි. මෙම පැවිද්දන් නිසි පරිදි සසුනෙහි වාසය කරන්නේ නම් ලොව රහතුන්ගෙන් ද හිස්‌ නොවන බව දක්‌වයි. ඉමේව සුභද්ද භික්‌ඛු සම්මා විහරෙයෙයුං අසුඤේඤෝ ලෝකෝ අරහන්තේහි අස්‌සාති" එහි දී වඩාත් වැදගත් වන්නේ අරි අටඟි මග යම් සසුනෙක වෙතොත් ඒ සසුන තුළම මේ ශ්‍රමණයන් සිව්දෙනා පහළ වන බවය.

    බෞද්ධ සීල, සමාධි, ප්‍රඥ යන ත්‍රිශ්‍රික්‍ෂාව සම්පූර්ණවීම මත.

    1. ශ්‍රෝතාපත්ති මාර්ගස්‌ථ පුද්ගලයා

    2. ශ්‍රෝතාපත්ති ඵලස්‌ථ පුද්ගලයා

    3. සකෘදාගාමි මාර්ගස්‌ථ පුද්ගලයා

    4. සකෘදාගාමි ඵලස්‌ථ පුද්ගලයා

    5. අනාගාමීs මාර්ගස්‌ථ පුද්ගලයා

    6. අනාගාමී ඵලස්‌ථ පුද්ගලයා

    7. අර්හත් මාර්ගස්‌ථ පුද්ගලයා

    8. අර්හත් ඵලස්‌ථ පුද්ගලයා යන ආර්ය පුද්ගලයන් පහළවීම සිදුවන බව ප්‍රකට ය.

    මෙහිදී මාර්ග සිත් යනුවෙන් අදහස්‌ කරන්නේ ලෝකෝත්තර තත්ත්වයට පත්වීම සඳහා උපකාර වන සිත් ය. සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් යන මාර්ග සිත් අනුපිළිවෙළින් සංයෝජන ප්‍රහානය කරමින් සෝවාන් ඵල, සකදාගාමී ඵල, අනාගාමී ඵල හා අර්හත් ඵලයන් ලබා දෙයි. මාර්ග සිත් අන්සිත් මෙන් නොව එක්‌ පුද්ගල සන්තානයක නැවත නැවත නූපදී. ඒ අනුව පුද්ගලයෙකුගේ මාර්ගස්‌ථව සිටින කාලය ඉතා කෙටි කාලයක්‌ ලෙස සැලකේ. ලෝකෝත්තර මාර්ග චිත්තය ඉපිද, නිරුද්ධ වනවාත් සමඟම හිඩැසක්‌ නොතබාම ලෝකෝත්තර ඵල චිත්තය ඇතිවන බව විශ්වාස කෙරේ. ඒ අනුව ආර්ය භාවයට පත් ඵලස්‌ථ පුද්ගලයන් ම භාවිත ලෝකයේ සිටිය යුතු වේය යන්න තර්කානුකූල ය.

    සංයෝජන තුනක්‌ ප්‍රහානය කිරීම සඳහා පිළිපන් පුද්ගලයා සෝතාපත්ති ඵලය සාක්‌ෂාත් කිරීම සඳහා යෝග්‍ය වේ. සංයෝජන තුනක්‌ ප්‍රහීන කළ පුද්ගලයා ම සෝතාපන්න යන නමින් හැඳින්විය හැකි බව පුද්ගල පඤ්ඤත්තියේ සඳහන් වේ.. තිණ්‌ණං සංයෝජනානං පහානාය පටිපන්නෝ පුග්ගලෝ සෝතාපත්තිඵල සච්චිකිරියාය පටිපන්නෝ" යනුවෙන් දක්‌වා ඇත්තේ සක්‌කාය දිට්‌ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමස යන සංයෝජන තුන ප්‍රහීන කිරීම සඳහා පිළිපන් පුද්ගලයා ගැන ය.

