මාලිමාවෝ මිනී මරයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    මාලිමා කාර්යාලයක පින්තූර ගත්තැයි තල්ලු කල අයෙක් ඇදවැටී මිය යයි..

    rb8d8y.jpg

    ජාතික ජනබලවේගයේ මහනුවර අංකුඹුරේ පක්ෂ කාර්යාලයක් ඉදිරිපිටදී අවසරයකින් තොරව එහි ඡායාරූපයක් ගෙන සමාජ මාධ්‍යයට මුදා හරින ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඉකුත් සැප්තැම්බර් මස 19 වැනිදා ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් තල්ලු කිරීමෙන් ඇදවැටී රෝහල්ගතව සිටි ව්‍යාපාරිකයකු ඊයේ (11) මිය ගොස් ඇතැයි අංකුඹුර පොලිසිය පවසයි.

    සිද්ධියෙන් මියගොස් ඇත්තේ අංකුඹුර, ගල්හින්න ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් රූම් (54) නමැති ව්‍යාපාරිකයෙකි.

    සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ආධාරකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

    සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා එදින සිට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

    ව්‍යාපාරිකයා පක්ෂ කාර්යාලය අසලට පැමිණ එහි ඡායාරූපයක් අනවසරයෙන් ලබාගෙන එය සමාජ මාධ්‍යයට මුදා හරින ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගල්හිද ප්‍රදේශයේදී සැකකරු ඔහුගෙන් කරුණු විමසා ඇති අතර එහිදී දෙදෙනා අතර බහින් බස් වීමක් දුරදිග යාමෙන් සැකකරු ව්‍යාපාරිකයා තල්ලු කර ඇති බව පොලිසිය පවසයි.

    බිම ඇද වැටීමෙන් තුවාල ලැබූ ව්‍යාපාරිකයා දින 20කට ආසන්න කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මිය ගොස් ඇත.

    අංකුඹුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

    – ඉන්දිකා රාමනායක සහ ගයාන් සූරියආරච්චි