අතිගරු ජනපතිතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමියනි, ගරු ඇමතිතුමනි, ජාතික ජනබලවේගයේ නව රජය නියෝජනය කරන සියළුම දේශපාලන නිලධාරිවරුනි, වරියනි,
ඉතිහාසය කණපිට පෙරළවමින් ජාතික ජන බලවේගයේ ජනපතිවරයෙක් මේ රටට පහල වූයේ 42% ක ජනවරමකිනි. ඒ පිළිබඳව අප ඔබට මීට පෙරත් සුබ පැතුම් එක් කල ඇති අතර, නැවත වරක් සුබ පැතුම් එක් කිරීමට මා මෙය අවස්ථාවක් කර ගනිමි.
ගරු ජනපතිතුමනි, මැතිවරණයක් අවසන් වීමෙන් පසු, ඉතාම වේගයෙන් වැඩිම මැතිවරණ පොරොන්දු සංඛ්‍යාවක් කඩා දැමූ ජනපති අපේක්ෂකයා ලෙස ඔබ මේ වන විට වාර්තා පොත් වලට එකතු වී ඇතැයි මට හැඟේ. කෙසේ වුවත් ඔබට අමතක නම් එයින් කිහිපයක් ඔබට මතක් කිරීමට කටයුතු කරමි.
1. දුප්පත් ජනතාවට ලබා දෙනවා කියූ රුපියල් දස දහසේ දීමනාව ගැන වගේ වගක් නැත.
2. බදු රහිතව ඉන්ධන ලබා දීම ගැන දෙඩූ පුරසාරම් මේ වනවිට සිහින බවට පත් වී ඇත.
3. විශ්‍රාමිකයන් වෙත ලබා දුන් සිහින බොඳව ගොස්, වැඩිකල රුපියල් 3000 හිඟ දීමනාව දෙවන මාසයටද ලබා දී නොමැත.
4. උගන්ඩාවට රාජපක්ෂලා ගෙන ගිය ඩොලර් මේ වනවිටද, ඔබ පාර්ශ්වය විසින්ම බොරුවක් බවට ප්‍රකාශ කර අවසන් ය. ඩොලර් බිලියන 18ක් ලත් තැන ලොප් ය.
5. ඔබගේ රජය පැමිණි විගසම, පිටරට සිටින ශ්‍රී ලාංකිකයන් එවනවා යැයි කියූ ඩොලර් හොයා ගන්නටද නොමැත. සුනිල් හඳුන්නෙත්තිට කැනඩාවෙන් එවන්නට පොරොන්දු වූ ඩොලර් මිලියන දේකේ සහෝදරයා ආගිය අතක් නැත.
5. IMF සමඟ සංශෝධන කරනවා යැයි කියූ නමුත් එසේ වගේ වගක් නැත. IMF කියූ සියළු දේ නිසි ලෙස, ඉල්ලීම් වලින් පවා තොරව පිළිගෙන ඇත.
6. ඩොලර් බිලියන 42ක ණය කජ්ජක්දැයි ඇසූ නමුත්, මේ දින කිහිපයට ඔබ රුපියල් බිලියන 42කට වැඩි ණය ප්‍රමාණයක් දේශීය හා විදේශීය වශයෙන් රැගෙන තිබේ. මාසයකට බිලියන් 40ක් සේ ගණනය කලත් ඔබේ වසර 5 තුල ඔබ ලබා ගන්නා ණය ප්‍රමාණය බිලියන 2400කට ආසන්න විය යුතුය. එය ඇඟ හිරිවට්ටවන අගයකි.
7. පාස්කු ප්‍රහාරයට සාධාරණය කරනවා තබා, පාස්කු ප්‍රහාරයේ වාර්තාව එලියට එන එකට පවා ඔබ සලිත වී සිටී. ගම්මන්පිල වාර්තාව එලියට දානවා කී විට, ඔබේ ජනතාව ඔබ ඊට බිය වෙනවා දැකීමට කැමති වන්නේ නැත. නමුත් ඔබ පාර්ශ්වය දැන් එය හත්පොලේ ගා ගනිමින් සිටී.
8. බලයට ආපු විගසම සිදු කරනවා යැයි කියූ වැට් බදු අඩු කිරීම මේ වනවිටත් සිදුව නැත. ඒ පිළිබඳව කතාවක්ද නැත. (
9. කිසිදු විදේශීය ආයෝජනයක් පිළිබඳව හෝ සංවර්ධන කාර්‍යයක් පිළිබඳව කිසිදු කතාවක් නැත. අඩු ගානේ පාරක් බෝක්කුවක ප්‍රතිසංස්කරණයක්වත් පෙනෙන්නට නැත.