    කාමරාගය හා ව්‍යාපාදයන්ගේ තුනී බව පිණිස පිළිවෙත් පුරන පුද්ගලයා සකදාගාමී ඵලය සාක්‌ෂාත් කිරීම සඳහා පිළිපන්නෙක්‌ වේ." කාමරාගව්‍යාපාදානං තනුභාවය පටිපන්නෝ පුග්ගලෝ සකදාගාමී එලසච්ජි කිරියාය පටිපන්නො" එම පුද්ගලයාගේ කාමරාගය හා ව්‍යාපාදය තුනී වූ විටම සකදාගාමී පුද්ගලයා යෑයි ව්‍යවහාර කිරීමෙන් ඵලස්‌ථභාවය ප්‍රකාශ වෙයි.

    කාමරාගය හා ව්‍යාපාදයන්ගේ නිරවශේෂ ප්‍රහාණය පිණිස පිළිපන් පුද්ගලයා අනාගාමී ඵල සාක්‌ෂාත් කිරීම සඳහා උත්සාහ කරන්නෙකි. කාමරාග ප්‍රහීන වූ විට අනාගාමි යෑයි ප්‍රකාශ වීම ඵලස්‌ථ භාවය සඳහා ම යෙදී ඇත. යස්‌ස පුග්ගලස්‌ස කාමරාග ව්‍යාපාදා අනවසේසා පහණං අයං වුච්චති පුග්ගලෝ අනාගාමී

    රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච හා අවිච්ජා යන සංයෝජන පහේ නිරවශේෂ ප්‍රහාණය පිsණිස පිළිපන් පුද්ගලයා අර්හත් මාර්ගස්‌ථයා ලෙසත්, එම සංයෝජන නිරවශේෂ ප්‍රහීණ වූ පුද්ගලයා අර්හත් ඵල ලාභියා ලෙසත් හඳුන්වා දී ඇත. "රූප රාග, අරූප රාග මාන උද්දච්ච අවිච්ජා අනවසේසප්පහානාය පටිපන්නෝ පුග්ගලෝ අරහත්ත ඵල සච්ඡිකිරියාය පටිපන්නෝ, යස්‌ස පුග්ගලස්‌ස රූපරාගෝ අරූපරාගෝ මානෝ උද්ධච්චං අවිඡ්ජා අනවසෙසා පහීනා අයං වුච්චති පුග්ගලෝ අරහා යන විවරණය ඒ සඳහා උපයෝගී කර ගත හැකි වෙයි. දස සංයෝජන ප්‍රහීණ කිරීම සඳහා මඟ බඹසර වඩන පුද්ගලයෝ මාර්ගස්‌ථයන් ලෙසත්, සංයෝජන ප්‍රහීණ වීමෙන් ඵලස්‌ථභාවයට පත්වන බවත් මේ අනුව නිගමනයකට එළඹිය හැකිය.

    සෝවාන් පුද්ගලයන්ට පෘථග්ජනයන්ට නොමැති අංග සතරක්‌ ඇති බවත්, සතර අපායට නැවත නොවැටෙන බවත්, ඉතිරි මාර්ගත්තයට ඒකාන්තයෙන්ම පැමිණෙන බවත් දේශිතය. ඉමේහි බෝ භික්‌ඛවේ චතුහි ධම්මේහි සමන්නාගතෝ අරියසාවකෝ සෝතාපන්නෝ හෝති අවිනිපාdත ධම්මෝ නියතෝ සම්බෝධි ""පරායනො" යන පාඨය ඒ බව සනාථ කරයි.

    සාරිපුත්‍ර තෙරණුවන් හා ආනන්ද තෙරණුවන් අතර සිදුවන සාකච්ඡාවකදී ආනන්ද තෙරණුවන් ප්‍රකාශ කර ඇත්තේ කරුණු හතරක්‌ දුරලීමෙන් හා සිව් දහමකින් යුක්‌ත වීම හේතු කොට ගෙන එම ප්‍රජාවම සෝවාන් යෑයි ප්‍රකාශ කර ඇති බවයි. "චතුන්නං ඛෝ අවුසො ධම්මානං පහාන චතුන්නං ධම්මානං සමන්නාගමන හේතු ඒවමේස පජා භගවතා ඛ්‍යාකතා සෝතාපන්නා අවිනිපාත ධම්මා නියතා සම්බෝධිපරායණා"

