මාෂල් සරත් ෆොන්සේකා

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මාෂල් සරත් ෆොන්සේකා

    ෆීල්ඞ් එකක් නැති මාෂල් සරත් ෆොන්සේකා (1)

    (RWP, RSP,VSP, USP)

    වසර 2010 දී පැවැති ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා පැරදුන විට ඔහුට සපෝට් කළ සෝමවංශ අමරසිංහ කීවේ රාජපක්‍ෂලා හොර ඡුන්ද දමා ජයගත් බවය. මෙය සමාජයට කීම සඳහා ඔහු මෝඩ ටෙක්නිකල් යෙදුමක් ද සොයා ගත්තේය. ඒ වූ කලී ‘කොම්පියුටර් ජිල්මාට්’ ය. පුටින්ගේ සැම්පලයේ ‘නූතන සමාජවාදී දේශපාලනය කරන අනුර කුමාරලා ගෙන් වෙනස් වූ සෝමවංශ අමරසිංහ චීනයේ මාවෝ සේතුං (1893 - 1976) සහ වියට්නාමයේ හෝචිමිං (1890 - 1969) කළ පැරණි සැම්පලයේ සමාජවාදී දේශපාලනයේ ගිලී සිටි අහිංසකයෙකි. සරත් ෆොන්සේකා ශූරීන්ට වසඟ වී සිටි හෙතෙම ජනපතිවරණ පරාජයේදී මහපාරට පැන කෑ ගසන්නට පවා පටන් ගත්තේය.

    මෙය විකාරයක් බව වටහා ගැනීම නිසාදෝ අනුර කුමාර දිසානායක, විජිත හේරත්, බිමල් රත්නායක වැනි ජ.වි.පෙ. නායකයෝ යම් ප‍්‍රමාණයකට පමණක් නටා කටවල් පියාගෙන ගෙවල්වලට වී සිටියහ. එතෙක් මෙතෙක් ගත වූ කාලය තුළ සරත් ෆොන්සේකාට සිදු වූයේ කුමක් දැයි බලමු. රාජපක්‍ෂලාගේ මෝඩ පළිගැනීමට ලක් වූ ඔහු හිරේ ගියේය. ඉන්පසු හිරෙන් නිදහස් විය. ඔහු එළියට ගත්තේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ය.

    ඉන්පසු ඉතා ක‍්‍රමානුකූල ලෙස සහ ටිකෙන් ටික සරත් ෆොන්සේකා කට අරින්නට පටන් ගත්තේය. හිටපු හමුදාපති ජගත් ජයසූරිය අපරාධකරුවෙකැයි ඔහු කීවේය. ඔහු ඇල්ලේ ගුණවංශ හිමියන්ට බැණ වැදුණේය. ලසන්ත වික‍්‍රමතුංග මළේ නිකම්මද? රිවිර කර්තෘ උපාලි තෙන්නකෝන් ගුටි කෑවේ නිකම්මද? නේෂන් පත්තරයේ කිත් නොයාර් මහ ? අතුරුදන් වූයේ නිකම්මද? ඝාතනය වීමට ඔන්න මෙන්න කියා තිබියදී ඔහු ගුටිකා පමණක් බේරුණේ නිකම්මද? යුද සමයේදී හිටපු හමුදාපති ජගත් ජයසූරිය අපරාධ කළ බව සරත් ෆොන්සේකා කී විට දෙමළ ඩයස්පෝරාවට අයත් Transnational Government of Tamil Ealam නමැති බෙදුම්වාදී සංවිධානය සරත් ෆොන්සේකාට සුබ පැතුවේය. TGTE welcomes SFs statement that forces commited crimes යනුවෙන් අන්තර්ජාලයෙහි ටයිප් කළ විට මේ සුබ පැතුම ඉංග‍්‍රීසි බසින් කියැවිය හැකිය. ෆොන්සේකා සුබපැතුම ප‍්‍රතික්‍ෂේප කළේ නැත. මේ කතුවැකියේ ආරම්භක ෙඡ්දය අවසන් කරමින් අපි මෙසේ ලියමු. දෙදහස් දහයේ ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා පැරදුනේ රාජපක්‍ෂලාගේ හොර ඡුන්දවලින් වේවා, කොම්පියුටර් ජිල්මාට්වලින් වේවා ජාතියේ වාසනාවකටය. එදා සරත් ෆොන්සේකා ජය ගෙන ජනාධිපති වූයේ නම් අද වන විට මේ රටේ ඉතිරිවනු ඇත්තේ සරත් ෆොන්සේකා පමණක් ය.

