මාලිංගගේ ආදේශකයා දිල්හාර නම්
තිසරට අවස්‌ථාව දුන්නේ කෙසේ ද?
ශ්‍රී ලංකා කණ්‌ඩායම තේරීමේදී ලසිත් මාලිංගගේ ආදේශක පන්දු යවන්නා වශයෙන් දිල්හාර ප්‍රනාන්දුව නම් කිරීමට කටයුතු කළේ යෑයි තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා මාධ්‍යයට පැවසුව ද එය මේ වන විට හුදෙක්‌ම සම්ප්‍රප්පලාපයක් බවට පත්වී තිබීම ක්‍ෂේත්‍රයේ දැඩි කතා බහට ලක් වී තිබේ.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්‌ඩායම මෙතෙක් සහභාගි වූ තරග 2 ටම ලසිත් මාලිංග සහභාගි නොවූ අතර එහිදී ඔහු වෙනුවට ආදේශක පන්දු යවන්නා වශයෙන් කණ්‌ඩායමට නම් කර ඇති දිල්හාර ප්‍රනාන්දුට ද කණ්‌ඩායමේ අවස්‌ථාවක් හිමි නොවීම කැපී පෙනෙයි.
අදාළ තත්ත්වය මේ වන විටත් වෙනත් පැත්තකට යොමු වී තිබෙන අතර එම ස්‌ථානයට තිසර පෙරේරාව කණ්‌ඩායම් කළමනාකාරීත්වය කටයුතු යොදන ලදී. තේරීම් කමිටු සභාපතිවරයා එසේ සඳහන් කර සිටියද වත්මන් කණ්‌ඩායමට ක්‍රීඩකයන් නම් කිරීම පිළිබඳව කළින් තිබූ ප්‍රතිපත්තිsවලින් බැහැරව කටයුතු කිරීම පිළිබඳව දිවයින විසින් අරවින්ද ද සිල්වාගෙන් විමසීමක් කළ අතර එහිදී, තරග පැවැති තණතීරු එතරම්ම වේගවත් තණතීරු නොවීම මත දිල්හාරට කණ්‌ඩායමට පැමිණීමට මග ඇහිරුණු බව සඳහන් කර සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්‌වූ ද සිල්වා මහතා, ශ්‍රී ලංකාව සහ පාකිස්‌තානය අතර පැවැති තරගයට ලබාදී තිබූ තණතීරුව කළින් පාවිච්චි කළ තණතීරුවක් වූ බැවින් එහිදී දඟ පන්දු යවන්නන්ට ලැබෙන සහයෝගය උපරිමය ප්‍රයෝජනයට ගැනීමට කටයුතු කළ බවද සඳහන් කර සිටියේය.
වේග පන්දු යවන්නන්ට සහයෝගයක් නොදක්‌වනු ඇතැයි අනුමාණ කළ ආර්. ප්‍රේමදාස තණතීරුවේදී ශ්‍රී ලංකාව මඳ වේග පන්දු යවන්නන්ගෙන් යුතුව පිවිසුණු අතර පාකිස්‌තානු කණ්‌ඩායම තරගයට පිවිසියේ පන්දුව යෑවීමේ වේගය පැයට කිලෝ මීටර් 145 කට වඩා වේගයකින් පන්දු යෑවිය හැකි ෂොයෙබ් අක්‌තාර් සහ උමාර් ගුල්ද සමගිනි. එහිදී අක්‌තාර් විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 10 දී ලබාදී තිබුණේ ලකුණු 42 ක් වන අතර ජයග්‍රහණය වෙනුවෙන් තීරණාත්මකම කඩුල්ල වූ උප නායක මහේල ජයවර්ධනගේ කඩුල්ලද ඇතුළු කඩුලූ 2 ක් දවාගනිමින් පාකිස්‌තානු ජයග්‍රහණයට හොඳ අඩිතාලමක් එක් කිරීමට සමත්විය.
මේ අතර අද පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර තරගයට පෙර ඊයේ(28 දා) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්‌වා සිටි ශ්‍රී ලංකා පුහුණුකරු ටේ්‍රවර් බේලීස් සඳහන් කර සිටියේ, අදාළ තේරීම්වලදී සලකනු ලැබුවේ දිල්හාර සහ තිසර අතුරින් හොඳින් පන්දුවට පහර දීමට හැකිs ක්‍රීඩකයා කවුරුන්ද යන බවත්, එහිදී තිසර දිල්හාරට වඩා ඉදිරියෙන් පසුවූ බැවින් තිසරට අදාළ අවස්‌ථාව හිමිවූ බවත්ය.