මාර අප්සට් බං මේක දැකලා (ඩෙංගු)

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    මාර අප්සට් බං මේක දැකලා (ඩෙංගු)

    r1.jpg

    ආදරය කරන පෙම් යුවළගේ ජීවිතයේ තියෙන ලොකුම හීනය තමයි මංගල දිවියට පිවිස අනාගතය ලස්සනට හදාගෙන සතුටින් ජීවිත් වීම. නමුත් කවුරුත් නොසිතූ මොහොතක ඒ හීන එකවරම කඩා වැටෙනවා. එවැනි වූ අවාසනාවන්ත සිදුවීමක් මාවනැල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

    මාපිය ආශිර්වාදය මැද පසුගිය මැයි මාසයේ 18 වැනිදා රංග සහ මහේෂා විවාහ දිවියට පත් වෙන්නේ දහසක් සිතුම් පැතුම් ඉෂ්ට කරගැනීමේ බලාපොරොත්තුවෙන්. මෙලෙස සතුටින් යුගදිවිය ආරම්භ කළ රංග සහ මහේෂාගේ පෙම් කැඳැල්ල පැවතියේ මාස එක හමාරක් වැනි කෙටි කාලයකි. ඒ රංග හදිසියේම ඩෙංගු මාරයාට බිලී වීම නිසා. මාවනැල්ල උඩුමහනේ පදිංචි රංග මොටර් රථ අමතර කොටස් අලෙවි කරන ආයතනයක සේවය කළ 27 හැවිරිදි තරුණයෙක්. සතුටින් සෙනෙහසින් යුගදිවිය ගත කළ රංග සිය මව සහ නැඟණිය සමඟ ආදරණීය බිරිඳ ද නිවසේ නවතා දිනපතා රැකියාවට යාමට පුරුදු වී සිටියා. සතුටින් කාලය ගෙවී ගියත් හිටිහැටියේම රංග උණ රෝගයකට ගොදුරු වනවා. ඔහු එය එතරම් ගණන් නොගෙන පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන සුපුරුදු පරිදි රැකියාවට පිටත්ව යනවා. එදින රාත්‍රිය වන විට ඔහුට උණ රෝගය වැඩි වී වමනය දැමීම නිසා මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබුණා. දින දෙකක කාලයක් රොහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි රංගව ඉකුත් 04 වෙනිදා ඩෙංගු රෝගය නිසා අවසන් ගමන් ගියේ සිය ආදරණීය බිරිඳ, මව, පියා, නැඟණිය ඇතුළු මුළු මාවනැල්ල ප්‍රදේශයම හඬවමින්.

    සිය ආදරණීය සැමියා වූ රංගගේ මියයෑම ගැන මහේෂා පැවසුවේ මෙලෙසින්..
    මමයි රංගයි විවාහ වුණේ පසුගිය මැයි මාසේ 18 දා. අපි දෙන්නා අවුරුදු හතරකට වැඩි කාලයක් ආදරය කළා. ගෙවල්වල කැමැත්තෙන් අපි කසාද බැන්ඳා. අදට මාස එකහමාරක් විතර ඇති. රංග වැඩට ගියාහම මමත් නංගිත් අම්මත් ගෙදර ඉන්නවා. එයා මගේ හැම අඩුපාඩුවක්ම හොයලා බැලුවා. සැමියෙක් විදිහට හැම යුතුකමක්ම එයා ඉටු කළා. ගොඩාක් සතුටින් අපි දෙන්නා ජීවත් වුණේ. තිස්වැනිදා රෑ උණ හැදෙන්න වගේ කියලා කිව්වා. පස්සේ පළමු වැනිදා උදේ වැඩට ගියා. ගිහින් එකොළහට විතර ගෙදර ආවා. ඒ ඇවිල්ලා ප්‍රයිවෙට් තැනකින් බෙහෙතුත් ගත්තා. දවස් දෙකක් විතර ගෙදර හිටියේ. ඉරිදා රෑ එයාට ටිකක් අමාරු වුණා. වමනෙත් ගියා. පස්සේ අම්මයි මමයි එයාව ඉස්පිරිතාලෙට එක්කගෙන ඇවිත් නැවැත්වූවා. පසුවදත් ඇවිත් අපි එයාව බැලුවා. ඒත් හතර වැනිදා යනකොට අපිට එයා බලන්න බැරිවුණා. මට ඒ සිද්ධිය දැක්කට පස්සේ දරාගන්න බැරි වුණා. මම ගොඩාක් ඇඬුවා. එදා දවල් වෙලා අපි හැමෝම දාල එයා ගියා. ඇයි දෙයියනේ මාව තනිකරලා ගියේ. මම මේ දුක කොහොම ඉවසා ගන්නද.?

