මාරාන්තික උපවාසය අත්හරී
නව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනයෙන් නිදහස් අධ්‍යාපනය සම්පූර්ණයෙන් අහෝසිවන බව පවසමින් එය පරාජය කිරීමට එක්වන ලෙසට ඉල්ලමින් නිදහස් ගුරු සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය කල පස්දින මාරාන්තික උපවාසය ජනවාරි 06වැනිදා පස්වරුවේදී අත්හැර දැමුවාය.
හඳපාන්ගොඩ මහත්මිය උපවාසය අත්හරිනු ලැබුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ඉල්ලීමක් අනුව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම ස්ථානයට ගොස් වතුර වීදුරුවක් පොවා උපවාසය අත්හරින්නැයි කල ඉල්ලීමට ප්‍රතිචාරයක් වශයෙනි. අමාත්‍ය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන බැවින් සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවන බවය.
එහිදී අදහස් දක්වමින් ශ්‍රිලනිප ජාතික සංවිධායකවර වැඩිදුරටත් කියා සිටියේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය රැකගැනීමට කරන ලද මෙම උපවාසය අභීත ක්‍රියාවක් බවද ජනාධිපති රාජපක්ෂ මහතා නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවය කිසිදු ආකාරයෙන් හෝ හානියක් සිදුවීමට ඉඩ නොදෙන බවය.
නිදහස් අධ්‍යාපනය සුරකීම වෙනුවෙන් නිදහස් ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් සහ විදුහල්පති එකතුවේ සංවිධාන 20ක් මෙම උපවාසයට ක්‍රියාකාරීව සහාය දුන් අතර හඳපාන්ගොඩ මහත්මිය උපවාසය ඇරඹුවේ ඉකුත් ජනවාරි 02වැනිදාය. උපවාසය නිම වීමෙන් අනතුරුව ගුරු සංගම් සභාපතිනිය ගිලන් රථයකින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා තලවතුගොඩ රෝහලකට පිටත් කර යැවීය.
වීරවන්ස තියරි