මාස 5ක බිලිඳියක් දූෂණය කරයි

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    මේ තියෙන්නෙ Unicode

    මේ තියෙන්නෙ Unicode

    අවුරුදු පහක් වයසැති නොව, ඉපදී මාස පහක් යාන්තමින් පිරුණ බිලිඳියක් මෙම ඛිදවාචකයට මුහුණ පා මේ වනවිට අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව කොළඹ, රිජ්වේ ළමා රෝහ‍ලේ දැඩි ‍පොලිස් ආරක්ෂාව යටතේ මේ මොහොතේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
    දූෂණයකදී ලබන අතිශය වේදනාව තබා මවගේ තනයෙන් මුවට වැටෙන උණු කිරි බිඳ ගැනවත් කිසිදු හැඟීමක් නැති පස්මස් වියැති බිලිඳියක් දෙපා සතුන් විසින් දූෂණය කළේ කෙසේදැයි කියා මේ වනවිට ඔබගේ හදවත තුළ දෝංකාර නංවන බව දනිමි.
    නිවසේ දැඩිවන බල්ලෙක්, පූසෙක් තබා වන මෘගයෙක්වත් මෙතරම් ළාබාල සිය පැටවුන් හා සංවාසයේ යෙදෙන ආකාරයක් ඔබේ ජීවිතය තුළ කිසිදාක දැක නැති බව මම දනිමි. ඔබද දන්නවා ඇතැයි සිතමි. එසේ නම් සිව්පාවුන්ට වඩා අතිශය කෘෘර කිසිදු මනුස්ස හැඟීමක් නැති තිරිසනුන්ටත් වඩා අන්ත අපායක් මෙම රම්‍ය භූමියේ බිහිවෙමින් තිඛෙන බවට මෙවැනි අපරාධ සාක්ෂි නොවේද?


    ලියන්නට පවා සිත් නොදෙන මෙම අප්‍රසන්න කතාව මුළුමනින්ම නිර්මාණය වන්නේ දවසින් දවස සොබාසම්පන්න වන කොළඹ නගරයෙනි. එම කතාවට පිවිසෙන්නට පෙර මෙවැනි පෙරවදනකින් එය ආරම්භ කරන්නැයි මාගෙන් ඉල්ලා සිටියේ කොටුව ‍පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක චමිල් රත්නායකයි.

    ආරක්ෂක අමාත්‍යංශයේ සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ සෘජු අධීක්ෂණය යටතේ මේ වනවිට කොළඹ නගරයේ විවිධ ස්ථාන නවීකරණය වෙමින් පවතී. නගරයේ අලංකාරය වනසන දැවැන්ත පිළිකාව වශයෙන් මේ වනවිට හඳුනාගෙන තිඛෙන්නේ zයාචක මාෆියාවzයි. ඇත්තවශයෙන්ම සැබෑ යාචකයෝ අද කොළඹ නගරයේ නැත. ඒ වෙනුවට ඇත්තේ තැනින් තැන ‍පොලිස් ඇසට වැලි ගසමින් ක්‍රියාත්මක වන යාචක මාෆියාවකි. එය නගරයේ අලංකාරයට පමණක් නොව, එහි පැමිණෙන දසදහස් ගණන් ජනතාවට සහ දේ‍පොළවලට අද එල්ල කර තිඛෙන්නේ විශාල තර්ජනයකි.

    අත්අඩංගුවට පත්වන සෑම යාචකයකු ළඟ රුපියල් හත්දහසකට වඩා වටිනා ජංගම දුරකථන තිබි හමුවී තිබේ. ඒ වගේම මොවුන්ගේ ඇඳුම් ‍පොට්ටනි ආදිය පරීක්ෂා කිරීමේදී ඒවා තුළ තිබි හෙරොයින්, ගංජා, අරක්කු, කසිප්පු ආදියද හමුවී ඇත.

    දස දහස් ගණනින් කොළඹට ඇදෙන ජනතාවත් සමග ඈත දුෂ්කර පළාත්වලින් සමහර ගැහැනු, දරුවන්ද වඩාගෙන කොළඹට සංක්‍රමණය වී zයාචක මාෆියාවටz සම්බන්ධ වී සිටින බවට තොරතුරුද රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය වෙත ලැබි තිබේ. කොළඹට පැමිණෙන මෙම යාචක මාෆියාව ඉතා සරුවට මුදල් හම්බ කරති. මොවුන් රාත්‍රියේ ආහාරයට ගන්නේ ෆ්‍රයිඩ් රයිස් වැනි රසවත් ආහාරයි. ආහාරයට පෙර ගැහැනු පිරිමි දෙපාර්ශ්වයම මත්ද්‍රව්‍යවලින් හොඳහැටි සන්තර්පණය වෙති. ඉන් අනතුරුව කොටුව දුම්රිය‍පොළ, බස් නැවතුම්‍පොළවල හෝ වෙනත් ගොඩනැගිලි අහුමුළුවලට ගොනුවන මොවුන් හැසිරෙන්නට පටන් ගන්නේ වනසතුන්ටත් වඩා වනචාරී ලෙසින්ය.

    එපමණක්ද නොව, නගරයේ බොහෝ කඩසාප්පු රාත්‍රියේ බිඳ වටිනා දේ පැහැර ගෙන යාමද zයාචක මාෆියාවz අතින් සිදුවන, ‍පොලීසියට මහ හිසරදයක් ගෙන දෙන සිද්ධියක් වී තිබේ. ‍පොසොන් සමයට අනුරාධපුරයට, මහනුවර දළදා පෙරහරට සහ රුහුණු කතරගම වාර්ෂික දේව මංගල පෙරහරට සිඟන්නන් ප්‍රවාහනය කරනු ලබන්නේ කොළඹ zයාචක මාෆියාවz හරහා බව මේ වන විට අනාවරණය වී තිබේ.

    මෙම මාෆියාව පිටුදැකීමට ‍පොලීසිය විසින් මොවුන් අල්ලා උසාවි දැමූ අවස්ථාවලදී උසාවියෙන් නියම කරන දඩ මුදල වන්නේ රුපියල් සියයකි. මේ නිසා කොළඹ යාචක මාෆියාව පවතින තුරු එහි සිදුවන අපරාධ මැඩලීම කොටුව ‍පොලීසියට දැවැන්ත අභියෝගයක් වී තිඛෙන බව ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක චමිල් රත්නායක මා සමග පැවැසුවේය. ඒ, ඉකුත් ජුනි මස 22 වැනිදාය. සෑම සෙනසුරාදා දිනකම කොටුව ‍පොලීසියේ සියලූ‍ම නිලධාරින් වෙනුවෙන් ප්‍රධාන ‍පොලීස් පරීක්ෂකවරයා විසින් පංතියක් පවත්වනු ලැබේ. එය ආරම්භවන්නේ උදෑසන 7ටයි. පංතිය ආරම්භවී ගත වූයේ සුළු මොහොතකි. ‍පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක රත්නායකට ඇමතුමක් ලැබිණ. ඉන් කියැවුණේ ‍ලේක්හවුස් ගොඩනැගිල්ලට පිටුපසින් පහළ භූමියේ දිවෙන රේල් පාර අසල දරුවකුගේ සිරුරක් තිඛෙන බවයි.

    ඒ මොහොතෙහිම ‍පොලිස් පරීක්ෂකවරයා ‍පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් කීපදෙනෙක් සමග අදාළ ස්ථානය වෙත පැමි‚යහ. ප්‍රධාන මාර්ගයෙන් රේල් පාර දෙසට වැටී තිඛෙන අබලන් පඩි පෙළ දිගේ පහළට පැමි‚ ‍පොලිස් පිරිසට රේල් පාර අයිනේ ‍ලේ ගලමින් තිබූ බිලිඳු සිරුර හමුවිය. රුධිරය වැගිරෙන සිරුර ‍පොලිස් නිලධාරිනියක් විසින් වහා ඔසවා ගත්තාය. බිලිඳියගේ සිරුරේ උණුසුම දෑතට හොඳින් දැනුනු නිසා ඇය ජීවතුන් අතර සිටින බව නිලධාරිනියට ප්‍රත්‍යක්ෂ විය.

