මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගනී

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ක්‍රිකට් ජීවිතයෙන් සමුගැනීමට තීරණය කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය ලෙස ගත හැකි කිසිදු ක්‍රියාමාර්ගයක් නැතැයි එහි සභාපති ශම්මි ද සිල්වා මහතා සඳහන් කරයි.

    2019 ලෝක කුසලානය සඳහා කරන ලද ක්‍රිකට් සංචිතය එළිදැක්වීම සඳහා පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු ලෙස සභාපතිවරයා මේ බව කියා සිටියේය.

    මාලිංග ලෝක පූජිත ක්‍රිඩකයන් බවත් ඒ වූ පමණින් හොඳ නායකයෙක් විය නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

    කෙසේ වෙතත් තවදුරටත් ලසිත් මාලිංග රට වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇති බවට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

    මාලිංග ඉවත් වුවද ලෝක කුසලානය සදහා ශ‍්‍රී ලංකාව තරග වදින බවද ඔහු තව දුරටත් කීය.

    එම මාධ්‍ය හමුවේදීම තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් සඳහන් කළේ ලසිත් මාලිංග හොද නායකයෙකුද වන බවයි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ශ්‍රී ලංකා කණ්ඩායම් නායකත්වයෙන් මාලිංගව ඉවත් කිරීමට හේතුව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා අද පැහැදිලි කළා. මාලිංග තනියෙන් දිව්වත් සෙසු දහදෙනා පසුපසින් නොපැමිනෙන බවයි ඔහු කියා සිටියේ. ක්‍රීඩකයෙක් හා නායකයකු ලෙස ඔහුගේ කිසිදු අඩුපාඩුවක් නොමැති බවත් වැඩිදුරටත් පැවසුවා. ක්‍රීඩකයින් බහුතරය සහය නොදැක්වීම ලසිත් මාලිංගට නායකත්වය අහිමිවීමට හේතුවී තිබෙනවා.


    එකෙකුට එකෙක් නැති ටීම් එකක් .. මුන් එක්ක මැච් එකක් දිනන එකත් පුදුමයක්.

    ඩිල්ෂාන් නායකයා වුනාම ලෙජන්ඩ්ලා රගපු හැටි මතක නේ