මා දැන සිටි අති ප්‍රබල පුද්ගලයා !
ශ්‍රීමත් සිරිල් ද සොයිසා මා දැන සිටි අති ප්‍රබල පුද්ගලයා
ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා හඳුනා ගැනීමේ මහඟු වරප්‍රසාදය කළුතර කච්ෙච්රියේ සේවය කළ තරුණ සිවිල් සේවකයෙකු වශයෙන් මට ලැබුණි. එතුමාගේ බෑණනුවන් වූ කිංස්‌ලි වික්‍රමසිංහ මගේ මිතුරා වූ අතර කිංස්‌ලිගේ මනරම් නිවසේදී අපි මුණගැසුනෙමු. පසුව කොළඹ සිය නිවසේදී ශ්‍රීමත් සිරිල් ද සොයිසා මට හමුවිය.
ශ්‍රීමත් සිරිල් ද සොයිසා විශිෂ්ට ජාතික පුත්‍රයෙක් ද ආගමික වීරයෙක්‌ද විය. එතුමන්ගේ උද්යෝග පාඨය වූයේ "සමාජයට අහිතකර බලපෑමක් ඇති වන්නේ පුද්ගලයා අවංක වන විට නොව ඔහු වංක වන විටය. රටට අහිතකර බලපෑමක් ඇති වන්නේ පුද්ගලයා වැඩකරන විට නොව ඔහු නිකරුණේ කල් ගත කරන විට පමණි" යනුවෙනි.
"අධිෂ්ඨානයක් තිබේ නම් මාර්ගයක් ද "තිබේ" යන දර්ශනය විශ්වාස කළ එතුමා විවිධ ක්‍ෂේත්‍ර රාශියක් පුරාම තමා ලද අති විශිෂ්ට ජයග්‍රහණයන් මගින් එය මනාව ප්‍රදර්ශනය කළේය. ජාතික, අධ්‍යාපනික, ආගමික, ආර්ථික හෝ දේශපාලනික හෝ වේවා, ඒ හැම කරුණකදීම ශ්‍රීමත් සිරිල් නොමැකෙන දායකත්වයක් ලබා දුන්නේය. සිය කාර්යය වෙනුවෙන් එතුමා කළ කැපවීම පොහොසත් කළේ එතුමා සතුවූ පක්‍ෂග්‍රාහීත්වය, වෛරය හෝ බිය යන ලක්‍ෂණවලින් සම්පූර්ණයෙන්ම තොර වූ ස්‌වභාවය විසිනි. එතුමා සැබෑ ජාතික වීරයෙකු වශයෙන් ස්‌ථාපනය කරන ලද්දේ එකී ගුණාංගයයි.
ශ්‍රීමත් සිරිල් උපත ලද්දේ සියවස් තුනක යටත් විජිත පාලනයකින් පසුව දීර්ඝ කාලයක් තිස්‌සේ ඇතිවී තිබූ අකර්මන්‍ය තත්ත්වයකින් බෞද්ධයන් ක්‍රමයෙන් මුදා ගැනෙමින් පැවැති යුගයකය. දිවයිනේ බෞද්ධයන්ගේ මූලික අයිතිවාසිකම් රාශියක් මෙන්ම ඔවුන්ගේ ආත්ම ගෞරවයද ඔවුන්ට දිගින් දිගටම අහිමි වෙමින් තිබුණි. ජාතියේ මතකයෙන් කිසිදා මැකී නොයන බෞද්ධාගම නැවත බේරා ගැනීමේ කාර්යය වීරෝදාර පෞරුෂත්වයෙන් යුත් මිනිසුන් විසින් සාර්ථකව අරඹන ලදී. ඔවුන් නම් අනගාරික ධර්මපාලතුමා, මොහොට්‌ටිවත්තේ ගුණානන්ද හිමි, හෙන්රි ස්‌ටීල් ඕල්කට් මැතිතුමා, ශ්‍රී සුමංගල හිමි, හරිස්‌චන්ද්‍ර වලිසිංහතුමා ඇතුළු අනෙකුත් "වීර පුතුන්"ය.
ශක්‌තිමත් භාවයෙන් හා උද්යෝගයෙන් පිරිපුන් තරුණ සිරිල් බලපිටියෙන් සංග්‍රාමයට අවතීර්ණ වූයේ හරියටම මේ යුගයේදීය.
