මැක්ස්වෙල් කථා වස්තුව

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මැක්ස්වෙල් කථා වස්තුව

    එදවස පල්ලේකැලේ තරග පිටියේදි සිදුවු ඒ අසිරිමත් මැක්ස්වෙල් කථා වස්තුව


    ඈත දුටු දුටුවන් "අනේ අනේ" කියවන මහා ජීව බල ඇති මැක්ස්වෙලයානෝය......
    මෑත සස්ටජන් කිලෝවක් පෙව්වත් ප්‍රාණාරූඪ කළ නොහැකි කයෙහි පන්දුව උලා දමන කසුන් රාජිතයෝයැ......
    ඈත අත රැඳි දැවයේ වා ධූලි නංවන ඝෝර මැක්ස්වෙලයෝය........
    මෑත හිසෙහි අත් බදා පරිදේව නංවන සචිත්‍රයෝයැ......
    ඈත බලා සිටියෝ "අම්මට හුඩුයැ" කියවන බිහිසුණු මැක්ස්වෙලයෝයැ.......මෑත සතරේ පහර කර්මය නවතා ලිය නොහී බවුන්ඩ්‍රි මස්තකයෙහි තණ පත් මත පිහිණුම් පුහුණුවන ඩිල්ෂානයෝයැ.........ඈත දෙන දෙන පහරින් ටකරම් පුවරු ගැජුම් නංවන රුපුන් මඩනට රණබිමට රා පොවා එවන ලද ගජුන් වන් ඔස්ට්‍රේලියානුවෝයෑ.......මෑත නම වසක් මුළුල්ලේ ධූමාදී ලේපනයෙන් බැති සිතින් රැකගත් වාර්ථා තොමෝ දීගය බිඳගෙන පතිකුළ ගෙයින් මෝ ගෙට නික්මෙන මනාළියක සේ ඉවත යනු දැක ළයෙහි අත් ගසා ගන්නා ශ්‍රී ලාංකිකයෝයැ......ඈත මහත් ජවයෙන් සුපර් සොනික් වේගාදියැ නතුව අඳුරට නොපෙනී යන පන්දුවයැ......මෑත කලසම් ගවුමාදියෙහි මළ මූ වගුරුවා ගෙන අයා ගත් මුවින් යුතුව එදෙස බලා සිටින නරඹන්නෝ‍යැ......
    බුකියේ මැක්ස්වෙල්ට හවන පුවරුයැ......බැලු බැලූ අත නන් දෙසින් වළාම්භිගර්භයෙන් ප්‍රාදූර්භූතවැ නන් දොඩවන එක්ස්පර්ට රත්නයෝයැ....."ඕ හට එසේ කරන්නට තිබිණි, මෙසේ කරන්නට තිබිණි, අරසේ කරන්නට තිබිණි, මෙසේ කරා නම් මනාවැ, එසේ කරා නම් මනාවැ, මූ මෙසේ පන්දුව ගත්තේ නම් මනා නොවේදැ, මූ පසෙකලා අරූ නොයෙදූයේ කුමන පාපී ග්‍රහයෙකු නිසාදැ, වැලිදු මේ වෙයිනට වගකිව යුත්තෝ රාජ රාජාමාත්‍යාදීන් නොවේදැ, එම්බල කොළ ! තිලංගයා කොහිදැ ? ජයසූරියා පිටිතලා හයා කුමට නොගනුම්ද, උන් හට කෂයෙන් තලා වධා නොකෙරෙන්නේ මන්දැ, පිත්ත ඇල්ලිය යුත්තේ එපරිද්දෙන් යැ....නැත නැත මෙපරිද්දෙන් යැ.....තර්ඩ් ස්ලිපයේ මූ රැඳී නම් අපහට කුමන ජයපැන් වන්නේයැ....ෂෝට් ලෙගට සහ එක්ස්ට්‍රා කවරට මුන් නොයෙදූයේ කවර වෘෂභාවේෂයක් හෙයින්ද?.....අප රාජොත්තමයන් වැඩ සිටි සමයේ මෙබඳු වෙයින් සිදු නොවුණේමැ‍යි.....නැත නැත....මෙත්තපාලයෝ මේ ගැන යමක කරනු නො-අනුමානයැ....."
    එපරිද්දෙන් "කක්ඛ ස්නාන" කථා වත්ථුව නිමියේයැ.......


    ඉස්සුවේ බුකියෙන්


     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඈත දෙන දෙන පහරින් ටකරම් පුවරු ගැජුම් නංවන රුපුන් මඩනට රණබිමට රා පොවා එවන ලද ගජුන් වන් ඔස්ට්‍රේලියානුවෝයෑ :lol:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,407
    6,232
    113
    giphy.gif