    පුහුදුන් පුද්ගලයා හා ශ්‍රැතවත් ශ්‍රාවකයා

    මෙහිදී නූගත් පුහුදුන් පුද්ගලයා බුදුරජාණන් වහන්සේ, ධර්මය සංඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමක්‌ නැති හා දුසිල් බව නිසා අපාගත වන නමුත් ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා තුළ තෙරණුවන් පිළිබඳ ගුණ දැන පැහැදීමක්‌ හා ආර්ය කාන්ත ශීලයෙන් යුක්‌ත නිසා අපාගත නොවන බවත් සම්බෝධිය පිහිට කොට ඇති බවත් දක්‌වා ඇත. එහිදී ද සෝවාන් ඵලස්‌ථ පුද්ගලයාගේ ලක්‍ෂණ කිය වේ.

    බුදුරජාණන් වහන්සේ විසින් ම සාරිපුත්ත තෙරුණුවන්ගෙන් විමසන ලදුව සත් පුරුෂ සේවනය සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය ධර්මානුධර්ම ප්‍රතිපත්තිය සෝතාපත්ති අංග ලෙස දක්‌වා ඇත. "එසේම සෝත යනු අරි අටඟි මගම යෑයි ද දක්‌වා සාරිපුත්ත තෙරණුවෝ "අයමේව හි භන්තේ අරියෝ අට්‌ඨංගිකෝ මග්ගෝ සෝතෝ" යනුවෙන් බුදුරජුන්ට දෙන පිළිතුර බුදුරදහු ද අනුමත කර ඇත. මෙම අරි අටඟි මගින් යුත් යම් පුද්ගලයකු වේ නම් හෙතෙම සෝතාපන්න යෑයි ව්‍යවහාර කිරීමට සුදුසු වෙයි.

    සං නිකායේ ඔක්‌කන්ති සංයුක්‌තයේ චක්‌ඛු සූත්‍රයට අනුව චCඛු, සෝත, ඝාන, ජිව්හා, කාය හා මනස අනිත්‍යය, පෙරැළෙන සුළුය. අන්‍ය තත්ත්වයට පත්වන සුළුය යෑයි අදහයි ද පිළිගනියි ද ඔහු සද්ධානුසාරි වන බවත් එයින්ම සත්පරුෂ භූමිය බැසගත් බවත්, පෘථග්ජන භූමිය ඉක්‌ම වූ නිරය තිරිසන්, ප්‍රේත විෂයට යැමට සුදුසු කර්ම නොකරන බවත්, සෝත්පත්ති ඵලයට පත්වන තුරු කලුරිය කරන්නට අභව්‍ය බවත් දක්‌වා ඇත.

    චක්‌ඛු ආදී ආයතන අනිත්‍යාදි වශයෙන් විදසුන් නුවණින් දැන ගන්නා පුද්ගලයා ධම්මානුසාරි වන බවත්, ඔහු ආර්ය මාර්ගයට පිවිස සත්පුරුෂ භූමියට බැසගත් බවත් දක්‌වයි. පෘථග්ජන භූමිය ඉක්‌ම වූ හෙතෙම නරකාදි නිරයන්ට පත්වීම සුදුසු වන කර්ම නොකරන බව හා සෝත්පත්ති ඵලයට පත් නොවී මරණයට පත් නොවන බවත් ප්‍රකාශ වීම පිළිබඳ සලකා බැලීමේදී සෝතාපත්ති මාර්ගය සඳහා අවශ්‍ය ගුණාංග සම්පූර්ණ කරන මාර්ගස්‌ථයා පවා සතර අපාගත නොවේය යන්න ගම්‍ය වේ.

    සංනිකායේ ඔක්‌කන්ති සංයුක්‌තයේ චCඛු සූත්‍රයට අනුව සද්ධානුසාරි හා ධම්මානුසාරි යන පුද්ගලයන් දෙදෙනාම සත්පුරුෂ භූමියට බට, පෘථග්ජන භූමිය ඉක්‌මවූ නිරය, තිරිසන්, ප්‍රේත ආදී ක්‍ෂේත්‍ර කරා නොවන සෝතාපත්ති ඵලය ලබන තුරු කළුරිය නොකරන පුද්ගලයන් ලෙස හඳුන්වා දී තිබේ.

