මාර්තු 8 පසු කාන්තාවන්ට වෙනම දුම්රිය මැදි&#351

kalupusa007

Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    මාර්තු 8 පසු කාන්තාවන්ට වෙනම දුම්රිය මැදි&#351

    මාර්තු අට වැනිදාට යෙදී තිබෙන කාන්තා දිනය වෙනුවෙන් කාර්යාල දුම්රියවල කාන්තාවන් සඳහා වෙනම දුම්රිය මැදිරි වෙන් කිරීමට සැලසුම් කර ඇති බවත් එළඹෙන අටවැනිදා වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් උදෑසන 6.59 මංගල ගමන ඇරඹෙන බවත් දුම්රිය සාමාන්‍ය අධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කරන බව ඩිලන්ත ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය.

    කාන්තාවන් සඳහා වෙනම මැදිරි ක්‍රමය ලංකාවේ වසර ගණනකට පෙර ක්‍රියාත්මකව පැවතුන බවත් පසු කාලීනව එය අඩාල වූ බවද ඒ මහතා කීය.

    දියුණු රටවල මෙම ක්‍රමවේදය සාර්ථකව ක්‍රියාත්මක වන බව සඳහන් කළ ඒ මහතා කාර්යාල දුම්රියවල පවතින අධික තදබදය හේතුවෙන් ඒවායේ ගමන් කරන කාන්තාවන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි කියන අපහසුතා සහ අතවරද නව මැදිරි ක්‍රමයෙන් වැළකෙනු ඇති බවද පැවසීය.

    මේ අනුව කාර්යාල දුම්රියන් වන බංගදෙනිය,සාගරිකා,සමුද්‍රදේවී, රඹුක්කන,මහව,පව්සි යන දුම්රියන්හී තුන්වන පංතියෙන් එක මැදිරිය බැගින් වෙන් කරන බව ඒ මහතා පැවසීය.

    කාන්තාවන්ට වෙන් කළ මැදිරියට පිරිමි පුද්ගලයන්ට ගොඩවීම වැළැක්වීමටත් කාන්තාවන්ට වෙන් කළ සේවා මැදිරිය ඒ ලෙසම පවත්වාගෙන යෑමට ක්‍රමවේදයක් තිබේදැයි දුම්රිය ආරක්ෂක අංශ නිලධාරින් ඒ සඳහා යොදවන්නේද යන්න අප විමසා සිටියහ.

    එයට පිළිතුරු දුන් ඒ මහතා කියා සිටියේ සිය අයිතිවාසිකම් රැකගැනීම උදෙසා අපේ කාන්තාව නොබියව ක්‍රියා කරන බවත් කාන්තා මැදිරි වලට කොස්සක් සහ ඉදලක් ලබා දීමෙන් මැදිරිය පුරුෂයන්ගෙන් රැක ගැනීමේ වගකීම ඔවුන්ටම බාර දෙන බවත් පැවසීය.

    මහව කාර්යාල දුම්රියේ තුන්වන පංතියේ මැදිරියක් කාන්තාවන්ට වෙන් කිරීමේ කාර්ය අද දෙමටගොඩ ජල ශක්ති ධාවනාගාරයේදී එහි ප්‍රධාන අධික්ෂණ කළමනාකරු සනත් තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරිණි
    .

    http://www.lankadeepa.lk/latest_news/%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F-%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA-%E0%B6%AF%E0%B7%93-%E0%B6%87%E0%B6%AD%E0%B7%92-%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%9A-%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BB%E0%B6%BA-%E0%B6%85%E0%B7%80%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C/1-546838
     

    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    කෝච්චියක් දාගන්න බැරි පොන්නයෝ නිකන් ගොන් ආතල් දෙනවා :lol:
     

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    munta pissu. thiyena petti tiketh mara kattak kala yanne. hadissiyakatawath anthima mohothe oya pettiye ellunoth anathai.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    පෙග්නන්ට් ගෑනුන්ට නම් අබ සරණං තමා
    මොකෝ ඔය ගෑනු කියන ජාතිය seat එකක් වත් දෙනවය් පුළුවන් කම තිබ්බත්. 99.9% ම එහෙමය්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,038
    113
    ආශ්චර්යමත් රටක
    කෝච්චියක් දාගන්න බැරි පොන්නයෝ නිකන් ගොන් ආතල් දෙනවා :lol:

    :yes:

    කෝච්චි දැන් තියෙනව වගේ 3 ගුනයක් වත් ඕන හරියට නම්. එකක් දෙකක් වත් ගේන්න බැරි නිසා ගොන් වාහෙලට ආතල් දෙනව.. උනුත් ඉතින් හරි හොඳයි කියල හිතන් ඉන්නව ඇති.. :lol::lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,196
    20,804
    113
    හස්තිශෛලපුර
    පෙග්නන්ට් ගෑනුන්ට නම් අබ සරණං තමා
    මොකෝ ඔය ගෑනු කියන ජාතිය seat එකක් වත් දෙනවය් පුළුවන් කම තිබ්බත්. 99.9% ම එහෙමය්


    උබේ මොලේ තරම තේරුම් ගත්තකි කමෙන්ට් එකෙන්..


    යකෝ ගෑනු එකේ පිරිමි උන්ට යන්න බෑ. එත් අනික් පෙට්ටි සේරටම යන්න පුළුවන්.. අම්මයි පුතයි ගමනක් යන්න අවොත් උබ කියන විදියට පෙට්ටි දෙකක යන්න වෙන්නේ...


    මාරු මිනිස්සු අපේ රටෙත් ඉන්නේ පොඩි දෙයක් තේරුම් ගන්න බෑ..
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :yes:

    කෝච්චි දැන් තියෙනව වගේ 3 ගුනයක් වත් ඕන හරියට නම්. එකක් දෙකක් වත් ගේන්න බැරි නිසා ගොන් වාහෙලට ආතල් දෙනව.. උනුත් ඉතින් හරි හොඳයි කියල හිතන් ඉන්නව ඇති.. :lol::lol:


    කොච්චි දැන් දුවන්න පුලුවන් උපරිමේන් දුවනව . හරි සිග්නල් සිස්ටම් එකක් හරි රේල් පාරවල් වැඩි කරන එක හරියි කරන්න ඕන
     

    AnuradhaRa

    Well-known member


  • එයට පිළිතුරු දුන් ඒ මහතා කියා සිටියේ සිය අයිතිවාසිකම් රැකගැනීම උදෙසා අපේ කාන්තාව නොබියව ක්‍රියා කරන බවත් කාන්තා මැදිරි වලට කොස්සක් සහ ඉදලක් ලබා දීමෙන් මැදිරිය පුරුෂයන්ගෙන් රැක ගැනීමේ වගකීම ඔවුන්ටම බාර දෙන බවත් පැවසීය.


    :baffled::baffled:
     

    manjula_nadeeka

    Active member
  • Mar 31, 2009
    398
    68
    28
    Colombo
    තියෙන ⁣මැදිරි අඩු නොකර වෙනම කාන්තා මැදිරයක් දානව නම් හොදයි
     

    Similar threads