මාරාන්තික උපවාසයක්
ජෙනරාල් නිදහස් කරන්නැයි ඉල්ලා මාරාන්තික උපවාසයක් අරඹයි
අත්තනෝමතික ලෙස සිරගත කර ගෙන සිටින හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් මාරාන්තික උපවාසයක් ඇරඹීමට "ජෙනරාල් නිදහස් කරගැනීමේ ජනතා එකමුතුව" පියවරගෙන තිබේ.
තම සංවිධානය විසින් ඊයේ දිනයේදී ඇරඹූ උපවාසයට මේවන තෙක් කිසිදු ප්‍රතිචාරයක් නොදන්වා ඒ වෙනුවට එම උපවාසය සිදුකළ කුටිය පිළිගත නොහැකි වරෙන්තු නියෝගයක් ඉදිරිපත්කර ගලවා ඉවත් කිරීමට කටයුතු කිරීමට විරෝධය පා මෙම මාරාන්තික උපවාසය ඇරඹීමට තීරණය කළ බව මාධ්‍යයට අදහස් දැක්වූ ලුණුගම්වෙහෙරේ කල්යාණරංශි හිමියෝ ප්‍රකාශ කලහ.
මාරාන්තික උපවාසය ආරම්භ කළ අවස්ථාවේ එම ස්ථානයට අනෝමා ෆොන්සේකා මහත්මියද සහභාගී වූ අතර ඇය පැවසුවේ ජාතික වීරයකු වන තම සැමියා බේරා ගැනීමේ වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා මේ ආකාරයෙන් පෙරට ඒම තමා අගය කරන බවයි. එමෙන්ම මේවන විට අසාධාරණ සහ අයුක්ති සහගත ලෙස අත්අඩංගුවට ගෙන රදවා තබා ගෙන සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම වෙනුවෙන් විශාල ජනතා බලයක් ගොඩනැගෙමින් පවතින බවත් එම බලවේගය මඩ පැවැත්වීමට කිසිදු බලවේගයක් අසමත්වනු ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.
ජෙනරාල් නිදහස් කරන්නැයි ඉල්ලා මාරාන්තික උපවාසයක් අරඹයි
ප්‍රධාන පුවත 2010 අප්‍රේල් 04 වෙනි ඉරිදා, 11:43 අත්තනෝමතික ලෙස සිරගත කර ගෙන සිටින හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් මාරාන්තික උපවාසයක් ඇරඹීමට "ජෙනරාල් නිදහස් කරගැනීමේ ජනතා එකමුතුව" පියවරගෙන තිබේ.