මේ කාලය වන විට කළුතර ප්‍රදේශයේ බුද්ධාගම පැවතියේ ඉතා පහත් අඩියකය. බෞද්ධ දෙමාපියන්ගේ දරුවන් සඳහා ප්‍රදේශයේ පාසල් නොතිබිණි. සියවස් 4 කට 5 කට පෙර කළු ගඟ අසබඩ ඉදිවී තිබූ ගංගාතිලක විහාරය නමින් සුපතල මනරම් විහාරය ආක්‍රමණික පෘතුගීසි හමුදාව විසින් පොළොවට සමතලා කරනු ලැබ තිබූ නිසා වන්දනාකරුවන්ට සිය වැඳුම් පිදුම් සඳහා සුදුසු ස්‌ථානයක් තිබුණේ නැත. කඳුගැටය මුදුනේ පිහිටි එකම බෝධි වෘක්‍ෂය ආරක්‍ෂාවී තිබුණත් එය පැවතියේ අත්හැර දමන ලද තත්ත්වයකය.
මෙය, නිර්භීත තරුණ නීතිඥයෙකු වශයෙන් ඉතා වේගයෙන් කීර්තියක් අත්පත් කර ගනිමින් සිටි තරුණ සිරිල් තුළ විප්ලවයක් ඇති කිරීමට හේතු වූ දුක්‌මුසු දර්ශනයක් විය. පූජනීය බෝධි වෘක්‍ෂයට ගරු සත්කාර කළ නිහතමානී බැතිමතකු විසින් ඔහු තුළ මහත් අනුප්‍රාණයක් හා පෙළඹවීමක් ඇති කරනු ලැබීය. ඒ අනුව බෞද්ධයන්ගේ යහපත උදෙසා පූජනීය පෙදෙස් නැවත යථා තත්ත්වයට පත් කිරීමට එතුමා තමාටම සපථ කළේය. ශ්‍රීමත් සිරිල් ද සොයිසාගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් වශයෙන් 1951 නොවැම්බර් 7 වැනි දින කළුතර බෝධි භාරය පිහිටුවන ලදි. එහි අරමුණ වූයේ මේ පූජනීය ස්‌ථානය ආරක්‍ෂා කිරීමය.
සිය පෞද්ගලික ධනය වියදම් කරමින් අද රටේ තිබෙන ඉතාම වන්දනීය ආගමික ස්‌ථානවලින් එකක් බවට එතුමා මේ පූජනීය ස්‌ථානය පරිවර්තනය කළේය.
ස්‌ථානය වෙනම කොටස් දෙකකට බෙදමින් උඩමළුව සහ පහළ මළුව අතරින් යටත් විජිත සමයේදී ගාලු පාර ඉදිකරන ලදී. ඒ අනුව පූජනීය ස්‌ථානයෙන් කොටසක් ආණ්‌ඩුවේ ඒජන්තවරයාගේ කාර්යාලය පිහිsටි භූමි භාගයට ඇතුළත් වීම නිසා රාජකාරි කටයුතු සඳහා එහි ගිය මහජනයාට මෙන් බෝධිය වැඳීමට පැමිණි බැතිමතුන්ට ද එය අපහසුවක් විය.
එහි ප්‍රතිඵලයක් වශයෙන් බෝධි පරිශ්‍රය සංවර්ධනය කිරීමට සහ යථා තත්ත්වයට පත් කිරීමට හැකි වන පරිදි අලුත් තැනකට ආණ්‌ඩුවේ ඒජන්ත කාර්යාලය ගෙන යැම සඳහා ආණ්‌ඩුව කැමති කරවා ගැනීමට ශ්‍රීමත් සිරිල්ට හැකි විය.
තමාගේ අනාගත සැලැස්‌ම සඳහා භූමි භාගය ලබාගත් ශ්‍රීමත් සිරිල් විශාල ශක්‌තියකින් සහ ජවයකින් යුතුව, මැද කුහරය සහිත චෛත්‍යයක් සෑදීමේ සැලැස්‌ම ක්‍රියාවට නංවන්නට විය. එවක මහත් ප්‍රසිද්ධියට පත්ව සිටි ඉංජිනේරු වෘත්තිකයෙකු වූ ආචාර්ය ඒ. එන්. එස්. කුලසිංහගේ අදහස් හා උපදෙස් ලබාගත් එතුමා, නූතන යුගයේ විශිෂ්ට හා විස්‌මිත ඉංජිනේරු නිර්මාණයක් සඳහා සැලසුම් සකස් කරවා ගත්තේය.
පෙරසවි කොන්ක්‍රීට් රාමුවක් මත ඉදිකරන ලද චෛත්‍යය අඩි 95 ක විෂ්කම්භයකින්ද, අඩි 300 ක පරිධියකින්ද යුක්‌ත විය. මේ සුවිසල් ඉදිකිරීම සඳහා 1964 දී පදනම දමන ලද අතර වසර දහයක ඉදිකිරීම් කටයුතුවලින් පසු 1974 ජනවාරි මාසයේදී චෛත්‍යයේ කොත පැළඳවීම සිදුකරන ලදි.
1980 පෙබරවාරි 28 දින කොත නිරාවරණය කර ධාතු ගර්භයේ ධාතු නිදන් කිරීම සිදුකරන ලදී. අද කළුතර නගරයට පිවිසෙන ස්‌ථානයේ තේජවන්ත හා චිත්තාකර්ෂණීය දසුනක් මවමින් ඒ චෛත්‍ය රාජයාණන් දිස්‌වේ. දස දහස් ගණන් බැතිමතුන් කළුතර පූජනීය බෝධීන් වහන්සේට දිනපතා වැඳුම් පිදුම් කරන අතර සියලුම ආගම්වල සහ සමාජයේ විවිධ අංශවල ශ්‍රී ලාංකිකයන් වෙතින් ඊට ලැබෙන ආධාර උපකාරවලින් ප්‍රදර්ශනය වන්නේ සැබවින්ම ශ්‍රී ලාංකික අධ්‍යාත්මික වන්දනීය ස්‌ථානයක් වශයෙන් එය අත්පත් කරගෙන ඇති සුවිශේෂී තත්ත්වයයි.
ශ්‍රීමත් සිරිල්ගේ නම මූලික වශයෙන්ම කළුතර බෝධිය හා සම්බන්ධ වුවත් බෞද්ධාගමේ තිර පැවැත්ම උදෙසා එතුමාගෙන් ඉටුවූ සේවය බොහෝ අංශවල පැතිරුණු ප්‍රබල එකක් විය. බොහෝ බෞද්ධ සිද්ධස්‌ථාන, පුදබිම් හා ආයතන එතුමාගේ ත්‍යාගශීලීත්වයෙන් පෝෂණය ලද අතර කතරගම කිරිවෙහෙර සහ එහිම වන්දනාකරුවන්ගේ විශ්‍රාම ශාලාව ප්‍රතිසංස්‌කරණය කිරීමේ කාර්යයේදී ද එතුමා පුරෝගාමී විය. බෙල්ලන්විල රජමහා විහාරය, කුප්පියාවත්ත ජයශේඛරාරාමය, පින්වත්තේ සද්ධර්මාකාර පිරිවෙන යන පූජනීය ස්‌ථාන සංවර්ධන කිරීම සහ පොළොන්නරුවේ විශ්‍රාම ශාලාවක් ඉදිකිරීම සඳහා ද ශ්‍රීමත් සිරිල්ගේ ත්‍යාගශීලී ක්‍රියා උපකාරී විය.
බෞද්ධ පරිසරයක් තුළ කළුතර දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ දැඩි කැමැත්තක් ශ්‍රීමත් සිරිල් තුළ විය. ඒ අනුව, අද කළුතර දිස්‌ත්‍රික්‌කයේ ප්‍රමුඛ පෙළේ අධ්‍යාපනික ආයතන බවට පත්වී තිබෙන, ගැහැනු ළමයින් සඳහා වන කළුතර බාලිකා විද්‍යාලයත්, පිරිමි ළමයින් සඳහා වන කළුතර විද්‍යාලයත් එතුමා ආරම්භ කළේය. කළුතර බාලිකා විද්‍යාලය මුලින්ම ආරම්භ කරනු ලැබුවේ 1942 දී එතුමාගේ නිවසේය.
