මාසික වැටුපට 4% සිට 24% දක්වා ආදායම් බදු පැනවේ !

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    මාසික වැටුපට 4% සිට 24% දක්වා ආදායම් බදු පැනවේ !

    මාසික වැටුපට 4% සිට 24% දක්වා ආදායම් බදු පැනවේ !

    නව දේශීය ආදායම් බදු ප්‍රතිපත්තිය (01) සිට ක්‍රියාත්මක බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා පවසයි.
    නව ප්‍රතිපත්තියෙන් ක්ෂේත්‍ර රැසක බදු සංශෝධනයට ලක්ව ඇති අතර සේවා නියුක්තිකයින්ගේ ආදායම මත බදු පනවා තිබීම විශේෂත්වයකි.
    2017 අංක 24 දරන නව දේශීය ආදායම් පනතේ බදු විධිවිධාන අප්‍රේල් 01 වැනිදා සිට එනම් හෙට සිට ක්‍රියාත්මක කෙරෙන අතර එමඟින් ක්ෂේත්‍ර රැසක බදු ප්‍රතිපත්ති වෙනස්කම්වලට ලක් කෙරෙයි.
    ඒ අනුව සේවා නියුක්තිකයෙකුගේ මාසික වැටුප රුපියල් ලක්ෂයක් නම් ඔහුගෙන් බදු අය කිරීමෙන් නිදහස් වේ.
    කෙසේවෙතත් රුපියල් ලක්ෂයේ සිට රුපියල් එක්ලක්ෂ පනස් දහස දක්වා 4%ක් ද රුපියල් එක්ලක්ෂ පනස් දහසේ සිට රුපියල් ලක්ෂ 02 සියයට 8%ක් ද රුපියල් දෙලක්ෂයේ සිට රුපියල් දෙලක්ෂ පනස් දහස දක්වා සියයට 12%ක් ද රුපියල් දෙලක්ෂ පනස් දහසේ සිට රුපියල් ලක්ෂ 03 දක්වා සියයට 16%ක් ද රුපියල් ලක්ෂ 03 සිට රුපියල් තුන්ලක්ෂ පනස් දහස දක්වා සියයට 20%ක් ලෙස ද බදු ගණනය කෙරෙයි.
    රුපියල් තුන්ලක්ෂ පනස් දහසට වැඩි අය සඳහා බදු ගණනය කිරීමේ ප්‍රතිශතය සියයට 24% කි
    මෙම බදු අයකිරීමට සේවා නියුක්තිකයෙකුගේ වැටුප්,කොමිස් මුදල්,අතිකාල දීමනා, පාරිතෝෂික, ප්‍රවාහන හා අනෙකුත් දීමනා, ගෙවල් කුලී,විදුලි හා දුරකථන දීමනා,විනෝද දීමනා ඇතුළු ඊට සමාන්තර ගෙවීම් රැසක් ඇතුළත්ය
    .
    කෙසේවෙතත් සේවක අර්ථසාධක අරමුදල සහ විශ්‍රාම වැටුප් මෙම බදුවලින් නිදහස් කර තිබේ.

    මීට අමතරව විදෙස්ගත ශ්‍රමිකයින් විසින් සම්ප්‍රේෂණය කරන හෝ මෙරට පුද්ගලයෙකු විසින් තැන්පත් කර ඇති බැංකුගත මුදල්වලට ලැබෙන පොලිය මත ද සියයට 5 ක් බද්දක් නව බදු ක්‍රමයෙන් අය කෙරෙයි.
    මේ අතර අමතර නිවාස,ඉඩම් හෝ වාහන පැවති මිලට වඩා වැඩි මිලට විකිණීමෙන් ලැබෙන ලාභය මත ද බද්දක් හඳුන්වා දී තිබේ.
    ප්‍රාග්ධන ලාභ මත බද්ද වන එමගින් ලාභයෙන් සියයට 10ක් බදු ලෙස ගෙවිය යුතු නමුත් බදු ගණනය කරන්නේ එම දේපළ 2017 වසරේ සැප්තැම්බර් 30 වන දිනට පැවති වෙළඳපළ වටිනාකම අදාළ කරගනිමින්ය.
    කෙසේවෙතත් තමන් වසර 03 කට වැඩි කාලයක් පදිංචිව සිටි නිවසක් විකුණනන්නේ නම් එම නිවසින් ලැබෙන ලාභය ප්‍රාග්ධන ලාභ මත බද්දෙන් නිදහස් කර තිබේ.
    කොටස් වෙළඳපලෙහි කොටස් වැඩි මිලට විකිණීමේදීත් මෙම බදු අයකිරීම සිදු නොවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
    මේ අතර මෙරට පැමිණෙන විදේශිකයින් විසින් මිලදී ගන්නා විවිධ භාණ්ඩ මත පනවා ඇති වැට් බද්ද, එම විදේශිකයින් මෙරටින් පිටත්ව යන අවස්ථාවේ ගුවන්තොටුපළේදී එම මුදල නැවත ලබා දීම ද නව ප්‍රතිපත්තියේ විශේෂත්වයක් වන අතර එය එළඹෙන ජූලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,943
    113
    Black Pearl
    sqs5rl.jpg


    source : https://medium.com/@danula/sri-lankan-paye-tax-revision-explained-16adbdf77874

    4laks walata wada salary wedi nam tax wedi wenawa, eeta adui nam tax adui. upto 1 laks salary ganna ewunta no tax. kalin oka tibbe 50000 da koheda
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Paye ටැක්ස් එකෙන් නම් වාසි තියෙනවා මිනිස්සුන්ට. මාසෙට ලක්ෂ 3ට වඩා හම්බ කරන අයට ටැක්ස් ඩබල් වෙලා... ස්තීර තන්ප්තු ටැක්ස් එක නම් ඩබල් කරලා.. ඉඩම් වලට ටැක්ස් එක අපැහැදිලියි..
    මේකේ ලියලා තියෙණ්නේ නම් බය කරලා..