මැක්කාගේ කතාව සහ මහින්ද අයියා අතර ඇති සම්&#351

Apr 21, 2011
142
24
0
ශ්‍රී ලංකා
මැක්කාගේ කතාව සහ මහින්ද අයියා අතර ඇති සම්&#351

මැක්කාගේ කතාව සහ මහින්ද අයියා අතර ඇති සම්බන්ධය...

දැන් කට්ටිය දන්නවාද මැක්කාගෙ කතාව..??මතක් වෙන්නත් එක්ක ඒක කියන්නම් ඉස්සෙල්ලාම(මටත් හරියටම මතක නැහැ )

ඔන්න පොඩි එකෙක් හිටියා..මුට ඉක්කොලෙ මිස් කීවා බල්ලා ගැන රචනාවක් ලියන් එන්න කියලා..

මූ ගෙදර ගිහින් මෙහෙම ලියනවලු....
"බල්ලා අපට සමීප සතෙකි...
බල්ලාට මැක්කන්ගෙන් කරදර ඇත..
මැක්කාට කකුල් 6කි..
මැක්කන් කලු හා රතු වශයෙන් වර්ණ දෙකකි..
ඉතාමත් කුඩා මැක්කා ඇට මැක්කාය...
මැක්කා මයිල් අස්සෙ දිවි ගෙවයි..."
ඔන්න ඔහොම දිගටම මැක්කා ගැන ලීවලු....

මූ අනිත් දවසෙ ඕක ගෙනත් මිස්ට පෙන්නුවහම මිස්ට මල පැන්නලු..ඇයි මූ බල්ලාගෙන් පටන් ගත්තට ලියල තියෙන්නෙ මැක්ක

ගැනනේ..
මිස් මුට දඩූවමක් විදියට හෙට තවත් රචනාවක් පූසා ගැන ලියන් එනන් කිවලු...

මූ එදා ගෙදර ගිහිනුත් මෙහෙම ලියනවලු...

පූසා අපට සමීප සතෙකි...
පූසාට මැක්කන්ගෙන් කරදර ඇත..
මැක්කාට කකුල් 6කි..
මැක්කන් කලු හා රතු වශයෙන් වර්ණ දෙකකි..
ඉතාමත් කුඩා මැක්කා ඇට මැක්කාය...
මැක්කා මයිල් අස්සෙ දිවි ගෙවයි..."
ඔන්න ඔහොම දිගටම මැක්කා ගැන ලීවලු....

එදා මිස්ට ඕක පෙන්නුවාම මිස් උඩ ගිහින් වැටුනලු..
මිස් බැලුවාලු... මූ ලියන්නෙම මැක්කා ගැන..හිටපිය දෙන්නම් වැඩේ කියලා..
අරූට කිව්වල හෙට මාලුවා ගැන ලියන් එන්න කියලා...මාලුවාගෙ ඇඟේ මැක්කො නැහැනේ... :D

මූ එදා ගෙදර ගිහින් මාලුවා ගැන මෙහෙම ලියනවලු...

මාලුවා ඉන්නෙ වතුරේය...
වතුරේ ඉන්න නිසා උට මැක්කන්ගෙන් කරදර නැත..
මැක්කාට කකුල් 6කි..
මැක්කන් කලු හා රතු වශයෙන් වර්ණ දෙකකි..
ඉතාමත් කුඩා මැක්කා ඇට මැක්කාය...
මැක්කා මයිල් අස්සෙ දිවි ගෙවයි..."
ඔන්න ඔහොම දිගටම ආයෙමත් මැක්කා ගැන ලීවලු....

මිස් ඊලඟ දවසෙ ඕක දැකලා අම්බානට මල වෙලා ඌට රචනා ලියන්න ඕනි නැහැ කිවලු... :D



ඔන්න ඕක තමා සීන් කෝන් එක මහින්ද අයියා කියන්නෙත් ඔය ටිකමනෙ...
ස්ටේජ් එකට නැගලා පටන් ගන්නෙ එක ටොපික් එකක්.ඒත් ඉවර කරන්නෙ..
"මොනවා උනත් ඔබට නිදහසේ බියෙන් තොරව ඉන්න පුලුවන් රටක් අපි ඇති කලා"
කියලා...ඇත්තෙන්ම කියනවානම්..යුද්ද කාලෙදි අපේ පාලකයො ගොඩක් කලේ
හතර වටේට බොඩි ගාඩ්ලා දාගෙන හැන්ගිලා හිටපු එක තමා..
ඒ අතරේ
අර හමුදා සෙබලු අවු වැසි ගනන් ගන්නෙවත් නැතුව සටන් කලා රට වෙනුවෙන්..
(කිසිම ගාඩ් එකක් නෙතුව කෙලින්ම යුද බිමේ,ජීවිතේ කොයි වෙලාවෙද කියන්න බෑ)

