Lanka E-News එකේ නා ගැනීම හෙවත් බැසිල්ගේ Tax Invoice එක……………. a.k.a. ජනමාධ්‍යයේ වල්බූරු නිදහස
ජනතාවගේ හද ගැස්ම හඳුනන Lanka E-News වෙබ් අඩවිය දන්නෙ නැති මගුලක් පළකරන්න ගිහිල්ලා මේ පාරත් අම්බානක නාගෙන. නාගෙන විතරක් නොවෙයි ලියපු එකාගෙ අම්මටත් හෙම්බිරිස්සාව හැදෙන තරමට පාඨකයාගෙන් බැණුම් අහගෙන. මේ පාර කරලා තියෙන්නේ අමෙරිකානු-ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසි, ජාතික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂගේ බදු සහතිකයේ පිටපතක් විශ්ලේෂණය කිරීම. මේක කරපු මෝඩයා නොදන්න දේවල් රාශියක් කියලා දෙන්නයි මේ ලිපිය ලියන්නේ. බැසිල් රාජපක්ෂ සල්ලි කීයක් ගහගත්තද, රටට මොනවා කරාද කියලා මට වැඩක් නැහැ, නමුත් ලංකාවෙ පත්තර කලාවෙ (හෝ මඩ පත්තර කලාව) යෙදෙන මේ වගේ උන්ට මාධ්‍යවේදියො කියලා කටක් ඇරලා කියන්න පුළුවන්ද කියන එක විතරක් මම අහන්න කැමතියි. ඒ වගේම මේ වෘෂභ රාජයා එක්ක මේ සම්බන්ධව වැඩිදුර කතා කරන්නත් මම කැමතියි.
තව දුරටත් කියවන්න
යාලු ශේප් එකේ තම්න්ගෙ බ්ලොග් එකට එළකිරි එකෙන් කට්ටිය අදිනව වගේ




