මාස්ක් 2ක් දාන්න

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    මෙරටින් අලූතින් හඳුනා ගත් නව බි‍්‍රතාන්‍ය කොරෝනා වෛරස් ප‍්‍රභේදය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම දිනවල අධ්‍යයනයක් සිදු කරමින් සිටින බවත්, එම අධ්‍යයනයෙන් පසු එම වෛරස් ප‍්‍රභේදය කෙතරම් දුරට මෙරට පැතිර ගොස් ඇත්දැයි යන්න පිළිබඳව නිගමනයකට පැමිණීමට හැකි වනු ඇති බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘දිවයින’ට පැවසීය.

    බි‍්‍රතාන්‍ය කොරෝනා වෛරස් ප‍්‍රභේදය ඉතා ශීඝ‍්‍රයෙන් පැතිර යෑමේ හැකියාවක් ඇති නිසා ඉන් ආරක්ෂා වීමට නම් මුහුණු ආවරණ (මාස්ක්) දෙකක් පැළඳීම වඩාත් යෝග්‍ය බව ඔහු සඳහන් කළේය. දැනටත් ජනතාවට මුහුණු ආවරණ දෙකක් පැළඳිය හැකි නම් වඩාත් හොඳ බවද, එවැනි ක‍්‍රමයකින් කොරෝනා වෛරසයෙන් වැඩි ආරක්ෂාවක් ලබා ගැනීමට හැකි වීම මෙයට හේතුව බවද වෛද්‍ය හේරත් මහතා කීවේය.

    බටහිර වෛද්‍ය විශේෂඥයන්ට අනුව බි‍්‍රතාන්‍ය කොරෝනා වෛරස් ප‍්‍රභේදය චීනයේ වූහාන් නගරයෙන් ලොව පුරා පැතිරීම ආරම්භ වූ කොරෝනා වෛරසයට වඩා සියයට 56 ත් 75 ත් අතර වැඩි වේගයකින් ප‍්‍රජාව තුළ පැතිර යෑමේ හැකියාවක් පවතී. මුල් වෛරසයට වඩා මාරාන්තික වූ ප‍්‍රභේදයකි. මෙම වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූ අය තුළ දක්නට ලැබෙන ප‍්‍රධානතම රෝග ලක්ෂණය වනුයේ කැස්ස වන අතර තෙහෙට්ටුව, ශරීරය දුර්වල වීම, හිසරදය, මාංශ පේශීන්ගේ හටගන්නා වේදනාව, උගුරේ වේදනාව හා උණ සෙසු රෝග ලක්ෂණ සේ හඳුනාගෙන තිබේ. මෙම වෛරසය වැඩි වශයෙන් බටහිර රටවල හඳුනාගෙන ඇත්තේ රැුපිඞ් අන්ටිජන් පරීක්ෂණය හරහාය.

    බි‍්‍රතාන්‍ය කොරෝනා වෛරස් ප‍්‍රභේදය වරින් වර වෙනස්වීම්වලට භාජනය වී ඇති බව වාර්තා වී ඇති අතර දැනට කොරෝනා වෛරසයට එරෙහිව නිපදවා ඇති එන්නත්වලින් ෆයිසර් එන්නත මෙම වෛරස් ප‍්‍රභේදයට එරෙහිව සුළු ආරක්ෂාවක් ලබා දෙන බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ.


    ඒ දවස්වල TV ඵකේ කොරෝන වලට මාස්ක් දාල වැඩක් නෑ කියපු පණ්ඩිත ගොබ්බයො ටික කෝ..
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ආන්ඩුවෙ හතර බීරි වැඩ
    නිව්ස් වලට ඉස්සෙල්ලම පෙන්නනව සර් පොඩි එවුන් සියගානක් එක්ක පොඩි පැලයක් හිටවනව.. මීටරෙ නෙවෙ පොඩ්ඩො එකට ඇලිල ඉන්නෙ
    ඊලගට පෙන්නන්නෙ ආන්ඩුවෙ උස්සවේක poහොට්ටුවෙ කෙල්ලො කොල්ලො එකසිය ගානට බදාගෙන නටනව

    ඉන්පස්සෙ නිවුස් එක මගුල් ගෙවල් මලගෙවල් බෑ රැස් උනොත් අල්ලනවලු.. මුන්ට පයිත්තියෙන් ද.. මහකකුලුවො ඇදේට ගිහින් අනික් එවුන්ට මාච් පාස්ට් යන්නලු😂😂😂
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මෙම දිනවල අධ්‍යයනයක් සිදු කරමින් සිටින බවත්, එම අධ්‍යයනයෙන් පසු එම වෛරස් ප‍්‍රභේදය කෙතරම් දුරට මෙරට පැතිර ගොස් ඇත්දැයි

    එතකොට වෙන්න ඕනි හරිය වෙලා ඉවරයි
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    අද දෙකක් දාගෙන ගියේ ටික වෙලාවකින් කන් දෙක රිදෙනවා බන්..මම නන් දවසම දාගෙන ඉන්නවා ගලවන්නේ නැතුව.ගලවන්න විදිහක් තියනවා නන් පොඩි වෙලාවකට හරි ශේප් එකේ දාගෙන ඉන්න පුලුවන් වෙයි
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    mam shades dagena yanne- Rayban chromance :P
    අඩේ ඒවත් තියෙනවාද
    අපිට හීන

    අද දෙකක් දාගෙන ගියේ ටික වෙලාවකින් කන් දෙක රිදෙනවා බන්..මම නන් දවසම දාගෙන ඉන්නවා ගලවන්නේ නැතුව.ගලවන්න විදිහක් තියනවා නන් පොඩි වෙලාවකට හරි ශේප් එකේ දාගෙන ඉන්න පුලුවන් වෙයි
    මං එකක් දාන් ඉන්නෙත් පට්ටාමාරුවෙන් බන්, දවසම එකක් දාන් ඉන්න හොදද මන්දා
    අපේ එවුන් නම් N95 එක ඇතුලෙන් නෝමල් 3p එකක් දානවා, මට හුස්ම ගන්න අමාරුයි වගේ බන් එතකොට
    ------ Post added on Feb 15, 2021 at 8:52 PM
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    mam shades dagena yanne- Rayban chromance :P
    ඔව් ඔව් අපි දැකල තියෙනව පොන්න නිල මැසි වේසික පුතෙක් වගේ කොටුවෙන් ගත්ත shades දෙක දාගෙන යනව. :yes:
     
    • Haha
    Reactions: Brandy2020