2019 අප්‍රේල් 21 ශ්‍රී ලාංකිකයනට සදා අමතක නොවන දිනයක් බවයි බහුතරයක් දෙනා පුන පුනා ප්‍රකාශ කළේ. ඒත් අනින්දා එනම් ජූලි 21 වනදාට අප සහෝදර සහෝදරියන්, දූ පුතුන් විශාල පිරිසක් අප අතහැර ගොසින් තෙමසක් පිරීමට නියමිතයි. ඔවුන් වෙනුවෙන් මේ වනතෙක් මුදල්, ආධාර ලැබුණද වැරදිකරුවනට දඩුවම් පෙනෙන තෙක් මානයක නොමැත. බොහෝවිට බෝම්බයට ගොදුරු වූවන්ම වැරදිකරුවන් විය හැකියැයි සමාජය තුළ මතයක් ඇති වෙමින් පවතින්නේ මෙම ගැටලුවට දේශපාලනය දැඩි ලෙස ගෑවි ඇති හෙයිනි. වෙසක් දිනයේ තෙල් මල් රැගෙන පන්සල් ගිය ඉස්ලාම් ජාතිකයන් දැන් දක්නට නොමැති. තවමත් රට තුළ එකම නීතියක් ක්‍රියාත්මක කිරීමට දේශපාලකයන් ක්‍රියා නොකරන්නේ ඔවුන්ගේ අරමුණ බලයම පමණක් නිසාය. ඉදිරියේ දී 4/21 ප්‍රහාරය දේශපාලන වේදිකාවල රැව් පිළිරැව් දෙනු ඇත. ඒත් අපි හිටපු තැනම සිටිනු නියතය. ඉදින් මිය ගිය වුන්ට සාධාරණයක් ඉටුවේ යැයි අපි අනාගත නායකයන් යැයි කියාගන්නා පිරිස දෙස නියවමින් බලා සිටිනු ඇත සදා.......



