මාවුස්සාකැලේ ජල මට්ටම ඉහළට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    hxwdQZ4.jpeg


    මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 12 කින් පමණ ඉහළ ගොස් ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරයා සඳහන් කළේ.

    ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිණීමට තවත් අඩි 22 ක් පමණ අවශ්‍ය බවයි.

    පසුගිය කාලයේ පැවති වියලි කාලගුණය හේතුවෙන් ජලාශයේ මතුව තිබූ ආගමික සිද්ධස්ථාන මේ වනවිට නොපෙනී යමින් පවතින අතර මාවුස්සාකැලේ ජලාශයෙන් ලක්ෂපාන විදුලිබලාගාර සංකීර්ණයට අයත් කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටිය යන විදුලිබලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සපයනු ලබයි.