මා නිහඬව සිටියේ මහින්ද උගුලකට පටලවන්නයි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මා නිහඬව සිටියේ මහින්ද උගුලකට පටලවන්නයි

    එජාපය දිනවන වගකීම මට දෙන්න
    - විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ


    copyright -divaina

    මා කිසිම කෙනෙකුව එලවලා නැහැ
    නියම වෙලාවට සජිත් යොමුකරන්නම්

    රත්තොට - එච්. රිචඩ් ද සිල්වා


    සමහර මාධ්‍ය කියන හැටියට ඒ වගේම සමහර දේශපාලකයන් කියන හැටියට අපේ පක්‍ෂයේ කිසිම අවුලක්‌ නෑ. ඉස්‌සර යම් යම් මතවාද තිබ්බා. දැන් ඒවා සමනය වෙලා තියෙන්නේ. සජිත් ප්‍රේමදාස මේවට සම්බන්ධ නොවන්නේ ඇයි කියලා මෙතන ප්‍රශ්නයක්‌ ඇහුවා. එතුමා අපෙත් එක්‌ක ඉන්නවා. අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනට අපි එතුමාව යොමු කරන්නම්. ඒ ගැන බය වෙන්න එපා. මම මේවට එන්නේ තනියම. ඒ හින්දා නොපැමිණි අය ගැන කතා නොකර ඉඳිමු යෑයි විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

    විපක්‍ෂ නායකවරයා එම අදහස පළ කළේ මාතලේ යටවත්ත ප්‍රදේශයේ පැවැති තරුණ හමුවකට එක්‌වෙමිනි.

    තරුණ හමුවට එක්‌වූ තරුණයන් නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කතා කළ ඒ මහතා මෙසේද කීවේය.

    මම අපේ පක්‍ෂයේ කිසිම කෙනෙක්‌ පක්‍ෂයෙන් එලවලා නෑ. ඉදිරියේදී එළවන්නෙත් නෑ. සමහර අය ලැබෙන වරදාන, ලාභ ප්‍රයෝජන ගැන හිතලා පක්‍ෂය දාලා ගියා. ඒ ගැන මට කරන්න දෙයක්‌ නෑ. අපි ඒවා ගැන කතාකර කර ඉන්නවාට වඩා අපේ වගකීම්, යුතුකම් ඉෂ්ට කරන්න උත්සාහ ගන්න ඕනෑ. එහෙම නැතුව ජනතා විරෝධී රාජපක්‍ෂ රෙජීමය ගෙදර යවන්න බැහැ.

    අද මුළු රටම ආණ්‌ඩු වෙනසක්‌ බලාගෙන ඉන්නවා. අපි ඒ අපේක්‌ෂාව ඉටුකරන්න ඕන. ඒකට ආණ්‌ඩු විරෝධී සියලු බලවේග එක්‌කාසු කරන්න ඕනෑ. මම ඒක තමා කරන්නේ. අපි එක නොකළොත් ඒ පිරිස්‌ වෙන තැනකට යාවි. එහෙම වුණොත් අපි හිතන දේ වෙන්නේ නෑ.

    තවදුරටත් කතා කළ වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.

    තරුණයෝ කියන්නේ රටේ ජීවනාලියයි. ඒ අයට සතුටු විය හැකි ආර්ථික ක්‍රමයක්‌ රටේ ස්‌ථාපිත කරන්න ඕනෑ. ඒ අයට රැකියා පහසුකම් ලබා දෙන්න ඕනෑ. එතනදී ඒ අයට සුදුසු ඒ අය කැමැති රැකියා අපි ලබා දෙන්න ඕනෑ. අපේ රජයක්‌ ආවම පළමු වසර තුළ රැකියා ලක්‍ෂයක්‌ ලබා දෙන්න දැන් කටයුතු යොදාගෙන යනවා.

    මහින්ද රාජපක්‍ෂ ජනතාව අමතක කර වැරදි ගමනක යනකොට මම නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කළා එහෙම කළේ තේරුමක්‌ ඇතුවයි. නමුත් ඒ වෙලාවෙ මාධ්‍ය වගේම සියලු පාර්ශ්ව මට ගැහුවා. මට ඒවා ඉවසුවා. මම එහෙම කළේ මහින්ද උගුලක පටලවන්නයි. මම ඒවා පෙන්නා දුන්නා නම් එයා වැරදි හදාගන්නවා. එහෙම කරන්න මට අවශ්‍ය නෑ. පක්‍ෂය යන ගමන තීරණය කරන්නේ පක්‍ෂයේ ඉහළ නිලධාරීන් මිස මාධ්‍ය නෙවෙයි. පක්‍ෂය දිනවන වගකීම මට දෙන්න. මම ගේම් එක ගහන්නම්. ඔයාලා ඔයාලගේ වගකීම ඉෂ්ට කරන්න. ඒ සඳහා කට පාවිච්චි කර ගන්න ඕනෑ. විශේෂයෙන් තරුණ බලවේග අපට එක්‌කාසු කර ගන්න බැහැ. ඒකට හොඳම අවස්‌ථාව මේකයි.

    මාතලේ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අලුවිහාරේ, බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී එස්‌. එම්. මරික්‌කාර්, යටවත්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රී නලීන් සමරකෝන් යන මහත්වරු ද කතා කළහ. මෙම අවස්‌ථාවට මධ්‍යම පළාත් සභා විපක්‍ෂ නායක රංජිත් අලුවිහාරේ හා යටවත්ත ප්‍රා.සභා විපක්‍ෂ නායක සෝමසිරි දයානන්ද යන මහත්වරුද එක්‌ව සිටියහ