මා කැපුවේ මාගේම දකුණු අතයි
මා කැපුවේ මාගේම දකුණු අතයි
කඳු නඟින්නකුගේ ත්‍රාසජනක අත්දැකීමක්
ලෝකයේ සිදුවන විවිධ දේවල් නිසා සමහර පුද්ගලයන් ප්‍රධාන මාතෘකා බවට පත්වන්නේ ඉතාමත්ම ඉක්‌මනින්. මේ මිනිසුන් කළ කී දැ සිතාගන්නටවත් අසීරු වීම මෙයට ආසන්නතම හේතුව වනවා. ඒ නිසාම එවැනි මිනිසුන් ලෝක තලයට සුවිශේෂී චරිත ලෙසද හඳුන්වන්න පුලුවන්. අද කතාවේ කතා නායකයාත් එසේමයි. ඔහු දිරිය මිනිසෙක් ඔහු ලද අත්දැකීම වෙනස්. එයට ඔහුගේ ප්‍රතිචාරයද වෙනස් වුණා. එම නිසාම ඔහු අදටත් ජීවත් වනවා.
ඇරන් ලී රුල්ස්‌ටන් (Aron Lee Ralston) යනු අමෙරිකානු ජාතික කඳු නගින්නෙක්. 1975 ඔක්‌තෝම්බර් 25 තමයි ඔහු උපත ලබන්නේ. උසස් අධ්‍යාපන කටයුතුවලින් පසුව ඇරත් ඉංජිනේරුවකු ලෙස තම වෘත්තීය දිවිය අරඹනවා. ඔහුගේ ප්‍රධානතම විනෝදාංශය වුණේ කඳු නැගීම. සාමාන්‍යයෙන් අරුත් මේ සඳහා පැමිණෙන්නේ කිසිවකුට දැනුම් දෙන්නේද නොමැති වීම විශේෂත්වයක්. 2003 අප්‍රේල් මාසයේ දිනක ඔහු එකවරම උමා (utah) තිබු පන්තියේ කන්දක් තරණය කිරීමට තීරණය කළා. කෙමෙන් කෙමෙන් ඔහු තම කාර්ය කරගෙන යද්දී එක් වරම නොසිතූ ලෙස ලිස්‌සා ගොස් කඳු දෙකක් මැද රැඳුනා. මේ වන විට ඔහුගේ දකුණු අත ගල් තලාවට සහ රාත්තල් 800 ක් පමණ බරැති ගල් ගෙඩියකට මැදිව සිර වෙනවා. ක්‌ෂේත්‍රයකින් සිදුවන මේ සිදුවීම නිසා ඇරන් තම අත ගැනීමට නොහැකිව ගල් දෙබොක්‌කාව මැද තනිවන්නේ මරණීය මොහොත පමණක් සිතීමට උදා කරමින්. අනතුරු සිදුවන විට ඔහු සතුව තිබෙන්නේ ආහාර ස්‌වල්පයක්, ජලය කුඩා ප්‍රමාණයක් එනම් මිලි ලීටර් 300 ක් පමණයි. සාමාන්‍ය පොළොවේ මට්‌ටමටත් වඩා පහළ මට්‌ටමක, ගල් දොබොක්‌කාවක තනියම, තම අතද සිරවුණු මේ මිනිසා තම මේ උගුලෙන් ගැලවීමට කළ හැකි ක්‍රියා මාර්ග 04 ක් තිබුණා. බාහිර පිරිසක් පැමිණ තමාව බේරා ගැනීම, තමන් සතු එකම ආයුධය වන කුඩා කතුරු පිහියෙන් ඇන ගල කැඩීම, කෙසේ හෝ ගල් ගෙඩිය තල්ලු කර දැමීම, තම දකුණු අත කපා දමා මෙයින් ගැලවීම එම ක්‍රියා මාර්ග සතරයි. එසේ නොමැති නම් තමන්ට නිසැකවම ලැබෙන්නේ මරණය බවද ඇරන් දැන ගත්තා. දින තුනක් මුළුල්ලේ කුඩා කතුරු පිහියෙන් ඇන ගල් ගෙඩිය කඩා දැමීමට ඔහු ප්‍රබල උත්සාහයක යෙදුනද එය සාර්ථක වුණේම නැහැ. අධික තෙහෙට්‌ටුව, ජලය නොමැතිවීම නිසාම ඇරන් විජලන තත්ත්වයටද ලක් වුණා. හතරවන දිනේදී තම උත්සාහය වෙනත් ආකාරයකට යෙදවීමට ඔහු තීරණය කළේ මරණයට පරාජය නොවීමට තරයේ සිතා ගනිමින්. තම දිවියට ඇසක් මෙන් මහඟු අත්වැලක් වූ දකුණු අත වැලමිටෙන් පහළ කොටස සිරුරෙන් කපා ඉවත් කිරීමට ඔහු තීරණය කළා. නමුත් මේ සඳහාද ඇති එකම උපකරණය වුණේද තමන් සතු කතුරු පිහියයි. මස කැපීමට එයට හැකි වුවත් අස්‌ථියක් කපා