ගිය පාර දුන්න එකට වඩා සුපිරි ගේමක් දුන්නා. අදයි සල්ලි කැශ් කලේ. විස්තර එක්ක දාන්නම්. VPN එහෙම දාලා ලොග් වෙලා කියන්නම්කො සීන් එක. දැනට ප්‍රිවීව් එකක් හැටියට කියන්නම්කො, මේ පාර දුන්නේ නුවර මුස්ලිම් වියාපාරිකයෙකුට, මුලු මුදල ලක්ශ 25යි.
සින් එක මෙහෙමයි, මට මේ පාර සෙට් උනේ මගේ කසින් කෙනෙක් එක්ක නුවර පාටියකට ගිය වෙලේ. මිනිහා ටිකක් බීලා හිටිය නිසා විකාර කියව කියව හිටියා. ඌ වැඩ කලේ නුවර ප්‍රදාන පෞද්ගලික බැන්කුවක.
බිලා සූර්පිට මූ විකාර කියවන ගමන් ලොකුකමටත් එක්ක මූ කිව්වා නුවර ලොකු සල්ලිකාරයන්ගේ අකවුන්ට්ස් ගැන මූ දන්නවා නම් ගම් එක්ක කියලා. මම මීටර් එකේ ඉදලා පස්සේ පාටිය ඉවර වෙලා ගෙදර ගිහින් පහුවෙනිදා උගෙන් ඇහුවා සීන් එක. මුලින් මතක නැ අනන් මනන් කිව්වත් පස්සේ සහොදරෆිට් එකට කිවා සීන් එක, ඒ නිස මේ වැඩේ මගේ ප්‍රදාන පාට්නර් වෙන්නේ මේ ඉහත කිව්ව මගේ කසින් තමයි.
2017 අප්‍රේල් මාසේ අවුරුදු පහුවෙලා දවසක තමා සිද්දිය පටන් ගන්නේ. අර ඉස්සරවෙලා කිව්ව පාටියෙන් පස්සේ, දවස් දෙක තුනක් ගිහින් මම කසිම් මල්ලිගෙන් ඇහුව (කසින් මල්ලිට අපි නමක් දාමුකො සුරේශ් කියලා ) සුරේශ්ගෙන් ඇහුවා සල්ලිකාරයන්ගේ අකවුන්ට්ස් වල තියන ගනන් මිමි විහිලුවට වගේ. මූත් විහිලුවට වගේ ඇයි ගේමක් දෙන්නද කියල අහන ගමන් හිනා උනාට මම ඇහුවෙම ගේමක් දෙන්න තමයි. ලිස්ට් එකක් මූ කියන් ගියත් වැඩි විස්තරයක් මට මුලිම් ග්රහනය උනේ නැ. සින්හල, දෙමල, මුස්ලිම් ගොඩක් උන්ගේ ෆික්ස්ඩ් නැති එදිනෙද කඩවල්වල ගැවසෙන සල්ලි මිලියන ගනන් මේ අකවුන්ට්වල තියනවා කියලා සුරේශ් පැහැදිලිවම කිව්වා. මගෙ හිත ගියා එයින් එක අකවුන්ට් හිමියෙක් ගැන.
අපි මේ අකවුන්ට් හිමියා මොහොමඩ් හැටියට නම් කරමුකො ලේසියට. නම බොරු උනාට මෙයා මුස්ලිම් ජාතික නුවර ප්‍රදාන පෙලේ වියාපාරිකයෙක්. රත්තරන් සම්බන්ද වැඩක් තමයි මිනිහා කරන්නේ. මේ විස්තර මම අහගත්තේ සුරේශ්ගෙන්. හාර් හාර මම අහනකොට සුරේශ්ටත් තෙරුනා මම මොනවහරි ගේමකට සෙට් වෙනවා කියලා. ඒ නිස හොර නැතුව මිනිහට මම සිද්දිය මගේ දල අදහසත් එක්ක කිව්වා. මම අර ඉහත කිව මගේ හිතට් වැදුන ඩයල් එක ගැන මම වැඩි විස්තර් අහුවම මූ කිව්වා මිනිහා සතියකට සැරයක් බැන්කුවට එනවා අනික් දවස්වලට ගොලයව එවනවා කියලා. ආසන්න වචයෙන් ඩේලි කැශ් මිලියන 2ත්3ත් අතර කොහොමත් අකවුන්ටෙකේ තියනවා කියලත් කිව්වා. ෆික්ස්ඩ් ඩිපොස්ට් ඊට අමතරව මිලියන 24ක විතර තියනවා කියලත් කිව්වා. වැඩේ පන්කාදු බඩුවක් කියලා හිතලා මම සුරේශ්ට කිව්වා ටික දවසක් උබලගේ ගෙදර ඉදන් වැඩේ ප්ලැන් කරමු කියලා. නැන්දත් අපරාදේ කියන්න බැ අපිට හරි ආදරෙයි. ගෙදර නැවතින්න කියලා බල කරනවා ආවහම. සුරේශ්ටත් වෙන කවුරුත් නැදැයො සහොදරයො නැ. පුන්චි ප්ලැනක් හිතෙ තියාගෙන වැඩට බැස්සා නුවර කිට්ටුව ගෙහර නැවතිලා. ජොබ් එකෙනුත් අයින් වෙලා නිසා එච්චර අවුලක් නැ කොහෙ හිටියා උනත්.