    සංයුත්ත නිකා අට්‌ඨ කථාවට අනුව පැහැදිලි වන්නේ සෝවාන් මාර්ගය උපන් කල්හි අතරක්‌ නැතිව ඵලය ලැබෙන බව යි. "ඉමිනා උප්පන්නේ මග්ගේ ඵලස්‌ස අනන්තරායකං දීපේති. උප්පන්නස්‌මිං හි මග්ගේ ඵලස්‌ස අන්තරාය කරණං නාම නත්ථි" යනුවෙන් අට්‌ඨ කථා මතය පැහැදිලි කරන්නේ සෝවාන් මාර්ග චිත්ත විථිය ඇති වූ කල්හි බාධකයකින් තොරව ම ඵලය ලැබෙන බව යි. තව දුරටත් එම මතය සුවිශේෂිව ඉදිරිපත් කරන අට්‌ඨ කථාව සොවාන් මාර්ගයට පිවිසියේ නම් එම පුද්ගලයා ඵලයට පිවිසෙන තුරු කල්ප විනාශය පවාසිදුනොවී පවතින බව ප්‍රකාශ කරයි. එබඳු පුද්ගලයා ඨිත කප්ප, ලෙස හඳුන්වා දෙයි. මෙම විවරණයට අනුව මාර්ගස්‌ථයා ලෙස සලකා ඇත්තේ සෝවාන් මාර්ග චිත්තවිථිය උපදවාගත් පුද්ගලයාම ය.

    කීටාගිරි සූත්‍රයට අනුව සද්ධානුසාරි පුද්ගලයා හා ධම්මානුසාරි පුද්ගලයා සද්ධ ඉන්දාsය ආදී ඉන්දාsය ධර්ම ඇති ව, සුදුසු සෙනසුන් හා කළණ මිතුරන් ඇසුරු කරමින් අප්‍රමාදීව කටයුතු කළ යුතු බව දක්‌වා ඇත. "අප්පමාදේන කරණියන්ති වදාමි" යනුවෙන් දක්‌වන මෙම අදහස අට්‌ඨකථාචාරීන් වහන්සේ පැහැදිලි කර ඇත්තේ සද්ධානුසාරි හා ධම්මානුසාරි පුද්ගලයන් දෙදෙනාම සෝතාපත්ති මාර්ගස්‌ථයෝ ම වන බවයි. "උභෝපනේතේ සෝතාපත්ති මග්ගට්‌ඨායේව" එසේම ධම්මානුසාරි පුද්ගලයා ප්‍රඥාව අධිමාත්‍රව මාර්ගය වඩන නිසා සද්ධානුසාරි වන බවත් සද්ධාව අධිමාත්‍රාව මග වටන නිසා සද්ධානුසාරි වන බවත් දක්‌වා ඇත. අලගද්දුපම සූත්‍රයට අනුව ධමමානුසාරී හා සද්ධානුසාරි පුද්ගලයන් දෙදෙනාම සම්බෝධිපරායන බව දක්‌වා ඇත. අටුවා විවරණයට අනුව මේ දෙදෙනාම සෝතාපත්ති මාර්ගස්‌ථයෝම වෙයි. ඉමේ ද්වේ සෝතාපත්ති මග්ගට්‌ඨා හොන්ති." යනුවෙන් පැහැදිලි කරන අට්‌ඨකථාචාරීන් වහන්සේ ප්‍රඥව පූර්වාංගමව සෝතාපත්ති ඵලය සඳහා පිළිපදින විට ධම්මානුසාරි වන බවත්, සොතාපත්ති ඵලය ලැබූ පසු දිට්‌ඨිප්පත්ත වන බවත් දක්‌වා ඇත. සද්ධා පූර්වාංගම ව සෝතාපත්තු මග වඩන සද්ධානුසාරි පුද්ගලයා ඵලය ලැබූ පසු සද්ධා විමුක්‌ත නමින් හඳුන්වා දී ඇත. "සෝත්පත්ති ඵල සච්කිරියා පටිපන්නෝ පුග්ගලෝ සද්ධානුසාරි ඵලේඨ§තෝ සද්ධා විමුක්‌තෝ"

