පවතින දැඩි නියඟයේ බලපෑමෙන් උඩවළවේ ජලාශයේ ජල මට්ටම සියයට 02ක් දක්වා අඩු වී තිබේ. මේ හේතුවෙන් උඩවළවේ ජලාශය යටතේ යල කන්නයේ අස්වද්දන ලද කුඹුරුවලින් අක්කර 65,000ක් හානි වීමේ අවධානමට ලක්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
උඩවළවේ ජලාශයට සමනලවැව ජලාශයෙන් ජලය ඝන මීටර් මිලියන 27ක් ජල වාරික දෙකක් සදහා දින 10ක් ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යංශය උත්සාහ දැරූව ද එම කටයුතු අසාර්ථක වී තිබේ. එයට හේතුව නම් මේ වනවිට ඝන මීටර් මිලියන 87ක් වන සමනළවැව ජලාශයේ ජල මට්ටම ඝන මීටර් මිලියන 60ක් දක්වා අඩුවුවහොත් දකුණු පළාතට පැය තුනක විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට සිදු වීමයි.
කෙසේ වුවද උඩවළවේ ජලාශයට යම් ජල ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා දැඩි ප්‍රයත්නයක් ගත් අතර මේ වනවිට එම උත්සාහය යම් ප්‍රමාණයකට සාර්ථක වී තිබේ.
ඒ අනුව උඩවළවේ ජලාශය යටතේ ඇති ජල හිඟයෙන් විනාශ වෙමින් තිබෙන කුඹුරුවලින් යම් තරමකට හෝ ජල ප්‍රමාණයක් ලබා දීමට මොණරාගල ගොවි ජනතාව එකඟත්වය පළ කර තිබේ.
ඒ අනුව මොණරාගල වාරිමාර්ග අධ්‍යක්ෂ වෙතින් කරන ලද ඉල්ලිමක් පරීදි මොණරාගල දිස්ත්‍රික්කයේ වැව් 11ක ඇති ජලයෙන් කොටසක් වේලි ඔය අමුණ ඔස්සේ උඩවළවේ ජලාශයට ලබා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇතැයි අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පවසයි.
ඒ අනුව දිනකට අක්කර අඩි 1200ක ප්‍රමාණයකින් ජලය උඩවළවේ ජලාශයට ලබා ගැනීම ආරම්භ කර තිබේ.
මෙය ඉතා සුළු ජල ප්‍රමාණයක් වුව ද එමගින් දැනට ජල හිඟය නිසා විනාශ වීමේ තර්ජනයට මුහුණ පා ඇති කුඹුරුවලින් යම් කොටසක් හෝ බේරා ගැනීමට මෙම ප්‍රයත්නය හේතු වනු ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේය.
කෙසේ වුව ද උඩවළවේ ජලාශය යටතේ වගා කර ඇති කුඹුරුවලට ජලය නොලැබුනහොත් වී වගාවෙන් රුපියල් බිලියන 17ක සහ විදුලි උත්පාදනයෙන් රුපියල් බිලියන 1.6ක පාඩුවකුත් සිදුවෙතැයි මේ වනවිට ගණන් බලා තිබේ. කෙසෙල් ඇතුළු අනෙකුත් භෝග හානිය නිසාත් සිදුවිය හැකි සමස්ත මුල්‍යමය අලාභය රුපියල් මිලියන 30,000ක් ඉක්මවනු ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.
(lankacnews)
නියඟය මැද කාසල්රි ජල මට්ටම ඉහළට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ටම (02) දින වන විට 78.2% දක්වා ඉහලගොස් ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවරයා පැවසිය.
කාසල්රි ජලාශයේ වේල්ලේ උස අඩි 155 ක් වන අතර , මේ වන විට එම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 26 ක් දක්වා ඉහල ගොස් ඇති බවයි ඉංජිනේරුවරයා කියා සිටියේ.
ජලාශයේ ජල මට්ටම ඉහල යාමත් සමග පසුගිය දිනවල පැවති වියළි කාලගුණය හේතුවෙන් මතු වි තිබු ජලාශයේ දුපත් රැසක් මේ වන විට ජලයෙන් යට වෙමින් පවති.
කාසල්රි ජලාශයෙන් ලබා ගන්නා ජලයෙන් විමලසුරේන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල ජල විදුලිය උත්පාදනය සිදු කරන අතර , විදුලි උත්පාදනයෙන් පසුව එම ජලාශයේ සහ මවුස්සාකැලේ ජලාශයේ ජලය කැළණි ගගට මුදා හරිනු ලබයි.
(lankacnews )
------ Post added on Aug 3, 2023 at 10:10 AM