මාතලේ , නාවුල, දඹුල්ල , හුංගම සහ මිද්දෙණිය යන ප්‍රදේශවල රන්මාල කැඩීමේ හා යතුරුපැදි පැහැරගැනීමේ ජාවාරමක නිරත වූ දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හුංගම පොලිසිය සමත්ව තිබේ.
හුංගම පොලීසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු සමග මංකොල්ලකෑම් සිදුකළ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරුවන් ඇඹිලිපිටිය හා මොදරවාන ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයින් වන අතර, ඔවුන් මංකොල්ලකෑම් රැසක් සිදුකර ඇතැයි වාර්තා වේ.
ප්‍රධාන සැකකරු මීට පෙර සිදුකරන ලද අපරාධ රැසක් හේතුවෙන් අධිකරණ වරෙන්තු 5ක් මඟහරිමින් සිට ඇති අතර, රන්මාල මංකොල්ලකෑම් 10කට අධික ප්‍රමාණයක් සම්බන්ධයෙන් පොලීසිය සොයමින් සිටි අයෙකු බව හුංගම පොලීසිය පවසයි.
අනෙක් සැකකරු ද මංකොල්ලකෑම් 4කට සම්බන්ධ බවට පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
අදාළ සැකකරුවන් මංකොල්ලකෑම් සඳහා කුලී පදනම මත ඇඹිලිපිටය ප්‍රදේශයෙන් ලබා ගත් වැගන්ආර් වර්ගයේ මෝටර් රථයක් හා යතුරුපැදියක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
සැකකරුවන් ඊයේ (22) අඟුණුකොළපැලැස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Last edited:


