මාහට

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පර සුද්දාගේ භාෂාව ලියා අවසන්ව....
    දුන් කාලයට පෙරාතුව,ශාලවෙන් එලියට පැමිණියේ..
    ඔබ එන මග බලා සිටීමේ දැඩි ආශාවකිනී...
    නමුදු ඔබ පැමිණියේ..පිරිසකට මැදිව,සිනා පිරුනු මුවග විහිදාගෙනය....
    එය...,
    ...රාත්‍රි අහසේ තරු කැලක සෙනෙහේ ලබමින්,එම තරු කැල ආලෝකයෙන් ප්‍රභාන්විත කරන එකදු තනි පුර සද ඔබ වැනිය.....
    අහෝ...ඔබ ආවා..,නැවතුනා මගේ ඉදිරිපිට..,
    දැනුනා හදවත පුලුන් රොදක් ලෙස..,
    අහෝ දෙවියනේ...අඩන්නද, නැතිනම් සිනාසෙන්නද මම.,ඔය රුව අබියස...,
    ඔබ.. පියමැන්නා මාගෙන් එපිටට..,
    ඉතින් අවසරයි මට ඉගිලෙන්න, ඔබ පසුපස...,
    සිහින් සුසිනිදු පියාපතක නැග...,
    ගියා ඔබ මගෙන් දුර ඈතට..,
    දෙනෙතට කදුලු මතු කොට..,
    මාගේ......,
    ඇසට උරුම කදුල පමණයි..
    හදවතට උරුම සුසුම පමණයි...
    නුඹ උරුම මගේ සිහිනෙට පමණයි....
    මා හට....,
    මුලු ලොවම සතුරුව අද මා අභියස..
    කිමද මාගේ ප්‍රේමයට මෙතරම් විසකුරු සරදම්............



    ++REP
     
    • Like
    Reactions: Mindada hee sara..

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    kawrut naddaaaaaaaaaaaaa............

    2010-06-17_052448.jpg