මාලිමා මුදල් ඇමතිට ආර්ථික විද්‍යා ටියුෂන් ගුරුවරයෙකුගෙන් ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් මෑතකදී කරන ලද ප්‍රකාශයකට ආර්ථික විද්‍යාව උපකාරක පන්ති දේශක ධනුෂ්ක ලක්මාල් මහතා ප්‍රතිචාර දක්වයි.​

    ලෝකයේ ප්‍රධාන ධනපතියකු වන ඊලෝන් මස්ක් ආර්ථික ඝාතකයෙක් බවට හඳුන්නෙත්ති මහතා විසින් කළ ප්‍රකාශයට ඔහු දැඩි ලෙස විවේචන කරයි.​

    ඔහු පෙන්වා දෙන්නේ රටක ව්‍යාපාරිකයන් ගොඩනගන්නේ නැතිව රටක ආර්ථිකයක් ගොඩ නැගිය නොහැකි බවය.​

    රජයන් විසින් ව්‍යාපාර කරමින් ආර්ථිකය පවත්වාගෙන යන මොඩලය නූතන ලෝකයේ අහෝසි වී ගොස් ඇති බවත් එවන් ආර්ථික මොඩල දැනට ඉතිරිව ඇත්තේ උතුරු කොරියාවේ හා කියුබාවේ පමණක් බවත් එම රටවල්ද ඉතා අසීරු තත්ත්වයකට පත්ව ඇති බවත් ඔහු කියා සිටියි.​