එවක අභාවයට යමින් තිබුණු ලන්ඩන් බෞද්ධ විහාරයද ශ්‍රීමත් සිරිල් විසින් නැවත යථා තත්ත්වයට පත් කරන ලදි. ලන්ඩනයේ ඔවින්ග්ටන් උද්‍යානයේ සිව් මහල් ගොඩනැඟිල්ලක් වසර දහයකට බද්දට ගනිමින් එතුමා ඒ සඳහා පෙරමුණ ගත් අතර 1954 වෙසක් මාසයේදී ඒ විහාරය නැවත විවෘත කරන ලදී. සම්පූර්ණ වසර දහයක් සඳහා පවුම් 700 ක වාර්ෂික බදු කුලියේ වගකීම ශ්‍රීමත් සිරිල් විසින්ම භාරගනු ලැබීය.
දුරදක්‌නා නුවණින් යුත් ශ්‍රීමත් සිරිල් සිය විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කළ තවත් ක්‍ෂේත්‍රයක් වූයේ සිය සහෝදර රටවැසියන්ට උපකාරී වීමේ ඉතාම ඵලදායී මාර්ගය වශයෙන් එතුමා අවබෝධ කරගත් රැකියා සම්පාදනයයි. මෝටර් රථ බැටරි, බයිසිකල් ටයර් සහ ටියුබ් නිෂ්පාදනය සඳහා විශාල කම්හල් සමූහයක් දකුණු කළුතර ඉදිකළ එතුමා ඉන්පසුව, මහා පරිමාණයෙන් ටයර් නැවත පිරවීමේ ක්‍ෂේත්‍රය දක්‌වා එය ව්‍යාප්ත කළේය. ඉන්පසුව විදුලි රැහැන් හා ශීතකරණ නිෂ්පාදන ව්‍යාපාරය ආරම්භ කරන ලද අතර කළුතර අවට ගම්වාසීන් දහස් ගණනකට ඒ කම්හල්වල රැකියා අවස්‌ථා උදාවිය. ශ්‍රීමත් සිරිල් ආරම්භ කළ හැම ව්‍යාපෘතියක්‌ම තමන්ගේම සම්පත් උත්පාදනය කරන බවටත්, සම්පූර්ණයෙන්ම ස්‌වයංපෝෂිත වන බවටත් සහතික වීමට එතුමා කටයුතු කළේය.
ශ්‍රීමත් සිරිල්ගේ බස් සමාගම ජනසතු කිරීම ජාතිවාත්සල්‍යය පිළිබඳ එතුමා සතුවූ විශාල හැඟීම ප්‍රදර්ශනය කළ අවස්‌ථාවක් විය. ඒ ඉරණමට මුහුණ දුන් අනෙකුත් සමාගම් හිමියන් තමන්ගේ වාහන ලංකා ගමනාගමන මණ්‌ඩලයට භාර දීමට පෙර ඒවායේ තිබූ අලුත් ටයර් ආදී කොටස් ගලවා ගැනීමට වග බලා ගත් නමුත් ශ්‍රීමත් සිරිල් තම කාර්ය මණ්‌ඩලයට උපදෙස් දුන්නේ තමාගේ සියලුම බස් රථ ආපසු භාරදීමට පෙර ඒවාට අලුත්ම ටයර් සහ ටියුබ් දමා ඉන්ධන ටැංකි ද පුරවා භාරදෙන ලෙසය.
අවුරුදු 19 ක් සභාපති වශයෙන් හිඳිමින් කොළඹ තරුණ බෞද්ධ සංගමය, බෞද්ධ පරම විඥනාර්ථ සමාගම, කළුතර බෞද්ධ සංගමය, වැඩිහිටි නිවාසය මෙන්ම ළමා නිවාසය සම්බන්ධව ශ්‍රීමත් සිරිල් ද සොයිසා ඉටු කළ කාර්යයන් නිසා ද එතුමාගේ නම සිහිපත් කරනු ලැබේ. මේ සියලු කටයුතු එතුමා මහත් උද්යෝගයකින් යුතුව ඉටු කළේය.
දහම් පාසල් පුනර්ජීවනය සහ ශක්‌තිමත් කිරීම මෙන්ම අනෙකුත් ක්‍රියාකාරකම් සඳහා පිහිටුවන ලද "බෝධිමග පදනම" යන විශේෂ අංශය මගින් කළුතර බෝධි භාරය ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ අඩි පාරේ තවත් ඉදිරියටම යමින් සිටිනු දැකීම සතුටකි. පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සාමණේර භික්‍ෂූන් වහන්සේලාට නොමිලේ පෙළපොත් බෙදාදෙන බෝධි භාරය සියලු නිකායන්හි උපසම්පදා පුණ්‍යකර්ම සඳහා ද ආධාර හා අරමුදල් සපයයි.