    මහපාරේ නවතා තිබූ ‍පොලිස් ජීප් රථයට බිලිඳිය හා ‍පොලිස් පිරිස ඇතුළු වූ අතර එය හැකි ඉක්ම‚න් බොරැල්ල රිජ්වේ ළමා රෝහල වෙත ධාවනය කරවීය. බිලිඳියගේ දෙපා මුලින් දිගටම රුධිරය ගලමින් තිබිණ. ළමා රෝහ‍ලේ වෛද්‍යවරුන් වහාම බිලිඳිය සිය භාරයට ගත් අතර තවත් පැය භාගයක් පමා වී නම් රුධිරය වහනය වීම හේතුවෙන් ඇය ජීවිතක්ෂයට පත්වීමට ඉඩ තිබූ බව වෛද්‍යවරුන් පසුව ‍පොලීසියට ප්‍රකාශ කළහ. බිලිඳියට වහාම ශල්‍යකර්මයක් කළ යුතුව තිබිණ. ඒ ඇගේ බිලිඳු අවයවය හා ගුද මාර්ගය වෙන් කරන කොටස් විනාශ වී ගොස් තිබූ බැවින්ය.

    වෛද්‍යවරුන් ඇගේ සිරුරේ තිබූ සැකකටයුතු ද්‍රාවණ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා රැස්කළ අතර ශල්‍ය කර්මයද සිදුවිය. බිලිඳියට සිදුවී තිබූ හානිය අනුව වෛද්‍යවරුන් පූර්ව නිගමනයකට එළඹුණහ. ඒ මෙම බිලිඳිය දරුණු ලිංගික අපයෝජනයකට ලක්වී ඇති බවයි. ඒ බව රිජ්වේ ළමා රෝහ‍ලේ අධිකාරිය විසින් වහාම කොටුව ‍පොලීසියට දැනුම් දෙන ලදී. අනතුරුව ‍පොලීසියට අවශ්‍ය වූයේ මෙම බිලිඳියගේ මව සොයාගැනීමයි. එදිනම දහවල් 12ට පමණ වයස අවුරුදු 38ක් පහණ වන කාන්තාවක් ‍පොලීසිය වෙත පැමිණ දරුවා ඇගේ යැයි ප්‍රකාශ කිරීමත් සමග ඇගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කෙරිණ.

    මෙම මහා ඛිදෙවාචකය දිගහැරෙන්නට පටන්ගන්නේ් ඉන් පසුවය. ඇය රේණුකා නම් විය. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. පෙර විවාහයෙන් ඇයට දරුවන් දෙදෙනකු සිටී. පසුගිය කාලයේ පැවැත් වූ අනියම් සම්බන්ධයක් හේතුවෙන් ඇය ගැබිනියක බවට පත් වූවාය. ගැබිනියකව සිටියදී ඇගේ නීත්‍යනුකූල පුරුෂයා මිය ගියේය.
    වයස අවුරුදු දහඅටක් පමණ වන ඇගේ දිය‚යද සිය මව නිවසින් පන්නා දැමූ නිසා ඇය අනියම් පුරුෂයා සොයා ගොස් තිබේ. එවිට ඇයට දැනගන්නට ලැබි ඇත්තේ ඔහු කොළඹ, පිටකොටුවේ කෙසෙල් වෙළෙඳාමක් සඳහා ඇඹිලිපිටියෙන් පිට වී ගොස් ඇති බවයි.
    අනියම් පුරුෂයා සොයා පැමි‚ ඇයට නතරවන්නට තැනක් තිබුණේ නැත. ඉක්බිති දරු ගැබත් ඔසවා ගෙන හිඟමනට වැටුණ රේණුකා වැඩි දවසක් නොගොස් වීදිවල රස්තියාදු වන තවත් පුරුෂයකුගේ ඇසුරට වැටුණාය. ඔහු හොරණ පදිංචිකරුවෙකි. බේබද්දෙකි. ඒ වගේම හෙරොයින් පානයට ඇබ්බැහි වූවෙකි. ඔහු උපක්‍රමශීලී ලෙස රේණුකා ද මත්පැන් හා හෙරොයින් පානයට පුරුදු කරගත්තේය.
    දෙදෙනාම දිවා කාලයේ සිඟා කා රාත්‍රියේ හොඳහැටි මත් වී අඳුරු වීදියේ මුල්ලකට වැදුනහ. කොළඹ රජයේ රෝහලකදී ඉකුත් ජනවාරියේදී පමණ රේණුකා බිලිඳියක ප්‍රසූත කළාය. ඉන් ටික දිනකට පසු ඇය බිලිඳියද කැටුව යළි සිඟමනට වැටුණාය.