නැන්දලගේ ගෙදර නැවතිලා දවස් තුනක් ගිය තැන 10ට විතර සුරේශ් මට කතා කරලා කිව්වා බඩු බැන්කුවට් ඇවිත් ඉන්නේ පුලුවන් ඉක්මනට එන්න කියලා. නුවර ට්‍රැෆික් අස්සේ කොහොමහරි පැය බාගෙන් බැන්කුවට ගියා මම. රුපියල් 5000ක් ඩිපොස්ට් කරන්න යන සැම්පලේට සල්ලිත් අරන් මමත් සුරේශ් ස්ම්ස් එකක් ගහලා පෙන්නපු නිල්කොටු ශර්ට්කාරයා පිටිපස්සෙන් ඉදගෙන පොලිමේ හිටියා. නිල්කොටු ඩයල් එක තමා මේ කතාවේ කැරැට්ටුව. අපේ ගේම වැටෙන්නේ මිනිහා එක්ක. හොදට මූනකට බලාගත්තු මම මිනිහා ඩිපොසිට් කරනකන් ඉදලා බැන්කුවෙන් එලියට ඌ යන්න කලින් මම පොලීමෙන් අයින් වෙලා එලියට ආවා. එලියට් ඇවිත් තත්පර 20-30ක් යන්න ඇති මැන් එලියට් ඇවිත් සුදු ප්‍රිමියො එකක් ලගට කිට්ටු උනා. මමත් නොම්බරේ එහෙම බලාගෙන ට්‍රැෆික් එක අස්සේ පොඩි ෆලො එකක් දුන්නා. ඉස්සෙල්ලාම මිනිහා ගියේ මිනිහගේ කඩේට. එතන මිනිහා හිටිය දවල් 1 වෙනකම්. මම ලගපාත කඩේකට ගොඩවෙලා ටේබල් එකක් උඩ පැය ගානක් කොපො බිබී හිටියා මැන් එලියට එනකන්. දවල් 1ට මිනිහා අයේම ප්‍රිමියො එකේ නැගලා යන්නසෙට් උනා. මමත් ක්ශනික බයික් එකේ දුන්නා ෆලො එකක්. මිනිහා ගියේ ගෙහර බව තෙරුනා මොකද මිනිහමයි අන්තිමට ගේට්ටුවක් ඇරලා එක්තර ප්‍රදේශයක දෙමහල් නිවසක් ලග නතර උනේ. වාහනේ ඇතුලට දාපු ඌ එතනින් උගේ ඩේලි වැඩේ අහවර කලා. මම එන්න ආව ගෙදර.
මුල් පොස්ට් එක එඩිට් කරන්න බැලු. එච්චර් චැරැක්ටර්ස් එක පොස්ට් එකකට දාන්න බැලු. ඒ නිසා ඔන්න අන්තිම හරිය දැම්ම මෙතන.
