මාලිමාවක් නැතිව දිශාව සොයමු

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මාලිමාවක් නැතිව දිශාව සොයමු

    අපි කැලයක අතරමන් උනොත් අපිට මාලිමාවක් නැත්නම් ඒවගෙ අවස්තාවක ප්‍රධාන දිශා 4 දළව සොයා ගත හැකි ක්‍රමයක් තමයි පහලින් සදහන් කරල තියෙන්නෙ හැබැයි ඉතින් මේ ක්‍රමය යොදාගත හැකිවෙන්නෙ පැහැදිලිව ඉර පායල තිබෙන දවල් දවසක තමයි.මේ ක්‍රමය පෘතුවියේ අර්ධ ගෝල දෙකටම ඉහත තත්ව යටතෙ ගැලපෙනවා
    -------------------------------------------------------------------------------------------------​
    අඩි 3ක් විතර උස කොටු කෑල්ලක් සිටව ගන්න.දැන් කොටුවෙ සෙවනැල්ලෙ කෙලවරින් ගල් කැබැල්ලක් තබන්න.විනාඩි 15කට විතර පස්සෙ කොටුවෙ සෙවනැන්ල ලබාගත් නව පිහිටුමෙ කෙලවරින් තවත් ගල් කැබැල්ලක් තබන්න.දැන් එම ගල් කැබලි දෙක රේකාවකින් යාකරන්න මෙය බටහිර-නැගෙනහිර රේඛාවයි,ඉන්පසු පළමු ගල් කැබැල්ලට වම් කකුලෙ විලුබද දෙවන ගල් කැබැල්ලට දකුණු කකුලෙ විලුබද තබූ විට ඔබ මුහුනලා සිටින්නෙ උතුරු දිශාවටයි.ප්‍රධාන දිශා 3ක් සොයා ගත්තකියන්නෙ ඉතුරු ඒවා නිකම්ම සොයාගන්න පුලුවන්,කොහොමත් පළමු ගල තියෙන්නෙ බටහිර දෙවන එක නැගෙනහිර ඔය දෙය හොයාගත්තහම පුරුදු කෙනෙකට මනොමයෙන් අනෙක් දිශා කියන්න පුලුවන්

    bdcf680a18efa6a6b75ce54b0468920c.jpg

    මේක මුලින්ම සමහර අයට ටිකක් සංකීරන වෙවි පොඩ්ඩක් පෘතුවියෙ චලිතය ගැන මතක් කර ගන්න
    ප්‍රශ්නයක් තියෙනවනම් comment එකක් දාගෙන යන්න

    Last edited:
    Oct 13, 2016
    2,675
    276
    0
    කොටුවේ හෙවනැල්ල කොහොමද බන් උතුරට වැටෙන්නේ? එක්කෝ නැගෙනහිරට නැත්නම් බටහිරට නේ වැටෙන්න ඕනේ?
     
    • Like
    Reactions: Mewan_Rose

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කොටුවේ හෙවනැල්ල කොහොමද බන් උතුරට වැටෙන්නේ? එක්කෝ නැගෙනහිරට නැත්නම් බටහිරට නේ වැටෙන්න ඕනේ?

    ඉර හරියටම කෝටුව මුදුනෙන් යන්නෙ නෑ එහෙමුනානම් හරියටම නැගෙනහිර හරි බටහිර හරි හොයාගන්න තිබුනා එහෙම හරියටම උඩින් යන තැන් වලටත් මෙක යොදා ගන්න පුලුවන් ඇයි ඉර එක එක කලාප වලට යම් යම් කාල වලදි මුදුන් වෙන එක නිසානෙ ඔය සෘතු අති වෙන්නෙත්.
     
    ඔව් මචන්. උඹ හරි. ඒත් ලංකාව වගේ සමකාසන්න රටකදී නම් කොටුවේ හෙවනැල්ල වැටෙන පැත්තේ බලලා දිශාව හොයාගන්න පුළුවන් මචන්. මම පොඩි කාලේ ඉඳලාම ඔය වැඩේ කරලා තියෙනවා. අංශක පොඩි ගානක වෙනසක් තමයි තියෙන්නේ. ඒත් වෙන රටකදී නම් ඒ වැඩේ සාර්ථක වෙන්න නෑ තමයි.

