මාලිගාවෙ ඇතා

meeka

Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    zqPI0VP.jpg


    මේ අලිත් පෙරහැරේ ගෙනියන්න පුලුවන්නම් මෙහෙම අකාලයේ මියයන අලි ගැනත් හැමෝම කතා කරයි නේද? හැමෝටම පෙරහැරේ යන අලිය පේනව. මේව පේන්නේ නෑ. පෙරහැරේ අලි තහනම් කරා කියල ලංකාවේ අලි බේරගන්න බෑ.
     

    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    පෙරහැර කාලේදී මාලිගාවට ගිය වෙලේක ඇත්ගොව්වෙක් පොඩි අලි පැටියෙක්ට කෑගහලා ඇදගෙන යනවා දැකලා මට සෑහෙන්න දුක හිතුණා.
    ඔය පෙරහැරවල් වල අලි නටනවා කියලා ඔය පැද්දෙන්නේ stress එකටලූ
     
    • Like
    • Sad
    Reactions: fdk and Solo Rider

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    මගෙ හැගිම නං අලින්ට පාඩුවෙ ඉන්නදිල අලියෙක් කරඩුව වඩම්මන හිංසාවාදි කන්සෙප්ට් එක අයිං කරනකල් අලිසෙල්ලම නතරකරන්න බැහැ... දැන් මේ අලියෙක් ඇතිකිරිම ට්‍රෙන්ඩි එකවෙලා..මෙ රැල්ල වැඩිඋනාත් අලිඇතිකරනඋං කැලේටදාල අලිටික ගෙවල්වලට දාගන්න හොදා....කාලෝචිත නුලක්
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ඒ කාලෙ රජතුමාගේ කඩොල් ඇතා හොදින් කිසිම වද හින්සාවක් නැතුව ඉන්න ඇතිද.මම හිතන විදියට දම්වැල් නම් දාන්න නැතුව ඇති.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,337
    6,518
    113
    හැමදේම නැති කරන්න ගියොත් අපිට සංකෘතියක් නැති වෙනවා ඒ නිසා අඩු පාඩු හදාගෙන ඉදිරියට යන්න ඕනේ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මගෙනං අදහස පෙරහැරකට උණත් අලි, ඇත්තු යොදාගන්න ඕනෙ නෑ...

    මන් ඕක පේස්බුක් පේජ් එහෙක බොහොම සන්වරව කිව්ව
    උන් මට හෙන බලු විදියට බැන්න ඕයි,

    බෝන් අගේන්, ඉවැන්ජලික්, එන් ජී ඕ, ඩොලර් කාක්ක කියල්ත් කීව
    මන් හැරිල ආව බන් :(
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔය අලි අල්ලන කෙලිය ආවේ මෙහෙමයි .මතකද අර තාත්ත මලා එකා වනජීවී ඇමති කාලේ අලි සංගණනයක් කලා සන්ගනනෙට ඉස්සෙල්ල කිව්වා එකක් තමයි අලි අද ඉවරයි හෙට ඉවරයි ගොඩක් අලි කැලැවේ නෑ කිය කිය හිටියට සන්ගනනේදී හිතුවට වැඩිය අලි ඉන්නවා කියල මුන්ට මාට්ටු උනා එතනින් පස්සේ තමයි ඔය අලි අල්ලන කෙලිය ආවේ මහින්දගේ කාලේ
     
    • Sad
    Reactions: Solo Rider

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    මට හිතෙන විදිහට නම් ඉතින් අපිට මිනිස්සු සත්ව හින්සනේ කරන එක 0 ටම අඩු කරන්න බෑ
    මිනිස්සු කැලෙන් එලියට එනකොටම සත්තුන් වත් අරන් ඇවිල්ල තියෙනවා
    ඒ ගනුදෙනුව ඉතින් ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි
    පෙරහරේ යන අලියා icon එකක් ඉතින්
    එහෙම කියල අලි පෙරහරේ යනකොට වද දෙන එක අනුමත කරන්න බැහැ
    නමුත් මිනිස්සුන්ට ඒ සත්තු ගැන වෙනස්ම විදිහකට අදහසක් දෙන්න පුළුවන් තැනක් ඒක
    මිනිස්සු පෙරහරේ යන අලින්ට ගරු කරනවා වගේ එකක් තියෙනවා නේද
    ඒක පාවිච්චි කරන්න පුළුවන් conservation වැඩ අලි මිනිස් ගැටුම් අඩු කරන ඒවාට එහෙම
    හෙන කාලෙක ඉඳල කරගෙන එන දෙයක් හින්ද ඉතින් නවත්තන්න කියන්න අමාරුයි