    චූළගෝපාලන සූත්‍රයට අනුව ද සද්ධානුසාරි හා ධම්මානුසාරි පුද්ගලයන් දෙදෙනා සෝවාන් මාර්ගස්‌ථ වූයේ මරුගේ සැඩ පහර සිඳ සුවසේ පරතෙරට යන බව දක්‌වා ඇත. "යේන භිCඛු ධම්මානුසාරිනෝ, සද්ධානුසාරිනෝ තේපිතිරියං මාරස්‌ස සෝතං ඡෙත්වා සොත්ථිනා පාරං ගම්මිස්‌සන්ති" යනුවෙන් පහදා ඇත්තේ එදවස උපන් ළදරු වසු පැටියා ද සිය මවගේ ආධාරයෙන් පරතෙරට යන්නා සේ මාර්ගස්‌ථ පුද්ගලයා ද ධර්ම මාර්ගය වඩා යථාවබෝධයට පත්වන බවයි. අට්‌ඨ කථා විවරණය වඩාත් මෙහිදී ද තහවුරු කරන්නේ ධම්මානුසාරි හා සද්ධානුසාරි පුද්ගලයන් දෙදෙනා සෝවාන් මාර්ගස්‌ථයෝ බවම ය. "ධම්මානුසාරිනෝ සද්ධානුසාරිනෝ ඉමේ ද්වේ පඨමමග්ග සමංගිනො" යන පාඨයෙන් ඒ බව ඔප්පු වේ.

    පුග්ගලපCඳ්Cඳත්තිප්ප-කරණයෙහි ද මෙම අදහස ම ඇතුළත් වී තිබීම පරස්‌පරතාවන්ගෙන් තොර වූ නිවැරැදි මතයකට බැස ගැනීමට මඟ ගලසාලීමක්‌ ලෙස සඳහන් කළ හැකි වෙයි. සද්ධානුසාරි පුද්ගලයා කවරෙක්‌ ද යන්නට පිළිතුරු සපයමින් සෝතාපත්ති ඵලය සාක්‌ෂාත් කිරීම සඳහා පිළිපන් යම් පුද්ගලයකුගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් ද, සද්ධාව පූර්වාංගම ව ආර්ය මාර්ගය වඩා ද හෙතෙම සද්ධානුසාරි බව ප්‍රකාශ වේ.

    සෝවාන් මාර්ග සිත ඉපදීම

    ධම්මානුසාරි පුද්ගලයා ද හඳුන්වා දී ඇත්තේ පඤ්ඤේන්ද්‍රිය බලවත් ව ප්‍රඥපූරවාංගමව ආර්ය මාර්ගය වඩා ද එම පුද්ගලයා ධම්මානුසාරි වන බවයි. "යස්‌ස පුග්ගලස්‌ස සෝතාපත්ති ඵලස්‌ස සච්චිකිරියාය පටිපන්නස්‌ස, පඤ්ඤේන්ද්‍රියං අධිමත්තංහෝති, පඤ්ඤාමාහි පඤ්ඤාපුබ්බ්ගමා අරියමග්ග භාවේති - අයං වුච්චති පුග්ගලෝ ධම්මානුසාරි" යන්නෙන් මාර්ගස්‌ථ අවස්‌ථාව දැක්‌වෙන අතර, ඵලස්‌ථයා දිට්‌ඨිප්පත්ත ලෙස හඳුන්වා ඇත. "ඵලේ ඨ§තෝ දිට්‌ඨිප්පත්තෝ" සද්ධානුසාරි පුද්ගලයා ඵලස්‌ථ වූ විට සද්ධා විමුක්‌ත ලෙස දක්‌වා තිබීම ද වැදගත් වේ. "ඵලේ ඨ§තෝ සද්ධා විමුක්‌තො" මෙම මතය ම විශුද්ධි මාර්ගයේදී ද ඉදිරිපත් කරන බුද්ධඝෝෂ අට්‌ඨකථාචාරීන් වහන්සේ සද්ධානුසාරි, සද්ධා විමුක්‌ත, කායසක්‌‚, උභතෝභාග විමුක්‌ත, ධම්මානුසාරී, දිට්‌ඨ§පත්ත, පCඳ්C¹ විමුක්‌ත යන සප්ත ආර්ය පුද්ගල විභාගය පිණිස සංඛාරුපෙක්‌ඛා ඥාණය ප්‍රත්‍ය වන බව දක්‌වයි. එසේම අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන සද්ධාව බහුල කොට ඇති සද්ධානුසාරි පුද්ගලයා සෝවාන් මාර්ගක්‍ෂණයෙහි සද්ධානුසාරි වන බවත්, සෙසු සත් මාර්ග ඵලයන්හි සද්ධා විමුක්‌ත වන බවත් විස්‌තර කර ඇත.

