මාස අටක්‌ ඇඟේ දුවමින් පදක්‌කම් කණපිට පෙර&#3525

ekrox

Member
Sep 11, 2009
577
22
0
මාස අටක්‌ ඇඟේ දුවමින් පදක්‌කම් කණපිට පෙර&#3525

මාස අටක්‌ ඇඟේ දුවමින්
පදක්‌කම් කණපිට පෙරළන නැන්ඩ්‍රලෝන්



වසර 2000 සිඩ්නි ඔලිම්පික්‌ තරගාවලියේ කාන්තා මීටර 200 අවසන් මහ තරගයේ ආරම්භය සහ අවසානය අතර තත්පර 22.66 (සානා පින්ටුසොවික්‌ 8 වැනි ස්‌ථානය) ක කාලය තුළ සකල ශ්‍රී ලංකාවම කිසිදු රාජ්‍ය අවසරයකින් තොරව වැඩ වරා රූපවාහිනිය නැරඹූ අයුරු අදත් සිහියට නැගෙයි.

එම අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලැබූ සුසන්තිකා ජයසිංහට රන් පදක්‌කම ම හිමිවේවායි පතමින් දෙකෝටියක්‌ පමණ වූ ශ්‍රී ලංකාවාසී ජනතාව තමන් අදහන ආගමට අනුව නිහඬව හද පත්ලෙන් ආශිර්වාද කළ අයුරු ද සිහියට නැඟේ.

එහිදී සුසන්තිකා ජයසිංහ තත්පර 22.28 කින් ඉසව්ව නිම කොට තරගයේ තෙවැනි ස්‌ථානයට පත්වූවාය.

තරගයේ පළමු ස්‌ථානය අමෙරිකා එක්‌සත් ජනපදයේ මේරියන් ජෝන්ස්‌ට ද (තත්පර 21.84) දෙවැනි ස්‌ථානය බහමාස්‌ හි පෝලින් ඩේවිස්‌ තොම්සන්ට ද (ත. 22.27) හිමි විය.

ජයග්‍රහණයේ සතුට ඉවසා දරා ගත නොහී මේරියන් ජෝන්ස්‌ හැඬූ කඳුළින්... ලොවට පවසන ලද්දේ අප්‍රතිහත ධෛර්ය සහ පූර්ණකාලීන කැපවීම ඔස්‌සේ තමා අදාළ රන් පදක්‌කම වෙත ළඟා වූ බවකි.

කාලයාගේ ඇවෑමෙන් ඇයගේ කඳුළු වියෑළිණි. එහෙත් එම වියෑළුණු කඳුළු කාලයාගේ ඇවෑමෙන් යළිත් සදාකාලික කඳුළු උල්පතක්‌ වනු ඇතැයි ඇය නොසිතන්නට ඇත.

මේරියන් ජෝන්ස්‌ එම රන් පදක්‌කම පමණක්‌ නොව මීටර 100 සහ 4x100 ඉසව්වේ ද රන් පදක්‌කම් ද දිනුවා ය.

ඇයගේ මෙම අවශේෂ ජයග්‍රහණයට සහතිකයෙන්ම හේතුපාදක වූයේ අප්‍රතිහත ධෛර්ය සහ පූර්ණකාලීන කැපවීම පමණක්‌ නොව ඒ සියල්ලටම අමතර ශක්‌තියක්‌ ලබා දුන් තහනම් උත්තේජක බව පසුව සැකයකින් තොරව ඔප්පු විය. ඒ සඳහා ඇයගේ පාපොච්චාරණයද තහනම් උත්තේජක උසාවියට මහඟු පිටිවහලක්‌ විය.

දැන් ඇය පදක්‌කම් ගිලිහිනු, තාන්න මාන්න නොමැති නිරන්තරව ජාත්‍යන්තර ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ අවඥාවට භාජන වන සහ සිර දඬුවම් ද විඳි ගැහැණු පරානයකි.

මේරියන් ජෝන්ස්‌ ගේ එම රන් පදක්‌කම දැන් පෝලින් ඩේවිස්‌ ටද පෝලින්ගේ රිදී පදක්‌කම සුසන්තිකාටද පිරිනමා ඇත.

සුසන්තිකා ජයසිංහට සකල ශ්‍රී ලංකාවම එදා හදපත්ලෙන් ආශිර්වාද කළේ යම් සේද, එවැනිම අවස්‌ථාවක්‌ අදට දෙසතියකට පෙර හෙවත් ඔක්‌තෝබර් 13 දින පස්‌වරු 3.30 ට උදා විය.

නවදිල්ලි පොදුරාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා උළෙලේ බැන්ටම් බර පංතියේ තීරණාත්මක අවසන් තරගයේදී වේල්සයේ ෂොන් මැක්‌ගොඩ්රිඡ් ට පහර පිට පහර එල්ල කරමින් තියුණු සටනක නිරත වූ ශ්‍රී ලංකාවේ මංජු වන්නිආරච්චිට දෙකෝටියක්‌ පමණ වූ ශ්‍රී ලංකාවාසී ජනතාව සෙත් පැතුවේ සුසන්තිකාට මෙන් නිහඬව නොව උගුරට ලේ රස දැනෙන තෙක්‌ ඔල්වරසන් දෙමිනි.

මිනිත්තු 6 යි තත්පර 45 ක්‌ අවසානයේ ලොවම බලා සිටි "බැන්ටම්" සටන අවසන් වූයේ, ජූරියේ තීරණය මත "ජයග්‍රාහකයා.... රතු අන්තයේ... ශ්‍රී ලංකාවේ මංජු වන්නිආරච්චි...." යෑයි ශබ්ද විකාශන සහ අන්තර්ජාලය ඔස්‌සේ ප්‍රකාශයට පත් කරමිනි.

අභාග්‍යයකට මෙන්, මංජු වන්නිආරච්චි එම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කරන ලද්දේ මේරියන් ජෝන්ස්‌ මෙන්ම අප්‍රතිහත ධෛර්යය සහ පූර්ණකාලීන කැපවීම ඔස්‌සේම පමණක්‌ නොව නැන්ඩ්‍රලෝන් නමැති තහනම් ශරීර උත්තේජකයේ ආධාරයෙන් බවට දැන් චෝදනා ගොනුවී ඇත.

නැන්ඩ්‍රලෝන් "ඩෙකාඩියුරබොලින්" යන නාමයෙන්ද හඳුන්වනු ලබයි. අසාධ්‍ය රෝගීන්ට විශේෂයෙන් ලබා දෙනු ලබන මෙම ඖෂධය කලෙක වෛද්‍ය නියමයකින් තොරව ඕනෑම ඔසු සලකින් ලබාගත හැකිව තිබුණ ද, වත්මන් නීතිය යටතේ, එවැන්නකට දැන් අවකාශ නොමැත.

එසේ නම්, මංජු වන්නිආරච්චිගේ මුත්‍රා සාම්පලයේ, "නොරැන්ඩොස්‌ටෙරෝන්" නමැති එන්නතෙහි 19 වැනි සංඝටකය වන "නැන්ඩ්‍රලෝන්" අඩංගු වූයේ කෙසේද? මංජු,දැනුවත්ව හෝ නොදැනුවත්ව අදාල තහනම් උත්තේජ ගත් බව තරයේ ප්‍රතිෙíaප කරයි

නැන්ඩ්‍රලෝන් ශරීර ගතවූ විට එම සංඝටකය මාස 6 -8 ක කාලයක්‌ අනිවාර්යෙන්ම ශරීරයේ ක්‍රියාත්මකව පවතින බව වෛද්‍ය මතය වේ.

මංජු වන්නිආරච්චි මෙයට හයමසකට පමණ පෙර සිය සිරුරේ ස්‌ථුලභාවය අඩුකර ගැනීම, ආතතිය සහ ඇදුම යෑයි කියෑවෙන රෝගාබාධ සඳහා කුරුණෑගල ප්‍රසිද්ධ ඉන්දීය හෝමියෝපති වෛද්‍ය සහතිකය ලත් ආනන්ද මුදන්නායක නමැති වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ගෙන ඇත.

මෙම අවස්‌ථාව තර්කයට තුඩු දෙන්නකි. මංජුගේ ක්‍රීඩා තරාතිරම වෛද්‍යවරයාට රහසක්‌ නොවේ යෑයි උපකල්පනය කරන්නේ නම් වෛද්‍යවරයා විසින් මංජුට නිර්දේශ කළ ඖෂධවල තහනම් උත්තේජක අඩංගු විය නොහැක. එබැවින් මංජු විසින් භාවිතා කරන ලද "මුදන්නායකගේ ඖෂධ" පිළිබඳ පූර්ණ පරීක්‍ෂණයක්‌ පැවැත්වීම, ක්‍රීඩා අමාත්‍යාංශය අනුබද්ධිත ක්‍රීඩා වෛද්‍ය ඒකකයට පැවරේ.

මංජුගේ වත්මන් තත්ත්වය පිළිබඳ රටක්‌ වශයෙන්, ජාතියක්‌ වශයෙන් සුසුම්ලන්නෙක්‌ නොමැති තරම්ය. එහෙත්, එම කඳුළු හෝ සෝසුම් ජාත්‍යන්තර තහනම් ශරීර උත්තේජක ඒජන්සියට (WADA - WORLD ANTIDOPING AGENCY) තවත් එක්‌තරා හැඬුමක්‌ පමණකි.

දේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තහනම් උත්තේජක යක්‍ෂයාට ගොදුරු වීම වළක්‌වා ගැනීම සඳහා සෑම රටක්‌ම, ජාත්‍යන්තරය විසින් පිළිගත් එක්‌ විශේෂිත පිළිවෙතක්‌ අනුගමනය කරනු ලබයි.

ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාවකගේ ආහාර, සෞඛ්‍ය, ඖෂධ ආදී දෛනික අවශ්‍යතා නිරීක්‍ෂණය කිරීම එම පිළිවෙත වේ. එහිදී විශේෂයෙන් ඖෂධ භාවිතයේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු අතර, ඔහු හෝ ඇය අවම වශයෙන් පැනඩෝල් පෙත්තක්‌ ගිල දැමුවේ නම් ඒ වග ද ඔහු හෝ ඇය වෙනුවෙන් පුහුණුකරු හෝ කළමනාකරු හෝ වෛද්‍යවරයා හෝ විසින් පවත්වා ගන යනු ලබන වාර්තා පොතෙහි සටහන් කළ යුතුම ය.

මංජු වන්නිආරච්චි, වෛද්‍ය ආනන්ද මුදන්නායක හමුවට ගිය බවක්‌, මංජුගේ වාර්තා පොතේ සඳහන් වී ඇත්දැයි අපි නොදනිමු.

සමස්‌ථයක්‌ වශයෙන් ඉහළ යෑයි සම්මත දේශීය ක්‍රීඩක ක්‍රීඩාකාවන් ක්‍රීඩා වෛද්‍ය ඒකකය තුට්‌ටුවකට මායිම් නොකරන බව නොරහසකි. එහි යන්නෝ බොහෝ විට, හෙට අනිද්දා ජාතික තලයට අවතීර්ණ වීමට වළිකන්නෝ වෙති.

"එතැනට ගියාම දොස්‌තරලා නැහැ" බෙහෙත් නැහැ. නමට පමණයි සුදු අලියෙක්‌. ක්‍රීඩා ඇමැතිතුමා සහ නිලධාරී මණ්‌ඩලය නවදිල්ලි ස්‌පෝට්‌ස්‌ මෙඩිසින් වාට්‌ටු එහෙම දකින්න ඇති...යි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකුට ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ අභියෝගය ඉදිරිපත් කළ විට ලැබුණු පිළිතුර විය.

ජාත්‍යන්තර තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය (WADA - වාඩා) විසින් නම් කරන ලද තහනම් ශරීර උත්තේජක ඖෂධ සංඛ්‍යාව 200 ක්‌ පමණ වේ. ඇතැම් විට කෝපි කෝප්පයද (කැෆේන් අඩංගු හෙයින්") හරහට හිටිනු ඇත.

තහනම් උත්තේජක පරීක්‍ෂණ කිහිපයක්‌ ඇත. රුධිර පරීක්‍ෂාව (BLOOD DOPING) සහ මුත්‍රා පරීක්‍ෂාව (URINE TESTS), මින් බහුලව සිදු කරනු ලබන පරීක්‍ෂණ වෙති. ඒ සඳහා "වාඩා" ආයතනය අනුබද්ධිත සුවිශේෂ රසායනාගාර ඇති අතර එම රසායනාගාරයක අපේක්‌ෂිත එකම සුදුසුකමක්‌ හෝ අඩුවුවහොත් රසායනාගාරය වසා දැමීමට තරම් "වාඩා" ආයතන නීති පද්ධතිය බලවත්ය.

තහනම් උත්තේජක භාවිත පරීක්‍ෂණ තරග සමය (SEASON) සහ තරග අවාර සමය (OFF SEASON) වශයෙන් දෙආකාරය. මෙම අවස්‌ථා දෙකෙහිදීම පරීක්‍ෂණ සඳහා තම මුත්‍රා සාම්පලයක්‌ ලබාදීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වාඩා නීතිය යටතේ බැඳී සිටිති.

මුත්‍රා සාම්පල පරීක්‍ෂාවේදී ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාවක්‌ විසින් බලයලත් වාඩා නිලධාරියකු ඉදිරියේදී මුත්‍රා සාම්පලය ලබා දිය යුතු වේ. අනතුරුව එම සාම්පලය ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව ඉදිරියේම පරීක්‍ෂණ නල දෙකකට වෙන් වෙන් වශයෙන් දමා "ඒ" සහ "බී" වශයෙන් සලකුණු කොට අංකයක්‌ යොදා පරීක්‍ෂණාගාරයට යවනු ලබයි. මෙහිදී මුත්‍රා සාම්පලයේ හිමිකරු හෝ හිමිකාරියගේ නම භාවිතා නොකිරීම විශේෂ සිද්ධියකි.

මේ අනුව, "ඒ" මුත්‍රා සාම්පලය අභව්‍ය නම් "බී" සාම්පලය ගැන කවර කථාද?

යම් හෙයකින් "දේශීය වෛද්‍ය ක්‍රම අනුගමනය කොට තහනම් උත්තේජකයක්‌ ශරීර ගත කර ගත හැකි නොවේද?" යි 1990 බැංකොක්‌ හි පැවැති ආසියානු ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සමුළුවේදී මම ප්‍රශ්නයක්‌ ඉදිරිපත් කළ අයුරු සිහියට නැගෙයි.

"හිතුවා මදි. කිසි කෙනෙකුට කොහෙන්වත් රිංගන්න ඉඩ නැහැ" යි ජාත්‍යන්තර ඔලිම්පික්‌ කමිටු නියෝජිත, ඉතියෝපියාවේ පෛක්‌රු කිදානේ මහතා එවිට පිළිතුරු දුන්නේය.

එය සැබෑවකි.

චීනයේ ජාතික පිහිනුම් කණ්‌ඩායම මුකුණුවැන්න වැනි පළා වර්ගයක්‌ කැස්‌ බෑ ලේ සමඟ මුසුකොට ආහාරයට ගෙන ලෝක වාර්තා පිට වාර්තා පිහිටු වීය.

එය තහනම් ක්‍රමයක්‌ විය. එබැවින් එම ලෝක වාර්තා සියල්ල වාර්තා පොතෙන් කුණු කූඩයට ගියේය.

මංජුගේ සිද්ධිය ශ්‍රී ලංකාවේ වාර්තා වූ සිව්වැනි "සංතාපය" වේ.

අසෝක ජයසුන්දර, සුසන්තිකා ජයසිංහ, ජානි චතුරංගි (මලල ක්‍රීඩා) සහ බර එසවීමේ ක්‍රීඩිකාවක්‌ වන කෑගල්ලේ ගුණසේකර තහනම් උත්තේජක භාවිත වරදෙහි වැටුණෝ වෙති.

එහිදී සුසන්තිකා හැර සෙස්‌සෝ දඬුවම් වින්දාහ.

සුසන්තිකා ජයසිංහට දඬුවම් පැමිණවීම ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ඉහළම උසාවිය වන ස්‌විස්‌සර්ලන්තයේ ලුසැන්හි ක්‍රීඩා සමතකරණ ජාත්‍යන්තර උසාවිය (Court of Arbitration for sports) දක්‌වා ගියේය.

එවකට එස්‌. බී. දිසානායක ක්‍රීඩා ඇමැති ධුරය දැරූ අතර ඒ යටතේ මලල ක්‍රීඩා සංගම් සභාපති ආරිය කන්නන්ගර මහතා විසින් ඉදිරිපත් කරන ලද සුවිශේෂ ලිපියකට අනුව එය මෙම උසාවියේ බල සීමාවෙන් පිටත කාරණයක්‌" යෑයි කියමින් සමතකරණ උසාවිය සුසන්තිකාට එරෙහි සියලු චෝදනා ඉවත දමන ලදී.

"සුසන්තිකාට යම් දඬුවමක්‌ පැමිණුවහොත් ශ්‍රී ලංකාවේ දේශපාලන වශයෙන් බරපතල කැළඹිලි ඇති විය හැක" යි එම ලිපියේ අන්තර්ගතය විය.

යම් හෙයකින් මංජුගේ මුත්‍රා "බී" සාම්පලයේද නැන්ඩ්‍රලෝන් අඩංගු වුවහොත් ඔහුට දැන් යැමට ඉතිරිව ඇත්තේ ලුසැන් උසාවිය පමණි.

අසෝක ගුණතිලක

http://www.divaina.com/2010/10/27/feature.html