    සරත් ෆොන්සේකා (RWP, RSP, VSV, USP) අද ෆීල්ඞ් මාෂල් කෙනෙකි. එහෙත් යුද කිරීම සඳහා ඔහුට අද ෆීල්ඞ් එකක් නැත. ඔහුගේ ධුරය සක‍්‍රීය බව ඔහු කියන කතාවලින් පැහැදිලිය. හමුදා නිල ඇඳුම් අඳින හමුදාකාරයන් පාර්ලිමේන්තුව පැවැත්වෙන දවසට සුදු පැහැති ජාතික ඇඳුමක් ඇඳගෙන ගොස් මහජන ඡුන්දයෙන් පත් වූ මන්ත‍්‍රී බහුතරයක් සමඟ එකට හිඳ ගැනීම සදාචාර සම්පන්න නොවන බවත් බැඳියාවන් අතර ගැටුමක් ඇති කරන බවත් අපගේ වැටහීමය. මෙය ඉංග‍්‍රීසි බසින් හඳුන්වන්නේ Conflict of intrest යනුවෙනි. සරත් ෆොන්සේකාට ෆීල්ඞ් මාෂල් කමක් දීම ජනාධිපතිතුමා විසින් දමා ගන්නා ලද ලොකුම ලෙඩක් බව අපි අවධාරණය කරමු.

    ජනාධිපතිතුමා විසින් පත් කෙරුණු යුද හමුදාපති මහේෂ් සේනානායකට ද ඔහු බාල්දි පෙරළන්නට පටන් ගෙන තිබේ. අප විසින් පෙර කතුවැකියක් මගින් ද කියන ලද පරිදි මහේෂ් සේනානායක අපේ යහළුවකුත් නොවේත සතුරකුත් නොවේ. ඔහුට නිදහසේ තම රාජකාරිය කිරීමට ඉඩ තිබිය යුතුය. ෆීල්ඞ් මාෂල් විසින් රටේ හමුදාපතිවරයා විවේචනය කරන ආකාරය පසුගිය දිනවල අපි රූපවාහිනියෙන් දුටුවෙමු. මේ විවේචන මේ වන විට අන්තර්ජාලය ඔස්සේ ද නැරඹිය හැකිය. එමගින් රටේ හමුදාපති කෙසේ වෙතත් සරත් ෆොන්සේකාගේ වටිනාකම එකයි සත හැත්තෑපහකට පමණ බසී. ප‍්‍රසිද්ධ වෙන්දේසියකදී නම් මේ ගණන රුපියල දක්වා අඩු වනවා ඇත. මහේෂ් සේනානායකට සේවා දිගුවක් දෙන විට සරත් ෆොන්සේකා එයට විරුද්ධ වූ බවට කට කතාවක් ඇති නමුත් එහි ඇත්ත නැත්ත අපි නොදනිමු. එක්කෝ ෆොන්සේකා තම නිල ඇඳුම පැත්තකින් තැබිය යුතුයත නැත්නම් වසා දැමීමට නියමිත ලොන්ඩරියකට ජාතික සූට් එක භාරදිය යුතුය.