වෙන් කිරීමට මෙයට ශක්‌තියක් නොමැති බව ඇරන් දැන සිටියා. මේ නිසා අත කැපීමේ මූලික අදියර ලෙසට දකුණු අතේ අස්‌ථිය ගල් පතුරටම තද කර බිඳ දැමුවා. මෙයින් දැඩි ලෙස වේදනා බරිත වූ ඔහු තම නම, උපන්දිනය සහ එදින තම මියගිය දිනය ලෙසටද ගල් බිත්තියේ කොටනු ලැබුවා. තම වීඩියෝ කැමරාව ක්‍රියාත්මක කර තම පවුල වෙත යෑවීමට සමුගැනීමේ පණිවුඩයද ඔහු රූගත කළා. හතර වන දිනයේ අවසාන තමන් මරණය වෙතට යනු ඇතැයි ඇරන් සිතුවා. නමුත් පස්‌වන දිනයේද ඔහු ජීවත් වුණා. ඉතාමත්ම අසීරුවෙන් කතුරු පිහියෙන් ඇන තම ආදරණීය දකුණු අත ඔහු තම සිරුරෙන් කපා ඉවත් කළා. අත්කොටස ගල් දෙක මැද තබා තනි අතේ ආධාරයෙන් ඇරන් කඳු දෙක මැදින් පිටතටද පැමිණියා. ජල පිපාසාවෙන් ලේ ගලමින් යන ඇරන් හට වෙනත් කඳු නගින කණ්‌ඩායමක් හමුවුණා. ඔවුන් වහාම ඔහුට ජලය ලබාදී මේ පිළිබඳව අදාළ බලධාරීන්ටද දැනුම් දෙනු ලැබුවා. මේ වන විට ඔහුගේ සිරුරින් අධික ලෙස ලේ වහනය වෙමින් පැවතුණා. තම බරින් රාත්තල් 40 ක් අඩුවී, ලේ ප්‍රමාණයෙන් සියයට 25 ක්‌ද අහිමිව තමයි ඇරන් නැවතත් ජීවන සටනට එක්‌වුණේ. පසුව බලධාරීන් පැමිණ පුද්ගලයන් 13 දෙනෙක් සහ යන්ත්‍රයක්‌ද එක් කරගෙන ගල් ගෙඩිය ඉවත්කර ඇරන්ගේ අත නිදහස් කළා. නමුත් ඒ වනවිට එය ඇරන්ගෙන් වෙන්වී හමාරයි.
මේ සිදුවීමත් සමගම ඔහු ලෝකයේ ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත් වුණා. තමන් සතු අසාමාන්‍ය ධෛර්යය ඔහුව මරණය කරා ලක් නොකළ එකම අවිය බවටයි ඇරන් ප්‍රකාශ කළේ. ලෝකයේ සිටින දක්‌ෂ කඳු නගින්නන් මෙන්ම අදට ඔහු ප්‍රබල ධනාත්මක චින්තනවාදී දේශකයකු ලෙසදට ප්‍රකටයි.
මේ ත්‍රාසජනක සිදුවීම ඇතුළත් කොට "බිට්‌වීන් අ රොක් ඇන්ඩ් හාඩ් ප්ලේස්" (Between a Rock and Hard Place) යනුවෙන් පොතක්‌ද ඇරන් පල කළා. 2009 දී ඔහු ජෙසිකා ට්‍රස්‌ට් (Jessica Trusty) සමග විවාහ වෙනවා. 2010 දී ඔහු පිය පදවිය ලබන්නේ "ලියෝ" (Leo) ගේ උපතත් සමගයි. ඈටද ලෝකයේ ප්‍රබල රූපවාහිනි වැඩසටහන්වල මෙන්ම විශ්ව විද්‍යාල වලද ඇරන් දේශන පවත්වනවා. එපමණක් නොව කෘතිම අතක් සවි කරගෙන කඳු නැගීමේ කාර්යේද ඔහු යෙදෙනවා. ඒ ඇරන් සතු අසාමාන්‍ය ශක්‌තියයි.
මේ සිදුවීම පාදක කොට ගෙන බ්‍රිතාන්‍ය චිත්‍රපට අධ්‍යක්‌ෂවරයකු වන ඩැනී බොසිල් (Danny Boyle) ' 127 අවර්ස් ' (127 Hours) යනුවෙන් සිනමා නිර්මාණයක්‌ද බිහි කළා. 2010 වර්ෂයේදී එය රූගත කළේත් මේ සිදුවීම වුණු ස්‌ථානයේ දීමයි. ඇරන්ගේ චරිතයට මෙහිදී රංගන දායකත්වය එක් කළේ "ඡේම්ස් ෆ්රුන්කෝ" (James Franco) විසින් මේ සිනමා නිර්මාණය ඇකඩමි සම්මාන 06 ක් සඳහා නිර්දේශ වුණා.
ඒ හොඳම චිත්‍රපටය සහ හොඳම නළුවා යන අංශ දෙකද ඇතුළත්වයි.
කුමුදු අබයදීර

elaz