සේරම දේශපාලකයෝ එකයි. ඒත් ජවිපේ කන්නේ අනුර කුමාර ගෙවත් රනිල්ගේ කුක්කා.
පොඩී ඡන්දේ තිබ්බ නම් ඒ දවස්වල තිබ්බ රැල්ලත් එක්ක දිනන්නේ NPP එක. පොඩි ඡන්දේ දිනලා පක්‍ෂෙට හොද ගේමක් ගහගෙන ගොඩ යන්න තිබුනා. වෙනදට පොඩ්ඩ බැරි වෙද්දි උද්ගෝෂණ කරන එකා මේවට මීක් නෑ. දැන් ඉතින් රනිල් ලොක්කා ප්‍රෙටල් අඩු කරලා, සමෘද්දි දීලා,කෑම මිල අඩු කරාම ලංකාවෙ යක්ඛ පුතාලා හැමෝම ඊළග ඡන්දෙදි රනිල්ව ජනාධිපති කරයි. දැන් එළකිරියේ, ෆේස්බුක් එකේ පෝල් එක්ක් දැම්මොත් අනුරයි , රනිලුයි එක වගේ වෝට් ගන්නවා. තව ටීක දවසක් යද්දි රනිල් තමයි පෝල් එකක් දැම්මත් වැඩීම වෝට් ගන්නේ. ලංකාවේ මිනිස්සුන්ට කන්න ටික ලැබෙනව නම්, වාහනේට තෙල් ටික ලැබෙඅවා නම් ඒ දෙන කෙනාට මිනිස්සු ඡන්දේ දෙනවා කියලා රනිල් උනත් දන්නවා . මම නම් අනුරව දකින්නේ පක්‍ෂය පාවාදීපු එකෙක් හැටියට. සෝමවංශ අන්තිම කාලෙදි කියපුවා දැන් ඇත්ත වේගෙන එනවා.
අනිවා දැන් මේ කරන්නේ රනිල්ගේ කොන්ත්‍රාත් එකක් තමයි. වෙන එකෙක් කෑගහන්න ඉස්සෙල්ලා ජේවීපී එකෙන් ඒ ප්‍රශ්න ගැන කෑගහනවා. පස්සේ ඒ ප්‍රශ්න වලින් එන ප්‍රෙශර් එක දේශපාලන පක්ෂ වලට කොන්ට්‍රෝල් කරන්න බැරි ලෙවල් එකේ මිනිස්සුන්ගෙන්ම හැදෙන අරගලයක් වෙනකම් යන්න නොදී නතර කරනවා.
අනික තමයි මම නම් හිතන්නෙ නෑ ජේවීපී එකට ආණ්ඩුවක් ගන්න ප්ලෑන් එකක් තියනව කියලා. මොකා මොන දේ කිව්වත්, 2022 ජූලි වල රටට කෙලවුන තරමට බලේ ගත්තනම් කියන ඒවා කරන්න වෙන්නෙත් නෑ, තිබ්බ ජනප්‍රියත්වයත් නැතිවෙනවා. ඊලඟ ආණ්ඩුව ගත්තත් එඑච්චරයි. political career එකක් හදාගන්න එකෙක්ට මේ ආණ්ඩුවයි, මේකෙන් පස්සෙ එන ආණ්ඩුවයි ගන්නවා කියන්නේ වහ කෑවා වගේ වැඩක්. බලය ගත්තොත් ගෝටා එපා උනාට වඩා කලින් ඕකුන්ව එපා වෙන්න ගන්නවා. මොකද ඉන්දියාවට ඕන විදියට නටන ගමන් IMF එක කියන කියන දේවල්ටික කරන්න ගත්තම ඔය ගෙම්බර් ඔක්කොම බහිනවා. මිනිස්සුන්ට මවපු හීන ලෝකේ ඇත්තට දෙන්න බැරිවෙනවා.
කරන්න තියන ලේසිම දේ සහ, උන්ගෙත් ප්ලෑන් එක තියෙන්නෙ මම නම් හිතන විදියට ලංකාවේ ප්‍රභල විපක්ෂයක් වෙන්න විතරයි.