    යම් පුද්ගලයකු අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නේ, ප්‍රඥව බහුල කොට ඇති ප්‍රඥෙJද්‍රිය ප්‍රතිලාභ කරන්නා සෝවාන් මාර්ගක්‍ෂණයෙහි ධම්මානුසාරි වන බවත් සෝවාන් ඵලයේ සිට අර්හත් මාර්ග ක්‍ෂණය තෙක්‌ දිට්‌ඨිප්පත්ත නම් වන බවත් දක්‌වා ඇත. අර්හත් ඵලයෙහි දී පඤ්ඤා විමුක්‌ත නමින් හඳුන්වා දී ඇත.

    පෙළ දහමට අනුවත්, අට්‌ඨකතා විවරණයට අනුවත් මාර්ගසථයා ලෙස සලකා ඇත්තේ සෝවාන් මාර්ග චිත්ත විථිය උපදවා ගත් සද්ධානුසාරී පුද්ගලයා ආදී කොට ඇති පුද්ගලයෝ ම විය යුතු වෙයි. මාර්ග චිත්තය ඒක චිත්තක්‍ෂණික වීම හා ඵලය අතරක්‌ නොමැතිව පහළ වීම නිදොස්‌ වන්නේ මාර්ග සිත පහළ වී ආපසු පිරිහීමක්‌ නොවන නිසා ය.

    මන්ද ප්‍රඥ හා තීක්‍ෂණ ප්‍රඥව ඇති පුද්ගල ප්‍රභේද අනුව ඵලසිත්වල අඩු වැඩියක්‌ පෙනෙතත් මාර්ගස්‌ථයා හා ඵලස්‌ථයා උපරිම ලෙස ප්‍රකාශ වන්නේ සෝවාන් මාර්ග සිත ඉපදීමෙන් පසුව බව පැහැදිලිය. ඉන් පෙර අරි අටඟි මග දියුණු කිරීම, සංස්‌කාර අනිත්‍ය ලෙස දැකීම පඤ්ඤේන්ද්‍රිය වැඩිම ආදිය සත්පුරුෂ භූමියේ සිටින අසේඛ සම්මා දිට්‌ඨ§යේ ද බීජ අවස්‌ථාව ලෙස දැකීම සුදුසු වෙයි. එම ළදරු අවස්‌ථාව මනාව සුරක්‍ෂිත නොකර ගැනීම, නැවත පුහුගන් බව දක්‌වා පිරිහීමට හේතු වුවත්, මාර්ග චිත්ත විථිය ඇති වීමට පෙර අවස්‌ථාව ම ඒ සඳහා නිර්දේශ වී ඇති බව පෙනී යයි.

    සෝතාපන්න හා සකදාගාමී යන ආර්ය පුද්ගල දෙදෙනාගේම පූර්ණ වී ඇත්තේ සීලය පමණක්‌ බවත්, එය ද කැඩෙන අවස්‌ථා ඇති මුත් වහා ආයති සංවරයේ පිහිටීම හේතු කරගෙන බිඳුණු අවස්‌ථා විසද නොකෙරෙන බව දක්‌වයි. අභිධර්මයේ ඉගැන්වෙන චිත්ත වීථි අනුව ද, සෝතාපන්න මාර්ගස්‌ථයා උපරිම ලෙස අර්ථවත් වන්නේ සෝවාන් මාර්ග සිත උපදවා ගනු ලැබූ පුද්ගලයාගේ වශයෙන් බව පැහැදිලි වේ. මාර්ග සිත ඇති වුවහොත් එම චිත්ත වීථියේ ම ඵල සිත ද අතරක්‌, බාධකයක්‌ නොමැතිව ම ඇතිවීමේ ධර්මතාවය පෙළ හා අටුවා සාහිත්‍යයේ ද පරස්‌පරතාවකින් තොරව පිළිගනු ලැබ ඇති බව සනාථ වෙයි.