    මියගිය රංගගේ පියා
    ‘‘මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දුවයි පුතයි. මියගොස් සිටින්නේ මගේ වැඩිමහල් පුතා. එයා කසාද බැඳලා මාස එකහමාරක් ඇති. පුතා වැඩකරන්නේ මාවනැල්ල ලුම්බිණි මෝටර්ස් එකේ. එයාට රථවාහන අමතර කොටස් ගැන හොඳ දැනුමක් තියෙනවා. දැන් අවුරුදු අටක් තිස්සේ පුතා රැකියාව කරනවා. පසුගිය මැයි මාසයේ 18 වෙනිදා තමයි එයා කසාද බැන්ඳේ. පුතා අවුරුදු හතරක් විතර තිබුණු ප්‍රේම සම්බන්ධතාවකින් තමයි විවාහ වුණේ. මහේෂිකා දුවත් එක්ක විවාහ වෙලා එයාලා දෙන්නා සතුටින් හිටියා. මේ අහිංසකයට මෙහෙම දෙයක් වෙයි කියලා මම හීනෙන්වත් හිතුවේ නෑ. මම වැඩ කරන්නේ කොළඹ පෞද්ගලික ආයතනයක රියැදුරෙක් හැටියට. හතරවැනි අඟහරුවාදා මට ගෙදරින් කෝල් එකක් ආවා පුතාට අමාරුවෙලා ඉස්පිරිතාලේ ඉන්නවා කියලා. මම ඒ වෙලාවේ හිටියේ වව්නියාවේ. පස්සේ මම කීවා ඉක්මනට එන්නම් කියලා. මම මගින් එනකොට දවල් දොළහට විතර ආරංචි වුණා පුතා අන්තරා වුණා කියලා. පස්සේ තමයි දැනගත්තේ පුතාට ඩෙංගු හැදිලා කියලා. මියගිය රංග පුතා ඉස්කෝලේ ගියේ රංදිවෙල මහ විද්‍යාලයට. එයාගේ නංගිත් ඉස්කෝලෙ යන්නේ ඒකට. යාළුවන්ට එයා හොඳ යාළුවෙක්. අම්මටයි මටයි හරිම ආදරෙයි. නංගිටත් ඒ වාගේමයි. එයාගේ නෝනත් එක්ක එයා ජීවිතේ පටන්ගන්න හැදුවා විතරයි.’’

    12342317_577382489094838_2389641149435360302_n.jpg


    මියගිය රංගගේ අම්මා
    මටයි තාත්තටයි හිටපු එකම පිරිමි දරුවා මේ විදිහට අපි තනිකර දාලා යයි කියලා කවදාවත්ම හිතුවේ නෑ. ඇයි දෙයියනේ මගේ අහිංසකයා මේ විදිහට අපිව දාලා ගියේ. එයාගේ හැම කැමැත්තකටම හැම සතුටකටම අපි ඉඩ දුන්නා. පුතා කසාද බැන්දෙත් එයා යාළුවෙලා හිටපු දුව එක්කමයි. එයා අපිට කිසි දෙයක් හැංඟුවේ නෑ. හැම දෙයක්ම මටයි තාත්තටයි කියනවා. පුතාගේ වෙඩින් එක ගත්තෙත් පුතාගේ කැමැත්ත අනුවයි. ඒ දෙන්නගේ විවාහ ජීවිතේට මාස එක හමාරක් ඇති පුතා නැති දුකෙන් මහේෂා දුව අඬනවා බලා ඉන්න බෑ. ඒ අහිංසක දුවට විතරක් නොවෙයි අපිටත් මේ දුක දරාගන්න බෑ.
    r8.jpg



    ඉස්සුවේ හිරු ගොසිප් එකෙන්
    පුලුවන් තරම් අපිත් ප්‍රවේසම් වෙමු මචංලා. මොකද අපි මලොත් ඒක අපිට නම් දැනෙන්නේ නැති වෙයි. ඒත් අපේ ලග ජීවත් වෙන අනිත් මිනිස්සු ඒක කොහොමද දරා ගන්නේ. :(
    උණ හැදුනොත් දවස දෙක බලාගන ඉන්නෙ නැතුව බ්ලඩ් එකක් චෙක් කර ගන්න. මොකද ඒකට නම් යන්නේ රුපියල් 1000 ද කොහෙදෝ. ඒ වගේද ජීවිතේ.