දැන් එන්නේ අන්තිම කොටසට. කිව්වා මොහොමඩ්ට සල්ලි ටික කාර් එකේම තියලා යතුරත් සීට් එක උඩ තියලා, ගුඩ් ශෙඩ් (ගුඩ් ශෙඩ් කියන්නේ නුවර ලොකු බස් ස්ටැන්ඩ් එක) එකට ගිහින් කඩුගන්නාව බස් එකට නගින්න කියලා. මේ වෙලේ මම ඒ බස් එක ඇතුලේ. මොහොම්ඩ් ටිකකින් බස් එකට් ඇවිත් නැග්ගා, මට ඉස්සරහයින් වාඩි උනා. ටිකට් ගත්තා කඩුගන්නාවටම. දැන් සල්ලියි, කාර් එකයි කාර් එකේ යතුරයි ඔක්කොම ස්ටේශන් එක ලග , කවුරුහරි පිම්පියෙක් සල්ලියි වාහනෙයි අරන් ගියානම් මට හුලන්. වෙලාවට එහෙම වෙලා නැ. මම බස් එකෙන් බැහැලා මොහොමඩ්ට යන්න දිලා කාර් එක ලගට ගිහින් සල්ලි බැග් එකත් බලලා සුරේශ්ට කොල් එකක් දුන්නා ලමයා ගෙදර යවන්න කියලා. මට පුලුවන් උපරිම ශොට්කට් දාලා කාර් එකෙන් අරූගේ බස් එක පේරාදෙනිය හරියට යන්න කලින් උඩ පාරට දාලා (පේරාදෙනියට කඩුගන්නාව බස් එක යන පාර වෙනයි.) බස් එකට කලින් මම මහවැලිගගත් පහු කරලා කොලඹ පැත්තට යනවා. මුලු ටයිම් එකේම මම ග්ලවුස් දාලා හිටියේ. වාහනේ එලෙව්වෙත් ග්ලවුස් එක්ක. පැය කාලකින් විනාඩි විස්සකින් මම කඩුගන්නාව ඩොසන් කුලුන ඉස්සරහ බස් හොල්ට් එකට මෙහාට වෙන්න කාර් එක නවත්තල වටපිට උන්ට මූන මීටර් නොවෙන්න සල්ලි බැග් එකත් අරන් කාර් එකේ සීට් එක යටට යතුර දාලා දොර බාගෙට වහලා ඇතට වෙලා බලන් හිටියා. බස් එක ආවේ ඊට පැය කාලකට විතර පස්සේ. ඒ වෙනකොට මම කොල් එකක් දීලා මොහොමඩ්ට කිව්වා කාරෙක තියන තැනයි යතුරයි. මොහොමඩ් කාර් එකට් ඇවිත් වටපිට බලනකොට මම අන්තිම සැරේට කොල් කරලා කිව්වා, ලමයා ගෙදරට එව්වා, දැන් කොල් කරලා බලන්න කියලා. එතකොට මිනිහා මගෙන් අහපු ප්‍රශ්නේ මම හීනෙන්වත් හිතපු නැති එකක්. "කො, මගේ ෆොන් එක" ටහිකෙයි. මූට ලක්ශ 25ක් නැති වෙලා මූ අහන්නේ රුපියල් තිදාහක ෆොන් එකක් ගැන. එක දෙන්න වෙන්නේ නැ කියලා ෆොන් එක කට් කරලා ෆොන් එකේ බැට්රිය ගලවන්න බැලුවා, ඒක සීල් ටයිප් ෆොන් එකක්. බැට්රිය ගලවන්න බැ. සිම් එක ගලවන්න පින් එකකුත් මගේ ලග නැනේ ඔබන්න. ඔෆ් කරලා දාලා මම සල්ලිත් අරන් බස් එකේ නගිනකොට මම යාන්තමට දැක්කා මොහොමඩ් අයියා කාර් එකේ නැගලා යනවා.
කසින් මලයත් එක්ක සල්ලි බෙදගත්තු එක කලේ අද. අද වෙජ්නකන්. මැයි මාසේ ඉදන් අද වෙනකන් සල්ලි එක රුපියල් 5000 කොලයක්වත් මාරු කලේ නැ. කවුරුත් නොහිතන පැල පොල් ගහක පොලිතින් එකක් එක්ක හන්ගලා තිබිලා අද ගත්තේ.. සලි බැන්කුවට දාපු විදියක් තියෙනවා, ඒක නම් කියන්න බැ. දැන් ඒ සල්ලි තියෙන්නේ රටේ හැම කොනකම.
(ආදරනීය මොහොමඩ් අයියේ. සල්ලි ගත්තේ ඔයාට සල්ලි තියන නිසා.ලමයා පරිස්සන් කරගන්න. ෆොන් එක මම එනගමන් මහවැලියට විසි කලා..)

බලපන්කො ඉතින් කොච්චර සාධාරණ හේතුවක්ද කියල