    මන්ද ප්‍රාඥයාගේ සෝවාන් මාර්ග සිත හා තික්‌ථ ප්‍රාඥයාගේ සෝවාන් මාර්ග චිත්ත විථිය ද මන්ද ප්‍රාඥයාගේ හා තික්‌ඛ ප්‍රාඥයාගේ ඵල සමාපත්ති චිත්ත විථි පිළිබඳව ද සලකා බැලීමේ දී පෙළ අටුවා මතය හා අභිධර්ම මතය අතර ගැටීමක්‌ නොදත හැකි වෙයි.

    1. මන්ද ප්‍රාඥයාගේ සෝවාන් මාර්ග සිත

    .... .... .... .... .... .... .... .... .... .... .... .... .... .... .... .... .....

    1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17

    භ ල ඡේ ම ප උ අනු ගෝ මා ඵ ඵ භ භ භ භ භ භ

    2. තීක්‍ෂණ ප්‍රාඥයාගේ සෝවාන් මාර්ග සිත

    .... .... .... .... .... .... .... .... .... .... .... .... .... .... .... .... .....

    1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17

    භ ල ඡේ ම උ අනු ගෝ මා ඵ ඵ ඵ ඵ භ භ භ භ භ

    3. මන්ද ප්‍රාඥයාගේ සෝවාන් ඵල සමාපත්ති චිත්ත විථිය

    .... .... .... .... .... .... .... .... .... .... .... .... .... .... .... .... .....

    1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17

    භ ල ඡේ ම ප උ අනු ඵ ඵ ඵ ඵ ඵ ඵ ඵ ඵ ඵ ඵ

    4. තීක්‍ෂ ප්‍රාඥයාගේ සෝවාන් ඵල සමාපත්ති චිත්ත විථිය

    .... .... .... .... .... .... .... .... .... .... .... .... .... .... .... .... .....

    1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17

    භ ල ඡේ ම උ අනු ගෝ ඵ ඵ ඵ ඵ ඵ ඵ ඵ ඵ ඵ ඵ

    මාර්ග චිත්ත විථිය ආරම්භ වුවහොත් චිත්තක්‍ෂණ 17 ක්‌ එහි ආයුෂය වන නිසා එක දිගට එම චිතක්‍ෂණ අනු පිළිවෙළින් පහළ වීම චිත්ත නියාමය වෙයි. එහිදී මාර්ග සිතට අනතුරුව එම චිත්ත විථියේදීම ඵල සිත ද පහළ විය යුතු වීම ධර්මතාවයයි. චිත්ත විථිය ආරම්භ වී අතරතුර දී එය බිඳියැමක්‌ හෝ පිරිහීමක්‌ සිදුවේය යන අදහස සදොස්‌ ය. පෙළ අටුවා දහමෙන් ඉදිරිපත් වූ අදහස ම අභිධර්මයේ ද පරස්‌පරතාවකින් තොරව ඉදිරිපත් වීම ත්‍රිපිටකාගත සංකල්පයන්ගේ තාර්කික බවත් නිරවද්‍ය බවත් ප්‍රකට කරන්නක්‌ ලෙස සැලකිය යුතු වෙයි.

    සෝතාපත්ති මඟ ඵල ලැබීම සතර මහා දිවයිනට ම අධිපතිත්වය ලබනවාටත් වඩා සදිව්‍ය ලෝකයේ දෙවියකු වීමටත් වඩා. සියලු ලොවටම අධිපති බ්‍රහ්මයකු වීමටත් වඩා ශ්‍රේෂ්ඨ බව ධම්මපදයේ සඳහන් වේ.


    දර්ශනපති පූජ්‍ය ගලතර පCඳ්C¹නන්ද හිමි