     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මෙවන් සිදුවීම් අඩු කරගන්න වෙන්නෙත් අපිට ම තාමා මොකද මදුරුවන්ව බෝකරන්නෙත් අපිනේ කන එක කොහේ හරි විසික් කරනවා ඊයේ ගෙදර වත්ත සුද්ධ කරා milo ,බියර් ටිං ෂොපින් බැග් එහෙම හැමතැනම ඇයි මේ තරම් මිනිස්සු නොසැලකිලිමත්
     

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    උන අරගෙන පලමු පෑය 24 දී ඩෙන්ගු ඈන්ටිබොඩි ටෙස්ට් එක කරගන්න ඔන.මන් දන්න විදිහට පෑය 24න් පස්සේ එක නෙගටිව් වෙනවා.නමුත් ලෙඩේ ඈග අතුලේ .
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    DENGU GENANAM KATHA KARALA WEDAK NA. ME MASA 2TA DENGU HEDILA 3K NETHI UNA. ME WAGEMA MARRY KARANNA IDAPU KOLLEKUTH WEDDING EKATA SATHI 3I THIBUNE
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මෙතැනදී මේ මරුන කෙනා වගේම ගෙදර අයත් සැලකිල්ලක් දක්වල නෑ වගේ ලෙඩේ ගැන. ලේ පරීක්ෂාවක් නොකරම ගෙදරට වෙලා ඉදල වගේ.. රක්තපාත තත්වය දැන් දවස් 2ක් යනකොට හැදෙනවා. මොනා කරන්නද ජිවිතේ අනියතයි මරණය නියතයි.. නිවන් සුව පතනවා
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    මෙතැනදී මේ මරුන කෙනා වගේම ගෙදර අයත් සැලකිල්ලක් දක්වල නෑ වගේ ලෙඩේ ගැන. ලේ පරීක්ෂාවක් නොකරම ගෙදරට වෙලා ඉදල වගේ.. රක්තපාත තත්වය දැන් දවස් 2ක් යනකොට හැදෙනවා. මොනා කරන්නද ජිවිතේ අනියතයි මරණය නියතයි.. නිවන් සුව පතනවා

    එළකිරියේ ත්‍රෙඩ් දාපු අයට පිං සිද්ධ වෙන්න අපි ඔය වගේ දේවල් දන්නවා උනාට සමාජයේ ගොඩක් මිනිස්සු ඕව ගැන දන්නෙ නෑ මචං.
     
    එළකිරියේ ත්‍රෙඩ් දාපු අයට පිං සිද්ධ වෙන්න අපි ඔය වගේ දේවල් දන්නවා උනාට සමාජයේ ගොඩක් මිනිස්සු ඕව ගැන දන්නෙ නෑ මචං.

    sahathika aththa macho
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එළකිරියේ ත්‍රෙඩ් දාපු අයට පිං සිද්ධ වෙන්න අපි ඔය වගේ දේවල් දන්නවා උනාට සමාජයේ ගොඩක් මිනිස්සු ඕව ගැන දන්නෙ නෑ මචං.

    සිරාවටම බන් Executer මාර විදියට උදව් කළා මට :yes:
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    හරිම කණගාටුදායක සිදුවීමක්, සතුරෙකුටවත් මෙවන් දුකක් නොවේවා!
     

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    එළකිරියේ ත්‍රෙඩ් දාපු අයට පිං සිද්ධ වෙන්න අපි ඔය වගේ දේවල් දන්නවා උනාට සමාජයේ ගොඩක් මිනිස්සු ඕව ගැන දන්නෙ නෑ මචං.

    :yes:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම දන්න කේසස් ගොඩක් තියෙනවා ඩෙංගු ටෙස්ට් එක දෙතුන් පාර නෙගටිව් හැබැයි ඩෙංගු ඇඟේ තියෙන. රෝග ලක්ෂණ ඔක්කොම තියෙනවා හැබැයි ටෙස්ට් එක පොසිටිව් වෙන්නේ නැහැ. ඩොක්ටර්ස්ලා බලන්නේ නැහැ දෙනවා ඇන්ටි බයෝටික්ස්. ඉතින් ලෙඩාට අමාරු වෙනවා.

    උඹල හැමෝටම කියන්නේ, මේ කාලේ උණක් හැදුනම ඩෙංගු නෙගටිව් ආවත් ඇන්ටි බයෝටික්ස් බොන්න එපා