පුන් පොහෝ දිනවල සිල් සමාදන් වන බැතිමතුන් දහස් ගණනකට ද එය දානය සපයයි. මස් කඩයේදී මරණයට කැප වීමට නියමිතව සිටින ගවයන් මරණයෙන් මුදා ගෙන උතුරුමැද පළාතේ දිළිඳු ගොවීන්ගේ ආර්ථික සුබ සිද්ධිය වැඩි දියුණු කිරීම සඳහා ඔවුන්ට ලබාදෙනු ලැබේ. උතුරු කළුතර භාරය විසින් ස්‌ථාපනය කරන ලද බෝධිඥන පුස්‌තකාලය කොළඹින් බැහැර පිහිටි හොඳම පහසුකම්වලින් යුත් පුස්‌තකාලවලින් එකක් වශයෙන් සැලකේ.
අද දවසේ ක්‍රියාත්මක කරනු ලබන මේ ව්‍යාපෘති සියල්ල සඳහා පෙළඹවීම හා උනන්දුව ඇතිවී තිබෙන්නේ එක් සුවිසල් මූලයකිනි. එනම් ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමා වෙතිනි.
අද ශ්‍රීමත් සිරිල් ද සොයිසා ජීවතුන් අතර නැත. එතුමා බෞද්ධ ජීවන මාර්ගය අනුව සිය ජීවිතය ගත කළේය. 1896 ඔක්‌තෝබර් 26 දින උපත ලත් එතුමා වයස 82 තරම් දීර්ඝ ආයුෂ විඳ 1978 ජනවාරි 2 දින අභාවප්‍රාප්ත විය. එතුමා සිය ජීවිතයේ සන්ධ්‍යා භාගයේදී ගැඹුරු ආධ්‍යාත්මික ශාන්ත භාවයකට පත්වී සිටියේය. එවන් අවස්‌ථාවක එතුමාගේ වදන්වලින් පළවූයේ බෞද්ධ ජීවන මාර්ගයේ හරයයි. "මම දැන් නිදහස්‌ය. ඔබ කොතරම් පොහොසත් ද යන්න වැදගත් දෙයක් නොවේ. ඒවා සියල්ල ඔබ මුලා කරන සුළුය. කිසිදු ධනයක් නොමැතිව මම ඉපදුණෙමි. කිසිදු ධනයක් නොමැතිව මම මිය යන්නෙමි. මගේ සැනසුම ද සතුටද, ශක්‌තිය ද වන්නේ බුද්ධ ධර්මයයි." මේ එතුමා පැවසූ අයුරුය.
ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමන්ගේ බෑණාවරුන් වන කළුතර බෝධි භාරයේ සභාපති අජිත් ද සොයිසා සහ එහි ගරු ලේකම් දේශබන්ධු තිලක් ද සොයිසා යන මහත්වරුන් විසින් ශ්‍රීමත් සිරිල් ද සොයිසාගේ දර්ශනය වඩා ඵලදායී හා කාර්යක්‍ෂම ලෙස දැන් ඉදිරියට ගෙන යමින් පවතී. එහි අනෙකුත් භාරකරුවන් වන්නේ දේශබන්දු ඉන්ද්‍රදාස හෙට්‌ටිආරච්චි, ජනාධිපති නීතිඥ වරුණ බස්‌නායක මහතා, චිත්‍රා මෙන්ඩිස් මහත්මිය, අශාන් ද සොයිසා මහතා සහ විෙච්න්ද්‍ර ලින්තොටවෙල මහතා යන අයයි.
ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාගෙන් අප ලද ශේ්‍රෂ්ඨ දායාදය වන්නේ එතුමාගේ ශ්‍රමයේ දර්ශනයේ සහ එක් අරමුණකට යොමුවී තිබීමේ ප්‍රතිඵල අද එහි අවසන් ප්‍රතිලාභීන් වන ශ්‍රී ලාංකික ජනතාවට භුක්‌ති විඳීමට හැකිවී තිබීමය. ඔබ කළ පුණ්‍යකර්මයන් උතුම් නිවන් සුවය සාක්‌ෂාත් කර ගැනීමට ඔබට උපකාර වේවාෘ
ආචාර්ය සරත් අමුණුගම
http://www.divaina.com/2011/01/02/feature03.html