    මේ අතර සරත් ෆොන්සේකාගේ ආධාරකරුවකු හෙරොයින් සහ අයිස් නමැති මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත් වීම ද විශාල අර්බුදයකි. අයිස් යනු Methamphetamine නමැති මත්ද්‍රව්‍යයට කියන අන්වර්ථ නාමය වේ. මෙය ස්නායු පද්ධතිය මත ක්‍ෂණිකව ක‍්‍රියා කරයි. අයිස් පාවිච්චි කරන්නා නිකරුණේ කියවයි. නියවයි. අවට අයට බැණවදී. ඔහු සමහර විට TV ඉන්ටර්විව්වලට ගොස් විකාර කතා කිරීමට පවා ඉඩ තිබේ. ඔහු රටේ හමුදාපතිට බැන්නොත් පුදුම නොවන්න. මිනිසුනට කලවැද්දා, හෝතඹුවා යනුවෙන් ආමන්ත‍්‍රණය කළොත් පුදුම නොවන්න.

    (ඉතිරි කොටස සඳහා සඳුදා දිවයින බලන්න)



    මුඛය පාවිච්චි කළ යුත්තේ කෑමට සහ බැණීමට පමණද?

    කලක්‌ දක්‍ෂ යුද සෙනෙවියකුව සිටිය මුත් ඡන්දය ඉල්ලන්නට ගොස්‌ දේශපාලන කැලයේ වනචාරීන් මැද අතරමං වූ ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ආපසු ශිෂ්ටාචාරය වෙත එන බවක්‌ නොපෙනෙන නිසා ඊයේ (ඉරිදා දිවයිනේ) කතු වැකිය මගින් අපි ඔහු ගැන සාකච්ඡා කළෙමු. අප දන්නා කාලයේ සිටම ඔහු කට ඇරියේ ආහාර ගැනීමට සහ කාටහරි බැණීමටය. ඔහු බෞද්ධ භික්‍ෂූන්ට, රාජපක්‍ෂ පරම්පරාවට, යුද හමුදාවේ ප්‍රධානීන්ට යනාදී වශයෙන් කාට හෝ නිතරම බැණ්‌නේය. රාජපක්‍ෂ පරම්පරාවට නම් බැණ්‌නාට කිසිදු වරදක්‌ නොවේ. මන්ද සරත් ෆොන්සේකා හිරේÊදැමීමේ ගොං තීන්දුව ගන්නා ලද්දේ රාජපක්‍ෂවරුන් විසිනි. වැලිකඩ හිරගෙදර යකඩ දොරින් හිරගෙදර තුළට සරත් ෆොන්සේකා ඇතුළුවත්ම ඔහුගේ යුද වීරකම හැලී ගිය අතර, සැනෙකින් සිවිල් වීරයකු බවට පත්විය. මෛත්‍රී ජනාධිපතිතුමා වැලිකඩින් එළියට ගත්තේ යුද වීර සරත් ෆොන්සේකා නොව ජාතික වීර සරත් ෆොන්සේකා ය. අද වන විට ඔහු කියන්නේ ඉදිරි ඡන්දයේදී ඔහු ජනාධිපති මෛත්‍රීටවත් සහාය නොදෙන බවය. මේ සියලු විපත්වලට හේතුව ෆොන්සේකා හිරේ දමනු පිණිස රාජපක්‍ෂලා ගත් ගොං දේශපාලන තීන්දුවය. ඒ නිසා ඔවුන්ට බැණලා මදිá පොල්පිත්තකින් ද පහර දිය යුතුය. සරත් ෆොන්සේකා තවමත් මුලතිව් කැලයෙන් එළියට පැමිණ නැත. තමන් වටා කිසියම් ආකාරයක ත්‍රස්‌තයන් සිටින බව ඔහු තවමත් කල්පනා කරන බවය අපේ හැඟීම.

