වැලිමඩ මුස්ලිම් වෙළද ආපන ශාලාවක් ඇතුළතදී සිංහල තරුණයින් දෙදෙනෙකු කපා කොටා මරා දමා තිබේ. වයස 20 හා 21 තරමේ මේ මියගිය තරුණයින් එතම පවුලේ අයියාත් මල්ලීත්ය. ජනමාධ්‍ය ආචාර ධර්ම සියයට සියයක් සුරකින අපේ රටේ විද්‍යුත් හෝ මුද්‍රිත ජනමාධ්‍ය මැරුනේ මොන ජාතියක එකෙක්ද, මැරුවේ මෝන ජාතියක එකෙක්ද යන්න හෙළි කරන්නේ නැත. කොටින්ම යට ඇදුමේ රත්තරං කිලෝ දහයක් හංගාගෙන ආ එකවුන්ටන් නෝනා මරක්කල බව හෙළි කලේද නැත. එසේ නොකලේ, ඒ ඇත්තියන්ගේ යට ඇදුම් එච්චර ලොකුයැයි හෙලිවන නිසා නොවේ. ජාතික සංහිදියාව රකින්නටය. නමුත්, දෙමල, හෝ මරක්කල දරුවකුට අම්මා තන කිරි පොවදිද් ඉස්පොල්ලේ (පිට උගුරේ) ගියා නම්, ඒ නිමේශයේ එතැනින් ගියේ සිංහලයකු නම්, එය ජාතිය සමග වාර්තා කරන්නට මේ ජඩ මාධ්‍ය පැකිලෙන්නේ නැත.
අපි මේ යුක්තිය ඉල්ලන්නේ මිය පරලොව ගියේ සිංහලුන් නිසා නොවේ. දෙමලෙක්, මරක්කලයෙක්, සිංහලායෙක් පමණක් නොව, ජාතියක් ජම්මයක් නැති දුගීමගියකු මරා දැමුවද යුක්තිය පසිදලිය යුතුම වේ. යාපනයේ දෙමල ශීෂ්‍යාවක් අමානූෂික ලෙස දූෂණය කර මරා දැමූ අවස්ථාවේ කොන්දේසි විරහිතව ඒ අපරාධකරුවන් එල්ලා මරා දැමිය යුතු බව අපි කීවෙමු. එ් සදහා ජනාධිපති විශේෂ විධිවිධාන සහිත අධිකරණයක්ද ප්‍රකාශයට පත්කළ බව සැළවිනි. ඒ විශේෂ අධිකරණය පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුවටම යුක්තිය ඉටුකළ යුතුය. එහෙත්, අපි දෙමළවත් වුනා නම් ජනාධිපතිතුමා ඇවිත් ‘දුක් සැප කුමන්දා යැයි අසන්නට තිබුනා‘, යැයි දූෂණයට ලක්වූ/ලක්වන සිංහල දැරියන්ට නොසිතිය යුතුය.
ආරංචියේ හැටියට මරණයට ලක්වී ඇත්තන් මරක්කල වෙළද සැලෙන් කප්පම් ගන්නට ගොස් ඇත. දැනට පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේද එයමලු. දඩමස් ගොරකා කරන, ගොරකා දඩමස් කරන රටේ අපි අපේ විමසිලිමත් භාවය අවදියෙන් බව කිව යුතුය.
මරණ සන්සන්දනය සදාචාර සම්පන්න නැත. එහෙත් රතුපස්වල වෙඩිවැදී කෙනෙක් මියගිය විට මොරගා ඒ මළ කදන් වෙන්දේසි කළ ජේ වී පීය කෝ? පර සුද්දාගේ වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තුවට යන්න පොරකන කොල, නිල්, රතු, කහ, සුදු, කළු බහුටන් පෝලිමේ වැලිමඩ නොයන්නේ මලේ සිංහලයන් දෙදෙනක් නිසාද?
මේ අයි එස් අයි එස් අත්හදා බැලීමක්ද? 1915 කොලහලය, මාවනැල්ල, අළුත්ගම, ආදී සංසිද්ධියක පුනරාගමනයක්ද? ඉන්දියාවේ සිට පැමිනි දෙමළ සරණාගතයන් සමග පැමිණි ජිහාඩ් පුහුනුව ලත් තවුහීද් ජමාත් හෝ වෙනත් පිරිසත් නැකතට වැඩ ඇල්ලුවා වත්ද? ආවේ කොල්ලකන්නට වුවද, මොකා ආවත් මරා දමන්නට අපේ රටේ වලංගු නීතියෙන් ඉඩක් නැත. මේ ශරියා නීතිය ක්‍රියාත්මක කිරීමක්ද? සිංහලයා වද කරන්නට සතකුප්ප පන්නයේ සෙල්ලම් අවසන් වී, දැන් ඉතිරි සිංහලයින් මරන්නට සෘජුවම ඇරඹියා වත්ද? සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවේ බැවින් අපි මේ ගැන කිසිත් නොකියමු. තීන්දුව ලැබෙන තුරු බලා සිටිමු.