Real street fight වලදි පැනික් නොවී ලෙසටම හොදි බේරෙන්න අනිත් උන්ට නෙලන උන් දැකලා තියෙන්නෙ මාශල් ආට් කරපු උන්ගෙන් බොක්සිං කරපු උන් විතරයි. මාත් කරාටෙ කරා අත්දැකීමෙන් දන්නවා ඒ උනාට රියල් වලියක් සෙට් උනාම අපි කොච්චර කික් ප්‍රැක්ටිස් කරලා තිබ්බත් ටූනමන්ට් වල ගහලා තිබ්බත් රියල් වලියක කකුල ඉස්සෙන්නෙම නෑ. ඇයි කියන්න තේරෙන්නෑ ඉස්සෙන්නෑ

කරාටෙ කරාට රියල් වලි ගොඩ දාගත්තෙ පොල් අඩි වලින් රිෆ්ලෙක්සස් කරාටෙ නිසා හැදිලා තිබ්බ එක ටිකක් හෙල්ප් උනා එච්චරයි. ක්‍රව් මගා වගේ ඒවනං කොහොමද දන්නෑ. හැබැයි ටෙක්නික් කොච්චර පට්ට උනත් ප්‍රැක්ටිස් වෙලා හිටියත් රියල් ස්ට්‍රීට් ෆයිට් එක්කට යන්න වෙලා වටේ මිනිස්සු බලාගෙන ඉද්දි & ගහන්න එන උන්ගෙ ටෝක් සද්දෙ යක්ෂාවේස වෙලා ඉන්න උන්නත් දාහයි මලත් දාහයි ලුක් දැක්කම ජිම් එකේ කොච්චර ප්‍රැක්ටිස් උන වැඩ්ඩෙක් උනත් පැනික් වෙනවා. එකම විසදුම සිරා වලි වලට බැහැලම ගහලා ගුටි කාල ටෙක්නික් අත්හදා බලලා පත්තියන් වෙන එක තමා. (කඩු පාරක් පිහි පාරක් වැදුනොත් හරි පස්සෙ ඌ 20ක විතර ගැන්සියක් එක්ක පොලු අරන් ඇවිල්ලා වට කරලා ගැහුවොත් හරි වගකියනු නොලැබේ)
ඔය ටෝක් කරගෙන ගේම ඉල්ලලා දාගන්න වලි නැතුව හදිස්සියෙ එකෙක් එකපාරට පිහියක් අරන් අනින්න ආවොත් බෙල්ල මිරිකන්න ආවොත් ජීවිතයත් මරණයත් අතර සීන් එකක් ආවොත් නං ඇඩ්‍රිනලීන් බූස්ට් වෙලා පැනික් ලෙප්ට් වෙලා උට දෙකක් ඇනලා බේරෙන්න පුලුවන් වෙයි ක්‍රව් මගා වගේ එකක් කරලා මසල් මෙමරි ගිහිං තිබ්බොත් ටෙක්නික්. එහෙම නැතුව පාරෙ ටෝක් කරලා ගේම ඉල්ලලා දාගන්න වලි වලට පාරෙම පත්තියන් උන වලි කාපරයෙක්ට ඇරෙන්න මාෂල් ආට් කාරයෙක්ට ලොකු ගෙමක් ගහගන්න සෑහෙන අමාරුවෙයි.