ටොපියක් කෑවත් කොලේ බිම දාන එවුන් පාරක දවල් වෙනකන් පත්තුවෙන ලයිට් එක ඕෆ් කරන්න බැරි එවුන් තමන්ගේ රැකියා ස්ථානය වෙනුවෙන් විනාඩි 5ක් වැඩියෙන් වැඩ කරන්න අකැමති එවුන් අරක දියවු මේක දියවු කියලා පාරවල් වහගෙන උද්ඝෝෂණය කරන එවුන් අපේ සල්ලි වලින් සැප ගන්න කුඩු ගේන බඩු ඩීල් කරන හැම කුපාඩිකමම කරන දේශපාලකයින්ගේ කකුල් ලෙවකන එවුන් අනේ අයියෝ හෙට සඳුදා කියලා හොටු පෙරාගෙන පෝස්ට් ශෙයාර් කරන එවුන් රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන පිටරටවල් වලට සේවය කරන්න හීන දකින එවුන් අම්මට සිරිවෙන ජාතික හැඟීමකින් මාලිංගයාට හතර අතේ බනී..
අපේ හාන්දුරුවනේ කියාගෙන පපුවට ගහගෙන අපේ සල්ලි වලින් හම්බ කරගන්න හදන දේශපාලනය උගේ ජොබ් එක බව උගේ පැවැත්ම පිණිස බව හිතන්න බැරි මිනිස්සු උඹේ දක්ශතාවයෙන් උඹ හම්බ කළ යුත්තේ රට වෙනුවෙන් පමණක් යැයිම හිතීම විහිලුවකි.. උඹ අවුවට පිච්චී උඹේ දක්ශතාවය විකුණා පිටරටක සල්ලි හම්බ කරන් කන එකට විරුද්ධ වෙන මිනිස්සුන්ගේ සල්ලි වලින් ජීවත් වෙන රටේ රාජ්‍ය නායකයා රටේ ජාතික උත්සවයකදී අවුවේ පැය බාගයක් "හිටං" ඉන්න තරම් බැරි එකෙක් වීම හුඟක් එවුන්ට අමතකය..
යුද්ධයකට යා යුත්තේ ආයුධ සමග මිස නවගුන වැල රැගෙන නොවන බව මාගේ හැඟීමයි..විකට් හතරක් වැටිලා කණ්ඩායම අමාරුවෙන් තියෙද්දිත් බෝලේ දාපු එකාවත් කැච් එක ගත්තු විකට් කීපර්වත් ඉල්ලන්නේ නැතුවම විනිසුරු මුකුත් කියන්නත් කලින්ම අවුට් කියලා බැට් එක කිහිල්ලේ ගහන් ගිහින් මහත්මයෙක් වෙන්න හදන සංගාට වඩා බැට් එකේ බෝලේ වැදිලාත් කැච් එක අරන් බෝලර් කීපර් කෑගැහුවත් විනිසුරු ඇඟිල්ල උස්සනකම් යන්නේ නැති ඩිල්ශාන්ට වගේම මුල් බෝලෙට 4ක් 6ක්වැදුනත් හිනාවෙලා ගිහින් ඊළඟ බෝලෙන් ගිරිය කඩාගෙන එල්බීඩබ්ලිවු එක ඉල්ලන උඹේ ගේමට මම කැමතිය..නමුත් උඹේ මෝඩකමවත් සංගාගේ මහත්මාගතියවත් මට වැඩක් නැත්තේ ඌ ද උඹද රට වෙනුවෙන් තරඟ දිනවා දී ඇති නිසාය..
2012 ලෝක කුසලාන අවසාන තරඟෙදී රට වෙනුවෙන් උඹ යවපු අන්තිම ඕවරේදී උඹට නෙලපු කොදෙවු ක්‍රීඩක මාලන් සැමුවෙල්ට උඹට වඩා අපේ එවුන් ආදරේය..2014 ලෝක කුසලානයේදී උඹේ හොඳම යාලුවා කුලේ එක්ක අන්තිම ඕවර හතර හිර කරගෙන හිටපු විරාත් කෝලිට අපේ එවුන් දැන් උඹට වඩා ආදරේය..ඉස්කෝලේදීත් ඉංග්‍රීසි තමයි මට බැරිම කියලා හිනාවෙලා කියන වැල්ලේ ලසිත් කේන්තිය පිට කරන ආකාරය කෙලින් වචන මෝඩ බව නූගත්කම ලෙස දකින එවුන්ට මවා පාන මහත්මා ගතියට යටින්ද ඇත්තේ මෝඩ ලසිත්ට මෙන්ම තම පුද්ගලික අරමුණු පමණක් බව නොතේරෙන අපිට මවා පාන දේශප්‍රේමී දේශපාලනයත් බටහිරගැති දේශපාලනයත් කරන්නවුන්ගේද අරමුණු සමාන බව තේරුම් ගන්නට බැරිවීමට තරම් අපි මෝඩවීම ගැන ලැජ්ජාවෙමු..



