මාරි බිස්කට්

farcry919

Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA

    මාරි බිස්කට් වලින් ඔබ කලින් හදල නැති කෑම 5ක්


    මාරි බිස්කට් ලොකු පොඩි අපි හැමෝම ඕන වෙලාවක කන්න කැමති එහෙමටම විශේෂයක් ඇත්තෙත් නැති බිස්කට් එකක්. මේකෙන් ඩෙසර්ට් එකක් හදන්න හිතුවත් බිස්කට් පුඩින් එහෙකට වඩා වෙන දෙයක් මතක් වෙන්නෙත් නෑ. අද අපි ඔයාලට ගේන්නේ මේ මාරි බිස්කට් වලින් හදාගන්න පුළුවන් වෙනස් දේවල් ටිකක්. ලේසියෙන් හදන්න පුළුවන් මේ කෑම ඔයාලත් හදලම බලන්න.




    1. Marie Biscuit No-Bake Cake



    MarieRecipes-01.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය

    • මිල්ක් චොකලට් 300g
    • කිරි මේස හැඳි 2
    • බටර් 125g
    • මාරි බිස්කට් 125g
    • කජු 50g
    • වියලි මිදි 25g


    1. චොකලට් සහ කිරි බාජනයකට දමා රත් වෙන්න තබන්න. එයටම බටර් එක් කර චොකලට් සහ බටර් දිය කරගෙන ලිපෙන් ඉවතට ගන්න.
    2. මෙයට කුඩාවට කඩාගත් බිස්කට්, කපාගත් කජු සහ වියළි මිදි එක් කරගන්න.
    3. හොඳින් බටර් තැවරූ කේක් තැටියක දමා අවම පැය 4ක් ශීතකරණයේ තබාගන්න.
    4. වෙනම චොකලට් 100gක් ගෙන කිරි මේස හැඳි දෙකක්, බටර් මේස හැඳි දෙකක් දමා පෙර පරිදිම දිය කරගෙන ශීත කරගත් බිස්කට් කේක් එක උඩට වත් කර නැවත පැය දෙකක් පමණ ශීත කර තැටියෙන් ඉවතට ගෙන පිළිගන්වන්න.




    2. Biscuit Fudge Brownies

    MarieRecipes-02.jpg




    අවශ්‍ය ද්‍රව්‍ය

    • මිල්ක්මේඩ් 200g
    • මාරි බිස්කට් 20ක් 25ක්
    • චොකලට් පව්ඩර් මේස හැඳි 2 1\2
    • අයිසින් සීනි මේස හැඳි 1
    • රෝස්ට් කර පොඩියට කඩාගත් කජු කප් 1\4


    1. බිස්කට් ටික ගොඩක් කුඩාවට කඩා බෝල් එකකට දමා ගන්න.
    2. එයට චොකලට් පව්ඩර්, සීනි, කජු එක් කර මිශ්‍ර කර මිල්ක්මේඩ් ටිකත් දමා හොඳින් මිශ්‍ර කරන්න.
    3. බටර් ගාගත් තැටියකට මිශ්‍රණය දමා අතින් හෝ පැතලි හැන්දකින් හොඳින් තද කරගන්න.
    4. රැයක් ශීතකරණයේ තබා කොටු කපා පිළිගන්වන්න.




    3. Marie Biscuit Milkshake

    MarieRecipes-03.jpg




    අවශ්‍ය ද්‍රව්‍ය

    • කිරි වීදුරු 3\4
    • මාරි බිස්කට් 5ක්
    • චොකලට් පව්ඩර් තේ හැන්දක්
    • සීනි තේ හැඳි 1 1\2
    • අයිස් ක්‍රීම් මේස හැඳි 1 1\2


    1. බිස්කට් ටික බ්ලෙන්ඩරයක දමා කුඩු කරගන්න.
    2. එයටම අනෙකුත් සියළුම දේ එක් කර නැවත බ්ලෙන්ඩ් කරගන්න.
    3. හොඳින් ශීත කර පිළිගන්වන්න. චොකලට් පව්ඩර් වෙනුවට අවශ්‍ය නම් ස්ට්‍රෝබෙරි හෝ කෙසෙල් එක් කර වෙනස් රසයකට හදාගන්නත් පුළුවන්.


    4. Marie Biscuit Chocolate Roll

    MarieRecipes-04.jpg




    අවශ්‍ය ද්‍රව්‍ය

    • මාරි බිස්කට් 15
    • අයිසින් සීනි කප් 1\2ක් සහ මේස හැන්දක් වෙනම
    • චොකලට් පව්ඩර් මේස හැඳි 1\12
    • කිරි
    • ඩෙසිකේටඩ් පොල් කුඩු කර කප් 1\4 (වියළි පොල්)
    • දියකරගත් බටර් මේස හැඳි 1 1\2
    • වැනිලා ස්වල්පයක්


    1. මාරි බිස්කට් ටික කුඩු කරගන්න. එයට චොකලට් පව්ඩර් සහ අයිසින් සීනි මේස හැන්දක් දමා මිශ්‍ර කරගන්න.
    2. කිරි ටික ටික එක් කරමින් රොටි පදමට එන තුරු අනාගන්න.
    3. කුඩු කරගත් ඩෙසිකේටඩ් පොල් ටික ගෙන එයට ඉතිරි සීනි කප් 1\2, වැනිලා සහ බටර් එක් කර මිශ්‍ර කරගන්න.
    4. බිස්කට් මිශ්‍රණය ගෙන ලන්ච් ශීට් එකක් උඩ රොටියක් ආකාරයට තුනී කරගෙන එයට උඩින් පොල් මිශ්‍රණය අතුරාගන්න.
    5. ලන්ච් ශීට් එකේ කෙලවරකින් අල්ලා මෙය ප්‍රවේසමෙන් රෝල් කරගන්න.
    6. ෆොයිල් එකකින් ඔතා පැය 4ක් ශීතකරණයේ තබා එළියට ගෙන ෆොයිල් එක ඉවත් කර පෙති කපාගන්න.




    5. Steamed Biscuit Cake

    MarieRecipes-05.jpg




    අවශ්‍ය ද්‍රව්‍ය

    • බටර් 150g
    • සීනි 120g
    • බිත්තර 3
    • කුඩු කරගත් මාරි බිස්කට් 150g
    • බේකින් පව්ඩර් තේ හැඳි 1\4
    • ලුණු තේ හැඳි 1\4
    • චොකලට් චිප්ස් හෝ චොකලට් පව්ඩර්


    1. සීනි සහ බටර් හොඳින් බීට් කරගන්න. එයටම බිත්තර එකින් එක එක් කරමින් බීට් කරගන්න.
    2. මෙයට ලුණු, බේකින් පව්ඩර් සහ මාරි බිස්කට් එක් කර මිශ්‍ර කරගන්න.
    3. මෙයට චොකලට් චිප්ස් ටික හෝ පව්ඩර් එක් කර මිශ්‍ර කරගන්න.
    4. බටර් ගාගත් බෝල් එකකට දමා විනාඩි 30ක් ස්ටීම් හෝ ඩබල් බොයිල් කරගන්න.
     
    • Like
    Reactions: Silly point

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,766
    9,862
    113
    අපෝ මං කැමති නෑ පැණිරසට.සැරට හදන්ඩ පුලුවන් කෑමක් නැද්ද?:dull:ඒ කියල මිරිස් කරලක පොටෝ එකක් දාන්ඩ එපා ඈ Quote කරල.:rolleyes: