මාස 12ට දොස්තරලා 957ක් රස්සාව දාලා ගිහින්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉකුත් වසරේ අගෝස්තු සිට මේ වසරේ අගෝස්තු දක්වා වසරක කාලය තුළ වෛද්‍යවරුන් 957 දෙනකු සේවයෙන්ඉවත්ව ගොස් ඇතැයි වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) පැවසීය.කිසිදු දැනුම් දීමකින් තොරව සේවය අතහැර ගොස් ඇති 197 දෙනකු ද මෙම පිරිස අතර වන බව පැවසූ වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට අමතරව වෛද්‍යවරුන් 163 දෙනකු එම කාලයේදී සේවයෙන් ඉල්ලා අස්වී ඇති බවද ප්‍රකාශ කළේය.

    සේවය අතහැර ගොස් සිටින 197 දෙනාගෙන් මුදල් අය කර ගැනීමට කටයුතු කරගෙන යන බවද ඔහු කිවේය.වසර 5ක නිවාඩු ලබා විදේශගතව සිටින 526 දෙනකුද මේ පිරිසට ඇතුළත් වන බවත් කුමන ගැටලු තිබුණත් රජයේ චක්‍රලේඛ සහ ආයතන සංග්‍රහය අනුව ඔවුනට එම නිවාඩු දීමට සිදුව ඇති බවත් විජේසූරිය මහතා පැවසීය.සෞඛ්‍ය සේවයේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යෑමට මේ හේතුවෙන් ග

    ැටලු මතුව ඇතැයි පැවසූ විජේසූරිය මහතා වෛද්‍යවරුන් 71 දෙනකු එම කාලයේදී විශ්‍රාම ගොස් ඇතැයිද සඳහන් කළේය.

    නිර්වින්දන වෛද්‍යවරුන් සහ හදිසි ප්‍රතිකාර සේවාවල වෛද්‍යවරුන්ගේ බරපතළ හිඟයක් පවතින බව පැවසූ විජේසූරිය මහතා සමහර ප්‍රාථමික ඒකකවල සිටින්නේ එක වෛද්‍යවරයකු පමණක් බවද සඳහන් කළේය.මේ තත්ත්වය තුළ ඇතැම් ප්‍රතිකාර ඒකකවල පැය 24 පුරා සේවය පවත්වාගෙන යෑමේ ගැටලුවක් මතුව ඇතැයිද ඔහු අවධාරණය කළේය.අනුමත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට වෛද්‍යවරුන් 22,541 දෙනකු ඇතුළත් වන බවත් මින් 14,688 දෙනකු රජයේ රෝහල්වලට අනුයුක්ත කර සිටින බවත් ඔහු පැවැසීය.පළාත් රෝහල්වල වෛද්‍යවරුන් 7853 දෙනකු අනුයුක්ත කර ලැබ සිටින බවද ඔහු කීවේය.ලබන වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා වනවිට වෛද්‍යවරුන් 670 දෙනකු විශ්‍රාම යෑමට නියමිත බවද ජී. විජේසූරිය මහතා පැවසීය.

    සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ විගණකාධිපති වාර්තා සම්බන්ධයෙන් දුන් නියෝග ක්‍රියාත්මකවීමේ ප්‍රගතිය හා වර්තමාන කාර්ය සාධනය පිළිබඳව පරීක්ෂා කිරීමට එම අමාත්‍යාංශයේ ප්‍රධානීහු රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට පසුගියදා කැඳවනු ලැබූහ.

    මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.එම කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අක්‍රමිකතා සහ දුර්වලතා රැසක් පවතින බැවින් ඖෂධ මිලදී ගැනීම් සහ සේවක සංඛ්‍යාව ඇතුළු කරුණු පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා අනුකමිටු දෙකක් පත් කරන බව ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

    මේ අතර වෛද්‍යවරුන් විදේශගත වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසූවේ තම සේවයට නිසි වටිනාකමක් නොමැතිවීම හේතුවෙන් වෛද්‍යවරුන් විදේශගතවන බවයි.කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සිල්වා මහත්මිය පැවසුවේ හෙද හෙදියන්ද විශාල පිරිසක් විදේශගතව ඇති බවයි.

    සුජිත් හේවාජුලිගේ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඒ රටවල වම දකුණ මාරු කරලා ඔපරේෂන් කරන්න පුළුවන් ද 😋
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    එලම

    ඒ රටවල වම දකුණ මාරු කරලා ඔපරේෂන් කරන්න පුළුවන් ද 😋
    පුළුවන් පුළුවන්, එහෙත් පුළුවන්. මිනිස්සු අතින් වැරදි වෙනවානේ 🤪
    ------ Post added on Sep 25, 2023 at 4:28 PM
     
    • Like
    Reactions: Naughtykolla48

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒ රටවල වම දකුණ මාරු කරලා ඔපරේෂන් කරන්න පුළුවන් ද 😋
    පුලුවන් ඉතින් ආයේ ලන්කාවට එන්න ඕනේ නම්
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    මේ ගියාට පස්සෙ check උන ටිකනෙ, යන්න ප්ලන් කරන උන් කීයක් ඇද්ද

    තව බොහෝ ඇත
    දන්න ඩොකාල 2 ක් සිටියි
    ඔසී යන එක උංට ලොකු අමාරුවක් නැත
    මෙහේ ලක්ස 2 ට හැමිනෙනවාට වඩා , ඔසී ගොස් සැපට සිටිය හැක