එතකොට මහ ජනතාව බඩු මිල ගනන් ගනෙන් නැතුව..අර සෙබලු ගැන හිතලා..
හැම දේම විද දරාගෙන හිටියා...
රස්සාවට ගියෙ ඉස්කොලේ ගියේ කිසිම ගාඩ් එකක් නැතුව
එහෙම ගිය අය සමහරු බෝමබ වලට අහු වෙලා නැති උනා..
දේශ පාලකයෝ කලේ යුද්දෙ කාලෙ වෙන සිද්දිත් දේශපාලන වාසි වලට හරෝ ගත්තු එක..

ඊට පස්සෙ යුද්දෙ ඉවර වෙලා දැන් අවුරුදු දෙකක්...
තාම කරන්නේ යුධ ජයග්‍රහනය සමරන්න කියලා මහා උත්සව සංවිදානය කරන එක..
ඔය වියදං කරන සල්ලි අර යුද්දෙදි ආබාද වලට ලක්වුනු රණ විරුවන් වෙනුවෙන්
වියදම් කලානම් හොඳයි නේද??
අනාත උන දරු පවුල් වෙනුවෙන් වියදම් කලානම් හොඳයි නේද??

අපිට පේන විදියට මේ හැම දෙයක් ම දැන් ශෝ එකක් වෙලා..
ආර්ථික සංවර්දනේ ඉලක්කම් වලට සීමා වෙලා..
ඔබට මෙම පිලි ගැනීම ට අකමැති සත්‍ය තේරෙනවානම් මට සතුටුයි..

(ආණ්ඩුවත් එක්ක ද්වේෂයක් ඇති කරන්න නෙවෙයි මේක දැම්මෙ..
සත්‍ය තේරුම් කරලා දෙන්න පමනයි)

ඇත්ත කතා කරන එක අවදානම්...අවාසි සහගතයි...
මම ඒක දන්නවා..ඒත් අඩුම ගානෙ ඇත්ත මොකද්ද කියලා සිහියේ තබා ගන්න....

සැමට බුදු සරනයි...දෙවි පිහිටයි..!
 

miniya

Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    සම්පුර්ණයෙන්ම ඇත්ත කතාව සහෝ.. ඒත් අපි උදේට කාපු දේත් අමතක වෙන මිනිස්සු නේ .. ඒක නිසා මේ වගේ දෙයක් හරී තියලා යුධ විජයග්‍රහණය මතක් කරන එක හොදයි නේද???:nerd::nerd::cool::cool:;);)
     
    Apr 21, 2011
    142
    24
    0
    ශ්‍රී ලංකා
    :yes: thanks!

    සම්පුර්ණයෙන්ම ඇත්ත කතාව සහෝ.. ඒත් අපි උදේට කාපු දේත් අමතක වෙන මිනිස්සු නේ .. ඒක නිසා මේ වගේ දෙයක් හරී තියලා යුධ විජයග්‍රහණය මතක් කරන එක හොදයි නේද???:nerd::nerd::cool::cool:;);)

    මතක් කරන එක හොඳයි මචන්..ඒත් ඒ සැමරීම වෙන රටවල ජීවත් වෙන කොටි හිතවාදීන් අවදි කිරීමක් නේද??
    ප්‍රභාකරන්ගෙ මළ සිරුර නිතර පෙන්නවන එක කොටි හිතවාදීන්ව තව තවත් ඇවිස්සීමක් නේද??:confused:
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,952
    2,129
    113
    Monawa karannada ban........Meya bayawela athi oka minissunata amathaka wei kiyala....ekai oya...:no:
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    photo.php