    දරුවා ලැබුණද ඇයට මත් රකුසාගෙන් ගැළවෙන්නට නොහැකි විය. මේ අන්දමට මාස හතරක් පමණ ඉක්මවා ගියේය. රේණුකා තවත් පුරුෂයකුගේ ඇසුරට පත්වූයේ ඉන්පසුවයි. ගමෙන් පැමිණෙන විට ඇය සතුව තිබූ රූප සොබාව වියැකී යමින් අව්වට පිළිස්සුණ හණස්සක් මෙන් රේණුකා දිරාපත් වන්නට පටන් ගෙන තිබිණ. එහෙත් හෙරොයින් පානයට හා මත්පැන් බිමට ඇබ්බැහි වී සිටි ඇයට ඉන් මිදෙන්නට නොහැකි වූයේ අලූ‍තින් හඳුනාගත් දෙමටගොඩ පදිංචි අනියම් පුරුෂයාද මත් ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වී සිටි අයකු බැවින්ය.

    වරින් වර මෙම පුරුෂයන් දෙදෙනා මාරුවෙන් මාරුවට රේණුකා සමග වාසය කර තිඛෙන බව ‍පොලීසියේදී අනාවරණය විය. සිද්ධිය වූ දින එක් පුරුෂයෙක් සමග ඇය තමන්ගේ දරුවාද තුරුළු කරගෙන බිමතින් නින්දට වැටී ඇත්තේ කොළඹ, කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය අසල අඳුරු තීරුවකය.

    අලූ‍යම පහට පමණ තමන් අවදි වූ බවත් එවිටත් දරුවා තමන්ට තුරුළු වී නිදමින් සිටි බවත් රේණුකා කියයි. නමුත් අලූ‍යම 5.30 පමණ වන විට සිය බිලිඳිය හා අනියම් පුරුෂයා අතුරුදන් වී සිටිනු ඇය දැක තිබේ. ඇගේ ප්‍රකාශ සටහන් කරගත් ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක චමිල් රත්නායක වහාම මෙම අපරාධය පිළිබඳ තොරතුරු බස්නාහිර පළාත් ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති අනුර සේනානායක, කොළඹ නියෝජ්‍ය ‍පොලිස්පති එස්.ඒ.ඩී.එස්. ගුණවර්ධන සහ කොළඹ කොට්ඨාස භාර ‍පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන දැනුම්වත් කළහ. ඔවුන්ගේ උපදෙස් පරිදි රේණුකා සමග අනියම් පුරුෂයන් මෙන් ජීවත් වූ පුද්ගලයන් දෙදෙනා වහා අත්අඩංගුවට ගෙන උසාවිය හමුවට ඉදිරිපත් කර ඩී.එන්.ඒ. පරීක්ෂණ සඳහා සැකකරුවන් දෙදෙනාගේ ශ=ක්‍රාණු කොටස් ලබාගැනීමට උසාවි නියෝගයක් ඉල්ලා සිටියේය.

    උසාවියේ නියෝගය අනුව සැකකරුවන් ගෙන් ලබාගත් ශ=ක්‍රාණු කොටස් සහ බිලිඳියගේ සිරුරේ තිබි වෛද්‍යවරුන් විසින් සොයාගත් ද්‍රාවණ කොටස් වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ සඳහා යොමුකර තිබේ. එහි වාර්තාව ළඟදීම ලැඛෙනු ඇතැයි ‍පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේය. අද දවසේ මෙවැනි අඳුරු වීදිවල නොව ගෘහස්ථ ජීවන රටාව තුළත් දරුවන්ට අප්‍රමාණ හිරිහැර සිදුවෙයි. ඒ වගේම වීදිවලත් දරුවන් වඩාගෙන සිඟමන් යදින පිරිමින් ගැහැනුන් කොතෙකුත් දකින්නට ලැබේ.
    දණ්ඩ නීති සංග්‍රහයේ 1988 සංශෝධන පනතේ 288(01) වගන්තිය අනුව මෙය ද~ුවම් ලැබිය හැකි බරපතළ වරදක් වෙයි. එබැවින් නිවසක හෝ මහමග කුඩා දරුවන් සම්බන්ධයෙන් ඔබ දකින යම් අතවරයක්, සිඟාකෑමක් වේ නම් වහාම ඒ පිළිබඳ 118 හෝ 119 යන හදිසි ඇමතුම්වලට දැනුම් දෙන ලෙස රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    yako mokadda me loketa wela tiyenne sakkili wesaballo okunta denna ona daduwam age kallen kalla kapa kapa widawawala maranna ona prasiddiye deiyane adahaganna bari dewalne dan sidda wenne