    සරත් ෆොන්සේකා වත්මන් යුද හමුදාපති මහේෂ් සේනානායකට ගරහන ආකාරය යුද වීරයකුට තරම් නොවේ. මහේෂ් සේනානායකගේ ක්‍රියා කලාපය ගැන තමන් මහත්සේ කලකිරී ඇති බව ෆොන්සේකා කියයි. තමන් හමුදාපතිව සිටියදී සේනානායක බ්‍රිගේඩියර් කෙනකු බව ද එබැවින් වැඩක්‌ කර ගැනීම සඳහා ඔහු පසුපස යැමට තමන් සූදානම් නැති බව ද සරත් ෆොන්සේකා කියයි. සරත් ෆොන්සේකා යනු 68 හැවිරිදි විශ්‍රාමිකයෙකි. මහේෂ් සේනානායක ඔහුට වඩා හුඟක්‌ බාලය. ඒ නිසා ෆොන්සේකා හමුදාපතිව සිටියදී සේනානායක බ්‍රිගේඩියර් කෙනෙකි. බණ්‌ඩාරනායක මහතා අගමැතිව සිටියදී මහින්ද රාජපක්‍ෂ පාසල් ශිෂ්‍යයෙකි. මෛත්‍රීපාල සිරිසේන පාසල් ශිෂ්‍යයෙකි. එය උපන්දිනය පිළිබඳ ප්‍රශ්නයක්‌ මිස හැකියාව පිළිබඳ ප්‍රශ්නයක්‌ නොවේ. දෙදහස්‌ දහයේ ජනාධිපතිවරණයේදී මහේෂ් සේනානායක සිටියේ සරත් ෆොන්සේකාගේ පැත්තේය. මහින්ද රාජපක්‍ෂ ඡන්දය ජයගත් පසු මහේෂ් සේනානායක රටින් පැන ගියේය. ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටීමේ වරදට වන්දි වශයෙන් අඩි හයක්‌ පොළොව යටට යැමට සිදු වෙතැයි ඔහු හිතන්නට ඇති. ඔහු ආපසු රස්‌සාවට එන්නේ මෛත්‍රී ජනාධිපතිතුමා 2015 දී බලයට ආ පසුය. ෆොන්සේකා ඒ නම්බුවවත් නොතබයි. ජීවිතය පරදුවට තබා තමා වෙනුවෙන් පෙනී සිටි මිනිහා ගැන ඔහුට වගේ වගක්‌ නැත.

    ෆොන්සේකාගේ අලුත්ම සතුරා විශේෂ කාර්ය බළකායය. විශේෂ කාර්ය බළකාය පිස්‌සන් කොටුවක්‌ බව ඉකුත් දිනක පාර්ලිමේන්තුවේදී ඔහු ප්‍රකාශ කළා යෑයි කියති. පොලිස්‌ දෙපාර්තමේන්තුවට සම්බන්ධ ත්‍රස්‌ත නාශක ඒකකය වන SඔF හෙවත් විශේෂ කාර්ය බළකාය 1983 ජූලි කලබලයට මාස කිහිපයකට පෙර මාර්තු 1 වැනිදා පිහිටුවන ලදී. එහි ආරම්භක ප්‍රධානියා වූයේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ධර්මසිරි වීරකෝන් ය. මෙයට අවශ්‍ය මතවාදී සහාය සපයන ලද්දේ ශ්‍රී ලංකාව විසින් බිහිකළ විශිෂ්ට ඉලක්‌ක වෙඩික්‌කරුවකු (ඵ්රනිප්බ) වූ රවී ජයවර්ධනය. ඔහු ජනාධිපති ඡේ. ආර්. ගේ පුත්‍රයා ය. විශේෂ කාර්ය බළකායේ මූලික පුහුණුකරු ශ්‍රී ලංකා යුද හමුදාවය. අවි පුහුණුව සහ කැලෑ සටන් පුහුණුව දෙන ලද්දේ ඔවුන් විසිනි. ත්‍රස්‌ත නාශක සහ කැරලි නාශක පුහුණුව දුන්නේ බ්‍රිතාන්‍යයේ විශේෂ ගුවන් සේවා බළකාය යි. 1987 ඉන්දු ලංකා සාම ගිවිසුම අත්සන් කරන තුරු මඩකලපුව තිබුණේ විශේෂ කාර්ය බළකාය යටතේ ය. එකල මඩකලපුව තුළ එකම කොටි කඳවුරක්‌වත් තිබුණේ නැත. එහෙත් සාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු මඩකලපුව තුළ මිනිස්‌ වාසස්‌ථානවලට වඩා කොටි කඳවුරු ඉදිවිය. STF බළකාය පමණක්‌ ම විසින් අරඹා ජය ලැබූ ත්‍රස්‌ත නාශක මෙහෙයුම් කිහිපයක්‌ තිබේ. 2007 ජනවාරි 4 වනදා අම්පාරේ තොප්පිගල අවට ඇරඹූ නියතයි ජය එවැනි එක්‌ සාර්ථක මෙහෙයුමකි. ඉතින් විශේෂ කාර්ය බළකාය පිස්‌සන් කොටුවක්‌ බව කීමට හැකි වන්නේ පිස්‌සන් කොටුවෙන් පැන ආ කෙනෙකුටම පමණි.

    ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විශිෂ්ට රණවිරුවකු බව ඇත්ත. එහෙත් ඔහු සර්ව සම්පූර්ණ යුද සෙනෙවියකු ද යන ප්‍රශ්නය ඉතිරිව පවතී. වසර 2006 අප්‍රේල් 25 මරාගෙන මැරෙන ගැබිනි කොටි කාන්තාවක්‌ සරත් ෆොන්සේකාගේ කාර්යාලය අසලටම පැමිණ ඔහුට බෝම්බ ගසන ලදී. මේ ප්‍රහාරයේදී හමුදා සෙබලුන් 9 ක්‌ මියගිය අතර, බරපතළ තුවාල ලද යුද හමුදාපතිට සිහිය ආවේ දින 5 කට පසුවය. ඔහු සිංගප්පූරුවට යවා සනීප කර ගැනීමට මහින්ද රාජපක්‍ෂට හැකි විය. අනෝජා කුගෙන්තිරාර්සා නමැති කොටි කාන්තාව හමුදාපති ළඟටම ආවේ ඔහුගේම ආරක්‍ෂක අංශය සහ ඔහුගේම බුද්ධි අංශය බිඳ වැටී තිබූ බැවිනි. එහි වගකීම භාරගත යුත්තේ සරත් ෆොන්සේකා ද නැත්නම් මහින්ද රාජපක්‍ෂ ද? මේ ප්‍රශ්නය පාඨකයාට ඉතිරි කරමින් මේ කතුවැකිය අවසන් කරනු ලැබේ. මහේෂ් සේනානායකට හා විශේෂ කාර්ය බළකායට බැණීමට පෙර ෆිල්ඩ් මාර්ෂල් තුමා අප කියූ කාරණා ගැන කල්පනා කරන්නේ නම් එය ඔහු තමන්ටම කරගන්නා ගෞරවයකි.

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දේශපාලනයට ඇවිත් මිනිහා හැංගිලා හිටිය සතා එලියට දාගෙන.මූට ජන්දේ නොදුන්නේ වෙලාවට
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    ඕච්චර ලියන්න් ඕනේ නෑ බන් ෆොන්සේකා බූරුවෙක් මහින්ද රජෙක් කියල කෙටියෙන් ලිව්වනම් අපිට තේරනව. උබල වගේ උන් කොටි ගහනකොග බංකරේක් පඹයෙක්ට හිටවන්න ගත්තන්ම් හරි. කෝමත් කෙලෙහිගුණ දාන්න ජාතියක් නෙමෙයි නේ අපි. එච්චර කරපු මනුස්සයව හිරේට ගෙනියද්දි පාටි දාපු මිනිස්සුනේ
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    breavehearts ගෙන් මේ වගේ බාල ලිපියක් බලාපොරොත්තුවුනේ නෑ.