නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 15.50% සහ 16.50% මට්ටමේ පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ගෝලීය සාර්ව ආර්ථික ප්‍රක්ෂේපණයන්ට සාපේක්ෂව මෙරට මෑත කාලීන සහ අපේක්ෂිත ආර්ථික වර්ධනයන් සැලකිල්ලට ගෙනයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අදාල තීරණය ගෙන ඇත්තේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීරණ අරමුදල් පහසුකම (EFF) අවසන් කිරීමෙන් පසු උද්ධමන තත්ත්වය අඛණ්ඩව පාලනය කරගෙන යාමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා
මෙම මුදල් කොන්දේසි ප්‍රමාණවත් ලෙස ස්ථාවර කිරීමටයි මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මේ අතර, 2023 මාර්තු මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ මුළු නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු බිලියන 2.7 දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
එයට චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම ලෙස ලැබුණු අමෙරිකානු ඩොලර් බිලියන 1.4 ද ඇතුලත්.
- https://www.hirunews.lk/331711/මාර්තුවේ-විදෙස්-සංචිත-ඉහළට-තැන්පතු-සහ-ණය-අනුපාතිකත්-තවදුරටත්-ස්ථාවරයි