10. හොරු ඇල්ලීම පිළිබඳව මහ ජනතාව ඔබ පිළිබඳව තැබූ විශ්වාසය මේ වන විට අවසන් වෙමින් තිබේ. ඒ සඳහා විධායක බලය ප්‍රමාණවත් නොවන බවත්, ව්‍යවස්ථායක බලයත් අවශ්‍ය බවට ඔබ රජය කියන කාරණය පට්ටපල් බොරුවක් බව ජනතාව පිළි ගන්න බවක් නොපෙනේ. කොටින්ම ඔබ අනුශාසකත්වය දැරූ දූෂණ මර්ධන කමිටුවෙන්, නඩු දමා සමහරුන් සිරගත කලේ, පාර්ලිමේන්තු බහුතරයකුත් නොමැති තැනය. ඔබට එය මතක ඇති.
තවත් මෙවන් කඩවුනු පොරොන්දු අටෝරාශියක් ඔබ වෙත ඉදිරිපත් කල හැකි නමුත්, මෙම ලිපියේ ඉදිරි කරුණු උදෙසා එම කාරණා මෙතෙකින් නවතා ඉදිරියට යමි.
මීලඟට ඔබේ අවධානය යොමු කරනු ලබන්නේ ඔබ කඳවුරේ දේශපාලන අපරිණත භාවය පිළිබඳවය. ඒ සඳහා උදාහරණ කිහිපයක් සටහන් කිරීමට අදහස් කරමි.
1. ගාලු මුවදොර වාහන සංදර්ශණය
වාහන 2600ක් තැන් තැන් වල අතැර දමා ගොස් ඇති බවත්, එම වාහන අත්‍යාවශ්‍ය සේවා වෙත මුදා හරින බවත් ආණ්ඩුවේ මුල් දින කිහිපයේම ප්‍රකාශ විණ. මේ වනවිට වෙන්දෙසි කල වාහනයක්වත්, අත්‍යාවශ්‍ය සේවාවන්ට යොමු කල වාහනයක්වත්, වාහනයක්වත් නැත. ගාලු මුවදොර වාහනද නැත.
2. ප්‍රභූ ආරක්ෂාව..
ඔබේ ඩබල් කැබ් ආතල් දැන් නැත. දැන් ලෑන්ඩ් රෝවර් පිරිවරා යන BMW X5 ආතල් වැසි වසා ඇත. දැන් ඔබට රාජ්‍ය නායකයෙකුගේ ආරක්ෂාව පිළිබඳව සිතීම රටේ වාසනාවකි.
3. ගැලරි ආතල් ලබා දීම
ජනපති මැදුර අසල මාවත විවෘත කිරීම, අරලිගහ මැදුරේ ගේට්ටු කඩා දැමීම වගේ ගැලරි ආතල් ඔබෙන් ජනතාව බලාපොරොත්තු වූවානම්, ඒ ඔබේ ස්ථාවර ඡන්ද පදනම වූ 3% ජනතාව පමණි. ඒ තුලින් ඔබ ලබා ගන්නට හැදූ යහපත් ප්‍රතිචාර ඔබ වෙත නොලැබුණ බවද ඔබ සාකච්ඡා කර ඇති බවද මම දනී.
4. ක්ෂණික ආගමික භක්තිය.
ජනපති වූ සැණින් ඔබ විසින් ලබාගත් ක්ෂණික ආගමික භක්තියද හිරු දුටු පිණි බිඳු සේ පහව ගොස් ඇත. ඔබට එහි මහජන වාසිය නොලැබුණු වහාම, ඔබ එය නවතා දැමූ බව මාගේ විශ්වාසයයි.
ඉතින් අග්‍රාමාත්‍යතුමියනි, ඔබේ මහ මැතිවරණ අපේක්ෂක ලැයිස්තුව දෙස බලන්න. අවුරුදු 35ට අඩු අපේක්ෂකයෝ පස් දෙනෙකුවත් ඔබේ අපේක්ෂක ලැයිස්තුවේ නැත. කොටින්ම ජනතා විමුක්ති පෙරමුණේ පරණ කාඩරය හැර, නව අපේක්ෂකයින් 30දෙනෙකුවත් ඔබේ අපේක්ෂක ලැයිස්තුව තුල නැත. තාත්තලා පුතාලා, ස්වාමි පුරුෂයින් බිරින්දෑවරුන් වගේම දෙමස්සිනාලාද ඔබේ අපේක්ෂක ලැයිස්තු තුල ඇත.
ඔබට ඡන්දය දුන් ජනතාව ඇන් කියන කාරණාවන් මාර ආතල් ය.
1. අපි ඡන්දෙ දුන්නේ වාසියට නෙවේ. මේ ක්‍රමය වෙනස් වුනානම් එච්චරයි
2. පොඩ්ඩක් ඉන්න හොරු අල්ලනවා.
3. රාජපක්ෂලා උගණ්ඩාවෙන් අරන් වෙන තැනක සල්ලි හංගලා.
4. අපට ඕන රට හදනවා බලන්න විතරයි.
5. අරලිය ගහ මන්දිරේ ගේට්ටු හැදුවේ මහජන මුදලින්. ඒවා මහජන මුදලින්ම කඩලා දාන්න ඕන
ඉතින් ජනපතිතුමනි, මහ මැතිවරණය වෙනුවෙන් ඔබට සුබ පතමි. සිනාව වලක්වා ගනු වස් මෙම ලිපිය නැවත කියවීමෙන් වළකිමි.
මම