    Thanks for sharing. REP 1+
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔව් මචන්. උඹ හරි. ඒත් ලංකාව වගේ සමකාසන්න රටකදී නම් කොටුවේ හෙවනැල්ල වැටෙන පැත්තේ බලලා දිශාව හොයාගන්න පුළුවන් මචන්. මම පොඩි කාලේ ඉඳලාම ඔය වැඩේ කරලා තියෙනවා. අංශක පොඩි ගානක වෙනසක් තමයි තියෙන්නේ. ඒත් වෙන රටකදී නම් ඒ වැඩේ සාර්ථක වෙන්න නෑ තමයි.
    එහෙම කියන්න බෑ,හරියට හෙවනැල්ල වැටෙන පැත්ත බලලා නැගෙනහිර හරි බටහිර හරි කියන්න පුළුවන් වෙන්නේ හරියට කොටුව තියෙන තැනට මුදුනේන් ඉර ගමන් කරන කාලයකදී විතරයි ලංකාව සමක ආසන්න රටක් නිසා සමකයට ආසන්නව ඉර ගමන් කරන කාලෙට ආසන්නව අපිට කෙළින්ම දිශාව කියන්න පුළුවන් උනාට ඉර උතුරු හරි දකුණු හරි අර්ධද්වීපයක මුදුන් වුනොත් ලංකාව හෙවනැල්ල හරියටම නැහිර බහිර දෙකෙන් එකකට වැටෙන්නෙ නෑ.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මුල්ම ගල නැගෙනහිර වෙන්න ඕන නේද ?

    නෑ අපි පෘතුවිය නිශ්චල වස්තුවක් ලෙස සැළකූවිට ඉර නැගෙනහිර සිට බටහිර දෙසට චලනය වන බව අපිට සලකන්න පුළුවන් එතකොට කොටුවේ ඡායාව බටහිර සිට නැගෙනහිරට ගමන් කරන්නෙ.ඒක නිසා මුල්ම ගල තියෙන පැත්ත බටහිර
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ලංකාව තියෙන්නේ සමකයට උතුරින්, එක නිසා කාලෙකට අපිට උතුරින් ඉර ගමන් කරනවා කාලෙකට් දකුණින්. එක නිසා තමයි අපිට ගොඩනැගිලි වල කාලෙකට පෙත්තකින ජනෙල් වලින් අව්ව එන්නෙත් අනිත් කාලෙට අනිත් පැත්තෙන් අව්ව්ව එන්නෙත්

    බස්නාහිර නැගෙනහිර කිව්වට
    උතුර දකුන කියන්න බෑ නේද?
    --- ඔය දෙක දන්නා එකාට උතුර දකුණ හොයා ගන්න බැරිනම් උගෙන් ඇති පලේ මොකක්ද
     
    • Like
    Reactions: Mewan_Rose

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    බස්නාහිර නැගෙනහිර කිව්වට
    උතුර දකුන කියන්න බෑ නේද?
    පුළුවන් මේකේදි නම් අර කියපු විදියට පාද තැබීමේන් උතුර හඳුනා ගන්න පුළුවන්,
    එහෙම නැතත් පිළිවෙළින් බස්නාහිර දකුණ නැගෙනහිර උතුර ලෙස වාමාවර්ත ලෙස දිශා පිහිටන නිසා උතුර දකුණ හඳුනා ගන්න පුළුවන්
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පුළුවන් මේකේදි නම් අර කියපු විදියට පාද තැබීමේන් උතුර හඳුනා ගන්න පුළුවන්,
    එහෙම නැතත් පිළිවෙළින් බස්නාහිර දකුණ නැගෙනහිර උතුර ලෙස වාමාවර්ත ලෙස දිශා පිහිටන නිසා උතුර දකුණ හඳුනා ගන්න පුළුවන්

    අනේ මන්ද බන්
    ෆොන් එක නැතුව මොනාත්
    හිතන්න බෑ:D
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    එහෙම කියන්න බෑ,හරියට හෙවනැල්ල වැටෙන පැත්ත බලලා නැගෙනහිර හරි බටහිර හරි කියන්න පුළුවන් වෙන්නේ හරියට කොටුව තියෙන තැනට මුදුනේන් ඉර ගමන් කරන කාලයකදී විතරයි ලංකාව සමක ආසන්න රටක් නිසා සමකයට ආසන්නව ඉර ගමන් කරන කාලෙට ආසන්නව අපිට කෙළින්ම දිශාව කියන්න පුළුවන් උනාට ඉර උතුරු හරි දකුණු හරි අර්ධද්වීපයක මුදුන් වුනොත් ලංකාව හෙවනැල්ල හරියටම නැහිර බහිර දෙකෙන් එකකට වැටෙන්නෙ නෑ.

    Lankawedi api Negenahira (East) kiyanne hemadama ira payana peththane ban. Oka kawadawath wenas wenne na ne? (Ethakota udeda/hawasada kiyala balala hewanella thiena peththen East-West hoyaganna puluwan ne?)
     
    • Like
    Reactions: Mewan_Rose