මාළදෙණියේ පුංචි පවුල අවසන් ගමනේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_3bbc8890e7.jpg



    පාපතර ඥාතී පුත්‍රයාගේ දෑතට ගෙල සිරවීමෙන් මිය ගිය මීරිගම මාළදෙනියේ මව පියා සහ පුතාගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ මහා සංඝරත්නයේ ආගමික වතාවත්වලින් අනතුරුව අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි .

    ඉකුත් 19 අළුයම දෙකට පමණ මෙසේ මරා දමා තිබුණේ මීරිගම මාලදෙණියේ පදිංචිව සිටි නුගදෙණි ආරච්ච්ගේ ලයනල් ප්‍රේමසිරි 78 , ඔහුගේ බිරිඳ දුලියාවතී ජයලත් මැනිකේ 82 සහ විශේෂ අවශ්‍යතා සහිත පුත්‍රයකුවු නුගදෙණි ආරච්ච්ගේ සුමුදු ප්‍රියශාන්ත 42 නමැති අයවලුන්ය.

    මුද්‍රා තබනු ලැබූ දේහයන් නිවසේ තැන්පත් කර තිබීයදී ජනතාව ඊට ගෞරව දක්වනු දක්නට ලැබිණි. අනතුරුව මාලදෙණිය ශ්‍රී සෛලකාන්තාරාම විහාරාධිපති රත්කරව්වේ ධම්ම ජෝති හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝ රත්නය විසින් ආගමික වතාවත් සිදු කරනු ලැබීය.

    එහිදී අනුශාසනාවක් කරමින් රත්කරව්වේ ධම්ම ජෝති හිමියෝ සඳහන් කළේ මනුස්ස ජීවිතයකට දුන් අගය මේකද යන ගැටළුවක් ඇතිවී ඇති බැවින් මෙවැනි අදමිටු ක්‍රියාවන් සිද්ධ නොවෙන්න සමාජය විසින්ම ක්‍රමවේදයක් සකසා ගත යුතු බවයි.

    මාලදෙනීය සහජීවන අවමංගල්‍යාධාර සමිතිය ඇතුළු ගමේ සංවිධාන , මූලිකත්වයෙන් ප්‍රදේශයේ ජනතාවගේ ද සහයෝගයෙන් තිදෙනාගේ අවසන් කටයුතු සිදු කෙරෙනු අතර ගම්වාසීන් ඇතුළු ප්‍රදේශයේ ජනතාව ඊට සහයෝගය දැක්වූ බව මෙහිදී දැන ගන්නට ලැබිණි .

    image_5b43e38358.jpg
     
    • Sad
    Reactions: Asmodeus

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    එල්ලුම් ගහ ගේන්න ඔ්නේ
    දිගට හරහට එල්ලන්න ගත්තාම පාතාලේ, කුඩු, බඩු. රේප් කේස්, ම්නීමරුවෝ නිකංම අඩු වෙනවා
     
    • Like
    Reactions: SLK_sri and lilman