    යන එක උංගේ පැත්තෙන් සාදාරන ය
     
    • Like
    Reactions: Cypress

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    ඉකුත් වසරේ අගෝස්තු සිට මේ වසරේ අගෝස්තු දක්වා වසරක කාලය තුළ වෛද්‍යවරුන් 957 දෙනකු සේවයෙන්ඉවත්ව ගොස් ඇතැයි වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) පැවසීය.කිසිදු දැනුම් දීමකින් තොරව සේවය අතහැර ගොස් ඇති 197 දෙනකු ද මෙම පිරිස අතර වන බව පැවසූ වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට අමතරව වෛද්‍යවරුන් 163 දෙනකු එම කාලයේදී සේවයෙන් ඉල්ලා අස්වී ඇති බවද ප්‍රකාශ කළේය.

    සේවය අතහැර ගොස් සිටින 197 දෙනාගෙන් මුදල් අය කර ගැනීමට කටයුතු කරගෙන යන බවද ඔහු කිවේය.වසර 5ක නිවාඩු ලබා විදේශගතව සිටින 526 දෙනකුද මේ පිරිසට ඇතුළත් වන බවත් කුමන ගැටලු තිබුණත් රජයේ චක්‍රලේඛ සහ ආයතන සංග්‍රහය අනුව ඔවුනට එම නිවාඩු දීමට සිදුව ඇති බවත් විජේසූරිය මහතා පැවසීය.සෞඛ්‍ය සේවයේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යෑමට මේ හේතුවෙන් ග

    ැටලු මතුව ඇතැයි පැවසූ විජේසූරිය මහතා වෛද්‍යවරුන් 71 දෙනකු එම කාලයේදී විශ්‍රාම ගොස් ඇතැයිද සඳහන් කළේය.

    නිර්වින්දන වෛද්‍යවරුන් සහ හදිසි ප්‍රතිකාර සේවාවල වෛද්‍යවරුන්ගේ බරපතළ හිඟයක් පවතින බව පැවසූ විජේසූරිය මහතා සමහර ප්‍රාථමික ඒකකවල සිටින්නේ එක වෛද්‍යවරයකු පමණක් බවද සඳහන් කළේය.මේ තත්ත්වය තුළ ඇතැම් ප්‍රතිකාර ඒකකවල පැය 24 පුරා සේවය පවත්වාගෙන යෑමේ ගැටලුවක් මතුව ඇතැයිද ඔහු අවධාරණය කළේය.අනුමත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට වෛද්‍යවරුන් 22,541 දෙනකු ඇතුළත් වන බවත් මින් 14,688 දෙනකු රජයේ රෝහල්වලට අනුයුක්ත කර සිටින බවත් ඔහු පැවැසීය.පළාත් රෝහල්වල වෛද්‍යවරුන් 7853 දෙනකු අනුයුක්ත කර ලැබ සිටින බවද ඔහු කීවේය.ලබන වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා වනවිට වෛද්‍යවරුන් 670 දෙනකු විශ්‍රාම යෑමට නියමිත බවද ජී. විජේසූරිය මහතා පැවසීය.

    සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ විගණකාධිපති වාර්තා සම්බන්ධයෙන් දුන් නියෝග ක්‍රියාත්මකවීමේ ප්‍රගතිය හා වර්තමාන කාර්ය සාධනය පිළිබඳව පරීක්ෂා කිරීමට එම අමාත්‍යාංශයේ ප්‍රධානීහු රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට පසුගියදා කැඳවනු ලැබූහ.

    මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.එම කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්විය.මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අක්‍රමිකතා සහ දුර්වලතා රැසක් පවතින බැවින් ඖෂධ මිලදී ගැනීම් සහ සේවක සංඛ්‍යාව ඇතුළු කරුණු පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා අනුකමිටු දෙකක් පත් කරන බව ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

    මේ අතර වෛද්‍යවරුන් විදේශගත වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසූවේ තම සේවයට නිසි වටිනාකමක් නොමැතිවීම හේතුවෙන් වෛද්‍යවරුන් විදේශගතවන බවයි.කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සිල්වා මහත්මිය පැවසුවේ හෙද හෙදියන්ද විශාල පිරිසක් විදේශගතව ඇති බවයි.

    සුජිත් හේවාජුලිගේ
    Ape badu neda, thawa tax gewamu
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගිලෙන නැවෙන් මුලින්ම පනින්නෙ ඉල්ලුමක් තියෙන හොඳට වැඩ පුළුවන් එවුන්.

    සොට්ටේයා කොම්පැනියක් වැහෙන්න යනවා කිව්වා ගමන් හොඳ එවුන් වෙන තැන්වලට පනිනවා. ඉතිරිවෙන කබ්බොත් එක්ක කොහොමත් ගොඩ ඒමක් නෑ.

    ඩොකාලත් එහෙමයි. ඉතිරි වෙන්නෙ මෙලෝ රහක් නැති එවුන්
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පට්ට පල් බොරු.ඔය ජෙප්පෝ බොරුවට අැටෙන්ශන් ගන්න ප්‍රචාරය කරන පච නිව්ස්
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    care giver training කරන තැනක එක්කෙනෙක් කිව්වා හැම ක්‍ෂෙත්‍රයේම උසස් ජොබ් කරන අය training ගන්න එනවා කියලා.