    ඕක කිව්වම ගොඩක් අය කියාගෙන එන එකක් තමයි අස්ස රේස් නවත්තන්නේ නැත්තේ ඇයි මස් කන්න ඇති කරන සත්තු පව් නැද්ද වගේ ඒවා
    ඒ කතා වල ඇත්තක් තිබුනට අලින්වයි කුකුල්ලුන්වයි සමාන කරන්න බෑ
    සත්තු විදිහට උන්ට ජීවත් වෙන්න එකම අයිතිය තිබුනට අලි වගේ වඳ වී ගෙන යන සත්තුන්ට වෙනම වටිනාකමක් තියෙනවා
    පෙරහැර නැවැත්තුවේ නැති උනාට ලංකාවේ දන්නා තරමින් නීති ඕනේ තරම් තියෙනවා අලි අල්ලන එක නවත්තන්න
    අලි අල්ලන එවුන්ව සරලවම නවත්තන්න පුළුවන්නේ

    එක හින්ද ඉතින් නීතිය වැඩ කරන විදිහක් බලන එක තමා හොඳම
    අනික් අතට ලංකාවේ අලි මිනිස් ගැටුම හින්ද අලි අම්බානට මැරෙනවා
    කැලේ පොඩි වෙන හින්ද තව ප්‍රස්නේ වැඩි වෙනවා
    විසදුම් තියෙද්දිත් ඒවා කරන්නේ නැති එක තමා ඇත්තටම සත්තුන්ටයි මිනිස්සුන්ටයි දෙගොල්ලන්ටම තියෙන ලොකුම ප්‍රස්නේ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    හැමදේම නැති කරන්න ගියොත් අපිට සංකෘතියක් නැති වෙනවා ඒ නිසා අඩු පාඩු හදාගෙන ඉදිරියට යන්න ඕනේ.
    මේකෙත් ඇත්තක් තිබේ...
    මන් ඕක පේස්බුක් පේජ් එහෙක බොහොම සන්වරව කිව්ව
    උන් මට හෙන බලු විදියට බැන්න ඕයි,

    බෝන් අගේන්, ඉවැන්ජලික්, එන් ජී ඕ, ඩොලර් කාක්ක කියල්ත් කීව
    මන් හැරිල ආව බන් :(
    හොඳ වැඩේ.. ෆේස් බුක් අස්සෙ රිංගන්න යනවට.

    ඔයාට තිබුණෙ, බුදුහාමුදුරුවො තමුන්වහන්සේගෙ ධාතූන් අලි පිටේ ගෙනියන්න කියල දේශනාකරල තියෙන්නෙ කොතනද කියල අහන්න...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,259
    100,030
    113
    මන් ඕක පේස්බුක් පේජ් එහෙක බොහොම සන්වරව කිව්ව
    උන් මට හෙන බලු විදියට බැන්න ඕයි,

    බෝන් අගේන්, ඉවැන්ජලික්, එන් ජී ඕ, ඩොලර් කාක්ක කියල්ත් කීව
    මන් හැරිල ආව බන් :(

    අඩෝ සොරි බන් මම උබ කියල දන්නෙ නැතුව එහෙම බැන්නෙ. :(:( අඩුම බල්ලවත් ප්‍රොෆයිල් එකේ හිටිය නන් කූල් වෙන්න තිබ්බ.
     
    • Haha
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,191
    166,334
    113
    එකමත් එක රටක
    මන් ඕක පේස්බුක් පේජ් එහෙක බොහොම සන්වරව කිව්ව
    උන් මට හෙන බලු විදියට බැන්න ඕයි,

    බෝන් අගේන්, ඉවැන්ජලික්, එන් ජී ඕ, ඩොලර් කාක්ක කියල්ත් කීව
    මන් හැරිල ආව බන් :(
    උබට බනිද්දි කියන්න තිබ්බේ ශිරන්ති ගේ සින්දුව. 🥱